කාබන් බද්දට සහනයක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කාබන් බද්දට සහනයක්

    කාබන් බද්දට සහනයක්

    වාහන කාබන් බද්ද මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වුවත් එය නොගෙවන වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
    එහෙත් ලබන වසරේ සිට නීතිය ක්‍රියාත්මක වන බවත් මේ නිසා මේ වසරට අදාළ කාබන් බද්ද ලබන වසරේදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී ගෙවිය හැකි බවද පවසා සිටියේය.
    කාබන් බද්ද දුම්බද්දට අමතරව අයකරන එකක් බවත් එය හදුන්වා දෙන වසර නිසා මෙම සහනය ලබාදෙන බවද ඊයේ (09 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    [FONT=Malithi_Web]වාහන සඳහා දුම් සහතිකයට අමතරව මෙම වසරේ සිට කාබන් බද්දක් ඇති කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට නියමිතය.[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web] එන්ජින් ධාරිතාවය අනුව මෙම කාබන් බද්ධ අයකෙරේ. එය වසරකට මගී බස් රථයක් සඳහා රථයේ නිිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩුනම් රුපියල් 1000 ක් ද වසර පහක් දහයක් අතර නම් රුපියල් 2000 ක්ද, වසර 10 කට වඩා වැඩි නම් රුපියල් 3000 ක්ද අය කරන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා එම දෙපාර්තමේන්තුවේදී ඊයේ (9 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීය.[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web] බස් රථවලට අමතරව දෙමුහුන් පෙට‍්‍රල් සහ ඞීසල් වර්ගයේ වාහන සඳහා නිෂ්පාදිත වර්ෂය වසර පහට අඩුනම් අශ්ව බල එකක් සඳහා ශත 25 ක්ද, වසර පහත් දහයත් අතර නම් ශත පනහක්ද වසර දහයකට වැඩිනම් රුපියලක්ද අය කරන බවද හෙතෙම සඳහන් කළේය.[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web] ඊට අමතරව පෙට‍්‍රල් සහ ඞීසල් වාහන සඳහා නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩුනම් ශත පණහක්ද වසර පහත් දහයත් අතර නම් රුපියලක්ද වසර දහයකට වැඩි නම් රුපියල් එකයි ශත පණහක්ද ඒ ඒ වාහනවල අශ්ව බල ධාරිතාවය අනුව මෙම බද්ධ අය කරන බවද ඒ මහතා කීය.[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web] මෙම බද්ද ඉලෙක්ට්‍රොනික වාහන සඳහා අය නොකරන බවද හෙතෙම පැවැසීය. [/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web] මේ අනුව වාහන අයිතිකරුවකු රක්ෂණය, වාහන ආදායම් බලපත‍්‍රය, දුම් සහතිකය සහ කාබන් බද්ද ගෙවීම අනිවාර්ය වන අතර වාහනය සඳහා ආදායම් බලපත‍්‍රය ලබා ගන්නා විට මෙම කාබන් බද්ද අයකර ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා කී අතර එය 2019 යට අනිවාර්ය නොමැති බව ද 2020 වසරේදී කාබන් බද්ද 2019 වසරේ බද්ද සහ ඊට අදාළ පොලිය සමගද ගෙවිය යුතු බවත් කීය.[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web] මේ වනවිට මෙරට තුළ වාහන ලක්ෂ 77 ක් පමණ ලියාපදිංචි කර ඇති අතර ඉන් ලක්ෂ 44 ක් පමණ ධාවනය වන බවට ගණන් බලා තිබේ.[/FONT]
    [FONT=Malithi_Web]
    [/FONT]
     

    Similar threads