කාඩ් කුට්ටමේ ජාතක කතාව

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කාඩ් කුට්ටමේ ජාතක කතාව

    මෙය ධර්මය හාස්‍යට ලක්කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න

    මේක බොහෝම ඉස්සර සිද්ද වෙච්චි වැඩක් ආයුබෝවන්ඩ.. ඈත පිටිසර ගමක පන්සලක් තිබුණා .. මේ පන්සලේ හාමුදුරුවෝ බොහෝම සිල්වත්. මේ පන්සලේ ආවතේව කරන්න හිටපු මනුස්සය අබරං. අබරං පන්සලේ උන්නට මොකෝ ලොකු හාමුදුරුවො එහෙ මෙහෙ වෙනකං ඉඳල කාඩ් කුට්ටමත් අරගෙන සූදු කෙලියට පුරුදු වෙලා හිටියා. දවසක් උදේ මේ අබරං මිදුල අතුගගා ඉන්දැද්දි පන්සලේ හිටපු පුංචි හාමුදුරුවොත් ඉදල අරගෙන අනෙක් පැත්තෙ මිදුල අතුගාන්න පටන් ගත්තා. හදිසියේම මේ අබරංගේ ඉනේ ගහගෙන ඉඳපු කාඩ් කුට්ටම බිමට වැ‍ටුණා.

    හාමුදුරුවෝ : ඈ අබරං ඒමොකද්ද ඒ....

    අබරං : ආ... ඒ... ඒක.. මේ .. මේ ... පොඩි හමුදුරුවනේ ... මේ ..
    පුංචි බණපොත නොවැ.

    හාමුදුරුවො : මම මීට කලින් දැකල නෑනෙ ... පෙන්නන්න බලන්න ඔය පොත

    අබරං : නෑ නෑ පොදි හාමුදුරුවනේ මේ.. මේ.. ( පොඩි හාමුදුරුවෝ කාඩ් කුට්ටම බලයි)

    හාමුදුරුවෝ: හා කියමු බලන්න මේකෙ තියෙන බණ...

    ඔන්න අබරං වැලිමළුවේ පැත්තකට ගිහිං බණ කියන්න පටන් ගත්තලු.. මේ දෙබස ඇහුණ ලොකු හාමුදුරුවොත් අබරංට නොපෙන්නෙන්න බලන් හිටියලු මේ අලුත් බණ පොතේ කතාව දිහා....

    අබරං : ඔන්න පොඩි හාමුදුරුවනේ

    A A A A
    රටවල් හතරක් තිබුණලු.

    K K K K
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනෙක් හිටියාලු.

    Q Q Q Q
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනාට බිසෝවරු හතර දෙනෙකුත් හිටියලු.

    J J J J
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනාටයි බිසෝවරු හතර දෙනාටයි පුරෝහිතල හතර දෙනෙකුත් හිටියලු.

    10
    මේ රටවල් හතරේ රජවරු හතර දෙනයි බිසෝවරු හතර දෙනයි පුරෝහිතල හතර දෙනයි
    බොහෝම හොදට දසරාජධර්මයෙන් රට පාලනය කළාලු.

    9
    දවසක් මේ පිරිස එකම තැනකට ‍රැස්වෙලා නවාරහාදී ගුණ සිහිපත් කරගෙන

    8
    අට සිල් සමාදන් වුණාලු. මේ විදියට අටසිල් සමාදන් වෙලා

    7
    සත් සතියක් මේ සීලය ආරක්ෂා කරගෙන හිටියලු.

    6
    මෙහෙම ඉඳල සදෙව් ලෝකයේ(දිව්‍යලෝක හයේ) දෙවිවරු ඇවිත් මේ පීරිසට නමස්කාර කරල ආශිර්වාද කරාලු.

    5
    මෙහෙම ආශිර්වාද කරද්දි මේ දෙවිවරුන්ට පිං අනුමෝදන් කරල
    අර පිරිස පන්සිල් සමාදන් වුණාලු.

    4
    ඊටපස්සෙ මේ අතර හිටපු විරූඪ , විරූපාක්ෂ, වෛශවණ, ද්‍රථරාෂ්ඨ කියන හතර මහා දෙවිවරු මහාහඬින්

    3
    තුන් සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්තලු. මේ පුවත ආරංචි වෙලා එතනට වැඩම කරපු

    2
    දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මහා හඬින් සාධුකාර දුන්නලු.

    මේක අහගෙන හිටපු පොඩි හාමුදුරුවොත් සාධුකාර දුන්නලු..
    මෙච්චර වෙලා මේ අලුත් බණපොතේ බණ අහගෙන ඉඳපු ලොකු හාමුදුරුවෝ..

    " අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ"
    කියල ආපහු ආවාසෙට යන්න ගියාලු.


    බුකියේ තිබුනේ, එළකිරියන්ලටත් බලන්න දැම්මා, හොඳනම් සලකන්ඩෝ :)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    " අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    0000ydw2