කාන්තාවක් කපා කොටා පුළුස්සා ඝාතනය කරයි..පුත්‍රයා,දියණිය ,ලේලිය අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

    මරණකාරිය වයස අවුරුදු 55 ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මරණකාරියට තියුණු ආයුධවලින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක් වන මරණකාරියගේ පුත්‍රයා, වයස අවුරුදු 30 ක් වන දියණිය සහ වයස අවරුදු 34 ක් වන මරණකාරියගේ ලේලිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.
     
    • Sad
    Reactions: Ulti and DP SARA