හායි මචන්ලා, ආයෙත් මගේ විදග්ධ රසිකයන්ට වැදගත් දෙයක් අරගෙන ආවා.
අද කියන්න යන්නෙ කාඩ් පැක් එකක තියෙන අමුතු දේවල් ගැන. අපි හැමෝම ගහන කාඩ් අස්සෙ සැඟවුණු පුදුම සහගත දේවල් සෑහෙන තියෙනවා කියල දන්නවද. පුංචි උදාහරණ ටිකක් කියන්නම්.
කාඩ් පැක් එකේ කාඩ් තියෙනවා 52 ක්. පාට තියෙනවා දෙකක්. වංශ තියෙනවා 4 ක්. එක වංශයකින් කාඩ් තියෙනවා 13 ක්. ඒ වගේම පින්තූර කාඩ් තියෙනවා 12 ක්. එහෙම නේද?
දැන් නිකමට මේ ටික හිතාගෙන යන්න. අවුරුද්දට සති කීයද? දවසට ප්‍රධාන කාල පරිච්ඡේද (අඳුර, ආලෝකය) කීයද? අවුරුද්දට ඍතු කීයද? අවුරුද්දකට චන්ද්‍ර මාස (පෝයවල්) කීයද? අවුරුද්දට මාස කීයද? අර උඩ ටිකත් එක්ක ගාණට සමපාත වෙනවා නේද?
තව එකක්. දන්නවද අපි කාඩ් පැක් එකක් අරගෙන, ටිකක් වෙලා අනලා ගත්තාම ඒකෙ තියෙන කාඩ් අනුපිළිවෙළ මුළු මිනිස් ඉතිහාසය පුරාවටම කවදාවත්ම ඇති වෙලා නැහැ කියල? කිව්වාම හිනාත් යයි. හැබැයි 52 කියන ඉලක්කමේ ක්‍රමාරෝපිතය අරගෙන බලන්න නිකමට. අන්න ඒක තමයි කාඩ් පැක් එක තිබිය හැකි අනුපිළිවෙල ගණන. ඉස්කෝලෙ කාලෙ ගණන් මතක නම් හිතා ගන්න පුළුවන් ඇති. ඉලක්කම් 68 ක සංඛ්‍යාවක්. මුළු ක්ෂීරපථයෙම තියෙන පරමාණු ගාණ තරම් විශාල ඉලක්කමක්!
වැලි කැටයක පරමාණු බිලියන බිලියනයකට වඩා තියෙන බව මතක තියාගෙන, පෘථිවියෙ තියෙන මුළු වැලි කැට ගාණ බලලා, පෘථිවියේ වැලි තියෙන්නෙ කබොලෙ කිලෝමීටරකටත් අඩු කොටසක කියලා මතක තියාගෙන, පෘථිවිය කිලෝමීටර් 12756 ක් පළල බව මතක් කරගෙන, සූර්යයා පෘථිවිය වගේ මිලියන ගුණයකටත් වඩා විශාල බව ඔළුවට අරගෙන, ක්ෂීරපථය තුළ සූර්යයා වගේ තාරකා බිලියන 400 ක් තියෙනවා කියල මතක තියා ගත්තාම ක්ෂීරපථයෙ තියෙන පරමාණු ගාණ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්.
ඉතින් ඒ ගාණෙන් එකක සම්භාවිතාවක සරල ගුණිතයක් තමයි අපි අනපු කාඩ් පැක් එකේ අනුපිළිවෙළ කලින් ඇති වෙලා තියෙන්න තියෙන්නෙ. ඊට වඩා අඩු සම්භාවිතාවක් තියෙනවා නම් ඒ ලංකාවට ඇත්තටම වැඩක් ඇති පොරක් ඡන්දෙන් පත් වෙන්න තියෙන සම්භාවිතාව විතරයි.

ඔය වගේ තව වැදගත් දේවල් 12 ක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. බලලා ඉගෙන ගන්න. සතුටින් කියන්න ඕන මේක දැන් Trending #14 ටත් ඇවිත්. ලංකාවෙ මිනිස්සු වැදගත් දේවල්වලට කැමති කරන වැඩේ ටික ටික සාර්ථක වෙන පාටයි. ඒ ගැන ඇත්තටම සතුටුයි.
මේ වගේ වැදගත් තොරතුරු දැනගෙන තමන්ගෙ දැනුම දියුණු කරගන්න කැමති අයට subscribe කරලා, මිලියනයක් ඉක්මවපු බුද්ධිමත් ජනතාව අතරට එකතු වෙන්න පුළුවන්.