කාන්තාරේ වැස්ස....
කාන්තාරේ වැස්ස....
එන ගිනි හුලඟ කතරේ වැලි ගසා ගෙන
වලකනු පිණිස සිටුවමි ගස් තැනින් තැන
හරිත වර්ණයෙන් වැසි අප මව් බිමෙහි පන
ගහ කොල නොවේදැයි මොහොතක් සිතනු මැන.
ඉඳ හිට වැටෙන හිරි පොදයක් හැරුනාම
වැස්සක් නොමැත තුන් සිය හැට පස් දිනම
දෙපැයක් වැස්සොතින් ගසමින් හෙන හතම
නගරය අඩපනයි නවතියි එක තැනම
මං පෙත් වැසේ වැසි දිය උතුරා ගලලා
දිය බැස යන මගක් කිසි දින නැත හදලා
භූගත උමං මොහොතින් යයි කට කපලා
සමහරු දිවි පුදයි වාහන තුල ඉඳලා.

නිහඬ මාවත,සනත් ඒකනායක
කාන්තාරේ වැස්ස....
එන ගිනි හුලඟ කතරේ වැලි ගසා ගෙන
වලකනු පිණිස සිටුවමි ගස් තැනින් තැන
හරිත වර්ණයෙන් වැසි අප මව් බිමෙහි පන
ගහ කොල නොවේදැයි මොහොතක් සිතනු මැන.
ඉඳ හිට වැටෙන හිරි පොදයක් හැරුනාම
වැස්සක් නොමැත තුන් සිය හැට පස් දිනම
දෙපැයක් වැස්සොතින් ගසමින් හෙන හතම
නගරය අඩපනයි නවතියි එක තැනම
මං පෙත් වැසේ වැසි දිය උතුරා ගලලා
දිය බැස යන මගක් කිසි දින නැත හදලා
භූගත උමං මොහොතින් යයි කට කපලා
සමහරු දිවි පුදයි වාහන තුල ඉඳලා.


නිහඬ මාවත,සනත් ඒකනායක




