එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේ දී දක්නට ලැබෙනා සිදුවීම් ජීවිතයට දිනෙන් දින අත්දැකීම් එක් කරයි. ඒවා එක් කොට පොතක් වුව ද ලිවිය හැක. හැම දිනකම අළුත් දෙයක් ජීවිතයට අධිකරණයෙන් එකතු වෙයි. කුඩා කළ කියවා ඇති පොත් පත්වල සඳහන් චරිත ඒ අත්දැකීම් සමඟ නැවත ආවර්ජනය වේ.
බොහෝ අධිකරණ කටයුතුවල කාන්තාවන් සහ පිරිමින් එකිනෙකට විරුද්ධ පාර්ශ්වකරුවන් වේ. මේ පාර්ශ්වකරුවන් අතර සමහර අවස්ථාවලදී ඇත්තේ පවුල් ආරවුල් ය. තවත් විටෙක මුදල් ආරවුල් පවතී. ඔවුන් එකිනෙකා සමඟ ඒ ආරවුල් විසඳා ගත නොහැකි වී අධිකරණය කරා විසඳුමක් පතා රැගෙන එයි. ඒ ආරවුල් දෙස බලා සිටින විට සමහරක් ආරවුල් සඳහා එකිනෙකා පරයා නැගී සිටීමට දරණ උත්සාහය හේතුවක් ව ඇති බව පෙනේ. තවත් ඒවායේ දී අන්‍යොන්‍ය ගෞරවය නොමැතිවීම හේතුවක් ලෙසින් පෙනේ. තවත් විටක තමුන් අනිකාට වඩා උසස් ය යන හැඟීම ආරවුලට හේතුවක් ව ඇති බව පෙනේ. තවත් විටක, ඇයි මම ම හැම දේම කරන්නෙ, එයාටත් මෙහෙම කරන්න පුළුවන්නෙ යන පැණය විස්තාරණය වීම ද හේතුවක් ලෙසින් පෙනේ. මේ හේතුවලට අමතරව තවත් හේතු විශාල ගණනක් පවතී.
කාන්තා සහ පිරිමි ආරවුල් අතරේ දී ඒවා අසා සිටින විට නිතරම මතකයට පැමිණෙන කථාවක් මා කියවා ඇත. එය බොහෝ දුරට ඔබත් අසා ඇතැයි මා සිතමි. නමුත් අසා නොමැති අයද සිටිය හැකි යැයි සිතෙන නිසා එය ආපසු මෙහි සටහන් කිරීමට සිතුවෙමි.
කාන්තා නුවණ හැඳි මිටේ යැයි අතීත කථාවක් ඔබ අසා ඇත්තේ ද? බමුණු මතයක් එළිදැක්වූ අවස්ථාවක් ලෙසින් ඉතිහාසයේ මේ කථාව දැක් වේ. නමුත් බුදුරජාණන්වහන්සේ කාන්තාවට ද පිරිමියා සහ ගැලපෙන අයිතියක් ඇති බව පෙන්වා දුන්සේක. ශ්‍රී ලංකාවේ කාන්තාවට අතීතයේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රනින් සැරසී කිසිඳු බිය සැකකින් තොරව ගමන් කළ හැකිවූවායැයි සැලකෙන්නේ මේ බෞද්ධ දර්ශනය අනුව ය. අම්මා ට ගෙදර බුදුන් යැයි වන ඉගැන්වීමක් මේ දර්ශනයෙන් ලැබී තිබේ. කාන්තා නුවණ හැඳි මිටේ යැයි බමුණු මතයක් ඇති බව කීවත් ඇත්ත එය නොවේ. හින්දු දහම තුළදී ද කාන්තාවට සැලකෙන්නේ පිරිමියා සහ සම තත්ත්වයෙනි. මේ කථාවේ දී ඔබට එය හඳුනා ගත හැකි වේ යැයි සිතමි. එසේනම් කථාව කියවමු.
ලෝකයේ පළමු යෝගී ගුරුවරයා ලෙසින් සැලකෙන්නේ ශිව දෙවියන් ය. එනිසා ඔහු ‘අදියෝගි‘ ලෙසින් හැඳින් වේ. ශිව විසින් යෝග දර්ශනය සප්ත සෘෂිවරුවන්ට උගන්වන ලදි. සප්ත සෘෂිරුවන් ශිව දෙවියන්ට සහ පාර්වතියට වන්දනා කරන අවස්ථාවේ දී එහි සිටි බ්‍රිඟු සෘෂිරවයාද වන්දනා කරන්නට විය. බ්‍රිඟු වනාහි උග්‍ර ශිව බැතිමතෙකි. මේ අවස්ථාවේ දී පාර්වතී ද එහි සිටියත් බ්‍රිඟු විසින් පාර්වතියට කිසිඳු ගෞරවයක් නොදැක්වී ය. බ්‍රිඟු, ශිව වටා ප්‍රදක්ෂිනා කරද්දී පාර්වතිය විසින් දන්වා සිටියේ ශිව වටා පමණක් ප්‍රදක්ෂිනා කිරීමෙන් පලක් නැති බවත් ශිව සහ පාර්වතී වනාහි එක් අයකු වන හෙයින් දෙදෙනාට ම ගෞරවය දක්වන ලෙසත් ය. නමුත් බ්‍රිඟු ඒ සම්බන්ධයෙන් කිසිඳු සැලකිල්ලක් නොදක්වන ලදි. මෙනිසා ශිව, අර්ධනාරීශ්වර ස්වරූපය බ්‍රිඟුට පෙන්වා සිටියේ ය. අර්ධනාරීශ්වර රූපයේ දී ශිවගේ රූපයෙන් අඩක් ශිව ලෙසත් අනෙක් අඩ පාර්වතී ලෙසත් නිරූපනය වේ. බ්‍රිඟු නොයෙකුත් රූප මවාගෙන ශිව පමණක් වන්දනා කිරීමට උත්සාහ කළත් මෙහිදී එය අසාර්ථක විණි.
හති වැටුණ බ්‍රිඟු සිය උත්සාහය අත්හැර දැමූවත් පාර්වතීට ඔහු කෙරෙහි ඇති වූයේ තරහකි. ඇය විසින් එහිදී වරයක් බ්‍රිඟු සෘෂිවරයාට ලබා දුන්නා ය. ඒ අනුව ඇගේ වරය වූයේ ස්ත්‍රිය කෙරේ ගෞරවයක් දැක්වීමට අකමැති බ්‍රිඟුගේ සිරුරේ ඇති මවගෙන් ලැබී සකස් වී ඇති සියළු දේ ඉවත්ව යන ලෙසිනි. ඒ සමඟ ම බ්‍රිඟු පස් ගොඩක් බවට පෙරළිනි. ඔහුගේ ඇඟෙන් මවගෙන් ලැබී තිබූ සියළු ශක්ති ඉවත් විය. මෙසේ වූ විට තමුන්ගේ වරද බ්‍රිඟුට අවබෝධ වී ශිව සහ පාර්වතියගෙන් සමාව අයැද සිටින ලදි. නැවතත් බ්‍රිඟුගේ යථා ස්වරූපය ලබා දීමට දෙවියන් කාරුණික විය.
මේ කථාවෙන් කියැවෙන එක් කරුණක් වන්නේ පිරිමියා කාන්තාවගේ ද එකතුවකින් සැක සී ඇති බවයි. කාන්තාව ද එසේමැයි. වෛද්‍ය විද්‍යාත්මකව සැලකිල්ලට ගත්විට ද කළලයේ උපත සඳහා කාන්තාව මෙන්ම පුරුෂයා ද දායක වෙයි. බුදු දහම තුළද මේ බව පෙන්වා දී තිබේ. කෙසේවෙතත් කාලයාගේ ඇවෑමෙන් කාන්තාවට තමන් තුළ පිරිමියා ඇති බව ද, පිරිමියාට තමුන් තුළ කාන්තාව ඇති බව ද අමතක වී ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ කාන්තාව පිරිමියා හා සමතැන් සෙවීමට අරගල කිරීමයි. පිරිමියා කාන්තාව යටත්ව සිටින්නකු යැයි සිතීමයි. කාන්තාවත් පිරිමියාත් නොයෙක් අවස්ථාවලදී එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කිරීමයි. ඒ ප්‍රතිඵලයන්ගේ අවසානය නිමක් නොවෙන ආරවුල් පමණකි. එදිනෙදා මේවා ඇසීමට ලැබෙයි. සමහරක් විසඳීමට හැක. සමහරක් විසඳීමට නොහැක.
සිහි තබා ගන්න. ඔබ, පිරිමියකු වුවත් කාන්තාවක වුවත්, ඔබ අද මෙය කියවීමට ජීවත්ව සිටින්නේ මේ දෙදෙනාගේම එකතුවෙනි. එකෙක් පරයා එකෙක් නැගී සිටීමක් එහි නැත. ඇත්තේ එකිනෙකා හා අන්‍යොන්‍යව බැඳී සිටීමක් පමණි.