කාමරංගා අර්බුදය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    කාමරංගා අර්බුදය

    කැවුම් කැවොත්......සිංහලයා මෝඩයා....
    පොල් හොඳ නැ...එළවලුතෙල් පාවිච්චි කරන්ඩ...
    ලක්ස්ප්‍රේ හොඳම නැ....සෙම

    කාමරංගා අර්බුදය ((උපුටාගැනීමකි))
    ==============================================
    මා මිත්‍ර වෛද්‍ය Ishara Pushpamali විසින් මෙම සමූහය තුළ පළ කර තිබූ අළුත්ම ‘කාමරංගා‘ අර්බුදය පිළිබද පෝස්ටුව හා සබැදේ. ඊට ඈදිය යුතු වුවත් තරමක් දිගු හෙයින් (මෙම සමූහයේද බොහෝ දෙනෙක් මේ පිළිබද විමසිලිමත් වූ නිසා) වෙනම පළ කරමි.

    කාමරංගා මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ දියවැඩියාව පාලනය උදෙසා එහි ඇති හැකියාව නිසා බව අමුතුවෙන් කිව මනා නොවේ. නමුත් සමස්ථ ලෝකයේම කාමරංගා පිළිබද අවධානය යොමු වූයේ එය සතු සුවිශේෂී ගුණාංග කිහිපයක් නිසාවෙනි. එක් අතකින් එය රුධිරගත සීනි මට්ටම යාමනය කිරීමට දායක වනවා සේම රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කිරීමට සමත් ය. එසේම අද ලෝකයේ පිළිකා සහ වෙනත් බෝ නොවන රෝග පාලනය කෙරෙහි වැඩිමනත් බලපෑමක් එල්ල කරනු ලබන සංඝටකයක් ලෙස සැලකෙන ප්‍රති ඔක්සිකාරක (Anti-oxidants) වලින් ද කාමරංගා පොහොසත් ය. මේ ආදී හේතූන් නිසා කාමරංගා ඉතා ජනප්‍රිය පළතුරක් වූවා සේම ඊට හොද ප්‍රචාරණයක් හා පිළිගැනීමක් ද ලැබුණි. විටමින් සී, epicatechin හා gallic acid වැනි ප්‍රති ඔක්සිකාරක, folates, riboflavin හා pyridoxine වැනි බී කාණ්ඩයේ විටමින ආදී පෝෂකයන්ගෙන් අනූන තන්තු සහිත පළතුරක් වූ කාමරංගා සතු ඉහළ ඔක්සලික් අම්ල ප්‍රතිශතය හා caramboxin නම් ස්නායුක විෂ පදාර්ථය අද වන විට එහි ගුණ වසා ප්‍රකට වන බවක් පෙනේ.

    මෙම කාමරංගා පිළිබද සංවාදයට තුඩු දුන් විශේෂඥ වෛද්‍යතුමන් දක්වන කරුණු (ඇතැම්විට එය නැවත ලියූ මාධ්‍යවේදී මහතා දැමූ ආලවට්ටම් ද විය හැක.) පිළිබද සියයට සියයක් එකග විය හැකි ද යන්න ගැටළුවකි. කාමරංගා සතු ඔක්සලේට් ගැටළුව සැබෑවක් නමුත් එය අද ඊයෙක මතු වූවක් නොවේ. ඔක්සලේට් වල ගැටළුව තිබෙන්නේ ද ඒවා කැල්සියම් සමග බැදී සාදන කැල්සියම් ඔක්සලේට් ස්ඵටික මුත්‍රාශ්මරී ඇති කිරීමට දක්වන සමත්කම යි. නමුත් එය වෘක්ක අකර්මණ්‍යතාවයක් තරම් වූ සංකීර්ණ තත්වයක් කරා සැණින් පෙළඹේ යැයි සිතීම නම් අභව්‍ය වූවකි. ආහාරයක පවතින ඔක්සලේට අවශෝෂණය කරනුයේ මූලිකව මහාන්ත්‍රයෙනුත් අතිරේකව කුඩාන්ත්‍රයෙනුත් ය. මීට අමතරව ශරීරය තුළ ම නිපදවෙන ඔක්සලේට් ප්‍රමාණයක් ද පවතී. මේ කුමන ආකාරයේ හෝ ඔක්සලේට රුධිර ධාරාවට එක් වී වෘක්ක හරහා පෙරී යයි. අවශෝෂණය නොවූ ඔක්සලේට මල මගින් බැහැර වෙයි. රුධිර ධාරාවට එක් වූ ඔක්සලේට කැල්සියම් සමග සම්බන්ධ වූ විට ජල අද්‍රාවී කැල්සියම් ඔක්සලේට් ස්ඵටික තනයි. මෙම ස්ඵටික තරමක විශාල ඒවා නම් වෘක්ක තුළ පවතින කුඩා නාල අවහිර විය හැකි අතර මෙය සාමාන්‍යෙයන් දක්වන මුත්‍රාශ්මරී නැතහොත් ‘වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල්‘ තත්වය යි. මෙම තත්වය ඇති වීම කෙරෙහි බලපාන එකම සාධකය ඔක්සලේට් අඩංගු ආහාර (මෙහිදී නම් කාමරංගා කෑම හෝ බීම) ගැනීමම යැයි පැවසීම කෙතරම් සාධාරණ ද? මෙම තත්වය ඇතිවීමට නම් ඔක්සලේට් මෙන්ම රුධිරයේ කැල්සියම් මට්ටම ද ඉහළ අගයක තිබිය යුතු ය. අනෙක් කාරණය මෙම ස්ඵටික නිර්මාණය වන්නේ ඉහළ සාන්ද්‍රණ අගයක දී ය. එනම් ජලය භාවිතය ඉතා අඩු විටදී ය. මේ සියල්ල අතහැර කාමරංගා වලට ඇගිල්ල දික් වන්නේ ඇයි?

    අනෙක් කාරණය නම් සෑම ශාකයකම පාහේ ඔක්සලේට් අන්තර්ගත ය. ශාක තුළ කැල්සියම් සංචායක උපක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ. නමුත් ශාකයක අන්තර්ගත ඔක්සලේට ප්‍රමාණය විචලනය කරන සාධක ගණනාවක් පවතී. එකම විශේෂයේ වුවත් ශාක දෙකක් පිහිටන පරිසරය, ජලයෙහි හා පසෙහි සංයුතිය ආදී කාරණා මත එය වෙනස් වේ. උදාහරණයක් ලෙස අර්තාපල් අලවල පවතින ඔක්සලේට් ප්‍රමාණය අර්තාපල් අල ග්‍රෑම් 100කට මි.ග්‍රෑ. 5.5 සිට 30 දක්වා වූ විශාල පරාසයක් තුළ පවතියි. එම පරාසය තීරණය කරනුයේ ඉහත පාරිසරික සාධක යි. එය හුදෙක් ගසෙහිම ප්‍රශ්නයක් නොවේ.

    දෙවන කාරණය ඔක්සලේට් අන්තර්ගත එකම ප්‍රභේදය කාමරංගා ද යන්න යි. කාමරංගාවලට ඉහළින් ඔක්සලේට හෝ ඔක්සලික් අම්ලය අන්තර්ගත ආහාර බොහොමයක් වාර්තා වෙයි. ඒ අතර අර්තාපල්, බීට්, ආමන්ඩ්, පීනට් බටර්, අෆ්‍රිකට්, තක්කාලි, තද කොළ පැහැති එළවළු මේ සියල්ල වෙයි. මීට අතිරේකව චොකලට්, කෝලා බීම හා කෝපි ද ඔක්සලේට දරයි. එවිට ඔය කියන ගැටළුව කාමරංගාවලට පෙර මේ ආහාර වලින්ද මතු විය යුතු ය. එසේම විටමින් සී සහිත ඕනෑම ආහාරයක් නිසා ද මේ ගැටළුව ඇති විය හැක. මන් ද විටමින් සී පරිවෘත්තියේදී ඍජුවම ඔක්සලේට බවට පරිවර්තනය වීමට දරන හැකියාවයි. ඒ අනුව විටමින් සී පෙති ගිලින්නන් ගැන කුමක් නම් කිව මනා ද?

    තුන්වන කාරණය මේ ඔක්සලේට අඩංගු ආහාර ලබා ගත්ත ද අපගේ ආන්ත්‍රික බැක්ටීරියා කොලනි මගින් ඒ මත සිදු කරන කාර්යය යි. oxalobacter formigenes නම් බැක්ටීරියා විශේෂය මගින් ආහාරයෙහි පවතින ඔක්සලේට බිද හෙලා අවශෝෂණය අඩාල කරයි. නමුත් ඉවක් බවක් නොමැති ප්‍රතිජීවක භාවිතය නිසා මෙම කොලනි ද වැනසී යයි. ඉන් සිදු වන්නේ ඔක්සලේට ශරීරය තුළ සාන්ද්‍රණය වීමයි.

    මේ සියල්ල අතහැර කාමරංගා වෘක්ක අකර්මණ්‍ය කරන මහා භූතයෙක් ලෙස හුවා දැක්වීම කිසිසේත් ම සාධාරණීකරණය කළ නොහැකි වනු ඇත. මීට අදාලව සිදු වූ පුද්ගලානුබද්ධ අධ්‍යයනයන් (Case studies) දෙකක් තුළදී පමණක් වකුගඩු ආබාධිත පුද්ගලයන් දෙදෙනෙක් ගේ එම තත්වය උත්සන්න වීමට නිතර කාමරංගා අනුභවය හේතු වී යැයි නිගමනය කළ වාර්තා දෙකක් පවතියි. එහිදී ද අවධාරණය කළ යුත්තේ ඔවුන් ඒ වන විටත් වෘක්කාබාදයන්ගෙන් පෙළෙමින් සිටි අය විනා කාමරංගා කෑමෙන් වෘක්කාබාධ ඇති වූ අය නොවන බවයි. අනෙක් කරුණු ඒ සදහා බලපෑ එකම සාධකය කාමරංගා ලෙස නිගමනය කළේ කිනම් පදනමක සිට ද යන සාධාරණ සැකයයි. වෘක්කාබාධ තත්වයන්ගෙන් පෙළෙන අයට අපත්‍ය ආහාරයක් ලෙස කාමරංගා දැක්වීමෙහි දෝෂයක් නොදකිමු.(ඊට කාමරංගාවලට අමතරව ඔක්සලේට බහුල අනෙක් ආහාරද ඇතුළත් විය යුතුය.) ඒ එහි ඇති ඔක්සලේටවල ක්‍රියාව මෙන්ම caramboxin ස්නායු විෂ පදාර්ථයෙහි ක්‍රියාව නිසාවෙනි.(මෙය අදාල වාර්තාවේ දැක්වීමට ස්මරණ නොවූ හැඩයි.) වෘක්කීය ක්‍රියා නිසි පරිදි සිදු නොවන විට එකී විෂ පදාර්ථය ශරීරය තුළ ශේෂ වීමෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා ඇති කරනු ඇත. වෘක්ක නිරෝගී නම් එම පදාර්ථයන් ශරීරයෙන් බැහැර කරනු ඇත.

    ආයුර්වේදයෙහි කඵ වාත ශාමක ඔසුවක් ලෙස ද දක්වන කාමරංගා පොදු සමාජය තුළ කොතෙකුත් අපි පරිභෝජනය කර ඇත්තෙමු. නමුත් මෙවැනි හදියක් මෙතෙක් කල් සිදුව නැත. ගෝලීය සමාජය තුළ මීට කලකට පෙර සාකච්ඡා වූ කාමරංගාවල ඇති මේ අගුණ ද්වය එකවරම මෙරට සමාජය තුළ ඉස්මතු වූයේ ඇයි ද යන්න ද ගැටළුවකි. කෙසේ නමුත් මේ පිළිබද මාගේ නම් අදහස වෘක්ක ආශ්‍රිත ආබාධ තත්වයක් හෝ මුත්‍රාශ්මරී පිළිබද ගැටළුවක් නොමැති නම් කාමරංගා ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බවයි. ඕනෑම දෙයක හොදක් සේම නරකකුත් ඇත. එසේ නොමැති ඔසුවක් නම් ඒ අමෘතයම ය. එනයින් ගත යුතු තැන ගෙන හරලිය යුතු තැන හැරලිය යුතු ය. මේ සියල්ල මෙසේ තිබියදී ලක් වැසි සැමට තවත් සතියකට දෙකකට කතා කිරීමට හොද මාතෘකාවක් ලැබී ඇත. ඒ කතාව අතර තුර වාසි ගන්නෝ සිය වාසි උපරිමයෙන් ග්‍රහණය කරගනු ඇත.
    ===========================================
    සටහන - වෛද්‍ය ජනක ජයලත්

     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    tfs macho
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    rep lebunama dennam
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    කාමරංගා විතරක් නෙමෙයි .සෙම නසන පාවට්ටා තහනම් කිරීමෙන් පෙනෙන එකම දෙයනම් මිනිස්සුන්ව පෙතිවලට හුරුකර ලෙඩ්ඩු බවට පත් කිරීමයි .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    විටමින් සී සහිත ඕනෑම ආහාරයක් නිසා ද මේ ගැටළුව ඇති විය හැක. මන් ද විටමින් සී පරිවෘත්තියේදී ඍජුවම ඔක්සලේට බවට පරිවර්තනය වීමට දරන හැකියාවයි. ඒ අනුව විටමින් සී පෙති ගිලින්නන් ගැන කුමක් නම් කිව මනා ද?

    කියවන්ඩ කම්මැලි වුණ්ට :cool:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කැවුම් කැවොත්......සිංහලයා මෝඩයා....
    පොල් හොඳ නැ...එළවලුතෙල් පාවිච්චි කරන්ඩ...
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    මාත් හිටියේ හෙන අවුලකින් මමත් කනව යකෝ මේව මාර විදිහට
    හැබැයි මේ වෙනකම් කිසි හෙනයක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපිට කන්ඩ ගෙඩියක් ඉතුරු කරන්නෙ නෑ
    ගැට කාලෙම ගිරව් ඇවිල්ල කනව :angry:
    දවසක් එකෙක් මගෙ ඇඟට බෙට්ටකුත් දැම්ම. බෙට්ට තනිකර කොල පාටයි :P