කොළඹ ක්‍රිෂ් චතුරස්‍රයේ ඉඩමක් බදු දිමේ දී රුපියල් මිලියන 70ක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ෂණයක් සිදුකරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක ඉඩමක් බදු දිමේ දී මෙම මුල්‍ය වංචාව සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
රුපියල් මිලියන 70ක මෙම මූල්‍ය අක්‍රමිතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහුට එරෙහිව විමර්ෂණයක් සිදුකරන බවයි අල්ලස් කොමිසම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(22) දැනුම් දුන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූනි මස 4 වනදා කැඳවන ලෙස දැනුම් දුන්නා.
කෙසේ වෙතත් නීතිපති උපදෙස් ඊට පෙර ලැබුණහොත් නොතිසි නිකුත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
දූෂණ විරෝධි හඩ සංවිධානය හා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුලු පිරිසක් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාශය අදාළ විමර්ෂන සිදුකර තිබුණා.
https://www.itnnews.lk/2025/01/22/658999/