ක්‍රෙඩිට් කාඩ් වංචාව අසු කරගත් හැටි - Hats Off to CID

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ක්‍රෙඩිට් කාඩ් වංචාව අසු කරගත් හැටි - Hats Off to CID

2010.12.22 දින කොමර්ෂල් බැංකවේ සහකාර සාමාන්‍යාධිකාරී විසින් ටෙලර් (එ.්ටී.එම්) කාඩ්පත් වල දන්ත සොරා ගෙන රුපියල් මිලියන දහයක් පමණ වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ. 2010.12.17 දින කොමර්ෂල් බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ ගනුදෙනුකරුවන් තිදෙනෙක් විසින් තම ගිනුම් වලින් අනුමත නොකරන ලද මුදල් ගනු දෙනු ඉතාලියේදී සිදු කර ඇති බවට කරන ලද පැමිණිළි තුනක් පාදක කර ගෙන කොමර්ෂල් බැංකවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මේ අනුව සැකකටයුතු ගනු දෙනු සිදුවී ඇති කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පත් වලට අදාලව සිදුවී ඇති අවසන් ගනුදෙනුව සම්බන්ධව විමර්ශන පැවැත්වීමේදී වැල්ලවත්ත ශාඛාවේ ඒ.ටී.එම් යන්ත්‍රය මගින් සිදු කර ඇති බව අනාවරණය කරගත් අතර මෙම ගනුදෙනු සිදුවූ දිනයන්ට අදාල ආවේක්ශන කැමරා දර්ශන ලබා ගෙන පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී අවස්ථා තුනකදී විදේශීය යුවලක් පැමිණ යම්කිසි උපකරණයක් ටෙලර් යන්ත්‍රයට සවිකරන ආකාරයකුත්, ඊට පැයකට පමණ පසුව ආසියානු පෙනුමක් ඇති තැනැත්තෙකු පැමිණ අදාල උපකරණය ගලවා ඉවත් කර ගෙන යන ආකාරයත් නිරීක්ෂණය විය. එම තැනැත්තන්ගේ ජායාරූප සහ විඩියෝ දර්ශන ලබා ගෙන වැඩිදුර ටත් පරීක්ෂණ පැවැත්වීමේදී තාක‍ෂණික උපකරණය සවිකර තිබූ කාලයේදී ගනුදෙනු කරන ලද කාඩ්පත් වල මුදල් ඉතාලියේදී ලබා ගෙන ඇති බව අනාවරණය කර ගෙන ඇත. මේ අනුව කාඩ් පත් 110 කට ආසන්න ප්‍රමාණයක දත්ත සොරා ගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකටයුතු විදේශීය ජාතිකයින්ගේ සහ ආසියානු කලාපීය පෙනුමක් ඇති තැනැත්තාගේ ජායාරූප වැල්ලවත්ත, බම්බලපිටිය, ගල්කිස්ස, දෙහිවල ආදී ප්‍රදේශවල සංචාරක හෝටල් නිවාඩු නිකේතන වෙත ඉදිරිපත් කර තොරතරු පරීක්ෂා කර ඇති අතර සාර්ථක තොරතුරක් ලබා ගැනීමට නොහැකිවූයෙන් ඉතාලියේදී සිදුවූ කොමර්ෂල් බැංකුවට අදාල කාඩ්පත් වල මුදල් ලබා ගැනීම අත්හිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව කොමර්ෂල් බැංකුවට දන්වා ඇත. තවදුරටත් පරීක‍ෂණ පැවැත්වීමේදී අත්හිටුවීමෙන් පසුව ඉහත ප්‍රශ්න සහගත කාඩ්පත් වලට අදාලව පානදුර සිට ගාල්ල දක්වා දකුණු පලාත් බැංකු ආශ්‍රිතව වංචාකාරි ලෙස ගනු දෙනු සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට නිරීක්ෂනය වී ඇත. ඒ අනුව පානදුර, කලූතර, අලූත්ගම, බේරුවල සහ හික්කඩුව යන නගර වල බැංකු ආසන්නයේ නිළධාරීන් රාජකාරියේ යොදවනු ලැබීය.
2010.12.15 දින වැල්ලවත්ත කොමර්ෂල් බැංකු ශාඛාවේ විඩියෝ දර්ශන අනුව සැකකටයුතු උපකරණය ගලවා ඉවත් කිරීමට පැමිිණෙන පුද්ගලයා එම ස්ථානයේදී කාඩ්පතක් පාවිච්චි කිරීමද දර්ශනය වී තිබූ අතර තවදුරටත් විමර්ශන පැවැත්වීමේදී එම පුද්ගලයා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් කාඩ්පත් හතරක් භාවිතා කර ඇති බව අනාවරණය කර ගෙන ඇත. එම කාඩ්පත් හතර සම්බන්ධව සිදු කරන ලද විමර්ශන වලදී ඒවා පුංචි කුරුඳුවත්ත, කන්දෙගොඩ, ගාල්ල ලිපිනයේ පදිංචිකරුවකුට අයත් බව අනාවරණය වී ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී උක්ත කාඩිපත් හිමිකාරිය, ඇයගේ පුරුෂයා සහ පිරිමි දරුවන් තිදෙනා සමග ඉතාලියේ ජීවත් වන බව සහ දැනට මාස අටක පමණ කාලයක සිට මෙම ලිපිනයේ නිවස වසා දමා ඇති බවද පරීක‍ෂණ පැවැත්වූ නිලධාරීන් අනාවරණය කර ගනු ලැබීය. ප්‍රදේශ වාසීන්ගෙන් දීර්ඝ ලෙස තොරතුරු සොයා බැලීමේදී දැනට මාසයක පමණ කාළයක සිට රාත්‍රී කාළයේ විටින් විට වාහනයකින් පුද්ගලයකු පැමිණෙන බව සහ උදෑසනින් පිටත්ව යන බව අනාවරනය කර ගෙන ඇත. වැල්ලවත්ත කොමර්ෂල් බැංකුවෙන් ලබා ගත් ජායාරූප දර්ශන වලට අනුව ආසියානු පෙනුමක් ඇති තැනැත්තාගේ ජායාරූපය ඉහත සඳහන් කල කාඩ්පත් අයිතිකාරියගේ ඉතාලියේ ජීවත් වන පිරිමි දරුවකුගේ රුවට සමාන බවටද ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇත.

මේ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී ඉහත සඳහන් කළ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාඩ්පත් හිමිකාරියගේ සැකකාර පිරිමි දරුවා 2010.11.08 දින ලංකාවට පැමිණ ඇති බව සොයාගෙන තිබේ. මෙම සැකකරු විසින් පාවිච්චි කරන ජංගම දුරකථන සම්බන්ධතාවය අනාවරණය කර ගෙන 2010.12.30 දින එහි දුරකථන කුලූණු තොරතුරු පරීක්ෂා කිරීමේදී සැකකරු කොළඹ ප්‍රදේශයේ සිට ගාල්ල ප්‍රදේශය බලා ගමන් කරන බව අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම විසින් අනාවරනය කර ගෙන ඇත. ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම පුංචි කුරුඳුවත්ත, කන්දෙගොඩ, ගාල්ල ලිපිනයේ පිහිටි සැකකරුගේ නිවස අසල ආවේක්ෂන රාජකාරියේ යෙදී සිටියදී සැකකරු සහ ඔහුුගේ ඥාති සහෝදරයකු පැමිණ ඇති අතර ඔවුන් පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදල් ලබා ගැනීමේ කාඩ්පත් 10 සොයා ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුව නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද බැංකු කාඩ් පත් 58 ක් ද, මිලිමීටර් 8 පිස්තෝලයක්ද, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක්, දන්ත සොරා ගැනීම සඳහා ඒ.ටී.එම් යන්ත්‍රවලට භාවිතා කරන උපකරණ කට්ටලයක්, යූරෝ 25000 ක වටිනාකම සඳහන් විදේශ මුදල් සහ අපරාධය සඳහා භාවිතා කරඇති ඇඳුම් පැලඳුම් ද සොයා ගෙන ඇත.

වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී මෙම අපරාධය සඳහා සම්බන්ධ වී ඇති රුමේනියන් ජාතික කාන්තාවක් සහ ඇයගේ රුමේනියන් ජාතික පෙම්වතා අදාල දත්ත සොරා ගැනීමෙන් පසුව 2010.12.20 දින එම්රේට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි හරහා ඉතාලියේ රෝමය බලා පිටව ගොස් ඇති බවට අනාවරණය කර ගෙන ඇත. එම විදේශීය ජාතික සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන අතර මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


lankadeepa.jpg
 
Last edited:
  • Like
Reactions: great ace

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    2010.12.22 දින කොමර්ෂල් බැංකවේ සහකාර සාමාන්‍යාධිකාරී විසින් ටෙලර් (එ.්ටී.එම්) කාඩ්පත් වල දන්ත සොරා ගෙන රුපියල් මිලියන දහයක් පමණ වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

    මේ ටික කියවගෙන යනකොට මට තේරුනේ වෙන සීන් එකක්. පස්සෙනේ මීටර් උනේ :lol::lol::lol:
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මේ ටික කියවගෙන යනකොට මට තේරුනේ වෙන සීන් එකක්. පස්සෙනේ මීටර් උනේ :lol::lol::lol:

    ඒක නම් ඇත්ත තමයි. :lol::lol:

    Thanks Sandun, ruwanfer, greateace & mr. tikko