ඔන්න පුටේ ක්‍රිස්මස් එක කාලේ කන්න බඩ්ඩක් හදාගත්තා
මම කුකිං චැනල් කරන කෙනෙක් නෙමෙයි පුළුවන් විදියට කියන්නං, තේරෙන උන් හදාගෙන කාහල්ලා
මේක කෙලින්ම වෙඩින්කේක් රහයි. අපිට ඉතින් වෙඩින් කේක් හොයාගන්නත් නෑ ,හදන්න සති ගනං ඕවා සීසන් කරකර ඉන්න ඉවසීමකුත් නෑ
කාලා මල්ඩ් වයින් එකක් රත්කරලා බිව්වම මල් හතයි.
කරන්න තියෙන්නේ මින්ස්මීට් (A ) ටික පොඩි ට්‍රේ එකක අතුරලා විනාඩි දෙකක් මයික්‍රෝවේව් එකට දාලා නිමුනට පස්සේ මාසිපන් (B) පේස්ට් එක රෝලින් පින් එකකින් ෆ්ලැට් කරලා උඩින් දාන එක.
මල්ඩ් වයින් (C) එකත් රත්කරලා ගත්තම පට්ට.
ඔය අනික් ඒවා නං ළමයින්ට ගෙනාපු ඇල්කොහොල් ෆ්‍රී කෑම. ඒවා මට සෙට්වෙන්නේ නෑ
මේ ටිකේ සුපර්මාකට්ස්වල මේවා තියෙන නිසා පුළුවන් අය හදලා බලන්න.
Mincemeat - a mixture of currants, raisins, sugar, apples, candied peel, spices, and suet
Marzipan - a sweet yellow or white paste of ground almonds, sugar, and egg whites, used to coat cakes
Last edited:



