ක්‍රිස්ටෝපර් ගාඩ්නර්ගේ කතාව
ඔහුගේ ළමා විය නම් එතරම් සුන්දර එකක් වූයෙ නැහ.ඔහු ගත කලේ ඉතා අවාසනාවන්ත ලමා කාලයක්.කුඩා කාලයේදිම ඔහුගේ දෙමව්පියන් වෙන් වි ගිය අතර , පසුව ඔහු ඇතුලු ඔහුගේ සහෝදර සහොදරියන් හැදි වැඩුනේ ඇගේ මව යටතේය.ටික කලකින් මව නැවත විවාහ වූ අතර ඔහුගේ සුලු පියා ඉතා දරුණු පුද්ගලයෙක් විය.ඔහුගේ සුළු පියා ඔහුගේ මවට සහ සහෝදර සහෝදරියන්ට ශාරීරිකව මෙන්ම මානසිකවද හිංසා පීඩා කළේය. ඒ වගේම ඔහුගේ සුලු පියාගේ අභුත චෝදනා නිසා ඔහුගේ මව දෙවරක් වැරදිකරු වී සිර දඩුවම් විදිමට සිදු විය.මොන තරම් තාඩන පිඩන විදිමට සිදු වුවට්ග් ඔවුන්ව රැකබලා ගැනීමට කිසිවෙකු නොසිටි නිසා ඔහුට සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ට වයස ඔහුගේ දරුනු සුලු පිය යටතේම නැවතී සිටීමට සිදුවිය. කෙසේ හෝ අ ඔහුට වෛද්‍ය වරයෙක් යටතේ රැකියාවක් සොයා ගැනිමට හැකිවිය.පසුව ඔහු විවාහ වුනත් ඔහුගේ පළමු විවාහය අසාර්ථක විය.ඊට හේතු වූයේ ඔහු වෛද්‍යවරයෙකු යටතේ නිරත වී සිටි වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කල නිසාය. ඔහු තම බිරිඳට නොදන්වා ව්‍යාපාර කටයුතු කලත් ඒවාද අසාර්ථක වීම නිසා ඔහුගේ බිරිද විසින් ඔහුව අතහරිනු ලැබීය. ඒ වන විට ඔහුට කුඩා පුතෙක්ද සිටියා.පසුව ඔහු වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු ලෙස රැකියාව ආරම්භ කරනු ලැබුවත් එම රැකියාවෙන්ද අවාසනාවන්ත ලෙස අසාර්ථක වූවා පමණක් නොව, ඔහුගේ මුදල් තත්වයද එන්න එන්නම දරුණු වූවා.මේ වන විට පලමු විවාහයෙන් වෙන් වී සිටි ඔහු දෙවන වර විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඔහුගේ පෙම්වතියද ඔහු අතහැර ගියාය. අන්ත දුප්පත් තත්වයකට පත් වු ඔහුට ඉන්න නිවසක් පවා නොමැති වුනා ඔහු තම පුතා සමඟ කුඩා කුලී කාමර වල, උද්‍යානවල, ගුවන්තොටුපලවල තාවකාලිකව රෑ දවල් ගෙවන්නට සිදු විය. වරක් පොදු වැසිකිළියක පවා නැවතී සිටිමට ඔහුට සිදු විය. මේ අතර ඔහු දිවා කාලයේ තැරැව්කාර ආයතනයක වෙහෙස මහන්සි වී වැඩ කළ අතර රාත්‍රියේදි නිදා ගැනීමට තැනක් සොයා ගැනීම සදහා දිගු පෝලිම්වල පවා සිටියේය.
1982 දී ඔහු ඉතා කටුක ජීවිතයක් ගත කරමින් බලපත්‍රලාභි විභාගය(එරට එකල පැවති විභාගයක්) සමත් වීමෙන් පසු ඔහුට ඩීන් විටර්ගේ සමාගමක පූර්ණ කාලීන සේවකයෙකු බවට පත්විය හැකි විය. කෙමෙන් කෙමෙන් තමාගේ මූල්‍ය ශක්තිය වැඩි දියුණු කරගත් ඔහු 1987 වන විට දී තමාගේම කොටස් තැරැව්කාර සමාගමක් වන ගාඩ්නර් රිච් ඇන්ඩ් කම්පැනි ආරම්භ කළ අතර එහි 75% ක කොටස් හිමිකාරීත්වය ඔහු හිමි කර ගනු ලැබුවා. එම සමාගම දියුණු ණු කරගත් ඔහු පසුව ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවකින් 2006 දී ගාර්ඩනර් රිච් හි කුඩා කොටසක් විකුණා දැමීය.
මේ දක්වා කියාගෙන ආ ඔහු වෙන කවුරුත් නොව, ක්‍රිස්ටෝපර් ගාඩ්නර් ඉන්ටර්නැෂනල් හෝල්ඩින්ග්ස් හි නිර්මාතෘ වන ක්‍රිස් ගාඩ්නර් ය. ඔහුගේ ජීවිතය නිරූපණය කර මේ වන විට හොලිවුඩ් චිත්‍රපටයක් වන The Pursuit of Happyness නම් චිත්‍රපටයද නිර්මාණය වී ඇත.. එය බ්ලොක්බස්ටර් එකක් බවට පත් වූවා පමණක් නොව, ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගත්තේය.
-------------------------------------------------------------
මට හිතෙන්නේ ක්‍රිස් ගාර්ඩ්නර්ට මිනිසෙකුට මුහුණ දිමට සිදුවිය හැකි බොහෝ දුක්ඛිත තත්වයන් වලට මුහුණ දීමට සිදු වුනා කියලා.නමුත් ඔහු අවසානයේ ලො ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුනා.මුල් කාලයේ ඔහු සතුව කිසිම දෙයක් තිබුනේ නැහ.අද වන විට ඔහු ඉතා ධනවත් පුද්ගලයෙක්.ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න මුහුණ දෙන්න ඔබ තවත් ශක්තිමත් වෙනවා.මොන තර්ම් ප්‍රශ්න ආවත් අත හරින්න එප.ඔබට හැකි හැම දේම කරන්න.අනිවාර්යෙන් අපි හැමෝටම සාර්ථක වෙන්න අවස්ථාවක් මේ ජීවිතය තුල තියෙනවා.ඒත් ඒක හොයා ගන්නේ ඉතාම සීමිත පිරිසක්.ඒකට හේතුව බොහෝ දෙනෙක් අභියෝගයක් ආ සැනින් ජිවිතය අත් හැර දමා ඔහේ කාලය ගත කිරීමයි.සාර්ථකත්වය යනු මහන්සි වෙලා සොයා ගත යුතු දෙයක් මිස ඉබෙම ඔබ ලගට එන දෙයක් නොවන බව මතක තබා ගන්න.
උපුටා ගැනීම - Posstive thinking page