කාබන් බද්දේ හෙළුව

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කාබන් බද්දේ හෙළුව

    ආණ්ඩුව මගින් හඳුන්වා දුන් කාබන් බද්ද සම්බන්ධයෙන් මේ වනවිට විවේචන රැුසක් එල්ල වී තිබේ. එම විවේචන ඉදිරිපත් කරන්නන් අතර පෞද්ගලික බස් සංගම් පමණක් නොව පාරිසරික විද්වත්හුද සිටිති. මේ මාසය තුළ සියලූ පොදු ප‍්‍රවාහන සේවා වලින් කාබන් බද්ද අය කිරීම ඉවත් නොකළහොත් වෘත්තීය කි‍්‍රයා මාර්ගවලට එළැඹෙන බව පොදු ප‍්‍රවාහන සංගම් රජයට දැනුම්දී තිබේ. දැනටමත් දුම් සහතිකය සඳහා බද්දක් අය කරමින් තිබියදී යළි කාබන් සඳහා බද්දක් අයකිරීම බලවත් අසාධාරණයක් බව ඔවුහු පවසති.

    2018 අංක 35 දරණ මුදල් පනත මගින් හඳුන්වාදුන් කාබන් බද්ද 2019 ජනවාරි 01 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මෝටර් රථවල වයස් සීමාව අනුව වර්ගීකරණ තුනක් යටතේ එන්ජින් ධාරිතාව පදනම් කරගෙන එහි එක් ඝන සෙන්ටිමීටරයක් (cm³) සඳහා වාර්ෂිකව බදු මුදල් අය කරනු ලබයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියකට රුපියල් 62ක්ද, එන්ජින් ධාරිතාව 1000 මෝටර් රථයක් සඳහා රුපියල් 500 ක්ද, ධාරිතාව 2600 ජීප් රථයක් සඳහා රුපියල් 1300 ක්ද වාර්ෂිකව අයකරනු ලබයි. මීට අමතරව වසර 5 ට අඩු මගී බස් සඳහා රුපියල් 1000 ක්ද, වසර 5-10 ත් අතර බස් රථ සඳහා රුපියල් 2000 ක්ද, වසර 10 වැඩි බස්රථ සඳහා රුපියල් 3000 ක්ද අයකරනු ලබයි. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ කාබන් බද්දෙන් නිදහස් කර ඇත.

    කාබන් බද්ද හඳුන්වාදෙමින් ආණ්ඩුව පැවසුවේ නීල හරිත ආර්ථිකය යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස මෙම බද්ද හඳුන්වා දෙන බවයි. එය ඉතාමත් යහපත් සිතුවිල්ලකි. මේ වන විටත් නාගරික වායු දූෂණය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල දැවැන්ත පාරිසරික අර්බුද නිර්මාණය වී තිබේ. එම නිසා වායුගෝලයට පිටවන දුම අවම කිරීම සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීම ගැන කිසිදු ගැටලූවක් නැත. නමුත් ශ‍්‍රී ලංකාව එවැනි තීන්දුවක් ගෙන තිබෙන්නේ පරිසරය ආරක්‍ෂා කරගැනීමටද, නැත්නම් ජනතාව තවත් පීඩාවට පත්කර ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමටද යන්න විමසා බැලිය යුතුවේ.

    ලෝකයේ බොහෝ රටවල කාබන් බද්ද පනවනු ලබන්නේ ඉහළ එන්ජින් ධාරිතව සහිත පැරණි මෝටර් රථ සඳහාය. මන්ද මෙම සාධක දෙක වායුගෝලීය දූෂණයට විශාල බලපෑමක් එල්ල කරන බැවිනි. වසර 15 ට වඩා පැරණි ට‍්‍රක් රථ ඉන්දියාවේ දිල්ලි නගරයට ඇතුළුවීම තහනම් කර තිබෙන්නේ මෙම තියරිය අනුවය. යුරෝපයේ බොහෝ ප‍්‍රධාන නගරවලද මෙම නීතිය කි‍්‍රයාත්මක වන අතර එම නගරවලට ඞීසල් මෝටර් රථ ඇතුළු වීමද තහනම් කර තිබේ. මෙම රටවල කාබන් බද්ද මගින් උපයනු ලබන සියලූ මුදල් වැයකරනු ලබන්නේ දූෂණය වූ වායු ගෝලය නැවත පිරිසිදු කර නාගරික වැසියන්ට සුවදායක පරිසරයක් නිර්මාණය කරදීම සඳහාය. මේ වන විට ඉන්දියාව ඇතුළු බොහෝ යුරෝපා රටවල ප‍්‍රධාන නගරවල වායු දූෂණය මැනීමේ යන්ත‍්‍ර සවිකර දිනෙන් දින වායු දූෂණය ගණනය කරනු ලබයි. එම දත්ත රටේ පුරවැසියන්ට ජංගම දුරකථනයෙන් දැකගත හැකිවන පරිදි තාක්‍ෂණයෙන්ද සන්නද්ධ කර තිබේ.

    එම දත්ත අනුව වායු දූෂණය ඉහළ දිනවල නගරයට ඇතුළු වන රථ වාහන පාලනය කර නගර වැසියන්ට ඇති කරන සෞඛ්‍ය බලපෑමද අවම කරනු ලබයි. නමුත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව මගින් උපයන කාබන් බද්දට එවැනි උතුම් අරමුණක් තිබේද?

    මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ‍්‍රී ලංකාවේ වාහන ගහණය ලක්‍ෂ 70 කට ආසන්න වේ. මෙම වාහන වලින් 10% ක් පමණ දිනපතා කොළඹ නගරයට ඇතුළු වේ. මෙම වාහන තදබදය හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ බොහෝ නගරවල වායු දූෂණය පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය. නමුත් එම වායු දූෂණය මැනගැනීමට අපට ක‍්‍රමවේදයක් නැත. මධ්‍යම පරිසර අධිකාරියට ඇත්තේ දූවිලි අංශු මැන ගැනීමේ තාක්‍ෂණය පමණි. අඩුම තරමින් ශ‍්‍රී ලංකාවේ වැඩිම වායු දූෂණයක් සිදුවන මහනුවර නගරයේවත් වායු දූෂණය මැනීමේ ක‍්‍රමවේදයක් තවමත් අපට නැත. ඒ වගේම එන්ජින් ධාරිතාව 2600 වැඩි මෝටර් රථවලට බදු ගසන්නට පෙර ආණ්ඩුව තමන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා ගෙන්වනු ලබන ඪ8 වර්ගයේ ජීප් රථ ගෙන්වීම නතර කළ යුතුව තිිබිණි. එම ජීප් රථ ගෙන්වීමට බදු සහන ලබාදී අඩුම කාබන් දහනයක් සිදුවන යතුරු පැදිකරුවන්ට බදු ගැසීමෙන් ආණ්ඩුව තමන්ගේ බදු කෙළියේ හෙළුව රටටම පෙන්වා දී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ පාරිසරික අණපනත්වලට අනුව පරිසරය රැකගැනීම සඳහා අයකරන බදු මුදල් වෙනත් ගිණුම් වලට බැර කිරීම නීති විරෝධීය. එම නිසා කාබන් බද්ද මගින් උපයන ආදායම වැයකළ යුත්තේ පරිසරය රැුක ගැනීම සඳහා පමණි. නමුත් ඒ සඳහා කළයුතු ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම්වලට ආණ්ඩුව තවම අතවත් තබා නැත. කාබන් බද්ද ආණ්ඩුවේ දූෂණ පියවන තවත් බද්දක් බවට පත් කිරීමට ඉඩදිය යුතු නැත. බද්දේ ආදායම ගැන ජනතාව විමසිල්ලෙන් පසුවන බව ආණ්ඩුව හොඳින් මතක තබා ගත යුතුය.


    Source - divaina.com 11-07-2019
     
    • Like
    Reactions: kkr

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    කාබන් බද්ද හඳුන්වාදෙමින් ආණ්ඩුව පැවසුවේ නීල හරිත ආර්ථිකය යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස මෙම බද්ද හඳුන්වා දෙන බවයි. එය ඉතාමත් යහපත් සිතුවිල්ලකි. මේ වන විටත් නාගරික වායු දූෂණය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල දැවැන්ත පාරිසරික අර්බුද නිර්මාණය වී තිබේ. එම නිසා වායුගෝලයට පිටවන දුම අවම කිරීම සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීම ගැන කිසිදු ගැටලූවක් නැත. නමුත් ශ‍්‍රී ලංකාව එවැනි තීන්දුවක් ගෙන තිබෙන්නේ පරිසරය ආරක්‍ෂා කරගැනීමටද, නැත්නම් ජනතාව තවත් පීඩාවට පත්කර ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමටද යන්න විමසා බැලිය යුතුවේ.


    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ වැඩ තමයි ඕව..කාට නැතත් තාමත් පොන්නයට කඩේ යන ගූ ඇන් පි බල්ලො බැල්ලියන්ට නම් කාබන් බද්ධ හොද ඇති..මොකෑ ඉතින් නලුවෙක් නොව මොලයක් කියලනෙ හිතාගෙන ඉන්නෙ,සක්කිලි පොන්න බල්ලව..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mekata mchn wisadumak ane manda hithaganna bh

    gov eken nam karanne meh parisara dushanaya awma karanwata wada meken hamba karana eka


    dan balahn man gawa bike ekak thiyenwa fail wenawa man petrol adu karan awith pass wenawa apahu yana gaman wadi karagena yanawa

    man kiyanne bike eka wisik karana eka newei loku ganak wiyadam karana ekath newei ane manda mewata wisadumak denna amarui wage
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    රටකට ඕනෑ අපමණ අගයක්..
    ඒකට ඕනෑ කාබන් බද්දක්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයගෙ වැඩ තමයි ඕව..කාට නැතත් තාමත් පොන්නයට කඩේ යන ගූ ඇන් පි බල්ලො බැල්ලියන්ට නම් කාබන් බද්ධ හොද ඇති..මොකෑ ඉතින් නලුවෙක් නොව මොලයක් කියලනෙ හිතාගෙන ඉන්නෙ,සක්කිලි පොන්න බල්ලව..

    pissuda bn.

    dan ube arch rival sadun buwa pawa wenas wela...
    :baffled: