කාන්තාවන්ට බෝ නොවන රෝග වැඩිවේ!

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
කාන්තාවන්ට බෝ නොවන රෝග වැඩිවේ!

:no:

පිරිමින්ට වඩා කාන්තාවන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

බෝ නොවන රෝගවලට පුද්ගලයන් ගොදුරු වීමේ දී අවදානම් සහගත සාධක පහක් පවතී.

එම සාධකවලට අනුව, දුම් ඉරීම, මත්වතුර භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතය, ශාරීරික ව්‍යායාම්වල නොයෙදී ම, සිරුරේ අධිබර හා තරබාරු බව යනා දී කාරණා බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ දී බලපාන අවදානම් සහගත සාධක වේ.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතය, ශාරීරික ව්‍යායාම්වල නොයෙදීම, සිරුරේ අධිබර හා තරබාරු බව යනාදී කාරණා තුන අතරින් ඉහළම ස්ථානයක් කාන්තාවන්ට හිමිවේ.

මෙරට ජනගහනය පිරිමින්ගෙන් සියයට 22‍.8 ක් ද, කාන්තාවන්ගෙන් සියයට 0.3 ක් ද දුම් ඉරීමට පෙළැඹී ඇත.

පිරිමි ජනගහනයෙන් සියයට 26 ක් මත්පැන් භාවිත කරන අතර කාන්තාවන්ගෙන් සියයට 1.2 ක් මත් පැන් භාවිත කරයි.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතය ගත් විට පිරිමින්ගෙන් සියයට 81 ක් ඒ සඳහා යොමුව ඇති අතර, කාන්තාවන්ගෙන් සියයට 93 ක් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ‍භාවිතයට යොමුව තිබේ.

ශාරීරික ව්‍යායාම්වල නිරත නොවීම සම්බන්ධයෙන් ගත් විට පිරිමින්ගෙන් සියයට 18 ක් ද, කාන්තාවන්ගෙන් සියයට 31.9 ක් ද ශාරීරික ව්‍යායාම්වල නොයෙදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.

මීට අමතරව සි‍රුරේ අධිබර යන කාරණයේ දී මෙරට පිරිමින්ගෙන් සියයට 20 ක් ද, කාන්තාවන්ගෙන් සියයට 30.4 ක් ද සිරුරේ තරබාරුකම නිසා පීඩා විඳිති.

දරුවන්ට කෑම කවා ඉතිරි වන කෑම මව විසින් සීමාවක් නොමැතිව ආහාරයට ගැනීම, නිවසේ සියල්ලන් ම ආහාර ගෙන අවසන් වූ පසු ඉතිරි වන ආහාර සියල්ල ගෘහණිය විසින් ආහාරයට ගැනීම, කාන්තාව දෛනිකව රාජකාරිවල යෙදීමේ දී ව්‍යායාම කිරීම සඳහා කාලය ඉතිරි නොවීම යනාදී කාරණා ද කාන්තාවන්ගේ තරබාරු බව වැඩිවීමට හේතු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
Last edited: