Depression හෙවත් විශාදය හැදෙන්නේ ඇයි?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    698
    2,033
    93
    33
    IMG_20230512_094634.jpg

    Depression කියන වචනේ එළකිරි එකේ නිතර පාවිච්චි වෙනවනේ. වෛද්‍ය විද්‍යාවේ ලෙඩක් හැඳින්වීම සඳහා පාවිච්චි කලාට සාමාන්‍ය බස් වහරේදී දුකින් සිටින, හිස් බව, බලාපොරොත්තු කඩවීම සඳහා මේ වචනේ භාවිතා කරනවා. මේ හැඟීම් විශාදය සඳහා පොදු වුවත්, මේවා තිබ්බ පලියට තමන්ට විශාදය තියෙනවා කියලා හිතන්න එපා. විශාදය තනි මානසික රෝගයක් (Major depressive disorder) විදියට හෝ වෙනත් මානසික රෝගයක් හෝ කායික රෝගයක් සමඟ ඇති වෙන්න පුළුවන්. (Bipolar disorder, Schizophrenia, Substance induced, Stroke related etc) මම මෙතන කතා කරන්න අදහස් කරන්නේ Major depressive disorder ගැන.

    විශාදය හට ගන්නා හේතු ගොඩක් තියෙනවා. බොහෝවිට එක රෝගියෙක්ට හේතු කීපයක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රධාන කාණ්ඩ කීපයක් යටතේ කතා කරමු.

    අභ්‍යන්තර සාධක
    • ජානමය (Genetics)
    • නියුරෝසික (Neuroticism) (නිතර කලබල වෙන සුළු, සෘණාත්මක සිතුවිලි නිතර ඇති වෙන) පුද්ගලයන්
    • අඩු ආත්මාභිමානයක් සහිත පුද්ගලයින් (low self esteem)
    • අතීතයේදී විශාදය වැළඳී තිබීනම්

    චර්යාමය සාධක
    •මත්ද්‍රව්‍ය භාවිතය

    සමාජයීය සාධක
    •කුඩා කාලයේ හෝ වැඩිහිටි අවදියේදී සිදුවන සිද්ධියක් නිසා ඇතිවන කම්පනය
    •දෙමාපියන් කුඩා කාලයේදී අවධානය නොදී සිටීම
    •දෙමාපියන් නැතිවීම
    •අඩු අධ්‍යාපනික මට්ටම
    •විවාහ ගැටළු
    •සමාජයෙන් උදව් ලැබීම අඩු තනි වූ පුද්ගලයින්

    කායික රෝග
    •ස්නායු රෝග - ආඝාතය, පාකින්සන් රෝගය, හදිසි අනතුරු වලින් මොළයට හානි වීම, අපස්මාරය
    •ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග - HIV, සිපිලිස්
    •හෘද රෝග
    •අන්තරාසර්ග රෝග - තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු
    •පිළිකා - මොළයේ පිළිකා, අනෙක් පිළිකා මගින් ඇතිවන අතුරු පල (paraneoplastic syndromes)
    •පෝෂණ ඌණතා - විටමින් D ඌණතාව
    •ඖෂධ වල අතුරුඵල ලෙස - Glucocorticoids, Interferon


    විශාදය හැදෙන්නේ කොහොමද?


    අපි කලින් කතා කලේ විශාදය හැදෙන්න හේතුකාරක ගැන. දැන් කතා කරන්න හදන්නේ විශාදය හැදෙන්න අදාලව මොළයේ වෙන යාන්ත්‍රණ ගැන. මේ කතා කරන යාන්ත්‍රණ, කල්පිත කිහිපයක එකතුවක්. මොකද ඔය කලින් කියපු හේතුකාරක ගොඩක් තියෙන නිසා එකම යාන්ත්‍රණයක් මගින් විශාදය හැදෙනවා කියන්න බෑ. මේ කල්පිත වැරදියි කියලා ඉවත් කරන්නත් බෑ. මොකද මේ යාන්ත්‍රණ කිහිපය අනුගමනය කරලා තමයි විශාදයට බෙහෙත් හදලා තියෙන්නේ. බෙහෙත් වලින් පැහැදිලි බලපෑමක් රෝගීන්ට තියෙන නිසා මේ යාන්ත්‍රණ මොළයේ වැඩ කරනවා කියලා හිතන්න පුළුවන්.

    මොළය කියන්නේ එක එක කොටස් ගණනාවක එකතුවක්. ඒ ඒ ඉන්ද්‍රියන් කොටස් වෙන් වෙලා තියෙන්නේ විවිධ කාර්යයන් වලට. සංවේදනය සඳහා වෙනම කොටස්, අවයව ගැලවීම සඳහා වෙනම කොටස්, හැඟීම්, මතකයන් සඳහා වෙනම කොටස්, වෙනත් ඉන්ද්‍රියන් පාලනය සඳහා මොළයේ වෙන් වෙලා තියෙනවා.

    1. හයිපොතැලමස් - පිටියුටරි - අධිවෘක්ක ග්‍රන්ථී අක්ෂයේ ගැටළු

    උසස්පෙළ ජිව විද්‍යාව කරපු අය දන්නවා ඇති පිටියුටරි හෝමෝන මඟින් අධිවෘක්ක ග්‍රන්ථී වල ස්‍රාවයන් පාලනය කරන බව. පිටියුටරි ග්‍රන්ථියේ ස්‍රාවයන් පාලනය වන්නේ හයිපොතැලමස හරහා. මේ අක්ෂයේ ඇති කිනම් ග්‍රන්ථයක් හෝ ගැටළුවක් නිසා අධිවෘක්ක ග්‍රන්ථී වලින් කොටිසොල් (Cortisol) ස්‍රාවය අධිකව වැඩිවීම නිසා විශාදය හැදෙන්න පුළුවන්. උදාහරණයක් විදියට Cortisol hormone අධිකව වැඩිවෙන Cushing syndrome කියන රෝගයේ දී විශාදය ඇති වෙන්න පුළුවන්. (අපි දන්න Prednisone, Dexamethasone ලොකු dose වලින් ගොඩක් කාලයක් ගන්න අයටත් Cushing syndrome එනවා) අපිට හදිසි stressful අවස්ථා වලදී cortisol ස්‍රාවය වෙනවා. එලෙස වැඩිවීම සාමාන්‍යයි. නමුත් නිතර stress වෙන, තරහා ගන්න පුද්ගලයන් අතර cortisol ස්‍රාවය සාමාන්‍ය අයට වඩා වැඩියි. ඉතින් කලින් කිව්වා වගේ ඒ අයට විශාදය ඇතිවීමේ හැකියාව වැඩියි. ඒ අයගේ මොළයේ හිපොකැම්පසය කාලයත් සමඟ කුඩා වෙලා තිබ්බ බව විද්‍යාඥයින් නිරික්ෂණය කරලා තිබුණා. මේක වෙන්නේ BNDF - brain derived neurotrophic factor කියන ස්නායු වල වර්ධනයත හිතකර රසායනය නිපදවීම කොටිසොල් මඟින් අඩු කිරීමෙන්. ඒ නිසා ස්නායු වර්ධනය අඩු වෙලා ස්නායු මියයන වේගය වැඩි වෙනවා. හිපොකැම්පසය කුඩා වෙන්නේ මේ නිසයි. Anti depressents දේ කියන්නේ විශාදයට දෙන බෙහෙත් වලින් BNDF මට්ටම යළි වැඩි කරලා යම් මට්ටමකට ස්නායු යළි සැකසීමක් කරන බව වැඩිදුර පරීක්ෂණ වලදී දකින්න ලැබුණා.

    IMG_20230512_093730.jpg


    2. මොනෝඇමින් කල්පිතය. Monoamine hypothesis


    විශාදය ඇතිවීම සම්බන්ධයෙන් ඇති වැදගත්ම කල්පිතය මේක. දැනට තිබෙන Anti depressents ගණනාවක් සොයාගැනීමට ඉවහල් වුණේ මේ කල්පිතය. මේ වෙනකොට මේ උපකල්පනය යම් තරමකට වෙනස් වීමට අදාලව සොයාගැනීම් තිබුණා වුණත් අපි මුලික සංකල්පය කතා කරමු.

    මොළය හැදිලා තියෙන්නේ ස්නායු වලින්. මේ ස්නායුවක් කියන්නේ තනි සෛලයක්. මොළයේ ඇති පරිපථ වල වයරින් වෙන්නේ ස්නායු හරහා. සෛල සෛල එකට බැඳිලා නැති නිසා ස්නායු දෙකක් අතර කරන්ට් එක එහෙම නැත්නම් ආවේග ගමන් කරන්නේ පණිවිඩකාරක chemicals හරහා. මේවාට neurotransmitters කියනවා. Neurotransmitters ගණනාවක් අපේ ඇගේ තිබ්බට Depression සඳහා අදාළ වෙන ඒව 4ක් තියෙන්නේ.

    •Serotonin
    •Dopamin
    •Noradrenalin

    මේ chemicals වල ඌණතා නිසා ස්නායු පණිවිඩ හුවමාරුව බාධාවීම හරහා විශාදය ඇතිවෙන බවට උපකල්පනය කරනවා.

    මේ පණිවිඩකාරක Neurotransmitters හදන්නේ මුල් ස්නායුව ( Presynaptic) විසින් ඒ chemical එක ස්නායුව අගින් release වෙනවා synaptic cleft ඒ කියන්නේ මුල් ස්නායුවයි දෙවෙනි ස්නායුව අතර ඉඩට. දෙවෙනි ස්නායුවේ ප්‍රතිග්‍රාහක වලට ඒ chemical එක බද්ධ වුණාම දේ හරහා දෙවෙනි ස්නායුවේ කරන්ට් එක එහෙම නැතිනම් ආවේගයක් පටන් අරන් දිගට ගමන් කරනවා. ස්නායු දෙක අතර ඉඩට release වෙච්ච chemical ටික ප්‍රතිචක්‍රිකරණය සඳහා මුල් ස්නායුවෙන් යළි උරාගන්නවා. එකට අපි reuptake කියලා කියනවා. Reuptake කලාට පස්සේ, synaptic cleft එකේ ඇති chemical ප්‍රමාණය අඩු වෙනවා. Depression තියෙන කෙනෙක් මේ chemical හදන්නේ අඩු ප්‍රමාණයක්නේ. ඒ ටිකත් reuptake කලොත් දෙවෙනි ස්නායුවේ ප්‍රතිග්‍රාහක වලට සම්බන්ධ වෙන්න chemical මදි වෙනවා. දැනට ජනප්‍රිය antidepressants බහුතරයක් මඟින් කරන්නේ මේ chemical ප්‍රමාණය synaptic cleft එකේ වැඩි කරන එක. ඒ කියන්නේ reuptake කරන එක නවත්තන එක.

    F1.large(1).jpg


    SSRI-1-PNG.png


    depression-neurotransmitters.png

    මේ අනුව drug class කීපයක් තියෙනවා.

    •Selective serotonin reuptake inhibitors (SSRI)

    •Selective serotonin noradrenaline reuptake inhibitors (SNRI)

    •Noradrenalin reuptake inhibitors (NRI)

    •Noradrenalin-Dopamin reuptake inhibitors (NDRI)

    මේක කීව තරම් සරල නෑ. ස්නායු අතර මේ පණිවිඩකාරක එකකට වඩා තියෙන නිසාත්, ස්නායු පරිපථයක මේ එක chemical එකක් විතරක් වෙනස් කළා කියලා ලොකු වෙනසක් දකින්න බෑ. මෙතන chemical release වෙන ආකාර තියෙන නිසා. ඒ කියන්නේ serotonin මුලික වෙන පරිපථ, Dopamin මුලික වෙන පරිපථ, Noradrenaline මුලික වෙන පරිපථ ආදී විවිධ ආකාරයේ ස්නායු සැකසීම් තියෙන නිසා එක බෙහෙතක් මේ හැම රෝගියෙක්ටම ගැලපෙනවා කියලා කියන්න අමාරුයි. ඒකත් එක හේතුවක් විශාදය සහිත රෝගීන්ට කාලෙන් කාලෙට බෙහෙත් වෙනස් කරන්නේ. වඩා effective බෙහෙත හොයා ගන්න. මොකද ලෝකේ කොහේවත් තාම depression එකට හේතුවෙන ස්නායු පරිපථය හොයාගන්න biochemical test එකක් හොයාගෙන නැහැ. ඒත් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

    කලින් කිව්ව stress එහෙම නැතිනම් මානසික ආතතිය මඟින් විශාදය වැලදීමටත් මේ උපකල්පනය මඟින් පැහැදිලි කරනවා. දිගුකල් පවතින මානසික ආතතිය නිසා monoamine නිෂ්පාදනය අඩු වෙන බවත් මේ නිසා විශාදය වැළඳෙන බවයි නිරීක්ෂණය කර ඇත්තේ.

    මෙතන අපැහැදිලි කාරණා වෙන්නේ මේ බෙහෙත් බීපු ගමන් effect එකක් එන්නේ නැත්තේ ඇයි කියන එක. වෛද්‍යවරු විදියට අපි රෝගීන්ට උපදෙස් දෙන්නේ Anti depressents අරගෙන සති 2ක් වත් යනවා යම් කිසි වෙනසක් දැනෙන්න, දේ නිසා කිසිම වෙනසක් නැති වුණත් මුල් කාලයේ බෙහෙත් වේ විදියටම බොන්න කියන එක. අපහැදිලි කාරණාව තමයි මේ බෙහෙත් බීපු පළවෙනි දවසේ වගේ මේ ඉහත සඳහන් කරපු neurotransmitters ප්‍රමාණය වැඩි වුණත්, රෝග ලක්ෂණ අඩු වෙන්න කල් ගන්නේ ඇයි කියන එක. ඒක පැහැදිලි කරන්නේ තව neurotransmitter දෙකක ක්‍රියාවලියකින්. Glutamate සහ GABA. මේ සොයාගැනීම් එක්ක විශාදයට අදාළ ප්‍රතිකාර නව මානයකට යොමු වේවි කියලා විශ්වාස කරනවා.

    3. Cytokine කල්පිතය


    Cytokine කියන්නෙත් පණිවිඩකාරක රසායනිකයක්. මේක පණිවිඩ හුවමාරු කරන්නේ ප්‍රතිශක්තිය අදාළ සෛල සමඟ. අපිට ලෙඩක් බෝවෙන හැම වේලාවෙම වගේ විෂබීජ ඇඟට ඇතුළු වෙලා කියලා සුදු රුධිරාණු සෛල වලින් අඳුන ගත්තා ගමන් cytokines release වෙනවා රුධිරයට. මේ cytokine රුධිරය හරහා අනික් සුදු රුධිරාණු වලට අණ දෙනවා විෂබීජ විනාශ කරන්න. මොළයේ hypothalamus එකට දෙන පණිවිඩ වලින් උණ ගැනෙනවා. මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ඉතා සරල විදියට විස්තර කිරීමක්. ඇත්ත කතාව අපි අඳුර ගත්තා cytokines වර්ග 40කට වඩා තියෙනවා සහ දේ එකිනෙක්ට අදාළ කාර්යයන් තියෙනවා. (අවශ්‍ය වුණොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනම ලිපියකින් දාන්නම්. මොකද ගොඩක් අය බොරු බෙහෙත් ගන්න යොමු වෙලා තියෙනවා ප්‍රතිශක්තිය ගැන වැරදි අවබෝධයකින්.)

    Depression වලට cytokine අදාළ වෙන්නේ මෙහෙමයි. රුධිරයේ ඇති සුදු රුධිරාණු වගේ මොළයේ විෂබීජ වලට ගහන්න ඉන්නේ microglial කියන සෛල වර්ගය. හේතුව මොළයේ සෛල රුධිරය සමඟ ඍජු සම්බන්ධයක් නැති නිසා. මොළයත් රුධිරයට අතර Barrier එකක් එහෙම නැතිනම් බාධකයක් තියෙනවා blood brain barrier කියලා.

    951.jpg
    මේක නිසා මොළයේ සෛල, රුධිරය සමඟ සෘජු සම්බන්ධයක් නැති නිසා රුධිරයේ සමහර සෛල වල කාර්යයන් ඒ ආකාරයයෙන් ඉටු කරන්න වෙනම සෛල විකසනය වෙලා තියෙනවා. Microglial cells කියන්නේ සුදු රුධිරාණු වල කාර්යය කරන්න සැකසුන සෛල වර්ගයක්. ඉතින් ඇඟේ යම් ආසාදන, රෝගී තත්ත්වයක් තියෙද්දී microglial cells පවා cytokines හදනවා. මේ cytokines වලට දිගු කාලයක් නිරාවරණය වීමෙන් මොළයේ සෛල වර්ධනයට හානි වීමක් වෙන්න පුළුවන්. කෘතිමව හදපු Cytokine විඳපු සත්තුන්ගේ depression රෝග ලක්ෂණ මතු වුණා බව පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. ඊට අමතරව අපි භාවිතා කරන anti depressents මඟින් මොළයේ cytokines මට්ටම පහත දමන බවත් පෙන්නලා දීලා තියෙනවා. අනික cytokines නිසා රුධිරයේ cortisol මට්ටම වැඩිවෙන බවත් නිරික්ෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ කලින් උපකල්පන වල ක්‍රියාවන් පවා එකිනෙක සම්බන්ධයි. ඒ නිසා මේ උපකල්පනය සම්පූර්ණයෙන් අහක දාන්න බෑ.

    IMG_20230512_093805.jpg


    මෙහෙම cytokines වැඩි (Interleukin 6, Tumor necrosis factor, CRP) පුද්ගලයින්ගේ කරපු MRI ස්කෑන් වල මොළයේ කොටස් අතර සම්බන්ධය අඩු බව දකින්න ලැබුණා. ඒ කියන්නේ මේ cytokines වලින් ස්නායු වර්ධනයට පමණක් නොවෙයි, ස්නායු අතර සම්බන්ධතා ඇතිවීමට පවා බලපාන බවයි.

    මම මේ කතා කලේ depression වල biochemical basis එහෙම නැතිනම් ජෛවරසායනික පදනම ගැන සරල සිංහලෙන්. රෝග ලක්ෂණ සහ බෙහෙත් ගැන අවශ්‍ය නම් තව ලිපියකින් කතා කරමු..

    මූලාශ්‍ර : Up-to-date ( https://www.uptodate.com/contents/unipolar-depression-neurobiology)

    New scientist magazine
     

    Attachments

    • IMG_20230512_093805.jpg
      IMG_20230512_093805.jpg
      370.1 KB · Views: 66

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    https://elakiri.com/threads/ඔයාටත්-depression-ද.2104751/#post-28851021

    ලංකාවේ depression තියෙනවා කියන උන් එකෙක් වත් clinical inspection එකකින් නෙමයි කියන්නේ ,අඩුම උන් දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නෑ.

    උන් 90.99% ටවත් depression නෑ ...



    ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
    ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
    උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .

    එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
    අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,044
    113
    https://elakiri.com/threads/ඔයාටත්-depression-ද.2104751/#post-28851021

    ලංකාවේ depression තියෙනවා කියන උන් එකෙක් වත් clinical inspection එකකින් නෙමයි කියන්නේ ,අඩුම උන් දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නෑ.

    උන් 90.99% ටවත් depression නෑ ...



    ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
    ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
    උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .

    එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
    අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා

    ලංකාව වගේ බංකොලොත් වුන රටක උන්ට depression නැත්නම් අැමරිකාවේ උන්ටද බං තියෙන්නෙ..
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    698
    2,033
    93
    33
    https://elakiri.com/threads/ඔයාටත්-depression-ද.2104751/#post-28851021

    ලංකාවේ depression තියෙනවා කියන උන් එකෙක් වත් clinical inspection එකකින් නෙමයි කියන්නේ ,අඩුම උන් දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නෑ.

    උන් 90.99% ටවත් depression නෑ ...



    ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
    ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
    උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .

    එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
    අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
    ඕකෙම තමා ADHD එකටත් වෙලා තියෙන්නේ. Depression කියන ලෙඩේ diagnose කරන්න international criteria තියෙනවා. DSM, ICD 10 වගේ. ලංකාවටම ආවේණික peradeniya depression scale (psd) වගේ tools තියෙනවා. එකෙත් බෙහෙත් පටන් ගන්න තරම් විශාදය තියෙනවද කියලත් බලන්න ඕනේ. Cognitive Behavior therapy විතරක් ඇතිද කියලා බලන්න ඕනේ. සැකයක් තියෙනවා නම් තමන්ම ලෙඩ diagnose කරන්නේ නැතුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ ඒකයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඕකෙම තමා ADHD එකටත් වෙලා තියෙන්නේ. Depression කියන ලෙඩේ diagnose කරන්න international criteria තියෙනවා. DSM, ICD 10 වගේ. ලංකාවටම ආවේණික peradeniya depression scale (psd) වගේ tools තියෙනවා. එකෙත් බෙහෙත් පටන් ගන්න තරම් විශාදය තියෙනවද කියලත් බලන්න ඕනේ. Cognitive Behavior therapy විතරක් ඇතිද කියලා බලන්න ඕනේ. සැකයක් තියෙනවා නම් තමන්ම ලෙඩ diagnose කරන්නේ නැතුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ ඒකයි.
    ඕක ලංකාවේ ඉන්න කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැතිව දෙමාපියන්ගෙන් බත් ගිලින හොර හැත්ත හදාගත්තු excuses එකක් ..
    හැටියට ගත්තොත් උන්ගේ අම්මල තාත්තලට Depressionඇති උන් හින්ද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවෙ බොහෝමයක් දෙනෙක්ට අවබෝධයක් නැති, කතා කරන්න අවශ්‍යම මාතෘකාවක්. බොහොම ස්තූතියි සහෝ ෂෙයාර් කළාට. :love2: (y)