කාපු ජරාව දයාසිරි වමාරයි
රූපවාහිනි සංවාදයකදී ඒකාධිපති පාලනයට
එරෙහිව කතාකරමින් සිටියදී දයාසිරි දුරකථන
ඔස්‌සේ සම්බන්ධ වී කඩාකප්පල් කළාට විනය
පරීක්‌ෂණයක් ඉල්ලයි
ජයලත් ජයවර්ධනගෙන් රනිල් වික්‍රමසිංහට ලිඛිත ඉල්ලීමක්
තමා සජීවී රූපවාහිනි සංවාදයක දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත්, ආණ්‌ඩුවටත් ඔවුන්ගේ ඒකාධිපති පාලනයටත් එරෙහිව දේශපාලන වශයෙන් බරපතල ලෙස පහර ගසමින් සිටියදී කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා දුරකථනය ඔස්‌සේ ඒ වැඩ සටහනට සම්බන්ධ වී කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සහ පාර්ලිමේන්තු කණ්‌ඩායමේදී පමණක් සාකච්ඡා කළ යුතු කාරණා මතු කරමින්, ආණ්‌ඩුවට එල්ල කළ දේශපාලන ප්‍රහාරය වෙනත් දිශාවකට යොමු කරවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහාම විනය පරීක්‌ෂණයක් පවත්වන ලෙස තමා එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලි�ත ඉල්ලීමක් කළ බව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ඊයේ (23) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට ගම්පහ දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය (- එක්‌තරා සජීවී රූපවාහිනි සංවාදයකට සහභාගි වෙමින් ආණ්‌ඩුවට සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් ඒ අයගේ පවුල්වාදී ඒකාධිපති පාලනයටත් එරෙහිව දේශපාලනිකව පහර ගසමින් සිටියදී එක්‌සත් ජාතික පක්‌ෂයේම එක්‌තරා මන්ත්‍රීවරයෙකුම ඒ සජීවි සංවාදයට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සහ පාර්ලිමේන්තු කණ්‌ඩායමේදී සාකච්ඡා කළ යුqතු පක්‌ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් පිළිබඳව ප්‍රශ්න මතු කරමින් ආණ්‌ඩුවට පහර ගැසීමේ ක්‍රියාවලිය වෙනත් දිශාවකට යොමු කිරීමට උත්සාහ කළේ යෑයි කියමින් අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ඔබ ඔබලාගේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලි�තව පැමිණිළි කර තිබෙනවා නේද?
පිළිතුර (- ඔබ මේ මතු කරන්නේ සඳුදා (20 දා) දෙරණ රූපවාහිනියේ 360 සජීවී වැඩසටහනට ජනප්‍රිය ජනමාධ්‍යවේදීනි දිල්කා සමන්මලී සමග සහභාගි වෙමින් සිටියදී ඇති වූ සිද්ධිය පිළිබඳවයි.
එහිදී කුරුණෑගල දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා දුරකථනය ඔස්‌සේ සජීවීව ඒ වැඩසටහනට සම්බන්ධ වී කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සහ පාර්ලිමේන්තු කණ්‌ඩායමේදී පමණක් අප සාකච්ඡා කළ යුතු කරුණු කාරණා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ ඒ අවස්‌ථාවේදියි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එසේ ක්‍රියා කිරීම හේතුවෙන් එක්‌සත් ජාතික පක්‌ෂය වෙනුවෙන් අපේ පාක්‌ෂිකයන් දැනුවත් කොට උෙද්‍යාaගිමත් කිරීම සඳහා රජයටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් එරෙහිව දේශපාලනිකව කළ පහර ගැසිමේ ක්‍රියාවලිය වෙනත් දිශාවකට යොමු වුණා.
මේ තත්ත්වය එක්‌සත් ජාතික පක්‌ෂයටත් පක්‌ෂයේ සමගියට සහ එක්‌සත් භාවයටත් අනාගත ජයග්‍රහණයටත් අපේ පාක්‌ෂිකයන්ටත් විශාල හානියක් බව පැහැදිලිව කිව යුතුයි. අප මෙසේ ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ ප්‍රධාන විපක්‌ෂය වන එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් අතර අභ්‍යන්තර ගැටුම් තිබෙන බවට රටට ලෝකයට හෙළි වීමයි.
ප්‍රසිද්ධියේ කිලිටු රෙදි නොසේදිය යුතු බවට තිබෙන ආප්තෝපදේශය සිතට ගෙන අප කවුරුත් ක්‍රියා කළ යුතුව තිබෙනවා. අප මෙසේ කිලිටු රෙදි ප්‍රසිද්ධියේ සේදීමට ගියොත් ඒ වාසිය අත්වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයටයි. ඒ ක්‍රියාවලියෙන් සිදු වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්‌ඩුවේ වුවමනාවන් බව කිව යුතුයි.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ආණ්‌ඩුව බලාපොරොත්තු වන්නේ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා කර ගනිමින් පක්‌ෂ අභ්‍යන්තරයේ අර්බුද ඇති වී පක්‌ෂය දුර්වල වී, අඩපන වී උදාසීන වී ගම් මට්‌ටමේ සහ බිම් මට්‌ටමේ ක්‍රියාකාරීන් කළ කිරීමයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මගේ පෞද්ගලික තරහක් හෝ වෛරයක් හෝ අමනාපයක් හෝ නොමැති බව කිව යුතුයි. නමුත් ජයලත් ජයවර්ධන කියන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය විනාශ කිරීමට උත්සාහ කරන මන්ත්‍රීවරයකු යෑයි ඔහු ඒ වැඩ සටහනට දුරකථනය ඔස්‌සේ සජීවීව සම්බන්ධ වෙමින් මට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළා.
ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නැයි එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මම ලි�තව දැනුම් දී තිබෙනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා වීමට නම් සමස්‌ථයක් ලෙස විපක්‌ෂය ආරක්‌ෂා විය යුතු බව කිව යුතුයි. විපක්‌ෂය විනාශ කිරීමට විපක්‌ෂයේ මතභේද ඇති කිරීමට විපක්‌ෂය දුර්වල කිරීමට ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් ක්‍රියාත්මක කෙරෙන බව කිව යුතුයි. එක්‌සත් ජාතික පක්‌ෂය මීට ප්‍රථම විවේචනය කළ මන්ත්‍රීවරුන් මේ මෙහොතේ සිටින්නේ කොහේද කියා කවුරුත් දන්නවා.