ක්‍රීකට් ක්‍රීඩකයෙකුට කළමණාකරුවෙක් <<<<<

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ක්‍රීකට් ක්‍රීඩකයෙකුට කළමණාකරුවෙක් <<<<<

    ක්‍රීකට් ක්‍රීඩකයෙකුට කළමණාකරුවෙක් අවශ්‍ය වන්නෙ ඇයි ?

    බොහො දෙනා ඇසු ගැටලුවකට පොදු පිළිතුරක් ලෙස මේ සටහන තබමි.

    ක්‍රීඩකයෙකුට කළමණාකරුවෙක් සංකල්පය ශ්‍රී ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවට ආවෙ මැතකදීය.
    අර්ජුණලාට අරවින්දලාට කළමණාකරුවන් සිටියෙ නැත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තීමය කළමණාකරු සංකල්පය හදුන්වා දෙන්නෙ කුමාර් සංගක්කාරයි. ඒ ඔහු වෙබ් කරුවෙක් සහ සූක්ෂම ව්‍යාපාරීක මොළයක් තිබු පුද්ගලයෙකු ලෙස හදුනා ගන්නා චාලි ඔස්ටින් සිය කළමණාකරුවා කර ගැනීමෙන් පසුය.
    ඉන්පසුව වෘත්තීමය කළමණාකරුවෙකු අත්සන් කල දෙවන ක්‍රීඩකයා බවට මහේල ජයවර්දන පත් විය. ඔහුගේ අතිජාත මිත්‍ර සංගක්කාරගේ බලපෑමට වන්නට ඇත.

    (වෘත්තීමය කළමණාකරු යනු 10% කොමිස් මුදල ලබා ගන්නා පුද්ගලයාය.
    ඉන් පෙර ක්‍රීඩකයන්ගේ දෙමව්පියන් , බිරිද හා ඥාතින් මුදල් නොගෙන ක්‍රීඩකයන් ගේ දින චර්යාව සැකසීම් , මාධ්‍යවේදීන්ට වේලාව වෙන් කිරීම වැනි කටයුතු සිදු කර ඇත)

    ඉන්පසුව මහේල නායකත්වයට පත්වීමත් සමග සෙසු ක්‍රීඩකයන්ටද කළමණාකරුවෙක් පත් කරගන්නා ලෙස උපදෙස් ලැබුනෙ මහේල ගෙන් ය.
    ඒ සදහා චාලි ඔස්ටින් ක්‍රීඩකයන්ට නිර්දේශ කලේද සංගා මහේල ය.

    සෙසු ක්‍රීඩකයන්ගෙන්ද 10%ක කොමිස් මුදලක් ගැනීමට චාලි ඔස්ටින් ඇරඹු "ඔස්ටින් මැනේජ්මන්ට්" ආයතනයේ ව්‍යාපාරික සහකරුවන් ලෙස කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්දනටද සම අයිතියක් ලැබිනි.
    "ඔස්ටින් මෑනෙජ්මන්ට්" ආයතනයට ලැබෙනා ක්‍රීඩකයන්ගේ 10% කොමිස් මුදලිකින්ම කොටසක් සංගක්කාරට සහ මහේලටද හිමිය.

    කෙසේ නමුත් කළමණාකරුවන් ලෙස ඔහුන්ගේ කාර්යභාරය ලෙස ඔහුන් සදහන් කරන්නෙ ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩකයන්ට විදෙස් තරගාවලි සොයා දීමයි.

    IPL, BPL , CPL වැනි තරගාවලි ක්‍රීඩකයන්ට සොයා දෙන අතර එහි මුදලින් 10%ක් ඔහුන්ට කොමිස් ලැබේ.

    කළමණාකරුවෙකුගේ ප්‍රධාන කාර්‍යභාරය මෙයයි.

    මීට අමතරව ක්‍රීඩකයන්ගේ ෆේස්බූක් , ට්විටර් ගිණුම් නඩත්තු කිරීම , පිති ගිවිසුම ලබා දීමද කළමණාකරුවන් විසින් සිදු කරයි.

    මෙය තිරයට පෙනෙනා දේයි.
    නමුත් තිරය පසුපස සිදුවන්නෙ වෙනත් දේය.
    විශේෂයෙන්ම ඔස්ටින් මෑන්ජෙමන්ට් ආයතනයෙන් සිදුවන්නෙ මෙවැන්නකි.

    කණ්ඩායමට නවක ක්‍රීඩකයෙකු පැමිනිය පසු ඔහු බිලි බා ගැනීමට ඔස්ටින් මෑනෙජ්මන්ට් ආයතනයට අවශ්‍යය.

    ඒ සදහා ඔහු අතීතයේ සංගා මහේල ත් දැන් ආන්ජලො මැතිවුස් භාවිතා කරමින් සිටි.

    ඔස්ටින් ප්‍රතික්ෂේප කල විට කණ්ඩායමෙන් කැපි යෑම ස්ථිරය.
    අපව සැක නම් තව දින කිහිපයකින් ලක්ෂාන් සදකැන් ගේ ඉරණම ඔබටම බලා ගත හැක.

    ඔස්ටින්ගේ කීමට නායකයා කණ්ඩායමට එපා කියූ පසු ඔහු ඇතුලත් කිරීමට තේරිම කමිටුවටද අතිශය අපහසුය.
    තරග ප්‍රථිපලයට වග කියන්නෙ නායකයා නිසා , ක්‍රීඩා කරන 11ස් දෙනා තෝරා ගැනීමෙ 75%ක අයිතිය නායකයාටයි.

    එම නිසා කණ්ඩායමේ රැදි සිටිමට සහ නායකත්වය ලැබීමට නම් ඔස්ටින් මෑනේජ්මන්ට් ආයතනය සරණ යා යුතු යැයි නවක ක්‍රීඩකයන්ට ඒත්තු ගන්වනු ලැබේ.

    තිරය පසුපස සිදුවන්නෙ මෙයයි

    ඔස්ටින් ප්‍රතික්ෂේප කල දිල්ශාන් එලවීමට කණ්ඩායමේ තරග පරාජය කිරීමට පවා සංගා මහේල මැතිවුස් නඩය ක්‍රීයා කල අයුරු ක්‍රීකට් දන්නා අයගෙන් අසා දැන ගත හැක.

    මේ මාෆියාව එතරම් ප්‍රබලය.

    අද තරගයට ක්‍රීඩා කල කණ්ඩායමේ 11ස් දෙනාගෙන් 9 දෙනෙකුම ඔස්ටින්ගේ ක්‍රීඩකයන් ය.

    එවිට අද තරගයට එම 9 දෙනාගෙ තරග ගාස්තූ = 450,000×9 = 4,050,000

    ජයග්‍රණය කල නිසා ඔහුන් 9 දෙනාට ලැබෙන බෝනස් =
    450,000×9 = 4,050,000

    ශතක දෙකට බෝනස් = 750,000*2 = 1,500,000

    චාලි ඔස්ටින්ගේ ක්‍රීඩකයන් නව දෙනා අද තරගයෙන් උපයනා මුලු මුදල = 9,600,000 (ලක්ෂ 96යි)

    ලක්ෂ 96න් ඔස්ටින් මෑනේජ්මන්ට් ආයතනයට ලැබෙනා මුදල (10%)

    9,600,000 * 10% = 960000

    නම ලක්ෂ හැට දහසයි..
    (ධණුෂ්ක ගුණතිලක ඔස්ටින් මෑනේජ්මන්ට් ආයතනයේ නිසා ඔහුට හිමිවූ තරගයෙ වීරයා මුදලෙන් 10%ක්ද මෙයට එකතු විය යුතුය)

    එක දිනයක් තුල , කිසිවක් නොකර චාලි ඔස්ටින් , සංගක්කාර , මහේල ඉපැයු මුදල නව ලක්ෂ හැටදහසකි.
    ශ්‍රී ලංකාවේ මුදල් පිටරටය.
    තරග නැරඹු ඔබට ජය ගත් විට ලැබුනු සතුටට අමතරව ඇත්තෙ පැය කිහිපයක වැඩ පාඩු කරගැනීම් විය හැක.

    ක්‍රීඩකයන් අසාර්ථක වන විට මහේල ලා පිටරට සිට ට්වීට් කරමින් රසිකයන් සනසන්නෙ සැබැවින්ම ක්‍රීඩාවට ආදරේට නොව මේ මුදල් ධණස්කන්දයට ආදරයෙනි. දින්නත් පැරදුනත් මහේලට සංගාට චාලිට මුදල් ය.
    එම නිසා පරාජය වූවාට ඔහුන්ට ගානක් නැත.

    නමුදු වැඩ පාඩු කරගෙන නරඹන තරගය පරාජය වන අපිට හිත් වේදනාවක් පමණි.
    එම වේදනාව ටිවිටරය ඔස්සෙ ට්වීට් කර ක්‍රීඩකයන් සහ චාලි රකිනා සංගා මහේලට නැත.

    මීට අමතරම චාලි ඔස්ටින් සතු ශ්‍රී ලංකා ව්‍යාපාර , සංගා මහේලට ඒවාට ඇති අයිතිය.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    සෙසු ක්‍රීඩකයන්ගෙන්ද 10%ක කොමිස් මුදලක් ගැනීමට චාලි ඔස්ටින් ඇරඹු "ඔස්ටින් මැනේජ්මන්ට්" ආයතනයේ ව්‍යාපාරික සහකරුවන් ලෙස කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්දනටද සම අයිතියක් ලැබිනි.
    "ඔස්ටින් මෑනෙජ්මන්ට්" ආයතනයට ලැබෙනා ක්‍රීඩකයන්ගේ 10% කොමිස් මුදලිකින්ම කොටසක් සංගක්කාරට සහ මහේලටද හිමිය.


    Mahela nam meka boru kiyala kiyanne :yes: meka oppu karanna sakshi thiyenawanam hoyala dapanko...

    Company ekaka shares thiyenawa kiyana eka hoyaganna e tharam amaru nane...ethakota unta meka boru kiyannath ba...

    Apitath ethakota piliganna sakshi thienawa :)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    ක්‍රීඩකයන් අසාර්ථක වන විට මහේල ලා පිටරට සිට ට්වීට් කරමින් රසිකයන් සනසන්නෙ සැබැවින්ම ක්‍රීඩාවට ආදරේට නොව මේ මුදල් ධණස්කන්දයට ආදරයෙනි. දින්නත් පැරදුනත් මහේලට සංගාට චාලිට මුදල් ය.
    එම නිසා පරාජය වූවාට ඔහුන්ට ගානක් නැත.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    national team ekata gahana match walin 10% hamba wenne na kiyala Sanga tweet karala thibba. eke atta nattha nodiniii. normally 10% wenne private tournaments nui. ads walin nui bat sponsorships walin nui
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    national team ekata gahana match walin 10% hamba wenne na kiyala Sanga tweet karala thibba. eke atta nattha nodiniii. normally 10% wenne private tournaments nui. ads walin nui bat sponsorships walin nui

    then he has accepted the other part as true :P:P:P:P:P:P
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    oya kathawa aththa. but lankawe cricket walata shraddawen inna un owa wishwasa karanne nathi ekai prashne.
    cricket dan hariyata deshapalanaya wage thamai. sampurnayenma act ekak yanne.