ක්‍රිෂ් (ක්‍රිෂාන්ති) විග්නරාජා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ක්‍රිෂ් (ක්‍රිෂාන්ති) විග්නරාජා

    _%E0%B7%80%E0%B6%9C%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2_%E0%B6%BD%E0%B6%9A_%E0%B6%B1%E0%B7%80%E0%B7%83_%E0%B7%80%E0%B6%B6.jpg


    පින්මද ලක් මවගේ දමිල දියණියක් මේරිලන්ඩ් ආණ්ඩුකාර තරග බිමේ

    ශ්‍රී ලංකාවේ උපන් ක්‍රිෂ් විග්නරාජා මේරිලන්ඩ් ජනපදයේ ආණ්ඩුකාර ධුරය සඳහා තරගවැද සිටින්නීය.
    ක්‍රිෂ් (ක්‍රිෂාන්ති) විග්නරාජා නමැති ඇය, මේ වන විට ඇමරිකාවේ ඩිමොක්‍රටික් දේශපාලනය තුළ බෙහෙවින් කැපී පෙනෙන චරිතයකි.
    ඇය සිය ප්‍රතිවාදියා ගැන කී මේ බස, මේ වන විට අන්තර්ජාලය තුළ වයිරල් වීඩියෝවක් බවට පත් වී හමාර ය.
    "Some say no man can beat Larry Hogan. Well, I'm no man,"
    (‘‘සමහරු කියනවා කිසිම මිනිහෙකුට ලැරී හෝගන් ව පරද්දන්න බැහැ කියලා.. හොඳයි.. මම ඉතින් මිනිහෙක් නෙවෙයි..!“)

    ක්‍රිෂ් විග්නරාජා ඇමරිකාවේ යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ අයෙකි. එසේම අණුක ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් ද ඇය සතුය. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අන්තර්ජාතික සබඳතා පිළිබඳ ලබාගත් M.Phil උපාධියක්ද ඇය සතු ය. යේල් සරසවියේ සහ හාවඩ් සරසවියේ නීති ජර්නලයේ සංස්කාරකවරියක ලෙස ද ඇය කටයුතු කළාය. එසේම ඇය පසුකාලීනව නීති ක්ෂේත්‍රයට පිවිස එහි ද සිය නොමද දස්කම් ප්‍රකට කළාය. William Nelson Cromwell Foundation Prize, the Benjamin Scharps Prize, the Joseph Parker Prize, the Potter Stewart Prize, සහ the Thurman Arnold Prize ඇගේ අධ්‍යාපනය තුළ ඇය විසින් ලබාගත් විශේෂ ජයග්‍රහණ අතර වේ.

    එදා වයස මාස 9 දී ක්‍රිෂ් විග්නරාජාගේ පවුලට ලංකාව හැර දමා සදහටම පිටව යන්නට සිදුවන්නේ 1983 අපකීර්තිමත් කළු ජූලියෙන් ජීවිත වැනසෙන්නට ගිය නිසා ය. එදා ක්‍රිෂ් විග්නරාජාගේ දෙමාපියන් ඇමරිකාවේ බැල්ටිමෝරය වෙත ගියේ අත දරුවන් දෙදෙනෙක්, ඇඳිවත සහ ඩොලර් 200 ක් පමණක් තුරුළුකරගෙන ය. එසේ ගිය ඔවුහු නැවත කිසිදා නොආහ. නමුත් එදා රට හැර දමා ගිය බොහෝ දමිල සහෝදරවරුන් මෙන් විග්නරාජා පවුල ද උපන් බිමෙන් තොර රටක ජීවිතය තහවුරු කර ගෙන සිටිති. ඒ රටවල් දියුණු යැයි අප පවසන්නේ, ඒ රටවලදී ඔවුන්ට සම අයිතිවාසිකම් හිමිව ඇති නිසා ය. දක්ෂතාවයට අනුව තැන ලබාදීමේදී ජාතිය, ජන්මය හෝ සමේ පැහැය බලපා නැති නිසා ය.
     
    • Like
    Reactions: virajkavn