කාමරේ-රෑට

sanumadu

Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    එකම කාමරේ රෑට එක්කෙනෙක් දවල්ට තව කෙනෙක්

    10-antige-bodima.jpg


    අපි ජීවිතේ ගොඩක් දේවල් අතෑරලා කොළඹට එන්නේ අලුත් දේවල් සොයාගෙන. අලුත් හීන සොයාගෙන. මේ විදිහට කොළඹට එන ජීවිත අතරේ තරුණ ජීවිත මේ විසිතුරු කොළඹ වටපිටාව ඇතුළේ ගල් ගැහෙනවා. තවත් සමහරු මේ විසිතුරු කොළඹ එළියට වහ වැටෙනවා. කොළඹ කියන්නේ නරකාදියක් නෙමෙයි. හැබැයි කාටවත් තේරුම් ගන්න බැරි විෂමාකාර සමාජයක්.

    රැකියාවක් සොයාගෙන එහෙම නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට කොළඹට පය තියන ගමේ ඉන්න ගොඩක් දෙනා හීන දකිනවා. ඒත් අලුත් හීන සොයාගෙන කොළඹට එන තරුණ ජීවිතවලට ඒ හීන දකින්න පුළුවන්ද? ඒ හීන දකින්න ජීවිතේ කොයි තරම් දුකක් වේදනාවක් විඳිනවද? කියලා මතුපිටින් අපට පේන්නේ නැහැ. ඇත්තටම හීන දකින්න නම් සුවබර නින්දක් ඕන. මේ කොළඹ ජීවිතේ අමාරුම දේ වන්නෙත් නින්ද සොයා ගන්න එක. කොළඹ ජීවිතේ කියන්නේ දුක, සැප, රස හැමදේම මිශ්‍ර වුණු ජීවිතයක්. මේ ගෙවන කොළඹ ජීවිත ඇතුළේ ඔබ නොදන්න බොහෝ දේවල් තියෙනවා.

    පසුගිය සතියේ “ඇන්ටිගේ බෝඩිම” තුළින් අපි ඔබට කිව්වෙත් මේ සමාජයේ සිදුවන නුහුරු නුපුරුදු අලුත් දෙයක් නෙවෙයි. කොළඹ බෝඩිං ජීවිත ඇතුළේ සිදුවන ඛේදනීය සිදුවීමක් විතරයි. එතනින් එහාට මේ ජීවිතවල ලියවුණු තවත් ඔබ අප නොදන්න ගොඩක් දේ තියෙනවා.

    කොළඹ බෝඩිං කියන්නේ හරි අමුතු තැනක්. මේ අමුතු තැනේ හරි අමුතු අමුතු දේවල් වගේම හීන අරන් කොළඹ ආපු ඒත් හීන නොදකින බහුතරයකුත් ඉන්නවා. එහි චරිත කිහිපයක්ම අපට මුණ ගැහුණේ බෝඩිං සොයා ගෙන ගිය ගමනෙදී. බලන්න හීනෙකින්වත් හිතන දේවල්ද මේ සමාජයේ සිදුවන්නේ කියලා.

    එක පෙළට බැඳි ගඩොල් බිත්තිවලින් වට වුණු බැලූ බැල්මට පාසලක පන්තිකාමර වගේ හිතන්න පුළුවන්ද? මේ බෝඩිං කියලා. ඒත් කොළඹට එන තරුණ ජීවිත හීන දකින්නේ මේ තැන්වලදි.

    බෝඩිම බලන්නද ආවේ. මෙට්ටෙ රු. 500යි. නාගන්න තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න පොඞ්ඩක් එහා තියෙනවා නාන බාල්දිය (මේ නාන බාල්දිය කියන්නේ මරදාන, කොටහේන, කොටුව, කොම්පඤ්ඤවීදිය ස්ථානවල තියෙන පොදු නාන ළිං ගෑණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොම ඉන්නවා.
    බයවෙන්න එපා ආරක්ෂාව උපරිමයි.” ඒ බෝඩිමේ අයිතිකරු.

    ඒත් කොහාමද ගෑනු පිරිමි එකට ඉන්නේ එකට බුදියගන්නේ නෑනේ. එක කාමරේ දවසට අපි දෙන්නෙකුට දෙනවා.

    ඒ කොහොමද දෙන්නෙකුට දෙන්නේ? මෙතන විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවා. ඒ ළමයි උදේට ගියාම එන්නේ රෑට. ගාමන්ට් යන රෑ වැඩ කරලා එන ළමයා උදේ ආවම එන්නේ නිදාගන්නනේ. එකම කාමරේ දෙන්නෙකුට දීලා දෙන්නගෙන්ම සල්ලි ගන්නවා. මේ මෙට්ටේ රෑ නිදා ගත්තේ ගැනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියන එක අලුතෙන් එන කෙනාට අදාළ නෑනේ.

    කාමරේ කිසිම දෙයක් නැහැ. මෙට්ටයක් විතරක් නවලා තියෙනවා. එන කෙනා එන්නේ නිදා ගන්නනේ. තවත් මොනවද ඉතින් මෙට්ටෙට රු. 500/= අරන් කාමරේ දෙනවා.”

    ගහක් කොළක් නැති කොළඹ තියෙන සරලම බෝඩිං ජීවිතේ ගෙවෙන්නේ මේ විදිහට. මේ ජීවිතෙත් ගෙවන තරුණ තරුණියොත් අපේ සමාජයේ ඉන්නවා. මේ බෝඩිමේ ජීවිතේ ගැන එක් තරුණියක් අපට කිව්වේ මේ විදිහට.

    “මාත් එක්ක තව නංගිලා 5 දෙනෙක් ඉන්නවා. මම විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙන ගන්නේ. මගේ ගම පොළොන්නරුවේ. විශ්වවිද්‍යාලයට තේරිලා කොළඹ ආවේ ලොකු දුෂ්කරතා මැද්දේ. අම්මා ඉන්නේ රට. තාත්තා හේන් කොටනවා. බෝඩිං ජීවිතේ නම් කියලා වෑඩක් නෑ. වියදම් සල්ලි හොයා ගන්න මම පොඩි න්‍දඉ එකක් කරනවා. උදේට දේශනවලට සහභාගි වෙලා රෑ 7 න්‍දඉ එකට යනවා. රෑ කෑම එක වැඩ කරන තැනින් හම්බ වෙනවා. රෑ 12 තමයි වැඩ ඉවර වෙන්නේ. ඉස්සර මම හිටියේ හොස්ටල් එකේ. රෑ වෙලා ආවම හොස්ටල් යන්න බැරි නිසා හැමදාම අනිත් නංගිලාත් එක්ක කොහේට හරි වෙලා නිදා ගන්නවා කැම්පස් එකේම. හැමදාම ඒක කරන්න බැරි නිසා රුපියල් 500 දීලා මේ බෝඩිමට ආවේ. මේ බෝඩිම් ඒ වෙලාවට සල්ලි දීලා ඉන්න ඒවා. අපි හැමදාම හිටියත් මෙට්ටෙ ගාණ දුන්නම ඒ වෙලාවට ඉන්න පුළුවන්. මේක කරන අංකල්ගෙත් පුංචි පුංචි අමනුස්ස ගති තියෙනවා. ඇඟ බේරගෙන ඉන්න ඕන ඉතින්. මෙතන ඉන්නේ... මේ රස්සාව කරන්නේ කර කියාගන්න දෙයක් නැති කමට. මේ සමහර කාමරවල ගණිකාවොත් ඉන්නවා. සාමාන්‍ය රැකියාවට යන ගැහැනු පිරිමිත් ඉන්නවා. මේ අංකල් දෙන්නේ මෙට්ටෙ විතරයි. බඩු මොනව හරි තියෙනව නම් කාමරේ අයිනකට කරලා තියන්න පුළුවන්.
    මොකද අපි ගියාට පස්සේ කවුරු හරි ආවොත් අංකල් සල්ලි අරන් මෙට්ටෙ නිදාගන්න දෙනවා. නාන්න වැසිකිළි පහසුකම් පොදු ඒවා තමයි පාවිච්චි කරන්නේ. ලෙඩ හැදෙනවා මොනවා කරන්නද? ඇඳුම් අඳින ඒවා හැමෝටම පේනවා. ඒවා දිහා බලා ඉන්න මානසික පිස්සෝ හරියට මේ පැත්තේ ඉන්නවා.
    රෑට වැඩ කරන තැනින් කාලා, උදේට කැම්පස් එකෙන් බත් එකක් අරගෙන ඒකෙන් ටිකක් කාලා දවල්ට ඉතුරු කරනවා.

    කොළඹ බෝඩිං ජීවිතේ ගැන මේ අපට හමුවුණු තවත් තරුණයෙක්.

    හැම ළමයෙකුටම ආර්ථික දුෂ්කරතා තියෙනවා. ඒත් මේ බෝඩිං කරන ගෑණු පිරිමි තමයි අහිංසක ජීවිත විනාශ කරන්නේ. අහස උසට බෝඩිං ගාස්තු පිරිමි ඉන්න ගෙවල්වල ගෑණු ළමයින්ට කරදර වෙනවා. අපේ ළමයි කියලා තියෙනවා. කාටවත් කියන්න බැහැ ලැජ්ජයි. ලැජ්ජාවට හැම දේම හංඟගෙන ඉන්නවා. මේක ගෑනු ළමයි විතරක් නෙවෙයි පිරිමිත් දූෂණය වෙන කාලයක්. මම මගේ අත්දැකීමක්ම කියන්නම්. මම මුලින්ම හිටියේ විශ්වවිද්‍යාලය කිට්ටුවම බෝඩිමක. ඒක කළේ කැම්පස් එකට සම්බන්ධ අක්කා කෙනෙක්. අපි පිරිමි හය දෙනෙක් හිටියා. කොල්ලෝ මහපොළෙ හම්බවෙන දාට රෑට පාටි දානවා බෝඩිමේ අක්කා තමයි අපට බයිට් හදලා දෙන්නේ. ඉස්සර අක්කාගේ වෙනසක් මට තේරුණේ නැහැ. මාවත් මෙතනට වැටුණේ මගේ යාළුවෙක් හරහා අක්කා ගෑනු ළමයි තියාගන්න කැමැති නැහැ. අපේ කොකු ගහපු එවුන්ට කෙල්ලව ගෙදරට ගෙන්න ගන්නත් උදව් කරනවා. ඒ වුණාට අක්කා හිත යටින් තරහයි. මොකද අක්කා කැමැති මල්ලිලාට. අපේ කාමරේ යතුර තියෙන්නෙත් මල් පෝච්චියක් යට. සතියෙන් සතිය යතුර තියෙන මල් පෝච්චිය වෙනස් වෙනවා. මල් පෝච්චිය වෙනස් කළේ නැත්නම් අපි එන්න කලින් වෙන එවුන් ඇවිල්ලා නිදාගන්නවා. ඒ මදිවට උදේට කලින් ඇහැරුණේ නැති වුණොත් කලින් යන එකා අපේ ඇඳුම් ඇඳගෙන යනවා. මම බෝඩිමේ අක්කගේ ටී ෂර්ට් පවා ඇඳන් ගිහින් තියෙනවා ඇඳන් යන්න ඇඳුමක් නැතුව. මට මුල දී බෝඩිමේ අක්කගේ පුංචි පුංචි ලිංගික අඩත්තේට්ටම්වලට මුහුණ දෙන්න සිදුවුණා. ඒත් ඉවසගෙන හිටියා. මට එක මාසයක් බෝඩිං සල්ලි ගෙවාගන්න බැරිවුණා. අක්කා මට ඒ වෙනුවට අයුතු යෝජනාවක් ගෙනාවා. කාටවත් නොකියා තැනක් සොයාගෙන යනකොට තමයි මේ අංකල්ගේ බෝඩිම හම්බ වුණේ. මෙට්ටේ විතරයි කොට්ටෙ නෑ. ජීවිතේ කිසි රහක් නෑ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.

    මෙවැනි බෝඩිං කොළඹ පරිසරයට නුහුරු ස්ථාන නොවෙයි. එහෙත් දොරගුළුවලට හරිහැටි යතුරක් නැති ජීවිතේ අඩි හයක මෙට්ටයකට හීන පොදි ගහන මේ තරුණ තරුණියන්ගේ ජීවිතවලට හෙට දවසේ කුමක් වේද? එය ඛේදනීය තත්ත්වයකි. බෝඩිං මිත්‍රයාගෙන් මිදී ඊළඟ අපගේ නැවතුම වුණේ නුගේගොඩ, විජේරාම ප්‍රදේශයයි.

    කිසිවෙකුත් මෙවැනි පුදුම සහගත සිදුවීම් බෝඩිං නිවෙස්වල සිදු වනවා යැයි සිහිනෙකින්වත් සිතන්නේ නැත. මන්ද ඉදිරිපිටින් බෝඩිං හිමියන් හැසිරෙන්නේ ඉතා වැදගත් සමාජයක මිනිසුන් ලෙස නිසාය. විවිධ සිදුවීම් ඔස්සේ ගවේෂණයේ යෙදුණු අපට තවත් චරිත කිහිපයක් අපගේ හිතවතකු හරහා සම්බන්ධ කර ගැනීමට හැකි විය.

    ඔවුහු විශ්වවිද්‍යාල තුළ විවිධ විෂයන්හි උපාධිධාරින් වීමට දහසකුත් බලාපොරොත්තු දරා සිටින තරුණ තරුණියෝය. විශ්වවිද්‍යාල සිසුවකුට මහපොළ රුපියල් 5000 පමණ මුදලක් ලබාදෙනවා යැයි කට වචනයෙන් කීවද එය මේ ශිෂ්‍යයන්ට ලැබෙනවාද යන්න හරිහැටි දන්නේ නැත. එහෙත් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය තුළ ජීවත්වීමට මොවුන් නොකරන රැකියාවක් නැත. මේ තවත් අප සමග කතා බහට එක්වූ තරුණයෙක්.

    අපේ එවුන්ගේ එකම හීනේ තමයි කැම්පස් එකේ 40/= ට කන බත් එකට වඩා කැම්පස් එක ඉස්සරහ කඩෙන් 150/= ප්‍රයිඞ් රයිස් එකක් කන එක. මහපොළ ලැබුණු දවසට සමහරුන්ගේ හීනේ 150/- බත් එකක් කන එක. සමහරු බොනවා. සමහරු කෙල්ල හරි කොල්ල හරි එක්ක බීච් යනවා. කෙල්ලන්ගේ හීනේ පාට පාට ලස්සන ඇඳුම්, සෙරෙප්පු ගන්න එක. ඕවා තමයි ප්‍රශ්න. මේ දේවල් සපුර ගන්න බැරි වුණාම ඇඟ විකුණලා හරි සල්ලි හොයන්න උපාධිය අමතක කරනවා. ඇයි අපේ එවුන් ඒ තත්ත්වයට පත් වෙන්නේ. කොච්චර බ්‍රයිටෙක් වුණත් ටියුෂන් ක්ලාස් එකක්වත් සෙට් වෙන්නේ නෑ. ඒකටත් පින තියෙන්න ඕන. කොහේ හරි යන මෙලෝ රහක් නැති නන්නත්තාර වෙච්ච අල ඩයල් එකකට තමයි ටියුෂන් එකක් හරි සෙට් වෙන්නේ. කථාවෙන් කථාව අපේ කථාව වෙන පැත්තකට යනවා. බෝඩිං ගැනනේ අපේ කතාව. මෙහේ සමහර බෝඩිං තියෙනවා. දොරවල්වලට යතුරු නෑ. කොල්ලෝ නෙමේ ඒ බෝඩිංවල ඉන්නේ කෙල්ලෝ. රෑට විවිධ දේවල් ඉතින් සිද්ධ වෙනවා.

    අපේ හිතවත් මිතුරා තවත් තරුණියක් සමගත් කතා කරන්නට අවස්ථාව ලබා දුන්නා. එහෙත් ඇය කථා කරන්නට වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් නිසා.

    “අනේ මට කතා කරන්න බැහැ.” ඇය අපව ප්‍රතික්ෂේප කළා. එහෙත් අපේ හිතවත් මිතුරාගේ පෙරැත්ත කිරීම මත ඇය අප සමග කතා කළා. මගේ නම ගම නම් කියන්න බැහැ. මා වෛද්‍ය ශිෂ්‍යාවක්. අපි 6 දෙනෙක් එක්ක එකට උයාගෙන තමයි කන්නේ. බෝඩිමේ ඇන්ටි ඇඳට විතරක් 4000 ගන්නවා. අපි එකතුවෙලා උයාගෙන තමයි කන්නේ. අම්මලට ලොකුවට මට වියදම් කරන්න අමාරුයි. මට විතරක් නෙවෙයි මෙතන ඉන්න ගොඩක් ළමයි දුප්පත් පවුල්වල දරුවෝ. අපි කන්නේ බතට එක ව්‍යාංජනයයි. අපේ රජ බොජුන් එක බතයි. එක ව්‍යාංජනයයි. පිටි බොන්නේ ඇල්වතුර වගේ. හොඳට කිරිපිටි දාලා තේ එකක් බොන එක අපේ හීනයක්. පිටි, හාල් ඉවරයි කියන්නේ මහපොළ තෙක් ඒ සියලු දේ ඉවරයි කියන එක. මහපොළ දෙනකම් බඩගින්නේ ඉන්න බෑනේ. බෝඩිමේ ඇන්ටිට හැම තැනම සම්බන්ධකම් තියෙනවා. අපිට කීයක් හරි සොයාගන්න පුංචි පුංචි ඡ්රඑ එසපැ න්‍දඉ සොයලා දුන්නේ එයා. බෝඩිං ගාස්තුත් ගෙවාගෙන උයාගෙන කාලා මාසයක් ජීවත් වෙන්න මහපොළින් බැහැ. ඇන්ටි මට මුලින්ම සොයලා දුන්නේ හොටෙල් එකක පිඟන් සෝදන්න. දැන් මම වැඩ කරන්නේ ීච් ආයතනයක කැම්පස් එකේ කවුරුත් දන්නේ නැහැ. මම මෙහෙම රැකියාවක් කරනවා කියලා.

    පුළුවන්නම් මේ ටිකත් ලියනවද? මේ කොළඹට රස්සාවක් සොයාගෙන විශ්වවිද්‍යාලයට එන්නේ ගොඩක් දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ. ගෙදරට දුක කියන්න සල්ලි ඉල්ලන්න බැහැ. උදේ ඉඳන් රෑ වෙනකං දේශන ශාලාවල පුටු රත්කර කර දේශන අහගෙන ඉඳලා බෝඩිමට ආවම බොන්න වෙන්නෙ හුළං අපේ රටෙත් වෘත්තිමය අධ්‍යාපන රටාවක් හදනව නම් අපිට ඉගෙන ගන්න ගමන් අමතර ආදායම් මාර්ගයක් එක්ක ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් අය සල්ලි නැතිකමට ඔය එක එක තැන්වල න්‍දඉ වලට ගිහින් අවසානයේ උපාධියත් නැතුව හිස් අතින් ගෙදර යන අයත් ඉන්නවා.

    කොළඹ විසිතුරු එළිය මේ ජීවිතවල කොයිතරම් දේවල් වහගෙන ඉන්නවද කියලා අපට හිතුණා.
    http://www.lankadeepa.lk/index.php/articles/459058
     
    • Like
    Reactions: vito and ksndhr

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mewa eththada? Colombo/Japura/Kelaniya Campus yana ewun dannawa ethine? Mewa boru nan Colombo wala board wela inna lamai gena ammalata monawa hithenawa ethda?

    :(:(:(
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Mewa eththada? Colombo/Japura/Kelaniya Campus yana ewun dannawa ethine? Mewa boru nan Colombo wala board wela inna lamai gena ammalata monawa hithenawa ethda?

    :(:(:(



    මේ හද්දා බොරු බං.

    මේ පත්තරේ ඔය දිගින් දිගට ලියන අමු කෙප්ප නිසා කෙල්ලෙක්ගේ අම්මා නෙවෙයි,විශ්ව විද්‍යාලෙට ආපු කෙල්ලෙක් බදින්න කොල්ලෙක් හොයාගන්න බෑ

    විශ්ව විද්‍යාලේ යන්න ලැබුනේ නැති එවුන් වෛරය පිරිමහගන්න ලියන ඒවා...
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..



    මේ හද්දා බොරු බං.

    මේ පත්තරේ ඔය දිගින් දිගට ලියන අමු කෙප්ප නිසා කෙල්ලෙක්ගේ අම්මා නෙවෙයි,විශ්ව විද්‍යාලෙට ආපු කෙල්ලෙක් බදින්න කොල්ලෙක් හොයාගන්න බෑ

    විශ්ව විද්‍යාලේ යන්න ලැබුනේ නැති එවුන් වෛරය පිරිමහගන්න ලියන ඒවා...


    Sirawata bn math cmpz giya dn 3rd year .. apith bodim wala hitya .. hostel hitya mewa dn na ne ... meka liyana paththara karayata nm mokk hari loku awlk thiyenawa ... isellath dala thibba neda? cmpz lamayy okkoma badu wage kathawakk ...pw wada bn mewaa. :angry::angry:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0



    මේ හද්දා බොරු බං.

    මේ පත්තරේ ඔය දිගින් දිගට ලියන අමු කෙප්ප නිසා කෙල්ලෙක්ගේ අම්මා නෙවෙයි,විශ්ව විද්‍යාලෙට ආපු කෙල්ලෙක් බදින්න කොල්ලෙක් හොයාගන්න බෑ

    විශ්ව විද්‍යාලේ යන්න ලැබුනේ නැති එවුන් වෛරය පිරිමහගන්න ලියන ඒවා...

    Paththara karayo salli hamba karanna ona boruwak liyanawa wage

    :angry::angry::angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අනේ උං ආතල් එකේ ඉන්නව බං..
    අපි ඕව වැඩිය හිතන්ඩ හොඳ නෑ..
    බලහත්කාරකමක් වෙන්නෙ නැත්තං එච්චරයි..
    ඉල්ලුමට සැපයුම
    දෙපාර්ශවයටම තෘප්තිය
    කෙනෙක්ට සල්ලි, අනිකට සැප
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකේ 10% විතර නම් ඇත්ත ඇති. අනෙක්වා නිකන් අතින් දාලා ලියලා වගේ. ඔච්චර දුක් විඳින්න ඕනෙද බං ඉගෙනගන්න. අනික මේ ලමයින්ගේ දෙමාපියො නෑදෑයො යාලුවො මොකෙක්වත් නැතුව ඕපපාතිකව පහල වුන එවුන් යැ. දෙමාපියො ඉන්නව නම් අඩු ගානේ ඉඩමක් හරි බැන්කුවේ තියලා ලමයට උගන්වනවා. නෑදෑයො ණයට හරි සල්ලි ටිකක් දෙනවා. නැති නම් රට ගිය අය හරි ඉන්නවා නම් නෑදෑයො අනිවා සල්ලි දෙනවා. යාළුවො එහෙමයි. ණයට හරි දෙනවා. ඒ මොකොවත්ම නෑ නම් ඉගෙනගන්න අතර අවට කාටහරි ටියුශන් එකක් කලෑකි යකෝ ගාණකට. නැති නම් සෙට් එකක්ම සෙට් වෙලා කොහෙ හරි බෝඩිමක් කුලියට අරන් තට්ටු ඇඳන් දාලා හිටියෑකිනෙ. අනේ මන්දා මෙහෙත් නිකන් චීන්නුන්ව වහල්කමේ යොදවනවා වගේ වෙලාද ඒ කියන්නේ මේ පත්තර කාරයා කියලා තියෙන හැටියට. :oo:.