කාන්තාවන්ට වැඩිපුර migraines හැදෙන්න හේතුව..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කාන්තාවන්ට වැඩිපුර migraines හැදෙන්න හේතුව..

    ඔබ කවදාහරි migraines එහෙමත් නැත්නම් ඉරුවාරදයෙන් පීඩාවිඳලා තියනවනම්, ඔබ දන්නවා ඇති ඒක කොච්චර පීඩාකාරීද කියලා. දරුණු හිසේ කැක්කුම වගේම විදුලි ආලෝකයට, අධීක ශබ්දයට ඔරොත්තු නොදීම එක්ක හිස ඇතුලේ ඇතිවෙන විදුලි කෙටීම වගේ වේදනාව ඔබේ ස්නායුවලට ගෙනඑන්නේ දරුණු පීඩාවක්.

    නමුත් ඔබ දන්නවද මේ migraines තත්වයෙන් වැඩිපුරම පීඩා විඳින්නේ කාන්තාවන් බව. ඒ කියන්නේ ලෝකයේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි දෙනෙක් migraines රෝගී තත්වයෙන් පීඩා විඳිනවා කියලා හොයාගත්තේ මෑතකදි. නමුත් ඒකට හේතුව කුමක්ද කියලා හරියට හොයාගන්න බැරිවී තිබුණා. නමුත් පසුගියදා ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ එමිලි ගැලෝවේ විසින් කරන ලද පර්යේෂණයකින් මෙයට හේතුව මොකක්ද කියලා හොයාගන්නට පුළුවන් වුණා.

    මේ පරීක්ෂණයේදී එමිලි සොයාගෙන තිබෙනවා වැඩි ඊස්ටජන් හෝමෝන ප්‍රමාණය සහ මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට දායක වන සෝඩියම් අයන ප්‍රමාණය අතර ප්‍රබල සම්බන්ධයක් තිබෙනවා කියලා. සාමාන්‍යයෙන් මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට දායක වන මෙම සෝඩියම් අයන ප්‍රමාණය අඩුවීම නිසා migraines වලට හේතුවන මොළයේ ස්නායුගත වේදනාවේ වර්ධනයක් තිබෙනවා කියලා සොයාගෙන තිබෙනවා.

    ඒ අනුව කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය වර්ධනය සහ migraines ඇතිවීම අතර ධන සම්බන්ධයක් තිබෙනවා කියලා ඇයගේ පරික්ෂණයට අනුව සනාථවී තිබෙනවා. නමුත් මේ තත්වය පාලනය කරන්නට අවශ්‍ය ක්‍රමවේදයක් මේ පරික්ෂණයෙන් හොයාගෙන නෑ.

    මේ හා සමගාමීවම ඉන් පෙර තවත් විශේෂඥයින් ගණනාවක් කාන්තාවගේ ආර්තව චක්‍රයේ අක්‍රමවත්වීම සහ migraines අතර සම්බන්ධයක් ඇතිබවට සොයාගෙන තිබූ කරුණු මේ පරීක්ෂණයෙන් නැවත වරක් සනාථ වෙනවා. ඒ පරීක්ෂණයට අනුව කාන්තාවනගේ ආර්තව සමයේ ඇතිවෙන හිසේ අධික වේදනාව හඳුන්වා තිබුනේ Menstrual migraines යනුවෙන්.

    ලෝකය පුරා වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායම් ගණනාවක් මේ වනවිටත් migraines සම්පූර්ණයෙන් සුවකිරීම සඳහා පර්යේෂණ සිදුකරමින් පවතිනවා. වැඩිපුරම මේ රෝගයෙන් පිඩා විඳින කාන්තාවන්ට එම පරීක්ෂණවල අනාගත ප්‍රතිඵල විශාල සැනසිල්ලක් වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්.

    උපුටා ගැනීම - www.her.lk
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ

    thanks !