කාන්තාවන් වැඩිම රටවල්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,311
    5,408
    113
    Panadura
    කාන්තාවන් වැඩිම රටවල්

    පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩිම රටවල්

    දැන් තියෙන්නේ ගෑණුන්ගේ ලෝකයක් කියලා කිව්වොත් ඒකෙත් ඇති වැරැද්දක් නැහැ. ඇහැට කනට පේන ඇහෙන දේවල් අනුව දැන් දැන් පිරිමින් හා සමව එහෙමත් නැත්තම් ඊටත් වඩා වැඩකරුවෝ ටිකක් බවට කාන්තාවෝ පත් වෙලා තියෙනවා. රටවල සංයුතිය අරගෙන බැලුවොත් එතනිනුත් බොහෝ වෙලාවට කප් එක උස්සන්නේ කාන්තාවෝ තමයි. මේවා තනිකර හිතළු වගේ පෙනුනට සමහර රටවල ටක්කෙටම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ සංයුතිය වැඩියි. මේ තියෙන්නේ ඒ වගේ රටවල් කීපයක්. මේ රටවල් ෆෙමිනිස්ට් මූලාශ්‍රයකින් උස්සගත්තු දෙයක් නම් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ නවතම දත්තවලට අනුවයි ලියවුණේ.

    1. ක්යුරසෝ

    Countries-With-High-Female-Population-1.jpg



    මේ පුංචි කැරිබියානු දූපතක්. සමස්ත ජනගහනයෙන් 54.6%ක් ම කාන්තාවන්. ලිංගික අනුපාතය 0.84යි. ගණන් හිලව් අනුව කිව්වොතින් රටේ ඉන්න කාන්තාවන් 86,861කට ඉන්නේ පිරිමි පරාණ 73,192ක් විතරයි. ආයුකාලය අතින් ගත්තත් පිරිමින්ට වඩා අවුරුදු 4ක් වැඩියෙන්, ඒ කියන්නේ අවුරුදු 80 ක් පමණ ජීවත් වෙන්න ක්යුරසෝවේ කාන්තාව වාසනාවන්තයි. මේ රටේ සංචාරක ව්‍යාපාරය කාන්තාවන් මතින් මහා පරිමාණයෙන් සිද්ධ වෙන්නත් මේක හේතුවක් වෙන්න ඇති. මේ රටේ නයිට් ලයිෆ් කියන සංකල්පය හරිම ජනප්‍රියයි. විදේශිකයන් මේ රටට බොහොම ලැදි වෙන්නත් බලන බලන අත ඇති කාන්තා ඇසුර හේතු වෙලා තියෙනවා. කාන්තාවන් බහුතරයක් වයස අවුරුදු 65ට අඩු කාණ්ඩයේ. ඒ කියන්නේ ශ්‍රම බලකායට උපරිම දායකත්වය දෙන්න පුළුවන් වයසේ.

    2. ලැට්වියා

    Countries-With-High-Female-Population-2.jpg



    ඒ නම අහනකොට මොකද්ද මොකද්ද වගේ හිතෙනවා නම් ලැටිවියා රාජ්‍යය කියලත් හඳුන්වන්න පුළුවන්. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වෙලා ඉඳලා ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ලෝක යුද්ධ කාලයේ තමයි මේ ජන අනුපාතයේ පෙරළිය සිද්ධ වෙලා තියෙන්නේ. ජනගහනයෙන් 54%ක් කාන්තාවන්. අනුපාතයක් වශයෙන් 0.85යි. ඒ කියන්නේ රටේ ඉන්න කාන්තාවන් 1,019,752ටම ඉන්නේ පිරිමින් 869,226ක් විතරයි. ආයු කාලය අතින් බැලුවත් අවුරුදු 78ක ජීවිතයක් කාන්තාවට තිබ්බත් 67කින් පිරිමි වලකජ්ජා ගහනවා. ඒක විශාල පරතරයක්. දිවිනහගන්න ගොඩක් පෙළඹෙන්නෙත් මේ රටේ පිරිමි කියනවනේ.

    3. ලිතුවේනියාව

    Countries-With-High-Female-Population-3.jpg



    යුරෝපයේ සංචාරක පුරවරයක් වන ලිතුවේනියාවෙත් පඳුරකට ගැහුවොත් සුරූපිනියන් ම හත් අට දෙනෙක් විසි වෙනවා. මුළු ජනගහනයෙන් 53.6%ක අයිතියක් භුක්ති විඳින එයාලා වයස අවුරුදු 80ක විතර ආයු කාලයක් උරුම කරගන්නවා. ඒකට ඒ රටේ පිරිමි උදවිය රෙකෝඩ් ගහන්නේ මරණ අනුපාතිකයෙන්. ආයු අපේක්ෂාව 70ක්. ඔවුන්ගේ අධික දුම්බීම මානසිකව සහ ශාරීරිකව බොහෝ රෝගවලට හේතු වෙලා තියනවා. 1,261,015ක් පිරිමි එක්ක කාන්තාවන් 1,454,358ක් ඉන්නවා. ඒ කියන්නේ 0.87ක අනුපාතිකයක්.


    4. යුක්රේනය

    Countries-With-High-Female-Population-4.jpg



    යුරෝපයේ තියෙන ඓතිහාසික ගෘහ නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන විශාල රටක් තමයි යුක්රේනය. යුක්රේන ජාතික කාන්තාවන් ගැන කාලයක් කියවුණ කතාවක් තමයි මේ ලෝකේ ලස්සනම කාන්තාවන් ඉන්නේ ඒ රටේ ද කියන එක. දැන් එයාලා ගැන තියෙන අලුත් ම කතාව තමයි මේ ජනගහන සංයුතියේ උරුමය හිමි කර ගැනීම. ජනගහනයෙන් 22,767,092ක් වෙන කාන්තා පාර්ශවයට ආසාවට බලන්න හරි ඉන්නේ පිරිමි 19,393,464යි. ආයු අපේක්ෂාව අනුව බැලුවත් පිරිමින්ට 62ක් හිටියම ඇති ලු. හැබැයි කාන්තාවගේ ඉලක්කය වයස අවුරුදු 74ක්. මේ රටේ පිරිමින්ට මෙහෙම වෙන්න සංක්‍රමණ ප්‍රශ්නෙත් බලපාලා තියෙනවා.

    5. ආර්මේනියාව

    Countries-With-High-Female-Population-5.jpg



    කතෝලික ආගම වැළඳ ගැනීම සම්බන්ධයෙන් පළවෙනියා විදියටයි ආර්මේනියාව ලෝක ප්‍රසිද්ධ. ආර්මේනියානු කාන්තාවන් සහ අපේ රටේ කාන්තාවන් අතරේ පොඩි සමානකමක් තියෙනවා. ඒ තමයි ඔවුන් ඉපදුනේ කුස්සිය මුල්ලට වෙලාම ඉන්න කියන සාම්ප්‍රදායික මතය මේ රටෙත් අඩුවැඩි වශයෙන් තියෙන නිසා. ඇත්තටම අඩුවැඩි වෙලා තියෙන්නේ ජනගහන සංයුතිය තමයි. පිරිමි 1,422,138යි. ගැහැණු1,633,272යි. කාන්තා ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 53.5%යි. ආයු අපේක්ෂාව ගැන කතා කරෝතින් පිරිමින්ට 69යි. කාන්තාවන්ට 77යි.

    6. බෙලරුසය

    Countries-With-High-Female-Population-6.jpg



    දෙවෙනි ලෝක යුද්ධයේ දී හරි හරියට කියවුණ නමක් තමයි බෙලරුසියාව. ඒ ඉස්සර. දැන් අර රුසියාව කියන කෑල්ල නැහැ. මේ නම් කියන්නේ මේ රට ලෝක යුද්ධයට සම්බන්ධ වුණ හැටියක් ගැන නෙවෙයි. රටේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ නැගී ඒම ගැනයි. සමස්ත ජනගහනයෙන් 53.5%ක ප්‍රතිශතයක් හිමි මේ රටේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 77යි. පිරිමින්ගේ අපේක්ෂාව 72න් එලොව යන්නයි. 5,084,652ක් කාන්තාවෝ ඉන්නකොට තනියට ඉන්නේ පිරිමි 4,416,478ක් විතරයි. බෙලරුස් රටේ කාන්තාවන් ඉතාමත් ශක්තිමත්. ඕනම වැඩකට ඔට්ටුයි. ලොව උසම කාන්තාවන් සිටින රටවල් අතරත් බෙලරුසය ඉන්නවා.

    7. එස්තෝනියාව

    Countries-With-High-Female-Population-7.jpg



    එස්තෝනියාවත් යුරෝපයේ තවත් එක සුවිශේෂ රටක්. මේ රටේ ජනතාවත් ලෝක යුද්ධය නිසා මරණයට පත් වුණා. මේ රටේ කාන්තාවන්ගේ ප්‍රතිශතය දැන් පිරිමින්ගේ ප්‍රතිශතය අභිබවා ගිහින් තියෙනවා. පිරිමි 605,901යි. කාන්තාවෝ 690,619යි. මුළු ජනගහනයෙන් 53.3%ක ප්‍රතිශතයක් අයිති කරගෙන 79ක ආයු අපේක්ෂාවෙනුත් තමයි ඉන්නේ. බෝල්ටික් රටවල කාන්තවොන්ට අනන්‍ය වෙච්ච සෞන්දර්ය මේ රටේ කාන්තාවොන්ටත් උරුමයි. ඉතින් එච්චර ලස්සන කාන්තාවෝ ඉන්දැද්දී මේ රටේ මිනිස්සු 68න් මැරෙන්න දඟලනවා.


    source
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    දෙවෙනි ලෝක යුද්දයට දරුණු ලෙසම මුහුණ දුන්න සෝවියට් රාජ්ජ තමයි ගොඩක් ඒවා..යුද්දේයේදී පිරිමින් මිය යෑම තමයි හේතුව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යුක්රේනෙයි බෙලරුස් වලයි විතරයි කාන්තාවො ඉන්නෙ. අර අනික් රටවල ඉන්න බහිරවයො සෙට් එක මොක්කුද ? :eek:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කොහොමත් ලංකාවේ ත් 51 ගැනු අය නේද ඉන්නේ? ආයු අපේක්ෂාව අතර වෙනස් ත් අවුරුදු 4 ද 5 ද නේද?
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    බෙලරුස් රටේ කාන්තාවන් ඉතාමත් ශක්තිමත්. ඕනම වැඩකට ඔට්ටුයි. true:yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩිම රටවල්


    6. බෙලරුසය

    Countries-With-High-Female-Population-6.jpg



    දෙවෙනි ලෝක යුද්ධයේ දී හරි හරියට කියවුණ නමක් තමයි බෙලරුසියාව. ඒ ඉස්සර. දැන් අර රුසියාව කියන කෑල්ල නැහැ. මේ නම් කියන්නේ මේ රට ලෝක යුද්ධයට සම්බන්ධ වුණ හැටියක් ගැන නෙවෙයි. රටේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ නැගී ඒම ගැනයි. සමස්ත ජනගහනයෙන් 53.5%ක ප්‍රතිශතයක් හිමි මේ රටේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 77යි. පිරිමින්ගේ අපේක්ෂාව 72න් එලොව යන්නයි. 5,084,652ක් කාන්තාවෝ ඉන්නකොට තනියට ඉන්නේ පිරිමි 4,416,478ක් විතරයි. බෙලරුස් රටේ කාන්තාවන් ඉතාමත් ශක්තිමත්. ඕනම වැඩකට ඔට්ටුයි. ලොව උසම කාන්තාවන් සිටින රටවල් අතරත් බෙලරුසය ඉන්නවා.


    source


    Time to go Belarus...

    :love::love::love: