ක්‍රිස්_ගේල්ගේ නම වාර්තා පොතේ ලියවෙන හැට&#3538

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ක්‍රිස්_ගේල්ගේ නම වාර්තා පොතේ ලියවෙන හැට&#3538

    තවත් එක් හයේ පහරකින් ක්‍රිස් ගේල්ගේ නම වාර්තා පොතේ ලියවෙන හැටි

    ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී වැඩිම 6 පහරවල් සංඛ්‍යාවක් ගැසූ ක්‍රීඩකයා ලෙස පාකිස්ථානයේ සුපිරි පිතිකරු ෂහිඩ් අෆ්රිඩි තබා තිබු වාර්තාව සම කිරීමට බටහිර ඉන්දිය කොදෙව් පිලේ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සමත්වුනා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී.

    එම තරගයේදී පන්දු 66 කදී ලකුණු 73ක් රැස් කළ ක්‍රිස් ගේල් ගේ ඉණිමට හයේ පහරවල් 5ක් අන්තර්ගත වුනා.

    ජාත්‍යන්තර ක්‍රිකට් තරග 524 කදී ෂහිඩ් අෆ්රිඩි විසින් එල්ල කරන ලද හයේ පහරවල් 476 ක ලෝක වාර්තාව සම කිරීමට ක්‍රිස් ගේල් හට වැයවී තිබුනේ තරග 443ක් වීමද විශේෂත්වයක්.

    ෂහිඩ් අෆ්රිඩි විසින් එක්දින තරගවලදී හයේ පහරවල් 351ක්, විස්සයි 20 තරගවලදී හයේ පහරවල් 73ක් සහ ටෙස්ට් තරගවලදී හයේ පහරවල් 52ක් එල්ල කර තිබෙනවා.

    ක්‍රිස් ගේල් එක්දින තරගවලදී හයේ පහරවල් 275ක්, විස්සයි 20 තරගවලදී හයේ පහරවල් 103 ක් සහ ටෙස්ට් තරගවලදී හයේ පහරවල් 98ක් එල්ල කර තිබෙනවා.

    අගෝස්තු 01 වනදා බංග්ලාදේශය සමග ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගාවලියේදී ෂහිඩ් අෆ්රිඩි තබා තිබු ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ක්‍රිස් ගේල් හට අවස්ථාව තිබෙන අතර ඒ සදහා ඔහුට එල්ල කිරීමට ඇත්තේ තවත් එක් හයේ පහරක් පමණි.



     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රෙකොර්ට් එක තියන්න ටිකක් කල් යයි
    බංග්ලාදේශ් එක්ක තියෙන T20 ගේල් නෑ :yes: