කාම්බෝජයේ ජොබ් කෙරුවාව කොහොමද?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    අඩේ සිරාවට දැං එච්චර අමාරුද ඕක බං ෂෙනගන් වෙනවා කොයිවෙලේ හරි ඊට කලින් පලයං
    මේ අවුරුද්දේ අග හරි ලබන අවුරුද්දේ මුල හරි ෂෙනගන් වෙනවා කියලා ආරංචි. Agency වල non skilled job නෑ. ආවත් උන් අදුරන උන්ව රිංගනවා. එතකොට අපි වගේ එවුන්ට sorry තම
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113

    කාම්බෝජ Cyber-scamවල සිරවුණු සයිබර් වහලුන්ගේ කතාව​

    සුරැකුම්පත් විශ්ලේෂකයා ගේ කතාව​

    සයිබර් වහල් මෙහෙය පැහැදිලි කිරීමට මත්තෙන් ඔවුන් මේ ජාවාරමට හසුවන අන්දම විස්තර කිරීම වැදගත්. ලූ ෂියැන්ග්‍රි ගේ අත්දැකීම සලකා බලන්නේ ඒ නිසා යි.
    2020 සැප්තැම්බර් මාසයේ දී චීනයේ සිට කාම්බෝජයට සංක්‍රමණය වූ ලූ ෂියැන්ග්‍රි, ප්නොම් පෙන් අගනුවර සිටින හිත මිතුරකු ගේ අවන්හලක් කළමනාකරණය කරමින් සිටියා. ඒ හරහා තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අත්දැකීම් ලබා ගැනීම ඔහුගේ අරමුණ වුණා. COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ලූ සේවය කරමින් සිටි අවන්හල වසා දැමීමට සිදු වුණා. රැකියාවක් නොමැති ව කාම්බෝජයේ අතරමං ව සිටි ලූ ෂියැන්ග්‍රිට චීනය කරා නැවත යෑමට ප්‍රමාණවත් මුදලක් තිබුණේ නැහැ. ඉහළ යන ගුවන් ගමන් ගාස්තු සහ අධික නිරෝධායන වියදම් ඊට හේතු වුණා.
    ආසියාවේ දූෂිත ම රාජ්‍යයක් ලෙස කාම්බෝජය මෙම සුවිශේෂී ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා - www.aljazeera.com
    එක්තරා ආගන්තුකයෙක් ඔහුට රැකියාවක් පිරි නැමීමට ඉදිරිපත් වූ අතර, ආගන්තුකයාගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුරැකුම්පත් වෙළඳපොළ විශ්ලේෂණය කිරීම ලූ ෂියැන්ග්‍රිට පැවරුණු රාජකාරිය වුණා. මසකට ඩොලර් 1500 ක් වැටුප් වශයෙන් ලැබෙන නිසා ඔහු අවස්ථාව බාර ගත්තා.
    පළමු දිනයේ දී වැඩ භාර ගැනීම සඳහා පැමිණෙන විට තමා කිසියම් වංචාවකට හසු වී ඇති බව චීන තරුණයාට අවබෝධ වුණා. තත්ත්වය තවත් බැරෑරුම් වුණේ ඔහු පිටව යාමට උත්සහ කරන විට යි. ලූ ෂියැන්ග්‍රි, ඒ වනවිටත් ඩොලර් 12,000 ක් වැනි මුදලකට අලෙවි වී තිවූ අතර, අදාළ මුදල ගෙවන තුරු සමාගමෙන් පිට ව යෑමට අවසර ලැබුණේ නැහැ. ඔහුට මුදල් ගෙවිය නොහැකි නම්, අන්තර්ජාලය හරහා සිදු කරන වංචනික ක්‍රියා (Scam)වලට දායක විය යුතු යි. එසේ නොකළහොත්, ඉතා දරුණු ශාරීරික වධ හිංසා වලට ලක් වීමට සිදු වෙනවා.
    මධ්‍යස්ථාන පවත්වා ගෙන යන මෙවැනි ගොඩනැඟිලි දැල් ගසා ආවරණය කර තිබෙනවා - www.thinkchina.sg

    “Scamming compounds”​

    අන්තර්ජාලයේ සැරි සරන අතරතුර හමු වූ විවිධ Scam ගැන අත්දැකීම් ඔබටත් ඇති. ඒවා ඉතා සුක්ෂම ලෙස පුද්ගල මනෝභාවයට බලපෑම් කරමින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමට උත්සහ කරනවා. එහෙත්, මෙවැනි "Scam" පිටුපස මිනිස් ජාවාරමේ අති අමානුෂික පැතිකඩක් වූ වහල් මෙහෙය ඇති බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති.
    කාම්බෝජය තුළ අන්තර්ජාලය හරහා සිදු කරන මෙවැනි වංචනික ක්‍රියා කොතරම් සංවිධානාත්මක ද යත්, ඒවා විශාල ගොඩනැඟිලි සංකීර්ණවල පද්ධතියක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. විමර්ශනාත්මක මාධ්‍යවේදීන් මේවා හඳුන්වන්නේ "Scamming compounds" යනුවෙන්. ඒවා කැසිනෝ, හෝටල්, නිවාඩු නිකේතන, මහල් නිවාස සංකීර්ණවල හෝ කාර්යාල සංකීර්ණවල ක්‍රියාත්මක විය හැකි යි. "Scamming compounds" තුළ සිය ගණන් මිනිසුන් වහලුන් සේ සේවය කරන අතර, ඔවුන් දවස පුරා අන්තර්ජාලයේ සැරිසරමින් වංචනික ක්‍රියාවලට පුද්ගලයන් හසුකර ගැනීමට උත්සහ කරනවා. මෙය නූතන ලෝකයේ වහල් සේවයක් ලෙස සැලකිය හැකි යි. ජාවාරම්කරුවන් ලබා දෙන ඉලක්කයට ළඟා විය නොහැකි වුවහොත්, ජීව ග්‍රහයෙන් සිටින මේ අසරණයන් දරුණු වධ හිංසාවලට ලක් වෙනවා. ඇතැම් ජාවාරම්කරුවන් මේ අසරණයන්ට වධ හිංසා පමුණුවන්නේ විදුලි සැර වැද්දවීමෙන්!
    කිසිවෙකුටත් පැන යෑමට අවස්ථාවක් නොමැත - www.thinkchina.sg
    දහසක් ගොඩනැඟිලි අතුරින් "Scamming compounds" හඳුනා ගැනීමත් එතරම් දුෂ්කර වන්නේ නැහැ. ඒවායේ ජනේල් කවුළු, සඳළුතල සහ තාප්ප ශක්තිමත් කටු කම්බිවලින් ආවරණය කර තිබෙනවා. සෑම පිවිසුමකට ම දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති අතර, ඒවා මෙහෙයවන අපරාධ කල්ලිවලට හැර කිසිවෙකුටත් එහි ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ.

    මින්ග් ගේ අත්දැකීම​

    කාම්බෝජය පුරා සයිබර් වංචා මෙහෙයුම්වල බොහෝ දුරට සිර වී සිටින්නේ විදේශිකයන්. ඔවුන් චීන, තායි, වියට්නාම්, ඉන්දුනීසියානු හෝ මැලේසියානු වැනි විවිධ ජාතීන්ට අයත් වෙනවා. මෙම ජාවාරම්වලට විදේශිකයන් හසු වී ඇත්තේ තවත් සයිබර් වංචාවකින් වීම විශේෂත්වයක්. බොහෝ විට අධික වැටුප් ලබාදෙන ව්‍යාජ රැකියා අවස්ථාවලට රැවටී ඔවුන් කාම්බෝජයට පැමිණෙනවා.
    චීනයේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කම්හලක සේවය කරමින් සිටි මින්ග්, වරෙක චීනයේ සමාජ මාධ්‍ය ජාලයක් වන "WeChat" හරහා පළ වූ රැකියා දැන්වීමකට පිළිතුරු සැපයුවා. තමා නිරත වන රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා දස ගුණයක වැටුපක් ලබා දෙන එම රැකියා අවස්ථාව තිබුණේ කාම්බෝජයේ කාර්යාලයක යි.
    විසිතුන් හැවිරිදි චෙන් නමැති තරුණයා "cryptocurrency" හා සම්බන්ධ වූ වංචනික ක්‍රියා වෙනුවෙන් වහල් සේවය සැපයුවා - www.aljazeera.com
    සන්නද්ධ යතුරුපැදි කණ්ඩායමක් වියට්නාම දේශසීමාව හරහා ඔහු එහි ගෙන යෑමේ දී දැනුණු බිය මින්ග්ට කවදාවත් අමතක වන්නේ නැහැ. විදේශ ගමන් බලපත්‍රයක්වත් නැති මින්ග්, අවසානයේ දී කාම්බෝජයේ "Scamming compound" එකක සිර වුණා. එම ජාවාරම් මධ්‍යස්ථානය තුළ සිදු වුණේ "Online shopping" හා සම්බන්ධ වූ වංචනික ක්‍රියා පමණ යි. මහල් සංකීර්ණය තුළ චීනය, එක්සත් ජනපදය, ජපානය, වියට්නාමය සහ තායිලන්තය වැනි විවිධ රටවලින් පැමිණි පුද්ගලයන් සිය ගණනක් සහ වංචනික සමාගම් රැසක මහ මොළකරුවන් නවාතැන් ගෙන සිටියා.
    සයිබර් වංචා විශාල විවිධත්වයකින් සිදු වෙනවා. මින්ග් හසු වූ ජාවාරම, එම ජාලයේ එක් වරපටක් පමණ යි. උදාහරණයක් ලෙස දහසය හැවිරිදි තරුණියක් වූ ලින් ගේ කතාව තරමක් වෙනස් එකක්.

    “Sex Scamming”​

    ලින් සේවය කරමින් සිටියේ චීනයේ අවන්හලක යි. එහි දී ඇය දන්නා හඳුනන පුද්ගලයෙක් හරහා වියට්නාම් දේශසීමාවට ආසන්න ගුවැන්ෂි පළාතේ යතුරුලියන රැකියාවකට ඇරියුම් ලැබුණා. අවන්හල් රැකියාවට වඩා ඉහළ වැටුපක් ලබා දීමට පොරොන්දු වූ බැවින්, ඇය දුරකතර ගෙවා පැමිණිය ද සිදු වූයේ අනපේක්ෂිත දෙයක්. අවසානයේ දී ඇයත් කාම්බෝජයේ සයිබර් වහලියක් බවට පත් වුණා.
    ලූ ෂියැන්ග්‍රි වෙත ලැබුණු වීඩියෝවක වින්දිතයෙක් අපයෝජනයට ලක් වන අයුරු - www.aljazeera.com
    ඇය සිරවී සිටි ස්ථානයේ ජාවාරම්කරුවන්, කාන්තාවන් හමුවීමට කැමති පිරිමින් සඳහා සමූහයක් නිර්මාණය කර තිබූ අතර, ලින් ගේ කාර්යය වූයේ හැකි පමණ පිරිමින් රවටා ගැනීම යි.

    අදාළ කාර්යය නිසි පරිදි සිදු නොවන විට ජාවාරම්කරුවන් අතින් ඇය නිරන්තර අතවරයට ලක් වුණා.
    අති බිහිසුණු අත්දැකීම්වලින් ගැලවීම සඳහා ඇය නිදි පෙති භාවිතා කිරීමට නිතර ම පුරුදු වුණා. මාස තුනක් මුළුල්ලේ මහල් සංකීර්ණය තුළ සිරවී සිටි ඇයට බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැහැ. මරණය වඩාත් යහපත්යැ යි ඇයට සිතුණා. සයිබර් වහල් මෙහෙයට විරුද්ධව සටන් කරන ස්වෙච්ඡා සංවිධාන ඇය බේරා ගත්තේ නැත්නම් නිදි පෙති භාවිතය නිසා ම ඇය මිය යන්නට ඉඩ තිබුණා.

    ඩොලර් බිලියන ගණනක වංචා!​

    මෙලෙස පැහැර ගැනීමට ලක් වන සයිබර් වහලුන් එක ම ගොඩනැඟිලි සංකීර්ණයක රඳවා ගන්නෙත් නැහැ. හොඳ මිලක් ලැබෙනවා නම් වින්දිතයා වෙනත් ජාවාරම් කණ්ඩායකමට විකිණීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ලූ ෂියැන්ග්‍රි ගේ ආරම්භක වටිනාකම ඩොලර් 12,000 ලෙස දැක්වුණත්, පසුව ඩොලර් 16,700 කට වෙනත් ජාවාරම් කණ්ඩායමක් ලූ ෂියැන්ග්‍රි මිල දී ගත්තා. තෙවැනි “Scamming compound” එකෙන් ඔහුට නියම වූ මිල ඩොලර් 18,000 ක්.
    වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන සැකකරුවෙක් චීනයට පිටුවහල් කිරීමට සූදානම් වන අයුරු - asia.nikkei.com
    බොහෝ විට මෙම සයිබර් වංචා (Scamming) පිටුපස සිටින්නේ චීනයෙන් පැමිණි ජාවාරම්කරුවන්. චීනයේ පවතින නීතිමය තත්ත්වය නිසා ඔවුන් අන්තර්ජාල සබඳතා යම්තාක් දුරකට හොඳ මට්ටමින් පවතින ආසියාවේ දූෂිත ම රාජ්‍යයන් මේ සඳහා තෝරා ගන්නවා. දූෂිත බව අතින් කාම්බෝජය දෙවැනි වන්නේ ඇෆ්ගනිස්තානය, යේමනය, උතුරු කොරියාව වැනි රටවල් කිහිපයකට පමණ යි. Scamming පිටුපස ධනපති ව්‍යාපාරිකයන් පවා සිටිය අතර, ඔවුන්ට කාම්බෝජ දේශපාලනයේ ප්‍රබල සබඳතා තිබෙනවා.
    චීනයේ සයිබර් වංචා යනු විශාල මෙහෙයුම් සිදුවන ව්‍යාපාරයක්. ඔවුන් වසරකට ඩොලර් බිලියන ගණනක් වංචා කරනවා. තම රටවැසියන්ට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය හරහා යුරෝපය දක්වා ම සිය වංචනික දැල එළීමට ඔවුන් පසුබට වන්නේ නැහැ. එහි දී ඔවුන් හසු කර ගැනීමට මාන බලන සමාජ පංති සහ වෘත්තීය අනුව තම මෙහෙයුමත් අති සූක්ෂම අයුරින් සැලසුම් කරනවා.
    වරෙක චීනයේ ගොවි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ලොතරැයි වංචාවක දී ගොවියන් ඩොලර් 15,000 සිට 30,000 දක්වා වූ මුදල් ආයෝජනය කිරීමට පෙලැඹී තිබුණා. "Scamming compounds' තුළ වහල් ජීවිත ගත කරන වින්දිතයන් දහයකට හෝ විස්සකට ගොවීන් රවටා එකතු කරගත හැකි වූ මුදල ඩොලර් 900,000 කට වඩා වැඩි යි. එවැනි වින්දිතයන් 200 ක් පමණ සේවය කරන ජාවාරම් මධ්‍යස්ථානයේ ලාභය සිතා ගත නොහැකි තරම් ඉහළ යි!
    ලු ෂියැන්ග්‍රී යනු සයිබර් වහල් සේවයේ වින්දිතයෙක්. දැන් ඔහු එම ජාවාරමට විරුද්ධව සටන් වදිමින් වින්දිතයන්ට ස්වෙච්ඡාවෙන් මඋපකාර කරනවා - www.aljazeera.com

    මර්දනය අසීරු යි​

    කාම්බෝජයේ සිදු වන මෙම ජාවාරම නිසා චීනය වෙත එල්ල වන පීඩනයත් සුළුපටු නැහැ. එරට මහජන ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතා දෙපාර්තමේන්තුව පවසන පරිදි වරෙක ඩොලර් බිලියන 145 කට අධික මුදල් නීති විරෝධී අන්දමින් චීනයෙන් පිටතට ගලා ගොස් තිබෙනවා. එම මුදල් වලින් වැඩි කොටසක් වංචා කර ඇත්තේ මාර්ගගත ක්‍රමවේදවලින් සිදු කරන සූදු ජාල (online gambling networks) හරහා යි. මේවා මූලිකව ම සිදු වන්නේ කැසිනෝ ව්‍යාපාර තුළ යි. ඒවායේ රහසිගත අන්දමින් "Scamming compound" පවත්වා ගෙන යනවා.
    කාම්බෝජයේ පමණක් නොව දැන් ලෝකය පුරා මෙවැනි ජාවාරම් පැතිර යෑමේ අවදානමක් තිබෙනවා. චීනය තුළ පවත්නා නීති පද්ධතිය සහ ආරක්ෂක අංශවල සක්‍රීය බව නිසා සංවිධානාත්මක Scamming කල්ලි වඩාත් සුදුසු රටවල් සොයා යනවා. දැනට ඔවුන්ට හමුවී ඇති හොඳ ම ස්ථානය වන්නේ කාම්බෝජය යි. මේවා පවත්වා ගෙන යෑම සඳහා විශාල ශ්‍රම බළකායක් අවශ්‍ය බැවින්, ඔවුන් මිනිසුන් හැකි පමණ රවටා ගෙන්වා ගැනීමට උත්සහ කරනවා. චීන බලධාරීන් දිගින් දිගට ම මෙවැනි ජාවාරම්කරුවන් හඹා යන අතර, එක්තරා අවස්ථාවක උතුරු මියැන්මාරයේ සිටින චීන ජාතිකයන් සියල්ලම නැවත මව්බිම කරා ආ යුතු බව නියෝගයක් නිකුත් කළා. කාම්බෝජයේ මෙන් ම උතුරු මියැන්මාරයේත් ඉහළ වැටුප් ලබාදෙන බව පවසමින් චීන ජාතිකයන් ගෙන්වා ගැනීමේ ප්‍රවණතාවක් තිබීම ඊට හේතුව යි. එම ක්‍රියාව නිසා වහලුන් බවට පත් වීමේ අවදානමක් තිබූ දහස් ගණනක් ගලවා ගැනීමට හැකි වුණා.
    මෙවැනි වින්දිතයන් සිය ගණනක් කාම්බෝජයේ "Scamming Compounds" තුළ සිරවී සිටිනවා - cne.wtf

    ඔබත් ප්‍රවේශම් වන්න!​

    තවමත් මේ ජාවාරම ඉතා සාර්ථක අන්දමින් කාම්බෝජයේ සිදු වෙනවා. ජාවාරම පවත්වා ගෙන යෑමේ දී චීනයේ මහ මොළකරුවන් ගැන වැඩියෙන් අසන්නට ලැබෙන නිසා චීන ආරක්ෂක අංශත් මෙම ක්‍රියා වැලැක්වීමට උත්සහ ගන්නවා. නමුත්, ජාවාරමේ අක්මුල් කාම්බෝජ සමාජය සහ දේශපාලනය තුළ වඩාත් ගැඹුරය විහිදී ඇති බැවින්, ඒවා මර්දනය කිරීම පහසු ක්‍රියාවක් නොවෙ යි.
    ඔබටත් සමාජ ජාල සහ WhatsApp, Telegram වැනි ඇප් හරහා විවිධ “SCAM” පණිවිඩ ලැබී ඇති. ඇතැම් විට ඊ-මේල් ගිණුම්වලටත් විවිධ රැකියා අවස්ථා හෝ රටකට සංක්‍රමණය වීමේ අවස්ථා ගැන සඳහන් කරමින් පණිවිඩ පැමිණෙනවා. එම පණිවිඩ පිටුපස සයිබර් වහලුන් සේ ක්‍රියා කරන මිනිසුන් ගේ ඛේදනීය ඉරණමේ සේයාවන් තැවරී නොමැතියැ යි කිව හැක්කේ කාට ද?
    ඔබගේ ජංගම දුරකථනයට අනාරාධිත ව පැමිණෙන අසාමාන්‍ය වැටුප් සහිත රැකියා අවස්‍ථා පිටුපස මෙවැනි ජාවාරම්කරුවන් සිටිය නොහැකියැ යි කිව හැක්කේ කාට ද?
    Bump
     
    • Like
    Reactions: Swordfish27

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මන් යන්ට ආස Romania එත් එකට මාර තරගයක් තියෙන්නේ බන් 😪 දැන් කාම්බෝජයේ ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා. මට තියෙන අවුල මන් දිගටම Romania යන්ට try කරන එක තේරුමක් තියේද? නැත්නම් මේ අපු එකට යන්ටද. මන් පල්ලෙහායින් දැන්නම් ජොබ් එක ගැන විස්තර .

    Hotel

    Benefits
    Visa free...
    Renewal visa free...
    Accommodation free...
    Foods free on duty...
    Working hours - 12 hours...
    Basic Salary 800 $...
    Allowance 200 $...
    Commission plus...
    Can take around 1500 $...

    🙏🙏🙏
    Yanna epoo...... SCAM .....

    https://www.aljazeera.com/features/longform/2022/8/11/meet-cambodia-cyber-slaves
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    අඩේ මාර කේස් එක නේ.....මේ info මන් දැනන් හිටියේ නැහැනේ

    එක තමයි බං මන් ඒ question එක උගෙන් ඇහුවා එතකොට compound එකේ medical provide කරනවාලු
    ------ Post added on Aug 20, 2022 at 9:56 AM
    Ane mnda. Ethakota ehe kanne bonne kohomada. Ai bn ehema rules

    රොමේනියා, ශෙනගන් දෙන්නේ නැහැ බන් ලඟදී....කුඩු යි බඩුයි හිඟන්නොයි ඔක්කොම උන් තමයි යුරෝපේ. එස්ටෝනියා වගේ බැරිනම් පෘතුගාලයවත් බලපන්.
    Thanks
    ------ Post added on Aug 20, 2022 at 12:35 PM
     
    • Like
    Reactions: Solo Rider

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ අවුරුද්දේ අග හරි ලබන අවුරුද්දේ මුල හරි ෂෙනගන් වෙනවා කියලා ආරංචි. Agency වල non skilled job නෑ. ආවත් උන් අදුරන උන්ව රිංගනවා. එතකොට අපි වගේ එවුන්ට sorry තම
    Student visa වීසා වගේ සෙට් කරගන්න බැරිද සෑහෙන benefits හම්බෙයි 🤔
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මගේ යලුවො 2 නෙක් රුමේනියා ගියා 2020 දැන් ඉන්නෙ Italy. ඉස්සෙල්ලම Negombo wala Agency එකකින් රුමේනියා වීසා කොහොමහරි හදාගත්තා ( around 900,000 Lkr Usd rate was around 200 ). එක පොරකට සෙට් උනේ බේකරියක හෙල්පර් වගේ, අනික් පොරට Zone ( Same like Katunayake Zone) එකක. වාහන spare parts හදන company එකක . දෙන්නම හිතියේ මාස 6 කට අඩූ කාලයක් රුමේනියා වල. Transfer from Rumania to Italy by truck per person යුරෝ 4500 ( 2020 November) before both of them were house keeper . Now they enjoying their life.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    I got a Job Offer from Cambodia as a Customer Service Executive

    Cons
    1. They Provide only Chinese Food
    2. You have to work from the Accommodation that they Provide as no registered office is available.
    3. Duty Starts from Morning 8.00 to Evening 10.00
    4. Pay is 1000 to 1500 USD
    5. for whatever reason even for emergency You cannot go out from the Accommodation
    6. as the Employer informed we have to Scam people ( a Chinese Guy Interviewed Me)

    after consideration drop the idea and refused the offer....still finding a legal job overseas....... i hope your case is different from this
    Casino scene ekak da?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාම්බෝජයේ ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා.

    කාම්බෝජ Cyber-scamවල සිරවුණු සයිබර් වහලුන්ගේ කතාව​

    සුරැකුම්පත් විශ්ලේෂකයා ගේ කතාව​

    සයිබර් වහල් මෙහෙය පැහැදිලි කිරීමට මත්තෙන් ඔවුන් මේ ජාවාරමට හසුවන අන්දම විස්තර කිරීම වැදගත්. ලූ ෂියැන්ග්‍රි ගේ අත්දැකීම සලකා බලන්නේ ඒ නිසා යි.
    2020 සැප්තැම්බර් මාසයේ දී චීනයේ සිට කාම්බෝජයට සංක්‍රමණය වූ ලූ ෂියැන්ග්‍රි, ප්නොම් පෙන් අගනුවර සිටින හිත මිතුරකු ගේ අවන්හලක් කළමනාකරණය කරමින් සිටියා. ඒ හරහා තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අත්දැකීම් ලබා ගැනීම ඔහුගේ අරමුණ වුණා. COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ලූ සේවය කරමින් සිටි අවන්හල වසා දැමීමට සිදු වුණා. රැකියාවක් නොමැති ව කාම්බෝජයේ අතරමං ව සිටි ලූ ෂියැන්ග්‍රිට චීනය කරා නැවත යෑමට ප්‍රමාණවත් මුදලක් තිබුණේ නැහැ. ඉහළ යන ගුවන් ගමන් ගාස්තු සහ අධික නිරෝධායන වියදම් ඊට හේතු වුණා.
    ආසියාවේ දූෂිත ම රාජ්‍යයක් ලෙස කාම්බෝජය මෙම සුවිශේෂී ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා - www.aljazeera.com
    එක්තරා ආගන්තුකයෙක් ඔහුට රැකියාවක් පිරි නැමීමට ඉදිරිපත් වූ අතර, ආගන්තුකයාගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුරැකුම්පත් වෙළඳපොළ විශ්ලේෂණය කිරීම ලූ ෂියැන්ග්‍රිට පැවරුණු රාජකාරිය වුණා. මසකට ඩොලර් 1500 ක් වැටුප් වශයෙන් ලැබෙන නිසා ඔහු අවස්ථාව බාර ගත්තා.
    පළමු දිනයේ දී වැඩ භාර ගැනීම සඳහා පැමිණෙන විට තමා කිසියම් වංචාවකට හසු වී ඇති බව චීන තරුණයාට අවබෝධ වුණා. තත්ත්වය තවත් බැරෑරුම් වුණේ ඔහු පිටව යාමට උත්සහ කරන විට යි. ලූ ෂියැන්ග්‍රි, ඒ වනවිටත් ඩොලර් 12,000 ක් වැනි මුදලකට අලෙවි වී තිවූ අතර, අදාළ මුදල ගෙවන තුරු සමාගමෙන් පිට ව යෑමට අවසර ලැබුණේ නැහැ. ඔහුට මුදල් ගෙවිය නොහැකි නම්, අන්තර්ජාලය හරහා සිදු කරන වංචනික ක්‍රියා (Scam)වලට දායක විය යුතු යි. එසේ නොකළහොත්, ඉතා දරුණු ශාරීරික වධ හිංසා වලට ලක් වීමට සිදු වෙනවා.
    මධ්‍යස්ථාන පවත්වා ගෙන යන මෙවැනි ගොඩනැඟිලි දැල් ගසා ආවරණය කර තිබෙනවා - www.thinkchina.sg

    “Scamming compounds”​

    අන්තර්ජාලයේ සැරි සරන අතරතුර හමු වූ විවිධ Scam ගැන අත්දැකීම් ඔබටත් ඇති. ඒවා ඉතා සුක්ෂම ලෙස පුද්ගල මනෝභාවයට බලපෑම් කරමින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමට උත්සහ කරනවා. එහෙත්, මෙවැනි "Scam" පිටුපස මිනිස් ජාවාරමේ අති අමානුෂික පැතිකඩක් වූ වහල් මෙහෙය ඇති බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති.
    කාම්බෝජය තුළ අන්තර්ජාලය හරහා සිදු කරන මෙවැනි වංචනික ක්‍රියා කොතරම් සංවිධානාත්මක ද යත්, ඒවා විශාල ගොඩනැඟිලි සංකීර්ණවල පද්ධතියක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. විමර්ශනාත්මක මාධ්‍යවේදීන් මේවා හඳුන්වන්නේ "Scamming compounds" යනුවෙන්. ඒවා කැසිනෝ, හෝටල්, නිවාඩු නිකේතන, මහල් නිවාස සංකීර්ණවල හෝ කාර්යාල සංකීර්ණවල ක්‍රියාත්මක විය හැකි යි. "Scamming compounds" තුළ සිය ගණන් මිනිසුන් වහලුන් සේ සේවය කරන අතර, ඔවුන් දවස පුරා අන්තර්ජාලයේ සැරිසරමින් වංචනික ක්‍රියාවලට පුද්ගලයන් හසුකර ගැනීමට උත්සහ කරනවා. මෙය නූතන ලෝකයේ වහල් සේවයක් ලෙස සැලකිය හැකි යි. ජාවාරම්කරුවන් ලබා දෙන ඉලක්කයට ළඟා විය නොහැකි වුවහොත්, ජීව ග්‍රහයෙන් සිටින මේ අසරණයන් දරුණු වධ හිංසාවලට ලක් වෙනවා. ඇතැම් ජාවාරම්කරුවන් මේ අසරණයන්ට වධ හිංසා පමුණුවන්නේ විදුලි සැර වැද්දවීමෙන්!
    කිසිවෙකුටත් පැන යෑමට අවස්ථාවක් නොමැත - www.thinkchina.sg
    දහසක් ගොඩනැඟිලි අතුරින් "Scamming compounds" හඳුනා ගැනීමත් එතරම් දුෂ්කර වන්නේ නැහැ. ඒවායේ ජනේල් කවුළු, සඳළුතල සහ තාප්ප ශක්තිමත් කටු කම්බිවලින් ආවරණය කර තිබෙනවා. සෑම පිවිසුමකට ම දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති අතර, ඒවා මෙහෙයවන අපරාධ කල්ලිවලට හැර කිසිවෙකුටත් එහි ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ.

    මින්ග් ගේ අත්දැකීම​

    කාම්බෝජය පුරා සයිබර් වංචා මෙහෙයුම්වල බොහෝ දුරට සිර වී සිටින්නේ විදේශිකයන්. ඔවුන් චීන, තායි, වියට්නාම්, ඉන්දුනීසියානු හෝ මැලේසියානු වැනි විවිධ ජාතීන්ට අයත් වෙනවා. මෙම ජාවාරම්වලට විදේශිකයන් හසු වී ඇත්තේ තවත් සයිබර් වංචාවකින් වීම විශේෂත්වයක්. බොහෝ විට අධික වැටුප් ලබාදෙන ව්‍යාජ රැකියා අවස්ථාවලට රැවටී ඔවුන් කාම්බෝජයට පැමිණෙනවා.
    චීනයේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කම්හලක සේවය කරමින් සිටි මින්ග්, වරෙක චීනයේ සමාජ මාධ්‍ය ජාලයක් වන "WeChat" හරහා පළ වූ රැකියා දැන්වීමකට පිළිතුරු සැපයුවා. තමා නිරත වන රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා දස ගුණයක වැටුපක් ලබා දෙන එම රැකියා අවස්ථාව තිබුණේ කාම්බෝජයේ කාර්යාලයක යි.
    විසිතුන් හැවිරිදි චෙන් නමැති තරුණයා "cryptocurrency" හා සම්බන්ධ වූ වංචනික ක්‍රියා වෙනුවෙන් වහල් සේවය සැපයුවා - www.aljazeera.com
    සන්නද්ධ යතුරුපැදි කණ්ඩායමක් වියට්නාම දේශසීමාව හරහා ඔහු එහි ගෙන යෑමේ දී දැනුණු බිය මින්ග්ට කවදාවත් අමතක වන්නේ නැහැ. විදේශ ගමන් බලපත්‍රයක්වත් නැති මින්ග්, අවසානයේ දී කාම්බෝජයේ "Scamming compound" එකක සිර වුණා. එම ජාවාරම් මධ්‍යස්ථානය තුළ සිදු වුණේ "Online shopping" හා සම්බන්ධ වූ වංචනික ක්‍රියා පමණ යි. මහල් සංකීර්ණය තුළ චීනය, එක්සත් ජනපදය, ජපානය, වියට්නාමය සහ තායිලන්තය වැනි විවිධ රටවලින් පැමිණි පුද්ගලයන් සිය ගණනක් සහ වංචනික සමාගම් රැසක මහ මොළකරුවන් නවාතැන් ගෙන සිටියා.
    සයිබර් වංචා විශාල විවිධත්වයකින් සිදු වෙනවා. මින්ග් හසු වූ ජාවාරම, එම ජාලයේ එක් වරපටක් පමණ යි. උදාහරණයක් ලෙස දහසය හැවිරිදි තරුණියක් වූ ලින් ගේ කතාව තරමක් වෙනස් එකක්.

    “Sex Scamming”​

    ලින් සේවය කරමින් සිටියේ චීනයේ අවන්හලක යි. එහි දී ඇය දන්නා හඳුනන පුද්ගලයෙක් හරහා වියට්නාම් දේශසීමාවට ආසන්න ගුවැන්ෂි පළාතේ යතුරුලියන රැකියාවකට ඇරියුම් ලැබුණා. අවන්හල් රැකියාවට වඩා ඉහළ වැටුපක් ලබා දීමට පොරොන්දු වූ බැවින්, ඇය දුරකතර ගෙවා පැමිණිය ද සිදු වූයේ අනපේක්ෂිත දෙයක්. අවසානයේ දී ඇයත් කාම්බෝජයේ සයිබර් වහලියක් බවට පත් වුණා.
    ලූ ෂියැන්ග්‍රි වෙත ලැබුණු වීඩියෝවක වින්දිතයෙක් අපයෝජනයට ලක් වන අයුරු - www.aljazeera.com
    ඇය සිරවී සිටි ස්ථානයේ ජාවාරම්කරුවන්, කාන්තාවන් හමුවීමට කැමති පිරිමින් සඳහා සමූහයක් නිර්මාණය කර තිබූ අතර, ලින් ගේ කාර්යය වූයේ හැකි පමණ පිරිමින් රවටා ගැනීම යි.

    අදාළ කාර්යය නිසි පරිදි සිදු නොවන විට ජාවාරම්කරුවන් අතින් ඇය නිරන්තර අතවරයට ලක් වුණා.
    අති බිහිසුණු අත්දැකීම්වලින් ගැලවීම සඳහා ඇය නිදි පෙති භාවිතා කිරීමට නිතර ම පුරුදු වුණා. මාස තුනක් මුළුල්ලේ මහල් සංකීර්ණය තුළ සිරවී සිටි ඇයට බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැහැ. මරණය වඩාත් යහපත්යැ යි ඇයට සිතුණා. සයිබර් වහල් මෙහෙයට විරුද්ධව සටන් කරන ස්වෙච්ඡා සංවිධාන ඇය බේරා ගත්තේ නැත්නම් නිදි පෙති භාවිතය නිසා ම ඇය මිය යන්නට ඉඩ තිබුණා.

    ඩොලර් බිලියන ගණනක වංචා!​

    මෙලෙස පැහැර ගැනීමට ලක් වන සයිබර් වහලුන් එක ම ගොඩනැඟිලි සංකීර්ණයක රඳවා ගන්නෙත් නැහැ. හොඳ මිලක් ලැබෙනවා නම් වින්දිතයා වෙනත් ජාවාරම් කණ්ඩායකමට විකිණීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ලූ ෂියැන්ග්‍රි ගේ ආරම්භක වටිනාකම ඩොලර් 12,000 ලෙස දැක්වුණත්, පසුව ඩොලර් 16,700 කට වෙනත් ජාවාරම් කණ්ඩායමක් ලූ ෂියැන්ග්‍රි මිල දී ගත්තා. තෙවැනි “Scamming compound” එකෙන් ඔහුට නියම වූ මිල ඩොලර් 18,000 ක්.
    වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන සැකකරුවෙක් චීනයට පිටුවහල් කිරීමට සූදානම් වන අයුරු - asia.nikkei.com
    බොහෝ විට මෙම සයිබර් වංචා (Scamming) පිටුපස සිටින්නේ චීනයෙන් පැමිණි ජාවාරම්කරුවන්. චීනයේ පවතින නීතිමය තත්ත්වය නිසා ඔවුන් අන්තර්ජාල සබඳතා යම්තාක් දුරකට හොඳ මට්ටමින් පවතින ආසියාවේ දූෂිත ම රාජ්‍යයන් මේ සඳහා තෝරා ගන්නවා. දූෂිත බව අතින් කාම්බෝජය දෙවැනි වන්නේ ඇෆ්ගනිස්තානය, යේමනය, උතුරු කොරියාව වැනි රටවල් කිහිපයකට පමණ යි. Scamming පිටුපස ධනපති ව්‍යාපාරිකයන් පවා සිටිය අතර, ඔවුන්ට කාම්බෝජ දේශපාලනයේ ප්‍රබල සබඳතා තිබෙනවා.
    චීනයේ සයිබර් වංචා යනු විශාල මෙහෙයුම් සිදුවන ව්‍යාපාරයක්. ඔවුන් වසරකට ඩොලර් බිලියන ගණනක් වංචා කරනවා. තම රටවැසියන්ට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය හරහා යුරෝපය දක්වා ම සිය වංචනික දැල එළීමට ඔවුන් පසුබට වන්නේ නැහැ. එහි දී ඔවුන් හසු කර ගැනීමට මාන බලන සමාජ පංති සහ වෘත්තීය අනුව තම මෙහෙයුමත් අති සූක්ෂම අයුරින් සැලසුම් කරනවා.
    වරෙක චීනයේ ගොවි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ලොතරැයි වංචාවක දී ගොවියන් ඩොලර් 15,000 සිට 30,000 දක්වා වූ මුදල් ආයෝජනය කිරීමට පෙලැඹී තිබුණා. "Scamming compounds' තුළ වහල් ජීවිත ගත කරන වින්දිතයන් දහයකට හෝ විස්සකට ගොවීන් රවටා එකතු කරගත හැකි වූ මුදල ඩොලර් 900,000 කට වඩා වැඩි යි. එවැනි වින්දිතයන් 200 ක් පමණ සේවය කරන ජාවාරම් මධ්‍යස්ථානයේ ලාභය සිතා ගත නොහැකි තරම් ඉහළ යි!
    ලු ෂියැන්ග්‍රී යනු සයිබර් වහල් සේවයේ වින්දිතයෙක්. දැන් ඔහු එම ජාවාරමට විරුද්ධව සටන් වදිමින් වින්දිතයන්ට ස්වෙච්ඡාවෙන් මඋපකාර කරනවා - www.aljazeera.com

    මර්දනය අසීරු යි​

    කාම්බෝජයේ සිදු වන මෙම ජාවාරම නිසා චීනය වෙත එල්ල වන පීඩනයත් සුළුපටු නැහැ. එරට මහජන ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතා දෙපාර්තමේන්තුව පවසන පරිදි වරෙක ඩොලර් බිලියන 145 කට අධික මුදල් නීති විරෝධී අන්දමින් චීනයෙන් පිටතට ගලා ගොස් තිබෙනවා. එම මුදල් වලින් වැඩි කොටසක් වංචා කර ඇත්තේ මාර්ගගත ක්‍රමවේදවලින් සිදු කරන සූදු ජාල (online gambling networks) හරහා යි. මේවා මූලිකව ම සිදු වන්නේ කැසිනෝ ව්‍යාපාර තුළ යි. ඒවායේ රහසිගත අන්දමින් "Scamming compound" පවත්වා ගෙන යනවා.
    කාම්බෝජයේ පමණක් නොව දැන් ලෝකය පුරා මෙවැනි ජාවාරම් පැතිර යෑමේ අවදානමක් තිබෙනවා. චීනය තුළ පවත්නා නීති පද්ධතිය සහ ආරක්ෂක අංශවල සක්‍රීය බව නිසා සංවිධානාත්මක Scamming කල්ලි වඩාත් සුදුසු රටවල් සොයා යනවා. දැනට ඔවුන්ට හමුවී ඇති හොඳ ම ස්ථානය වන්නේ කාම්බෝජය යි. මේවා පවත්වා ගෙන යෑම සඳහා විශාල ශ්‍රම බළකායක් අවශ්‍ය බැවින්, ඔවුන් මිනිසුන් හැකි පමණ රවටා ගෙන්වා ගැනීමට උත්සහ කරනවා. චීන බලධාරීන් දිගින් දිගට ම මෙවැනි ජාවාරම්කරුවන් හඹා යන අතර, එක්තරා අවස්ථාවක උතුරු මියැන්මාරයේ සිටින චීන ජාතිකයන් සියල්ලම නැවත මව්බිම කරා ආ යුතු බව නියෝගයක් නිකුත් කළා. කාම්බෝජයේ මෙන් ම උතුරු මියැන්මාරයේත් ඉහළ වැටුප් ලබාදෙන බව පවසමින් චීන ජාතිකයන් ගෙන්වා ගැනීමේ ප්‍රවණතාවක් තිබීම ඊට හේතුව යි. එම ක්‍රියාව නිසා වහලුන් බවට පත් වීමේ අවදානමක් තිබූ දහස් ගණනක් ගලවා ගැනීමට හැකි වුණා.
    මෙවැනි වින්දිතයන් සිය ගණනක් කාම්බෝජයේ "Scamming Compounds" තුළ සිරවී සිටිනවා - cne.wtf

    ඔබත් ප්‍රවේශම් වන්න!​

    තවමත් මේ ජාවාරම ඉතා සාර්ථක අන්දමින් කාම්බෝජයේ සිදු වෙනවා. ජාවාරම පවත්වා ගෙන යෑමේ දී චීනයේ මහ මොළකරුවන් ගැන වැඩියෙන් අසන්නට ලැබෙන නිසා චීන ආරක්ෂක අංශත් මෙම ක්‍රියා වැලැක්වීමට උත්සහ ගන්නවා. නමුත්, ජාවාරමේ අක්මුල් කාම්බෝජ සමාජය සහ දේශපාලනය තුළ වඩාත් ගැඹුරය විහිදී ඇති බැවින්, ඒවා මර්දනය කිරීම පහසු ක්‍රියාවක් නොවෙ යි.
    ඔබටත් සමාජ ජාල සහ WhatsApp, Telegram වැනි ඇප් හරහා විවිධ “SCAM” පණිවිඩ ලැබී ඇති. ඇතැම් විට ඊ-මේල් ගිණුම්වලටත් විවිධ රැකියා අවස්ථා හෝ රටකට සංක්‍රමණය වීමේ අවස්ථා ගැන සඳහන් කරමින් පණිවිඩ පැමිණෙනවා. එම පණිවිඩ පිටුපස සයිබර් වහලුන් සේ ක්‍රියා කරන මිනිසුන් ගේ ඛේදනීය ඉරණමේ සේයාවන් තැවරී නොමැතියැ යි කිව හැක්කේ කාට ද?
    ඔබගේ ජංගම දුරකථනයට අනාරාධිත ව පැමිණෙන අසාමාන්‍ය වැටුප් සහිත රැකියා අවස්‍ථා පිටුපස මෙවැනි ජාවාරම්කරුවන් සිටිය නොහැකියැ යි කිව හැක්කේ කාට ද?
    @Bad News හුත්තෝ උඹ මේක කියෙව්වද? යන්න එපා.. යන්නම ඕන නම් ගිහින් ඕන &#%ක්‌ කරගනින්.. අපි නොකිව්වා කියන්න එපා පස්සෙ.. 😐
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Cambodia කියන්නෙ හොද රටක් නෙවෙයි මචං දන්න විදිහට.
    එන්න එන්න වල පල්ලට යන එකක්.
    Cambodia is a nice country, quite cheap too. But with the influx of the Chinese gangs & the mafia it's been turned upside down. Many scams operate from closed compounds run by the Chinese. Sihanoukville area is completely changed.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    පොල් පොට් හිටපු රට නේද ? ගුපියො කාම්බෝජෙටත් වඩා දුප්පත් වෙලා :(