කාපු ගමන් නාන්න ගිහිං මැරිලා😲

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කාපු ගමන් නාන්න එපා

    FB_IMG_1655741495767.jpg

    හිතාදර රසිකා..
    ඇය මිය ගියාය..
    නමුත් අපට යම් පණිවිඩයක් ලබා දෙමින්...

    මා ඇය හඳුනන්නේ 90 දශකයේ සිට රෝම නගරයේදීය. ලඟින්ම ඇසුරක් නොපැවතුනත් ඉඳහිට හෝ මා සමග ඇය කතා කරේ කාගේ හෝ ප්‍රශ්ණයකට පිලිතුරක් හොයා ගන්නටය. නිහඬව වුවද ඇය යෙහෙළියන්ගේ නීතිමය ප්‍රශ්ණ වලට ඉදිරිපත් වී මා සමග එක්ව ඒවාට විසඳුම් සොයන්නට වෙහෙසුනාය. මා දන්නා පරිදි ඇයගේ ඉතාලි භාෂා දැනුමද ඉතාමත් ඉහලය. තවද ඇය ආදර දියණයකගේ සහ පුතකුගේ දයාබර මවක්ද විය.

    මොහොතකින් වෙනස් කල හැකි අදහස්, ආකල්ප සහ තීරණ අප ගාව පැවතියත් අපගේ ජීවිත ගමන ක්ෂණිකව කවුරුන් හෝ කුමන මොහොතක හෝ වෙනස් කරාවිද, උදුරා ගනීවිද කියන්නට අප දන්නේ නැත. එය එසේ සිදුවන වන බවත් අප කැමෙත්තෙන් පිලි ගන්නේද නැත.

    ඇයගේ කතාන්දරය අපට කියා දෙන්නේද එයයි. ජිවිතය මෙතරම් ක්ෂණිකව අහිමිවන වන බවද හිතන්නේද නැත. මේ සිදුවීම තුලින් අපට ඉගෙන ගත හැකි දේ බොහෝය.

    ඊයේ දිනයේ (ජූනි 19) තම සේවා මුරය අවසන් වී හිතවතුන් සමග රෝම නගරයට ආසන්න මුහුදට ඇය ගියේ සැඳෑ වරුව නිදහසේ ප්‍රීති වීමට වෙන්නට පිලිවන. ⁣විඩාකර සේවාවක වෙහෙස නිමාලන්නට ඇය මුහුදට ගොඩ බැස්සේ තම යහලු යෙහෙලියන් සමග විනෝද වෙමින්ය... එසේ විනාඩි 10 ක් පමණ මුහුදේ විනෝද වෙමින් සිටි ඇයට බඩගින්නක් දැනුනා වෙන්නට ඇති. ඉක්මනින් ගොඩට ආ ඇය යෙහෙලියන් ගෙනා බත් සමග ව්‍යාංජන රස කරමින් ගිල දැමුවේ එය ඇයගේ අවසන් ආහාර වේල යයි නොසිතා වෙන්නටද ඇතිය. කටට දෙකට බත් ටික ගිල දැමු ඇය නැවතත් මුහුදට බැස්සේ තම යෙහෙලියන් සමග විනෝද වන්නටය. හවස් භාගයේ නිසා මුහුදු වතුරද යම් සීතල මට්ටමක පැවතී නිසා ඇය සිටියේ දණ හිසක් සේ පමණ වතුර මට්ටමකය. වතුරට බැස ටික වේලාවකින් පසු ඇයට සෙම සමග වමනය යාමට පටන් ගත්තේ ඇයටද යමක් හිතාගන්නටවත් බැරි ලෙසටය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඇයගේ සහකරු සමග යහලුවන් ඇයව ඔසවා ගොඩට ගෙනාවේ ඇය අසූරු තත්ත්වය සිටින බව පසක් වූ බැවිනි. ඒ සමගම ඇයගේ සහකරු විසින් නොකඩවා ගලනා ඇයගේ සෙම ඉවතලන්නට මහාත් වෙහෙසක් ගත්තේය. වරක මුඛට මුඛ තබාද සෙම ඉවත් කරන්නට වෙහෙසීය. අවට සිටි ඉතාලි ජාතිකයන්ද ඇයට ප්‍රතිකාර ලබා දෙන්නට උත්සුක විය. ඒ අතර ඇයගේ හෘද ස්පන්දනය වේගය අඩාල බව දැන ගෙන හෘද ස්ප්න්දනය වේගවත් කරලීම⁣ට අවශ්‍ය ප්‍රතිකාරද කලේය. මොහොතක් යාමට පෙර ගිලන් රථයද පැමිණියේය. එහි සිටි සෞඛ්‍ය සේවා නිලධාරීන්ද ඇයගේ ජිවිතය බේරා ගන්නට මහාත් වෙහෙසක් දරන්න⁣ට විය. නමුත් ඒ වනවිටත් ඇය මේ ලොව අතහැර ගොස් තිබු බව සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අව⁣බෝධ විය.

    ජීවිතය කියන්නේ අපූරු නිර්මාණයක් වුවද ඒ නිර්මාණය විනාස වෙන්නට යන්නේ තත්පර ගනනකි. අපට කියා දෙන එක් අපූරු පාඩමකි එය.

    අපේ බොහෝ අය බරපතල කමක් නොදැන මෙවන් දේ කරන වග අපි දනිමු. මරණ පරික්ෂණයෙන් ඇයගේ මරණයට වෛද්‍ය හේතු දක්වාවි. නමුත් අපි සරල දෙයක් මේ ගැන දනිමි. කෑම කෑ විගස නෑම හොද නැති බව අප අසා ඇත්තෙමි. අඩුම වශයෙන් කෑම කා පැයක පමණ කාලයකට පසු දියට බැසීම කල යුතු බව වෛද්‍ය ලිපි වල සදහන් වනවා.

    යුරෝපයේ රස්න දේශගුනික කාලයේ ජලාශ වල දිය නෑමට මෙන්ම ප්‍රීති වීමට යාමට අපි කවුරුත් ප්‍රිය කරන්නෙමු. නමුත් තම ජිවිතය පරිදුවට තබා අනාරක්ෂිත ලෙස ක්‍රියා කිරීමෙන් තම ජිවිතය අවධානම් බව සිහිය⁣ට ගන්නේම නැත. මරණයෙන් පසු තමන්ට යමක් නොදැනෙනවා වෙන්නට පුලුවන. නමුත්
    තමන්ගෙන් යැපෙන සහ තමන්ගේ රැකවරණය ලබන පිරිස් ගැන සිතා ඉතාමත් කල්පනාකාරීව විනෝද වීම සිදු කල යුතුවේ.

    හිතාදර රසිකා.. ඔබට නිවන් සුව අත්වේවා !!

    රෝමයේ වෙසෙන මා මිත්‍ර වජිර සමරක්කොඩි මහතාට විශේෂ ස්තුතිය.

    FB_IMG_1655741476752.jpg

    FB_IMG_1655741487589.jpg

    අජිත් හෙට්ටිආරච්චි.
    උපුටා ගැනීම : ඉතාලියේ අපි FB පිටුව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol

    මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol

    මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි :rofl:
    ඔව් බන්. ඒක තිබ්බේ නැද්ද ? මමත් කියවන එක අත ඇරලා දැම්ම .
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Kapu gaman naawa kiyala marenawada ban? Wena reason ekak athi...
    කාපු ගමන් කෑම දිරවන්න ඇගෙන් ලොකු ශක්තියක් ඕනේ වෙනවා ලු . ඒ ගමන් ම නාන කොට ඇග සීතල වෙන කොට තවත් ශක්තිය ඕනේ වෙනවා ඇග රස්නෙන් තියා ගන්න . මේක නිසා තමා කාපු ගමන් නාන්න එපා කියලා කියනවා කියන්නේ මචං
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි ඉතලියේදි ඉඳන් ලංකාවේ කෑම කෑවොත් විස වෙනවා ද🙄
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
    Heart Attack හැදිලා මැරෙන කොට සේම එනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
    අප්පු වෙද මහත්තයෝ ඇඟපත මහන්සි නොකර ඔෆිස් ජොබ් කරන අපිට තුන් වේල කන්න ඕන විදිය පොඩ්ඩක් විස්තර කරලා දීපංකෝ?
     
    • Like
    Reactions: Ryan08

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
    අනිවා, මොලේ තිබ්බ ඇඹුල් දොඩම් නලලෙන් දාඩිය විදියට පිටවෙලා.. නේද අප්පුවො :unsure: :unsure: :unsure: