කෙන්යාවේ නයිරෝබි අගනගරය ආසන්නයේ පිහිටි ගල්වළක තිබී කාන්තා මළ සිරුරු විශාල ගණනක් සොයාගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තමා විසින් සිය බිරිඳ ඇතුළු කාන්තාවන් 42ක් ඝාතනය කර සිරුරු එම ස්ථානයට දැමූ බවයි.
කොලින්ස් ජුමයිසි නම් එම 33 හැවිරිදි සැකකරු එම ගල්වළ ආසන්නයේ ජීවත් වූ පුද්ගලයෙකි.
ඔහුගේ නිවසේ තිබී විවිධ සැකකටයුතු භාණ්ඩ සහ ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ බවට සැලකෙන ජංගම දුරකථන සොයාගෙන තිබුණි.

