කාන්තාවන්ට_පමණයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාන්තාවන්ට_පමණයි

ලංකාවට පැමිණි කාන්තාවන්ට පමණයි ගුවන් යානය



womens-only.jpg


පසුගිය අට වෙනිදා ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානයක් පැමිණියේය. ගුවන්තොටුපළට ගුවන් යානයක් පැමිණීමේ අරුමය කිමෙක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. ඔබට පමණක් නොව කටුනායක ගුවන්තොටුපළේ රැස්ව සිටි බොහෝ දෙනෙකුටද එසේ සිතුණාට සැක නැත. එහෙත් මේ ගුවන් යානය විශේෂ නොව සුවිශේෂ එකක් බව සියලු දෙනාටම ටික වේලාවකින් වැටහුණේය.


ගුවන්තොටට ගොඩබට යානයෙන් මුලින්ම ලක්බිමට පා තැබුවේ කාන්තාවකි. දෙවැනියටද කාන්තාවකි. එපමණක්ද නොව තුන්වැනි සිව්වැනි ආදී ලෙසින් දිගින් දිගටම යානයෙන් බසිනා ලද්දේ කාන්තාවෝය. මගීන් සියල්ල ගොඩබට පසු යානයේ කාර්ය මණ්ඩලයද ගොඩ බැස්සේය. ඒ සියලු දෙනාද කාන්තාවෝය. අනතුරුව ගොඩබැසීමට ඉතිරි වූයේ ගුවන් නියමුවන් දෙදෙනා පමණි. පුදුමයකි. ඉන්දියන් සයුරු දියවරට ඉහළින් ලංකාවට ආ මේ දැවැන්ත ගුවන් යානය පදවාගෙන විත් තිබුණේද නියමුවරියකි. ඕ වී. රූපාය. ඇයගේ සහයට සිටියේද තවත් සහය නියමුවරියකි. ඈ නිම්ෂා ගොඑල්ය.


අතීතයේ කොළඹින් ගාල්ලට දිවූ සමුද්‍රදේවී දුම්රියට කාන්තා මැදිරියක්ද ඈඳා තිබුණා අපට මතකය. එමෙන්ම අගනුවර කාර්යාල වේලාවන්හිදී කාන්තාවන්ට පමණක් සීමා වූ බස්රථද කෙටි කලක් ධාවනය විය. එහෙත් බවලතුන්ටම වෙන්වූ ගුවන්යානයක් ගැන ලංකාවේ ඇත්තෝ නමෝ විත්තියෙන් ඇසුවේ පසුගිය අටවෙනිදාය. එහෙයින් අප ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳ විමසුවෙමු. අපට පිළිතුරු දුන්නේ එහි ප්‍රවෘත්ති නිලධාරී නිටීන් ඉයෝලාය.

womens-only1.jpg


මේ ගුවන්යානය අද ඔබේ රටට ආවේ විශේෂ හේතුවකටයි. ඒ අදට යෙදුණ ලෝක කාන්තා දිනය සමරන්න. මේ යානයේ ගුවන් නියමුවරිය ඇගේ සහයිකාව විතරක් නොවෙයි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම කාන්තාවෝයි. නිටීන් ඉයෝලා පවසන්නේය.


ගුවන් නියමුවරියක සහ නියමු සහයිකාවක පදවාගෙන ආ මේ ගුවන් යානය එයාර් ඉන්ඩියා සේවයට අයත් එකකි. ජගත් කාන්තා දිනයේ ලක්බිමට පැමිණි කාන්තා යානයේ කාන්තාවන් සියලු දෙනාටම සුවිශේෂී පිළිගැනීමක් කොළඹදී පවත්වන්නටද එයාර් ඉන්ඩියා ගුවන් සේවය කටයුතු කර තිබුණි. එහිදී තවත් පුදුම සහගත දෙයක් දැක බලා ගැනීමට අපට හැකි විය. ඒ එයාර් ඉන්ඩියා යානයේ මගීන් සහ නියමුවන් සහිත කාර්ය මණ්ඩලය මතු නොව එහි ශ්‍රී ලංකා කාර්යාලයේ සේවයේ නියුතු වන්නේද කාන්තාවන්ම පමණක් බවය. ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත වනුයේ ඇලිස් ජෝ ‍පෝල්ය. එහි ශ්‍රී ලාංකේය කළමනාකාරිනිය මධුමතී ගුප්තාය. ගුවන් තොටුපළ කළමනාකාරිනිය තනුජා ලංකාතිලකය. ඒ අනුව බලනා කල ලංකාවේ එයාර් ඉන්ඩියා ගුවන් සේවය මුළුමනින්ම කාන්තාවන්ට සින්නවී ඇති සෙයකි. එහෙත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී නිටීන් ඉයෝලා පවසනුයේ එයාර් ඉන්ඩියා සමාගම කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවන් හා සේවාවන් රැසක් ලබාදී ඇති බවයි. ඒ අනුව කළ කරුණු සොයා බැලීමේදී ඉන්දියාව සිය ප්‍රථම වාණිජ ගුවන් නියමුවරිය බිහිකර ඇත්තේ 1956 දී බව පැහැදිලි විය. ඈ ඩර්බා බැන්ර්ජිය. එපමණක්ද නොව සිවිල් ගුවන් ඉතිහාසයේ ලොව ළාබාලතම නියමුවරිය ලෙස 1990 දී පියාසර කටයුතු ඇරඹූ නිවේඩිටා බහමාන්ද ඉන්දීය කාන්තාවකි. ඈ වාණිජ ජෙට් ගුවන් යානයක නියමුවරියක වූයේ වයස 26දීය. එපමණක්ද නොව 2017 වසරේදී බෝයිං 777 වර්ගයේ ගුවන් යානයකින් ඉන්දීය ගුවන් නියමුවරියක දිල්ලි සිට සැන්ෆ්‍රැන්සිස්කෝ දක්වා පැසිපික් මාර්ගයේ ගමන් කර පෙරළා දිල්ලි දක්වා අත්ලාන්තික් මාර්ගයේ පැමිණ වාර්තාවක්ද තැබුවේය. ඒ ගමනේ මුළු දුර කිලෝමීටර 15300ට වැඩි විය.

00010410.jpg



ඊට අමතරව එයාර් ඉන්ඩියා යානා තුළ කාන්තාවන්ට වෙනමම අසුන් පේළියක්, තනිව ගමන් ගන්නා කාන්තාවන්ට සුවිශේෂී පහසුකම් ලබාදීම වැනි පහසුකම් රැසක්ද ලබා දී ඇති අතර ඒවා ලොව ඕනෑම ගුවන් සේවයකට ආදර්ශයක් බව පැවැසිය හැක. එයාර් ඉන්ඩියා සේවයේ කාන්තාවන් පමණක් සේවය කරනා අංග රැසක් තිබෙනා බව වාර්තා වෙයි. ඒ අතර වෛද්‍ය, ගනුදෙනුකරුවන්ගේ සුබ සාධක පහසුකම් සැලසීම, නියමු කුටි සහ මගීන්ගේ කුටියේ පහසුකම් සැලසීම, භාණ්ඩ ප්‍රවාහන සහ කාර්මික වැනි අංග රැසක් වෙයි.
අද ඉන්දියාවේ ජාතික ගුවන් සේවය බවට පත්ව ඇති එයාර් ඉන්ඩියා සේවය 1932 ආරම්භ කරන ලද්දේ පෞද්ගලික ගුවන් සේවයක් ලෙසිනි. එය ආරම්භ කිරීමට මුල් වූයේ බ්.අ.ච්. ටාටාය. ටාටා එයාර් ලයින් ලෙස ආරම්භ කළ මෙම සේවය සිය මංගල ගමනට යොදා ගත්තේ තනි එන්ජිමක් සහිත ඩී හැවොලින් වර්ගයේ ගුවන්යානයක් බව සඳහන්ය. කරච්චියේ සිට මදුරාසියට තැපැල් මලු ගෙන ඒම එහි මුල්ම කාර්ය විය.


ඉන්දියාව කී සැණින් බහුතරයකගේ හිත ඇදෙනුයේ ගතානුගතික සමාජ රටාවක් සහිත දේශයකි. එහෙත් ඒ අප සිතන අයුරුය. අද වනවිට ඉන්දියාව භූමිය පමණක් නොව ගුවනද කාන්තාවන්ට පූර්ණ ලෙස විවර කර ඇති බව ජගත් කාන්තා දිනයේදී අපට පසක් කර දුන්නේය.
 

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    wikaarayak ban. ehenan ganuta gewal walath wenama kaamara hadanna one jeewath wenna.... moda hathikare
     

    Similar threads