ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය...

Apr 24, 2010
351
107
0
Kandy
දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්ප&#354

ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය...

:cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl:

සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය. මොහු කවෙරෙක්දැයි සිතමින් සිටින විට ඔහු සාක්කුව අස්සෙන් කාලේ බෝතලයක් ගෙන මා අත තැබීය.

දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්පෙෂල් වගේ

මම බුවාගේ බෝතල් කාලෙන් උගුරක් බිවෙමි. උගුර පිලිස්සීගෙන ගිය මුල් ෂොට් එකෙන්ම මට බඹර පදමට වැදුනි.

නියම බඩු මචෝ කියමින් මම කාලේ බෝතලය එකවරම හිස් කලෙමි. මට මතක එපමණය. කුදාර් වෙන්නට වැදීම නිසා යන්තම් තැබෑරුමේ මුල්ලක කුඩා ගසා ගත්තා යන්තමින් මතකය. මම තද නින්දකට වැටුනෙමි.

මට ඇහැරෙනවිට හොඳටම දවාල් වී තිබුණි.

මළ කෙලියයි රස්සාවට යන්නත් ප්‍රමාද උනා. මම වහාම නැගිට තැබෑරුමෙන් එලියට ආවෙමි. මුළු ලෝකයම වෙනස් වී තිබෙන හැඩකි. අමුතු විදියේ අහස උසට අලංකාර ගොඩනැගිලි , ලස්සනට ඇඳ පැළඳගත් ජනයා හරියට සිංගප්පූරුව වගේය. තැබෑරුම ඉදිරිපිට තිබූ ටකරන් බස් නැවතුම්පල පෙනෙන්නටවත් නැත.

මේ මොන විපරීතයක්ද කියා සිතමින් සිටින විට මට පුවත් පතක් කියවමින් සිටි මහලු මිනිසෙකු දකින්නට ලැබිණි. මම ඔහු වෙත ගියෙමි.

අන්කල් මේ ......

අන්කල් ? මහත්මයා ජේෂ්ඨ පුරවැසියන්ට විනීතව කතා කරන්න ඉගෙනගන්න, නැතිනම් මට සිදුවෙනවා සංස්කෘතික අමාත්‍යංශයේ ශිෂ්ඨ හැසිරීම සම්බන්ද ඒකකයේ නිලධාරී මහතුන්ට කතා කරලා මහත්මයාව පුනරුත්තාපනය ඒකකය වෙත යවන්න

අනේ සොරි සර් මම අතරමං වෙලා , මට මේ මොනවත් තේරෙන්නේ නැහැ මම ඉන්නේ කොහෙද කියන්න ?

මේ මහත්මයා ඉන්නේ කොළඹ පුරහල අසල

වෙන්න බැහැ මම ටවුන් හෝල් එක හොඳට දන්නවා , කෝ අර කිළුටු පාට සුදු බිල්ඩිම , කැඩීච්ච බුලත් කෙල පාරවල් වැදුණු පෝස්ටර් අලවපු තාප්ප , මිනිස්සු උද්ඝෝෂණය කරන ලිප්ටන් වටරවුම , ටකරන් මඩු වගේ බස් හෝල්ට් , අර ඔටුවා පිටකොටුවා කියලා ගිරිය යටින් කෑ ගහන ප්‍රයිවෙට් බස් මල්ලිලා ?

ඕ... අයිසී නොස්ටැල්ජියා , අතීත කාමය . මටත් ඕක ඉඳලා හිටලා එනවා. මෙන්න බලන්න අද පත්තරේ , අද කොළඹ යුනිවසිටි එකේ එක්සිබිෂන් එකක් තියනවා අපේ 2012 අපේ අශිෂ්ඨ පැරණි සමාජය කියලා . එහෙට්ට ගියොත් ඔය ඔක්කොම පරණ පින්තුර බලන්න පුළුවන්

2012 පැරණි සමාජය ? නාකියාට ඔල්මොරොන්දන්වෙලා වත්ද ? මම එක්සිබිෂන් පුවත ගැන නොව පුවත් පතේ දිනය බැලුවෙමි. මළ සේක දිනය 2062 , මම අනාගතයට ඇවිත් ද ?

අනේ සර් මම ගොඩක් කල් ලෙඩින් හිටියා මට ගොඩක් දේවල් මතක නැහැ , කියන්නකෝ 2012 ඉඳන් අපේ රටට වෙච්ච දේ ?

ඕකේ ...ඇල්ශයිමර්ස් .... මගේ පියාටත් ඔය ලෙඩේ තිබ්බා .... හොඳයි මම කියන්නම් , හැබැයි දැන් මට කොළඹ යුනිවසිටි එකේ එක්සිබිෂන් එකට යන්න ඕනේ , අපි පයින්ම යමු . ඇවිදීම තමයි හොඳම වියායාමය.

ඉතින් සර් කියන්නකෝ මොකද උනේ කියලා , 2012 ලංකාව පාලනය කාලේ මහින්ද රාජපක්ෂ හරිද ? ඒක මට මතකයි

හොක්.. හොක් ..හොක් ...මහින්ද රාජපක්ෂ... ඔව් ඔව් එහෙම කෙනෙකුත් හිටියා ...

එතකොට බැසිල් , ගෝටා , නාමල් , අර අභ්‍යවකාශයට යන්න හිටපු රෝහිත ඒ අයට මොකද උනේ ?

දේ ආ හිස්ට්‍රි මෑන් හිස්ට්‍රි , ඒ අය දැන් ඉතිහාසයට එකතු වෙලා , මහ මිනිහගේ පොඩි එකා නම් හම්බන්තොට පැත්තේ පොඩි සිල්ලර කඩයක් කරගෙන ඉන්නවලු එකටත් ඉතින් අපේ මාලක සිල්වා මැතිතුමා තමයි අත හිත දීල තියෙන්නේ.

මාලක සිල්වා මැතිතුමා ? මේ අර එක්ස්ටසි මාලකයා ? අර එකවුන්ටන්ලට , මේජර්ලට ඔලුව පැලෙන්න ගහ ගහ හිටපු , ක්ලබ් ගානේ ගිය මාලකයා , කැලණියේ දුරාචාර්යගේ පුතා ?

මහත්මයා කරුණාකරලා වැදගත් මහත්තුරුන්ට කථා කරන්න ඉගන ගන්න , විශේෂයෙන් රටේ ජනාධිපතිවරයාට ...

මොනවා මාලක සිල්වා ජනාධිපති ?

මහත්මයාට හොඳටම ඇල්ශයිමර්ස් ... 811 කෝල් කරලා කොළඹ ඇල්ශයිමර්ස් සෙන්ටර් එකට යන්න. මාලක සිල්වා මැතිතුමා තමයි අපේ රට ගොඩගත් නායකයා , තාමත් එතුමා තමයි තුන් වන පාරටත් වැඩීම චන්දයෙන් ජනාධිපති ලෙසට අපේ ජනතාව තෝර ගත්තේ. දැන් ඇමරිකන් ප්‍රසිඩන්ට් උනත් මැදපෙරදිග ප්‍රශ්න වලදී ජනාධිපති මාලකගෙන් තමයි ඇඩ්වයිස් ගන්නේ. ගිය අවුරුද්දේ යූ එන් එකේ ජනාධිපති මාලක කරපු කතාව නෙල්සන් මැන්ඩේලා කරපු කතාවටත් වඩා විශිෂ්ට බව ටයිම් සඟරාව වාර්තා කලා. 2061 මෑන් ඔෆ් ද යියර් උනේ ජනාධිපති මාලක.

අනේ සර් මට මොකුත් මතක නැහැ , අර 2012 දී මේජර් ගේ ඔලුව පලපු එකෙන් පස්සේ මොකද උනේ කියනවද ?

එක බොරු කතාවක් නේ හලෝ ඒ මේජර් බොරු චෝදනා ගොනු කලාට හමුදාවෙනුත් අපකීර්තිමත් විදියට එල්ලෙව්වා , නමුත් ඊට පස්සේ මාලක සිල්වා මැතිතුමා ඇමරිකාවට ගිහින් ඉගන ගත්තා , ඩිග්‍රිය කරලා ආපහු ලංකාවට ආවහම එතුමාට තේරුනා මේක පසුගාමී ගෝත්‍රික සමාජයක් කියලා. ඊට පස්සේ එතුමා කැළණියෙන් චන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවා . ටික කාලයයි ගියේ ඇමති පදවියක් ලැබුනා.

අධ්‍යාපන ඇමති . එදා තමයි ලංකාව දියුණු වෙන්න මුල් ගල වැටුනේ. එතුමා ලංකාවේ සියලුම ප්‍රධාන පාසල් , විශ්ව විද්‍යාල වල ප්‍රධාන තනතුරු සඳහා පිටරටින් සුදු මහත්තුරු ගෙන්නවලා අපේ අලුත් පරම්පරාවට කන බොන හැටි, පාරේ තොටේ යන හැටි, සමාජයේ හැසිරෙන හැටි, වාහන විනීතව එලවන හැටි, කුණු බැහැර කරන අන්දම වගේ දේවල් ඉගැන්නුවා . බලාගෙන ඉන්දද්දී අපේ බාල පරපුර , ශිෂ්‍ය පරපුර , විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සිවිලයිස් උනා , ඒ අය තමයි අපේ වැඩිහිටියන් ගෝත්‍රික තුප්පහි ගති වලින් මුදවා ගන්න විශාල වැඩ කොටසක් කළේ.

ඊට පස්සේ මාලක සිල්වා මැතිතුමාට සංස්කෘතික අමාත්යංශයත් භාර දුන්නා , මේ මහත්මයා දන්නවාද සංස්කෘතික අමාත්යංශය තමයි ලංකාවේ වැදගත්ම අමාත්යංශය. මුදල් අමාත්යංශයටත් වඩා වැදගත්. මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒ ඇමතිකම දුන්නේ පුස්සන්ට නිකං වේලි වේලි ඉන්න. නමුත් මාලක සිල්වා මැතිතුමා සංස්කෘතික අමාත්යංශයට අත ගහපු දා ඉඳන් ලංකාව වේගවත් සමාජ පරිවර්තනයකට ලක් උනා.

පිටරටින් උපදේශකයෝ, ට්‍රේනර්ස් ලා ගෙන්නවලා අපේ රටේ සියලු ජනතාවට සමාජ හැසිරීම, ආකල්ප ගැන මාස හයක පුහුණුවක් දුන්නා. අපේ මිනිස්සු බලාගෙන ඉන්නකොට වෙනස් උනා. වෙනදා සත්තු වගේ පාරේ ගිය මිනිස්සු නිසි තැන වලින් තමයි පාර මාරු උනේ. ප්‍රයිවෙට් බස් , ත්‍රීවිල් , අර ඇමරිකාවේ , කැනඩාවේ , ඕස්ට්‍රේලියාවේ මිනිස්සු වාහන එලවනවා වගේ විනීතව වාහන එලෙව්වා . වෙනදා මිනිසුන්ට අම්මා මතක් කරලා බැනලා කණට ගහන පොලිසිය විනීත උනා, රජයේ සේවකයෝ වැඩ කරගන්න එන මිනිසුන් පිලිගත්තේ ගුඩ් මොර්නිඞ් සර් මැඩම් කියලා.

දේශපාලකයෝ යහපත් උනා , දසරාජ ධර්මය නීතිගත උනා , හොරකම , වංචාව , කොමිස් නැතිවෙලා ගියා. ඉස්කෝල වල ගුරුවරු ළමයින්ට නිසි ගරුත්වය දුන්නා , විශ්ව විද්‍යාල වල නවක වදය නැතිවෙලා ගියා, පිටරට ප්‍රොෆෙසර් ලා සියලු විශ්ව විද්‍යාල වලට බඳවාගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහල දැම්මා , දේශණ කරන හැටි , හරියට පරියේෂණ කරන හැටි පරියේෂණ නිබන්ධන පළ කරන හැටි , වගේ දේවල් අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කියලා දුන්නා. අද බලන්න ලෝක 2062 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ඔක්කොම වගේ පළවෙනි 50 ඇතුලත ඉන්නවා.

වෙන්න බැහැ 2012 දී ඕවා තිබ්බේ ඉතියෝපියාවටත් එහා , ඒ කාලේ විශ්ව විද්‍යාල ස්ට්‍රයික් කළා උද්ඝෝෂණ තිබුනා , ළමයි , විශ්ව විද්‍යාල ආචාර්යවරු පෙළපාලි ගියා , මිනි පෙට්ටි උස්සන් ගියා,

යේස් ....යේස් .. අයි නෝ , මම ඉතිහාසය දන්නවා. එක තමයි පුතා කියන්නේ නායකත්වය කියලා. ඔන්න අපි කතාවෙන් කතාවෙන් කොළඹ විශ්ව විද්‍යාලයටත් ආවා , අර බලන්න ආර්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් වල ලොකු , ඒ කාලේ වගේ ආර්ට් ෆැකල්ටි එකේ ළමයි පොලු , පිහි අරගෙන මරා ගන්නේ නැහැ , බලන්න ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ඩිසයිනර් , මේ අය ඉංග්‍රීසි විතරක් නෙවෙයි ෆ්‍රෙන්ච් පවා දන්නවා , හැමෝටම පොඩි කාර් එකක් මෝටර් සයිකල් එකක් තියනවා , ළමයින්ගේ අධ්‍යාපනයට ඇඳුම් වලට , වාහනයට ඔක්කොම මහපොළ ග්‍රාන්ට් එක ඇති. මදි උනොත් එඩියුකේෂන් බෑන්ක් ලෝන් එකක් අඩු පොලියට මහජන බැංකුවෙන් ගන්න පුළුවන් .

මේ විශ්ව විද්‍යාල වල ළමයින්ට අඩු මුදලකට කන්න පුළුවන් ෆුඩ් කෝට් තියනවා. විදේශ සිසුන් පවා ඉගන ගන්න එන නිසා ජපන්, තායි , ඉන්දියන් , මෙක්සිකන් කෑම හිටන් තියනවා . බලන්නකෝ හරියට පිටරට විශ්ව විද්‍යාලයක් වගේ නේද ? පේරාදෙණිය , කැලණිය උනත් මෙහෙමයි. මාලක සිල්වා මැතිතුමා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් , ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාල ආකෘති තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක කළේ. අලුතින් ගහපු බිල්ඩින් පවා ඒ මොඩ්ල් එකේ. දැන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් පවා විදේශ සිසුන් එනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න. ඒ තරමට අපේ අධ්‍යාපනය ලෝකේ ඩිමාන්ඩ්.

එතකොට අන්තරේ ඒවාට විරුද්ද උනේ නැද්ද ?

හොක්... හොක් ...හොක් ..අන්තරේ නේද ? බලන්න පුතා අර බී එම් ඩබ්ලිව් එකේ ඇවිත් බැහැපු ටයි එකක් දාගත්ත පොෂ් කොල්ලා බස බස ගලා ඉංග්‍රීසියෙන් දේශීය විදේශීය සරසවි සිසුන්ට කථා කරන හැටි. ඊයේ කැන්ටිමේ දුන්න මෙක්සිකන් ෆුඩ් වල ලුණු ටිකක් මදි වෙලා , ඒකට විරෝධය පළ කරනවා . එයා තමයි අන්තරේ කැඳවුම්කරු.

වෙන්න බැහැ , ඒ කාලේ හිටියේ හිඟන ලුක් එක තියන, කෙට්ටු , කළු මුනේ සිරියාවක් නැති ක්‍රෝධය , හීනමානය ඔළුවට ගහපු , යටි ගිරියෙන් කෑ ගහන .........

හරි හරි සමාජය වෙනස් වෙනවා .... දැන් ඉන්නේ පොෂ් කොල්ලෝ සෙට් එකක් , විරෝධතාව පළ කරන්නේ මහා පාරවල් බ්ලොක් කරලා මිනිසුන්ට යන එනමං නැති කරලා සිසුන්ගේ අධ්‍යාපන අනාගතය අනාථ කරලා නෙවෙයි. දැන් බලන්න සිසු නියෝජිතයෝ ටිකක් තව ටිකකින් ඩීන් හමුවෙලා පෙටිෂන් එක භාර දෙයි. හවස් වෙනකොට ප්‍රශ්නය ඩීන් විසඳලා. දැන් ඉන්න උසස් අධ්‍යාපන ඇමති හරිම නම්‍යශීලි කෙනෙක්, ශිෂ්‍ය සංවිධාන සමග හරිම එකතුයි.

එතුමා කියන්නේ ශිෂ්‍ය සංවිධාන විශ්ව විද්‍යාල දියුණුවට යොදා ගන්න ඕනේ කියලා. අන්තරේ එක්ක නිතරම සාකච්ඡා කරලා ලංකාවේ විශ්ව විද්‍යාල දියුණු කරන්න බලනවා. අන්තරෙත් එහෙමයි , එක දවසක් , එක පැයක් විශ්ව විද්‍යාල අධ්‍යන කාලය නාස්ති කරන්න දෙන්නේ නැහැ. අන්තරේ මොඩ්ල් එක දැන් නිව් යෝර්ක් සරසවියත් අධ්‍යනය කරලා සිසු ගැටළු වලට එහෙත් අන්තරේ වගේ සංවිධානයක් ඇති කරන්න යනවා. අපි මේන් බිල්ඩින් ඒකට යමු එක්සිබිෂන් එක බලන්න , එකේ නම 2012 අපගේ ලැජ්ජා සහගත අතීතය , පරණ ෆොටෝ ගොඩක් බලාගන්න පුළුවන්

2012 ගැන මට බලා ගන්නට අමුතු දෙයක් නැත. මම අන්කල්ගෙන් සමු අරගෙන මහා පාරට ගියෙමි. ලංකාව සහමුලින්ම වෙනස් වී තිබේ. අහස උසට ගොඩනැගිලි ඉදිවී තිබේ. පාරවල් පිරිසුදුය. කුණු පොදක් බෙහෙතකටවත් නැත. මිනිසුන් විනීතය, නීති ගරුකය. මම රෑ බෝවන තෙක් කොළඹ නගරයේ කරක් ගැසුවෙමි. මහ රෑ වුවද ගෑනු ළමයි බයක් සැකක් නැතිව පාරේ යති , දිලිසෙන ලංගම බස් වල සිට් වල හිඳ ගැනීමට පවා මට ලෝබ සිතේ.

බස් වල ජැක් කාරයෝ නැත. විශාල අධ්‍යාත්මික වෙනසකට මුළු ලංකාවම ලක් වී තිබේ. කොපමණ සංවර්ධනයක් ලංකාවට ගෙන ආවද මාලක සිල්වා මැතිතුමාගේ කටවුට් එකක් , පෝස්ටරයක් පවා නැත. ඒ කාලයේ දෙගොඩතලාගෙන සයිරන් ගහගෙන මිනිසුන් යට කරගෙන ගිය ප්‍රභූ ආරක්ෂක වාහන නැත. සියලුම මිනිසුන් පාරේ තොටේ යන්නේ මයින්ඩ් ෆුල්නස් මෙඩිටේෂන් කරමිනි. මිනිසුන් එකිනෙකාට ගෞරව කරති. මේ මා දැන සිටි ලංකාව නොවේ.

මට මහා පාළුවක් එපා වීමක් දැනුනි. මගේ ඉවසීමේ සීමාව සිඳී ගියේය. මට මේ රට එපා , මේ ක්‍රමය එපා, මට ඕනේ 2012 තිබුන රට, අර සුදු වෑන් එන , මිනිසුන් බියෙන් හැඟවෙන , සරණලා කප්පම් ගන්න , අනුන්ගේ ඉඩම් ගෙවල් අල්ලා ගන්න , මර්වින්ලා මිනිසුන් ගස් බඳින , දේශපාලකයෝ නිදන් හාරන , කඩු හොරකම් කරන, දේශපාලකයන්ට පන්දම් අල්ලන නිලධාරී ඉන්න , උන්ට ගොට්ට අල්ලා ජිවත් වෙන ජනමාධ්‍ය කාරයෝ ඉන්න , අර යකඩ හොරා , දුමින්දලා නිරුපද්‍රිතව ඉන්න , පොලිසියෙන් අසරණයන්ගේ ඇටකටු කඩන, පුජකයෝ , භික්ෂුන් , පුසාරිලා ළමයි ,කාන්තාවෝ අපයෝජනය කරන , එළුවෝ මරණ , තැන තැන කුණු දාන , බුලත් කෙල ගහන, බස් වල අසහනය පිරුණු ජැක් කාරයෝ ඉන්න , එලෝ සිහියක් නැතිව කැමති කැමති විදියට වාහන එලවන රියදුරන් ඉන්න , විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔළුවට කොම්පියුටර් මොනිටර් වලින් ගහන , නවකයන් නිරුවත් කරන, විශ්ව විද්‍යාල ආචාර්යවරු සතියට පැය දෙකක් තුනක් උගන්වා බොරුව කරන , ඉතියෝපියාව සමග කරට කර සටනක් දෙන විශ්ව විද්‍යාල තියන , එන් ජි ඕ සල්ලි , දෙමල ඩයස්පෝරාවේ සල්ලි වලින් යැපෙන මානවවාදීන් ඉන්න , ජාතිවාදය , ගෝත්‍රවාදය තියන , උද්ඝෝෂණ වලදී ගිනි තියාගන්න, මැරෙනකම් උපවාස කරනවා කියන සඟරුවන ඉන්න , කොටි සමග ඩිල් දාන ෆාදර් ලා ඉන්න , මිනිසුන් ට්‍රෝලර් වල බටහිර රට වලට පළා යන අර ලස්සන ගුණවත් උතුම් රට මට ඕනේ. මට මේ අලුත් ලංකාව එපා. මම විලාප දුන්නෙමි.

මට ඇහැරුනේ ඔළුවට කව්දෝ හලපු වතුර බාල්දියකිනි

ඕයි කෑවනම් බිව්වනම් පව් නොදී යනවා , බාර් එකේ වේටර් කෙනෙක් මට කිව්වේය.

මම ඉක්මනට බාර් එකෙන් එලියට ආවෙමි. කිසිවක් වෙනස් වී නැත 2012 තිබුණු රට එලෙසම තිබේ. තැන තැන දාපු කුණුය. මිනිසුන් වෙනස් වී නැත , තාමත් මාලක පිටරට ගොස් නැත. අධ්‍යාපන ඇමති හිටපු එකාමය.


:cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl:
 
Last edited:
Apr 24, 2010
351
107
0
Kandy
අමිල ගුණරත්න ලියපු ලිපියක් නේද මචං..? කලින් කියවලා තියෙනවා..:)

ah..., :) mata meka fb eken ahu une... Liyapu sathaa hoyaganna ona hinda mekata damma.... first comment ekenma wade hari.. (hama cloth ekama meke daanawane:rofl::rofl::rofl:)

thanks for the info machan.. :):)


machan, do you have his profile link or some thing?
 
  • Like
Reactions: Amathi Putha

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ah..., :)mata meka fb eken ahu une... Liyapu sathaa hoyaganna ona hinda mekata damma.... first comment ekenma wade hari.. (hama cloth ekama meke daanawane:rofl::rofl::rofl:)

    thanks for the info machan.. :):)


    machan, do you have his profile link or some thing?
    ඒක උඹගෙ වරදක් නෙේ බං.. ේස්බුක් එොඩක් අය උපුටාගැනීම දාන්නෙ නැහැ.. උපුටාගත්තා කිව්වම උේ නම්බුවට හරි නැහැේ.. ඌ ලිව්වා වේ දානවා..:lol: මෙන්න මචං ඔරිජිනල් ලින්කුව..
    http://www.lankaguardian.com/2012/09/2062.html

     
    • Like
    Reactions: Amathi Putha
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඒක උඹගෙ වරදක් නෙේ බං.. ේස්බුක් එොඩක් අය උපුටාගැනීම දාන්නෙ නැහැ.. උපුටාගත්තා කිව්වම උේ නම්බුවට හරි නැහැේ.. ඌ ලිව්වා වේ දානවා..:lol: මෙන්න මචං ඔරිජිනල් ලින්කුව..
    http://www.lankaguardian.com/2012/09/2062.html

    yes machan, very true..
    මගේ ලිපිත් එහෙම කරන අය ඉන්නවා... ඇත්තටම මන් එළකිරි එකට සෙට් උනෙත් එහෙම එකෙක් දාල තිබ්බ කෙසෙල් මුවක් හින්ද.... වැඩිය ඕන නෑ.. මන් ලියපු එකක් කොහොම හරි වෙන එකෙක්ගේ නමින් දාල (කවි වගයක්) ඔන්න දැන් සින්දුවක් හිටන් එකෙන් හදලා තියනවා..... :lol::lol::lol: (උඹලත් දන්න සින්දුවක්.... වැඩේ ලස්සනට කරලා තිබ්බ හින්ද මං නිකන් හිටියා..) :lol::lol:

    thanks for the link too............ :)
     
    • Like
    Reactions: Amathi Putha

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    yes machan, very true..
    මගේ ලිපිත් එහෙම කරන අය ඉන්නවා... ඇත්තටම මන් එළකිරි එකට සෙට් උනෙත් එහෙම එකෙක් දාල තිබ්බ කෙසෙල් මුවක් හින්ද.... වැඩිය ඕන නෑ.. මන් ලියපු එකක් කොහොම හරි වෙන එකෙක්ගේ නමින් දාල (කවි වගයක්) ඔන්න දැන් සින්දුවක් හිටන් එකෙන් හදලා තියනවා..... :lol::lol::lol: (උඹලත් දන්න සින්දුවක්.... වැඩේ ලස්සනට කරලා තිබ්බ හින්ද මං නිකන් හිටියා..) :lol::lol:

    thanks for the link too............ :)

    song1 gana podi ingiyak denna bari weida?
     
    • Like
    Reactions: Amathi Putha
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    song1 gana podi ingiyak denna bari weida?

    ඕක මම දැන් කිවොත්.... මන් පොරක් වෙන්න හදනවා කියයි...
    අනික ඔප්පු කරන්න හර්දය මිසක් වෙන සාක්කිත් නැහැ....
    අන්තිමට වෙන්නේ මම බොරු කාරයෙක් වෙන එක විතරයි....
    හ්ම්ම්...
    :dull::dull::dull:
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    DsD0PBEXgAIKa0X.jpg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්ප&#354

    ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය...

    :cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl:

    සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය. මොහු කවෙරෙක්දැයි සිතමින් සිටින විට ඔහු සාක්කුව අස්සෙන් කාලේ බෝතලයක් ගෙන මා අත තැබීය.

    දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්පෙෂල් වගේ


    මම බුවාගේ බෝතල් කාලෙන් උගුරක් බිවෙමි. උගුර පිලිස්සීගෙන ගිය මුල් ෂොට් එකෙන්ම මට බඹර පදමට වැදුනි.


    :cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl:
    බලන්න පුතා අර බී එම් ඩබ්ලිව් එකේ ඇවිත් බැහැපු ටයි එකක් දාගත්ත පොෂ් කොල්ලා බස බස ගලා ඉංග්‍රීසියෙන් දේශීය විදේශීය සරසවි සිසුන්ට කථා කරන හැටි. ඊයේ කැන්ටිමේ දුන්න මෙක්සිකන් ෆුඩ් වල ලුණු ටිකක් මදි වෙලා , ඒකට විරෝධය පළ කරනවා . එයා තමයි අන්තරේ කැඳවුම්කරු. :rofl::rolleyes: