කුරුසෙ එච්චර උස නොවුනත් මරෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සය අන්තීමට කොදුරන වාක්‍ය මිනිසූන්ට ඇහෙන්නෙ කොහොමද.., මිනිස්සු ඉන්න ඇත්තෙ දුරෙන් නෙ, ලග ඉන්න ඇත්තෙ හේවායො... වතුර ඉල්ලුවෙ මැරෙන්න ගොඩක් ඉස්සෙල්ලනෙ බන්.
නාසරෙත් තිබ්බෙ ගලීලෙ.., ගලීලෙ තිබ්බ හරිය දැන් පලස්තීනෙ කොටසක්. පල්සස්තීනෙ, දැන් මුස්ලිම් රටක් උනාට ඔය රටවල් ඔක්කොම ඉස්සර එකම සන්ස්කෘතිය තිබ්බෙ ඒකයි මම යුරෝපෙ කිව්වෙ. ලමෙක් හම්බෙන්න ඔන්න මෙන්න ඉන්න ගෑනියෙක්ට තැනක් හොයා ගන්න බැරි වෙනවද කොච්චර ඉඩ මදි ප්‍රශ්නයක් ඇති වෙලා තිබුනත්. කිසිම තැනකින් ඉඩක් ලැබුනෙ නෑ කිව්වම හිතපන් ඉතින්.ඒ වගේ සන්ස්කෘතියන මයිත්‍රීය වගේ සන්කල්පයක් අහල වත් තිබුන වෙන්න පුලුවන්ද..?
ජේසු වඩුවෙක්ගෙ පුතෙක් නිසා පොඩිකාලෙ ඉදන්ම වඩු කර්මාන්තෙ පුරුදු උනා කියලනෙ බයිබලෙත් තියෙන්නෙ. පාටශාලාවකට ගියා කියල නෑනෙ.
වතුර ඉල්ලන්නේ මහා වෙලාවකට කලින් නෙමෙයි..මරණය කිට්ටු මොහොතක.හරියටම කිව්වොත් අර අන්තිම වචන ටික කියන්න කලින්....ඔහොම උඹ වාද කරන විදිහට මටත් වාද කරත හැකි ලෝකේ ඕනේ එකක් ගැන..හිතෙන ඒවානේ උඹ කියන්නේ..ඇහුනේ නැතුව ඇති..එහෙම කිව්වේ නැතුව ඇති...මිනිස්සු ළමය හම්බෙන්න තැනක් දුන්නේ නැතුව ඇති...
ඔය වගේ නම් අරක මෙහෙම ඇති, මේක මෙහෙම ඇති කියල මටත් කියතහැකි අම්බානෙක කරුණු...උදාහරනෙකට බුදුහාමුදුරුවෝ බුදු උනේ නැතුව ඇති...කිව්වේ බොරු වෙන්න ඇති..ලියපු උන් බොරු ලියන්න ඇති..අරක මේක වගේ..

52 ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක. (ලූක් 2:52)
මෙහෙම තමයි බයිබලේ තියෙන්නේ..අමුතුවෙන් ඉස්කෝලේ ගියා කියල නැහැ..ඒ එක්කම පොඩි කාලේ ඉදන් ඉස්කෝලේ නොගිහින් වඩු වැඩ කරා කියලත් නැහැ...ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් වැඩුණා කිව්වම අදහස් වෙනවා අධ්‍යාපනය ලැබුවා වගේම ශාරීක වැඩත් කරා කියල..
මිනිස්සු උන්ගේ කෲර කම නිසා මරියාට දරුවා බිහි කරන්න තැනක් දුන්නේ නැහැ කියල කොහවත් සදහන් වෙලා නැහැ..ජෝසෙප් මරියා එක්ක නවාතැන් පලක් හොයන යනකොට ඒ හැම තැනම මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බ නිසා තමයි දරුවා බිහි කරලා ගව ගාලක නවතින්න උනේ...

