කාමර ඇත (Rooms available)

Thinking

Member
Oct 31, 2011
240
61
0
meka sampurnayenma kiyawala balanna......ape rate wena dewal wala aththa dana ganna puluwan...

කාමර ඇත (Rooms available)
(තානායම්, ලැගුම්හල්, රෙස්‌ට්‌, ගෙස්‌ට්‌, ඉන් සහ ලොජ්)


අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි. තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

rooms.jpg
පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි. අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ. පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත. මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත. ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ බෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත. රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.

ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌ ලියන ලෙස මෙයට වසර දෙකකට පමණ පෙර මාව දිරිමත් කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමායි. ඒවා පිළිබඳව ඔහු අසා දැක ඇති කරුණු මෙන්ම සෘජුව ලැබූ අත්දැකීම්ද මා සමග බෙදා ගත්තා මට මතකය. කෙසේ වෙතත් පසුගිය වසර විස්‌සක පමණ කාලයක්‌ තිස්‌සේ හෝටල් කාමර, ලැගුම්හල්, ගෙස්‌ට්‌ හවුස්‌ ආදී ස්‌ථාන පන් සියයකට වඩා ප්‍රමාණයක්‌ ඇසුරු කොට රිංගා, කා රස (තිත්ත) බලා සොයා දැක දැන ගත් කරුණු සමග අද සමාජ විමර්ශන ලිපිය තුළින් කලකට පසු මම ඔබ වෙත එන්නෙමි.

තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.

* විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.

* නගරයෙන් බැහැරව ගොස්‌ වෙළ¹මේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

* දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

* රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

* මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

* ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

* අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

* සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

මේ අය අතරින් ලැගුම්හල් වෙත ඇදෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ වන්නේ අසම්මත ප්‍රේමවන්තයන්, හොර ජෝඩු සහ යොවුන් පෙම් යුවළවල් බව අද වැඩිදෙනා දන්නා සත්‍යයකි. දෙවැනි කණ්‌ඩායම වන්නේ වෙළෙඳ නියෝජිතවරුන් හෙවත් සේල්ස්‌ රෙප් ලා බව අප කළ සමීක්‍ෂණවලදී හෙළිවිය.

"අපි ගාවට එන අයගෙන් වැඩි දෙනා හරි අමුතු ඩයල්. ගැළපෙන්නෙම නැහැ. මාර බොරු තමයි කියාගෙන එන්නේ. ඒත් අපි දන්නවා මේ කියන්නෙ බොරු කියල. සමහරු හරියට තාත්තයි දුවයි වගේ තවත් අය අම්මයි පුතයි වගේ කියන්නත් ලැජ්ජයි ඒත් ඒක තමයි ඇත්ත. ඒ අය කියන බොරු ඇහුවම අපිට හිනාත් යනවා. බස්‌ එක මග ඇරුණා අද රෑට මටයි අපේ නැන්දටයි නවතින්න තැනක්‌ ඕනි. අපි මේ ළඟට ආවා ඉන්න තැනක්‌ නැහැ. ඔය වගේ දේවල් අහල අපේ කන් පැසවලා".

මෙසේ කියන්නේ හෝමාගම පරණ පාරේ පිහිටි ලැගුම් හලක සේවය කරන මට හිතවත් කොලු ගැටයෙකි. ඔහු එම ස්‌ථානයෙහි වේටර්, රූම්බෝයි මෙන්ම රිසෙප්ෂනිස්‌ට්‌ හෙවත් පිළිගැනීමේ නිලධාරියා යන කාර්ය තුනටම විටෙන් විට දායක වෙයි.

"එහෙම බොරු කෙළින්නෙ එල් බෝඩ් කාරයොයි, ලැජ්ජකාරයොයි. ඒත් පුරුදුකාරයෝ නම් කිසි ගාණක්‌ නැතිව පෝවඩ් එකේ එනවා අයිඩෙන්ටිය දික්‌ කරනවා. ඉන්න පැය ගාණ කියනව පැයකින් කාමරේට රයිස්‌ එකකුයි කෝක්‌ දෙකකුයි එවන්න කියනව. ගාන ගෙවනව. එළකිරි වගේ කෙල්ලගෙ කර වටේ අතක්‌ දාගෙන ගෙදර යනව වගේ පඩිපෙළ නැගල කාමරේට යනවා".

ඔහු එසේ කියා නිම වෙන්නටත් කලින් එම ලැගුම්හලේ සාලය කෙළවරින් වැටී ඇති ඇන්ටික්‌ ලෑලි තරප්පු පෙළ දිගේ නව යොවුන් යුවළක්‌ උඩු මහලේ සිට පහළට බැස එනු මම දුටිමි. තරුණයාගේ අතේ ජංගම දුරකථනයකි. ඩෙනිම් කලිසමට උඩින් දැමූ කමිසයේ උඩ බොත්තම් දෙකම පියවා නැත. තාමත් වතුර බේරෙන දිගු කෙස්‌ කලඹක්‌ සහිත රූබර ළාබාල පෙනුමැති යුවතියගේ කරේ මල්ලකි. එහි ඇත්තේ පොත් කීපයක්‌ සහ වතුර බෝතලයක්‌ බව මට නිසැකව තේරුණි. "යන්නං කොල්ලෝ" කියා තරුණයා මගේ ගෝලයාට අත කපද්දී කෙල්ල අහිංසක ලෙස අප දෙදෙනාටම දසන් නොපෙන්වා සිනා සී බිම බලා ගත්තාය. අපේ ඒකාද "එළකිරි බොස්‌ ගිහින් එන්න. ලබන සතියෙත් එනවනේ" කියා ඔවුන්ට ළෙන්ගතුව සමු දුනි යුවළ කවුන්ටරය පසු කර මිදුලට පය තබද්දිම ගෙවත්තේ කොහේ හෝ ගසක්‌ යට සැඟවී සිටි ත්‍රීවිලරයක්‌ බරාස්‌ ගාස්‌ ස්‌ටාට්‌ වන හඬත් දෙදෙනා එයට ඇතුල්වූ පසු සැර දමා පිටවී යන සද්දයත් මට ඇසුණි.

"ක්‌ලාස්‌ යන ඩබලක්‌ බොස්‌. අපේ හොඳ කස්‌ටමස්‌ලා. කිසි කරදරයක්‌ නැහැ. ඉල්ලීම් නැහැ. චෝදනා නැහැ. සතියට දෙතුන් පාරක්‌ එනවා. අපි දැන් අයිඩෙන්ටි බලන්නෙත් නැහැ".

අප දන්නා පරිදි කාමරයක්‌ ගැනීම සඳහා ලැගුම්හලකට ඇතුල් වෙද්දීම මුදල් ගෙවිය යුතු අතර ඒ සමගම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් කවුන්ටරය වෙත ලබා දිය යුතුය. සමහර හෝටල් කාරයෝ දෙදෙනාගේම අයිඩෙන්ටිය ඉල්ලති. මෙවැනි අවස්‌ථාවල තරුණිය හෝ කාන්තාව ඇස්‌ උඩ යවමින් අන්දමන්ද වන බව හෝ විපරීත බවක්‌ පෙන්නුම් කරන අයුරු මා කීප විටක්‌ම නිරීක්‍ෂණය කර ඇත. ඒ පිළියන්දල දම්පේ පාරේ පිහිටි රෙස්‌ට්‌ එකක මා දවසේ කුලියට බිත්ති පින්තාරු කරන ගමන් කාමරයට යන එන අයගේ හැසිරීම් අධීක්‍ෂණය කරද්දීය.

"මුන් කෙල්ලගෙ අයිඩෙන්ටිය ඉල්ලන්නෙ කුපාඩිකමටයි මහත්තයෝ. මොකද කෙල්ල පාරක්‌ වගේ පේන µdස්‌ට්‌ කෑල්ලක්‌ නම් පස්‌සෙ කන්ටැක්‌ කරගන්න. එහෙම නැත්නම් ඉන්න තැන බලාගෙන ටෝක්‌ කරන්න. ඒක නිසා මං නං කවදාවත් එහෙම තැනකට කපල් එකක්‌ ඇඩ්මිට්‌ කරන්නෙ නැහැ."

පිළියන්දල බොල්ගොඩ පාරේ හෝටල් ගොන්න පැත්තට හැරෙන හන්දියේ වීල් පාක්‌ එකේ වාහනේ ගහගෙන ඉන්න සුදු කියන පරිදි කාමර සහ ත්‍රිරෝද රිය අතර ඇත්තේ මහා සමීප සබඳතාවයකි. එය අපි ඇස්‌ පනා පිට දැක ඇත්තෙමු. පිට නගරයේ තැනකදී හෝ බස්‌ රියේදී අහම්බයකින් හෝ නොසිතූ අයුරින් මුණ ගැසෙන ජෝඩුවකට තම හදිසි අවශ්‍යතාවය පියවා ගැනීමට කාමරයක්‌ අවශ්‍යවෙයි. ඒ සඳහා ඔවුන් සරණ පතා යන්නේ ළඟම ඇති ත්‍රීවීල් පාක්‌ එකටයි. සහකාරියව බස්‌ නැවතුමේ හෝ මදක්‌ ඈතින් සිටුවා පාක්‌ එකට යන පිරිමියා රියෑදුරෙක්‌ වෙත ළංවෙයි. මෙතැනදී ඔහු තෝරා ගැනීමක්‌ද කරයි.

"අයියා හොඳ රූම් එකක්‌ ගන්න තියෙන්නෙ කොහෙද? හැබැයි ඩිනස්‌ට්‌ තැනක්‌ හරිද."

මා තෝරා ගැනීමක්‌ යෑයි කියුවේ ඔවුන් උපකාර ඉල්ලන රියෑදුරා තරුණයකු මෙන්ම මදාවි පාට නැති වැදගත් යෑයි සිතිය හැකි අයකුද වන නිසාය. නගරයේ තියෙන හෝටල් කාමර ලො-, රෙස්‌ට්‌ ආදි සියල්ලේම ජාතකය පවා කටපාඩමින් කියන්න හැකි ඒවා ගැන අතැඹුලක්‌ සේ දන්නා රියෑදුරා ඒ බව හාන්කවිසියක්‌ නොපෙන්වා නළල රැලි කොට මුහුණට ගම්භිර බවක්‌ පෙන්වා අවසානයේ "නගින්නකෝ මං එක්‌කන් යන්නං" කියා ගැහැනියවද රථයට නග්ගවා ගෙන අවශ්‍ය තැනට රැගෙන යයි, මෙහිදී රියෑදුරා කරන පළමුවැනි ක්‍රියාව වන්නේ රියට නැගුණු තරුණියගේ හෝ කාන්තාවගේ මුහුණ, ඇඟපත පෙනුම ආදිය පිරිමියාට හොරා තම වාහනේ කණ්‌ණාඩියෙන් බලමින් හොඳහැටි ස්‌කෑන් කිරීමයි.

"ආයි ඉතින් කොහේ දැක්‌කත් ඒ ඩයල් එක මට අඳුන ගන්න පුළුවන් "ඒ මොරටුව කටුබැද්දේ වීල් එක දුවන චූටී මල්ලිගේ හපන්කමයි.

තැන කොහොමද පිරිසිදුද ගාණ කීයද නිතරම සෙනගද පොලිසියෙන් පනිනවද ලයිසන් තියෙනවද ආදී ප්‍රශ්න වැලක්‌ පිරිමියා විසින් ගමන යන ගමන් ත්‍රීවිල් රියෑදුරාගෙන් අහන්නේ සහකාරියට නෑසෙන්නය. තත්වය කෙසේ වුවත් සැම ප්‍රශ්නයටම රියෑදුරා හොඳයි, නියමයි, එළකිරි ආදී උත්තර සපයන්නේ වෙන විකල්ප නැති නිසාත් තමන්ට ලැබෙන්නට යන කොමිසන් මුදල නිසාත්ය. හොර ජෝඩු කාමර වෙත දක්‌කන ත්‍රීවිල් කරුවෝ බොහෝ විට හයර් එකට ඩබල් ගාණ කපති. එසේම ඔවුන්ට හෝටලයෙන්ද රුපියල් සියයක දෙසීයයක කමිෂන් එකක්‌ ලැබේ. එය ලැබෙන්නේ ජෝඩුව කාමරයට ඇතුල් වුණාට පසුව බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

ජෝඩුව ලැගුම් හලට දාන රියෑදුරා අහන අවසන් ප්‍රශ්නය වන්නේ කීයටද මං එන්න ඕනි එක්‌කන් යන්න හෝ මං ඉන්නද එළියෙන් කියාය. ඒ තව ගාණක්‌ කපා ගැනීමටය. මේවා හැම තැනම හැමදාම වෙන බොහෝ සරල, සුලබ දේවල්ය. සමහර ජෝඩු වලට මේවාට උත්තර දෙන්න තියා අහන්නවත් වෙලාවක්‌, ඉස්‌පාසුවක්‌ නැත. උන් කාමරයට දුවන්නේ තමාට ලැබී ඇති සෑම තත්පරයෙන්ම උපරිම පල නෙළා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් කාමරයට ඇතුල් වූ සැණින් එහි ඇති ගඳට ඇඳට සහ හැඩයට නහය හකුළා ගෙන මුහුණ ඇඹුල් කරගෙන අනේ මෙයා මෙතන හැටි විතරක්‌ චිඃ අපායක්‌ වගේනේ අපි යමු කියා කිසිම ගැහැනියක්‌ මට කියා නැතත් ගැහැනුන් එසේ කියනවා මා සියෑසින් දැක නැතත් නිසැකව මෙවන් කාමරයකට එන බවලතියන් එලෙස හැසිරෙන බව මට පරිකල්පනය කර ගත හැක්‌කේ ගැහැනුන්ගේ චර්යාවන් ගැන හොඳ අවබෝධයක්‌ මා සතුව ඇති නිසාය. ඇත්ත වශයෙන්ම අප රටේ ඇති බොහෝ ලැගුම් හලකට වැදගත් ගැහැනියක්‌ රැගෙන යාමට බැරිය. එහි ඇති ඇඳක ඇලවෙනවා තියා වාඩි වෙන්නවත් බැරිය. සමහර ඇඳන් කිරි කිරි ගායි. ඇඳ ඇතිරිලි, කොට්‌ට උර. තුවා ආදිය දුර්වර්ණ වී පඩංගු බවට පත්වී ඇත. ඇටෑච් බාත් හෙවත් යාබද වැසිකිළි යෑයි කීවාට ඒවා අන්තිම අපිරිසිදු තත්වයේ පවතී. හරිහැටි ජලය ගලා ඒමක්‌ නැත. බිත්තිවල පුස්‌ හෝ සෙවල ඇත්තේය. හරියට හරක්‌ මඩු මෙනි.

"ලොක්‌ක ඔය කියන්නෙ තර්ඩ් ක්‌ලාස්‌ රූම්ස්‌ ගැනනේ. යන්නකො මවුන්ට්‌ වල අහවල් පොට්‌ එකට. එතන හරියට රජ ගෙවල් වගේ ඒසී ටීවී ඩෙක්‌ ඩීවීඩී එක්‌කොම තියෙනව කෑම බීමත් නියමයිනේ" එසේ මට කිව්වේ දෙහිවල රත්නෙ අයියායි. ඔහු කියන කතාවේ ඇත්තක්‌ තිබේ. නමුත් එම කාමරවල මිල ගණන් අති ඉහළය. අවම වශයෙන් පැය කීපයක්‌ හෙවත් ෂෝට්‌ ටයිම් එකකට රුපියල් තුන්දාහක්‌ වත් ගෙවිය යුතුය. නයිට්‌ එකකට හාරපන්දාහක්‌ අය කරයි. මා කලින් විස්‌තර කළේ ජනාකීර්ණ නගරාශ්‍රිතව ඇති අවම පහසුකම් සහිත කාමර ගැනයි. ඒවා පැය කීපයක්‌ වෙනුවෙන් අලෙවි වෙන්නේ රුපියල් හයසීයේ සිට දාහ දක්‌වා වැනි මිල ගණන්වලටය.

"වැඩි හරියක්‌ කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට්‌ කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට්‌ බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය. ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ".

මෙසේ කියන සමන් අවුරුදු දහයක්‌ පමණ මහරගම හයිලෙවල් පාරේ රෙස්‌ට්‌ එකක සේවය කරන තරුණයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම්ද සම්භාරයකි. රටම පිළිගත් දානපති වයෝවෘද්ධ භක්‌තිමත් ප්‍රභූ කාන්තාවකට අයත් භූමියක පිහිටා ඇති මෙම හවුස්‌ එකේ අරලිය ගසක්‌ යටට වී එහි එන ජෝඩු නිරීක්‍ෂණය කරමින් මම සමන්ගේ අත්දැකීම්වලට සවන් දුනිමි.

"හරි දුකයි මල් වගේ ගැහැනු ළමයින් මෙහෙට එනව. සමහරු පෙම්වතා එක්‌ක. හැබැයි කෙල්ලෙක්‌ව කාමරයකට අරන් එනව නම් ඌ ප්‍රේමවන්තයෙක්‌ නෙමේ කියලයි මට හිතෙන්නෙ. එතන ආදරයක්‌ නැහැ. රාගය තියෙන්නෙ. සමහර නාකි බල්ලො පොඩි කෙල්ලන්ව ගේනව. ඒ විතරක්‌ද ඇන්ටිලා පොඩි කොල්ලෙ එක්‌කන් එනව. ඔපිස්‌ වල බොස්‌ල තමන්ගෙ සෙකටි්‍ර එක්‌ක ඇවිත් කාමර ගන්නව. ගිය සුමානේ ආවා නුවර පැත්තෙ ලොකු පෝස්‌ට්‌ එකක්‌ කරන මැදි වයසෙ නෝන කෙනෙක්‌. රාජකාරී වැඩකට කියල ඇවිත් තමන්ගෙ වාහනේ එළවන් ආපු තරුණ කොල්ල එක්‌ක එක කාමරේ පැය විසි හතරක්‌ හිටිය. අපිට මේව අලුත් දේවල් නෙමේ සර් පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව. මහත්තයල මේව කෙළින්ම පත්තරේ ලියන්න. අපේ මහ එවුන් දැන ගන්න එපැයි දරුවො මොනාද කරන්නෙ කියල."

සමන් කියන පරිදි බහුතරයක්‌ ලැගුම්හල්වල මෙන්ම මෙම ස්‌ථානයේද බලන්නන් ඇස්‌ ආසික්‌ කාරයන් හෙවත් දර්ශකාස්‌වාදීන් සඳහා (නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය) අවස්‌ථාවන් ඇත. සමහර හෝටල් සේවකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් නිරන්තරයෙන් මෙම කාමර වල වෙන දේ බලන්නට හුරුවී සිටින්නේ ඒ සඳහා වෙනමම හදා ගෙන ඇති සූක්‍ෂම සිදුරු වලිනි. ජංගම දුරකථන වලින් සහ කුඩා කැමරා වලින් මෙම අනග රැඟුම් කැමරා කර ගන්නා අවස්‌ථාද එමටය. මේවා අද රටේ බහුතරයක්‌ ලැගුම්හල් වල සිදුවෙයි.

"අපි ගාවට එන අය අතරින් ගණිකාවෝ තමයි හොඳම කස්‌ටමර්ලා. ඒ අය දවසටම ඩබල් ගෙවල කාමරයක්‌ ගන්නවා. ඒකට විටින් විට හත් අට දෙනා ගේන දවස්‌ තියෙනවා. හැබැයි ඒකාට එකෙක්‌ දන්නෙ නැහැ තව අය ආවයි කියල. සමහර පිරිමිත් ඉන්නව එහෙම කාමරයක්‌ ගත්තම දවසකට ගෑනු තුන් හතර ගේනව. මේ අයට තමයි නියම සල්ලාලයො කියන්නේ. සල්ලිකාර ගෑනු යන්නෙ ගල්කිස්‌සෙයි කොල්ලුපිටියෙයි තියෙන ඉස්‌තරම් රූම්ස්‌ වලට. මං එහෙම තැනක වැඩ කළා හොඳට ටිප් එක ලැබෙනව" ඒ තවත් රූම් බෝයි කෙනෙක්‌ගේ අත්දැකීමයි.

පිටකොටුවේත් මෙවැනි රූම්ස්‌ දෙන තැන් අනන්තවත් ඇත. ඒවාට ලො- කියාද කියයි. හදිසි සහ ටෙම්පරිකාරයෝ වෙනුවෙන් සේවය ලබාදීමට සැදී පැහැදී සිටින මෙම ලො- වල පිරිසිදුකම ඇත්තේ බින්දුවේය. පොලිසිය පැමිණ නිතර නිතර කරදර කරන බවද සැලවිය.

හමුදා කඳවුරු අසල, සංචාරක පුරවරයන් තුළ ගාමන්ට්‌ බහුල ප්‍රදේශවල මෙවැනි ලැගුම්හල් බොහෝ ලෙස දකින්නට ඇත. අනුරාධපුරය, කතරගම, මහනුවර වැව රවුම, කුරුණෑගල වැව රවුම, හෝමාගම පනාගොඩ කඳවුර අවට, කටුනායක වෙළෙඳ කලාපය, ජාඇල, වත්තල, කැලණිය, රත්මලාන, මොරටුව, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශ මෙවැනි ලැගුම් හල් රාශියක්‌ ඇති පළාත්ය. අප දන්නා පරිදි මෙවැනි ස්‌ථාන කීපයක හිමිකාරත්වය ඇත්තේ විශ්‍රාමික උසස්‌ පොලිස්‌ නිලධාරීන්ටය. එමෙන්ම දැනටද රැකියාව කරන නිලධාරීන්ගේ භාර්යාවෝ සහ සහෝදරියේද රෙස්‌ට්‌ පවත්වාගෙන යති. ඒ සෑම එකකටම පළාතේ පාතාලයන්ගේ, හොර ජාවාරම්කරුවන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ සමහර නිලධාරීන්ගේ සහාය සහ රැකවරණය ලැබෙන බව රහසක්‌ නොවන බවද ලියන්නට කැමැත්තෙමි.

කලින් කී පරිදි කාමර පන්සියයකට වඩා මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි. ඒ අතරින් බොහෝ කාමරවල දොර පිටු පස්‌සේ හෝ වැසිකිළියේ මිල ගණන් දක්‌වා ඇති දැන්වීමක්‌ තියෙනවා මම දුටිමි. නගරයට හැරලීම සඳහා සිටින ත්‍රීවිල් රියෑදුරන්ගේ දුරකථන අංක මෙහි මුල් තැන ගන්නා අතර සබන් වල මිල ගණන් ශැම්පු වල මිල ගණන් උපත් පාලන කොපු හෙවත් කොන්ඩම්වල මිල ගණන් හදිසි ගැබ් ගැනීමක්‌ වණළකන පෙති, බික්‌ රේසර්, කාන්තාවන්ගේ රෝස පාට රේසර්, කාන්තා යට ඇඳුම්, සනීපාරක්‍ෂක තුවා වැනි එකී නොකී මෙකී දේවල් පිළිබඳ විස්‌තර ඒවායේ ඇත. එසේම කීමට, ලිවීමට බැරි දේවල්ද මෙම කාමර තුළ සිදුවෙයි. දකින්නට ලැබෙයි ඒවා ගැන ලිවවොත් කොල පිරෙන්නට පත්තර පිටු ගණන් ලියන්නට හැක. ප්‍රශ්නය ඇත්තේ ඉඩ කඩයි.

තානායම් හෝ ලැගුම්හල් තහනම් කරන්න යෑයි අපි කිසි වටෙකත් නොකියමු. නමුත් ඒවා ප්‍රමිතිකරණය කරන්නේනම් හොඳය. එසේ නොකළා කියා රාගික හැඟුම් උත්සන්න වූ ජෝඩු ඒවාට නොගොස්‌ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යන්නේ නැත. උන් තම පුරුදු අත නාරිති. නමුත් රජය විසින් යම් පියවර ගන්නේ නම් මෙයට වඩා සදාචාරාත්මක තරුණ පරම්පරාවක්‌ අපට සාදා ගත හැකි වනු ඇත.






 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Nice share...:)
    දැන්නම් නිදිමතයි උදේට අනිවා කියවන්න ඕනා...:yes:
    ++
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    wow
    meka thamai attha thatwe sahodaraya!
    mata nam atthenma paw kiyalath hithenawa ape asarana minissu gena!
    ape rajayen karanne podi wesa maduwak allala uita dadayak gahala hooran kana eka!
    ganikawan edath hitiya,adath innawa hetath innawa.
    tiyennath ona!
    eth baala wayas kaara kellonwa e magata gennana eka nathi karanna ona!
    mama lanka iddi,mama eka paarak mount lavina oya wage kiyana place ekaka hitiya!
    saamanya hotel ekak!
    eth ena kello goda denekma awurudu 14 th 20 th athare!
    atthenma paw...salli walin nathi wela inne un!
    eka minehek ekka hitiyama..eke weda karana waiter kenek ekkath idala yanne!hethuwa..rahas rakina ekath...wedi business laba ganeemath
    place wala nam kiyala wedak ne..mokada ewata enneth lokko..e kiyanne salli tiyena un..salli tiyena unta lankawe neethiya wedak ne!
    lankawe neethiya,saara dharma okkoma salli walata yatai!
    kanagatuwen unath kiyannna tiyena attha mekai!
    anith eka ape clubs bahina set eka!
    samahara clubs wala tiyena prize anuwa ewata yanna puluwan wenne aduma reyakata 50000 gewanna puluwan pudgalyan! e wagema ewata ena kelloth e wagema gasa keam walata purudu wuna aya! wagema awurudu 20n 18n pahala aya!
    mewa gena report karanna taram lankawe neethiyak ne!
    tibunath ewa salli walata yatai!


    atthenma kanagatui me dewal gena!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    wenath minisun gena wedak ne!!!
    tamange nangila,akkala,gena wagema! aiyala,mallila gena wagema duwala,puthala gena hoyanna awasyai!
    neethi daala hira karanawata wada sathyaya awabodha karala dena eka watinawa!
    mokada,awurudu 20k withara yanakam,sema kenekma tamange ashawan walata mul thana denawa..e de harida weradida kiyala balanne ne!
    tamange family eka gena hithanna!
    taman karana de thamange athmayata garuthwayak da kiyala hithanna!
    mewata hethuwak wena pradhana deyak thamai,me ape thaama lankawe tiyena kanya bhaawaya! mona hethuwak matha ho wewa e kanya bhaawaya nathi unoth,e kella ganikawak bawata path wena prathisathaya 90% wage!
    mokada ekek ekka budiya gatthath dahayak ekka budiya gatthath nathi wela tiyenne ekama kanya bhaawaya hinda!
    mewa kaalyath samagama wisadei!
    eth ape maanasikathwaya hada ganna wenne apitama thamai!
    tamange sex video ekak mona yam widihen ho wewa..public unoth mokakda oyala ganna piyawara?
    kellek ho wewa kollek ho wewa...
    me thread eka atthenma kaalina mathrukawak gena liyawuna deyak!
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හොද පොස්ට් එකක් මචන් .
    ඔක තමා ඇත්ත කතාව , අර කියල තියෙනවා වගේ මේව තහනම් කරල තෙරුමක් නැ , රජය මගින් එක්කො ඔය අඩු ගානට තියෙන පොට් ප්‍රමිතියක් ඇතිව කරගෙන යන්න සලස්වන්න ඔනේ ...
    නැත්ත්නම් ඉතින් හැමදාම ඔය තියෙන විදියටම තියෙ
     

    DK119

    Junior member
  • Nov 3, 2008
    221
    12
    18
    Colombo, Srilanka.
    Katha karala vadak na machan ova gana, Dan ova apita hadadath ba.
    Ada kale hatiyata kellek unath kamathi na macah Film hall Box 1ta gihin dadiya dagena athal 1k ganda. Gada gagaha hari Room 1k athuleta yandi un kamathi. Uba hoyala balapan eka thami aththa. Habai anivaryenma hoda kello ennava. Eth godak enne ara jathiye un. Ada samajaye dakinda thiyana deval anuva Podi podi kello balagena enne kawru hai ekek avilla yalu venda ahanakam. Habai a gedara Demaupiyangen labena adre aduvak vela neve un Samajaye dakina deval anuva. Oya subject 1ka gana nam matath thiyanava hoda Experience...
    Ada kale anivaryenma 60% vada aththe kadichcha petti kiyala thami mata nam hithenne. A vagema lami enna samahara ganuth ahema thami ban. Original 1ta amatharava thava 1k godak velavata ennava. Gamu kiyanne 'Train" vage thami. Driver ta amatharava Gard kenk ennavmi