ලෝකයට කාබන්
මුදා හරිනවා වෙනුවට
ඒවා අවශෝෂණය කරගන්නා
රටවල් අද ඉතිරිව පවතින්නේ
එකම එකක් පමණයි.
ඒ රට දකුණු ආසියාවේම
පිහිටීම අපටද ආඩම්බරයක්.
ඒ රට වන්නේ "භූතානය" යි.
භූතානය හැර....
ලොව අන් සියළු රටවල්
ශුද්ධ කාබන් විමෝචකයන්
හෙවත් කාබන් ධන රටවල් ලෙස හැඳින්වෙනවා.
යම් පුද්ගලයෙක්ට
‘කාබන් උදාසීන හෝ ඍණ’ වීමට නම් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වන්නට සිදු වෙනවා.
කාබන් ඩයොක්සයිඩ් වා තලයට මුසු කරන්නට දහසකුත් එකක් ක්‍රම තිබුණත් එය අවශෝෂණයට කළ හැකි දේවල් එක්වරම අපට හිතා ගන්නත් බැහැ නේද...?
මේ සඳහා අප කාටත් කළ හැකි පහසුම ක්‍රියාකාරකම ගස් සිටුවීමයි.
භූතානය දකුණු ආසියාවට අයත්ව හිමාල අඩවියේ පිහිටා ඇති කුඩා කඳුකර රාජ්‍යයක්.
මෙහි ජනගහනය 750,000ක් පමණයි. කාබන් ඍණ රාජ්‍යයක් වීමේ මූලික අඩිතාලම මේ රටට වැටෙන්නේ එහි ස්වභාවික පරිසරයෙන්මයි. අදටත් මෙහි භූමි ප්‍රමාණයෙන් 72% ක ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී තිබෙනවා....
ලෝකයේ වෙනත් රටවල වනාන්තර ශීඝ්‍රයෙන් ක්ෂය වී යන මේ කාලයේ සිය වන වැස්ම උපරිම ලෙස ආරක්ෂා කර ගැනීමට භූතාන රජය කටයුතු කර තිබීම ප්‍රශංසනීයයි. කොටින්ම ලෝකයේ අනෙක් රට වල වන වැස්ම අඩු වන විට 2004 වසර වන විට 69%ක් ව තිබූ භූතාන වන වැස්ම 2016 වන විට 72% දක්වා වැඩිකර ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා!
වෙන විදියකට කිව්වොත්
අපි පැළ 2500ක්
සතියකට සිටුවනවා...
එන්න අපි එකතු වෙලා
මේ වැඩේ කරමු.