ක්‍රෙඩිට් කාඞ් සමාගම් වැඩියෙන් ලාභ ගන්නේ

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ක්‍රෙඩිට් කාඞ් සමාගම් වැඩියෙන් ලාභ ගන්නේ

source: http://www.lankagossipgirl.com/2014/02/credit-cards-gossip-lanka.html

බි‍්‍රතාන්‍යයේ ක්‍රෙඩිට් කාඞ් සමාගම් විසින් වසරකට පවුම් බිලියන 1.4ක අමතර මුදලක් රැස් කරගන්නා බව කියවේ.
ඔවුන් එසේ කරන්නේ මසකට ක්‍රෙඩිට් කාඞ්පතට ගෙවිය යුතු අවම මුදල අඩුකිරීම මගින් බව පැවසේ.

ගෙවිය යුතු මුදල සහ පොළියේ එකතුවේ ප‍්‍රතිශතයක් සමාගම විසින් අවම ගෙවීම ලෙස නියම කරන අතර එහි අවම අගය පවුම් 5කි.

විශ්ලේෂකයන් පවසන්නේ මුළු ක්‍රෙඩිට් කාඞ් පත් ලාභීන්ගෙන් 1/10ක්ම මෙම අවම ගෙවීම පමණක් සිදුකරන බවයි.
2010 වසරේදී බැංකුව විසින් අවම ගෙවීම ලෙස නියම කරන ලද ප‍්‍රතිශතය 2.15%ක්වූ අතර මේ වන විට එය 1.53% දක්වා පහත දමා ඇතැයි වාර්තා වේ.

මෙම වෙනස් කිරීම මගින් පමණක් වැඩිපුර පවුම් 411ක් එක් පුද්ගලයෙකුගෙන් උපයාගන්නා බව පැවසෙන අතර අවම ගෙවීම සිදුකරන මිලියන 3.3ක් පාරිභෝගිකයන්ගෙන් වසරකදී උපයන අමතර මුදල පවුම් බිලියන 1.4කි.
බි‍්‍රතාන්‍ය වැසියන් සතු ක්‍රෙඩිට් කාඞ් ණය ප‍්‍රමාණය පවුම් බිලියන 55ක් වන අතර එය 1998දී දැරූ ප‍්‍රමාණයට වඩා තුන්ගුණයක ඉහළ යාමකි.

මසකට අවම ගෙවීම සිදුකරන විට එම ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට දිගු කාලයක් ගතවීම මගින් පොළිය ලෙස වැඩි මුදලක් අත්කරගත හැකි බව විචාරකයන් පවසයි.
 
Last edited:
  • Like
Reactions: PMUB