කාම බන්ධනය හඳුනා ගනිමු

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
කාම බන්ධනය හඳුනා ගනිමු

romantic_58778.jpg

තරුණ වයසේ ඉන්න අයට ගොඩක් වැදගත්වන ලිපියක් ජීවිතය පිලිබඳ යථාර්තය අවබෝධ කරගන්න

“ නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භීක්ඛවෙ ඉත්ථීරූපං . ඉත්ථිරූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති”


මහණෙනි, මම මෙසේ රූපගරුක පුරුෂයාගේ සිත ගෙන (කුසල් සිත පැහැර ගෙන) සිටිනා මෙවැනි වෙනත් එක් රූපයක්වත් නොදකිමි.මහණෙනි, මේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත් ගෙන (කුසල් සිත පැහැරගෙන) සිටියි”
මෙම කරුණු ඇතුළත් වන්නේ මුලින් සඳහන් කළ චිත්පරියාදාන වර්ගයේ පළමුවැනි සූත්‍රයේය. දෙවැනි සූත්‍රයෙන් පැවැසෙන්නේ ස්ත්‍රී ශබ්දය තරම් ශබ්දගරුක ශබ්දයට කැමැති හෙවත් ශබ්දයෙන් වැඩි ආස්වාදයක් ලබන පුරුෂයාගේ සිත පැහැර ගන්නා වෙනත් ශබ්දයක් නැති බවයි. තෙවැනි සූත්‍රයෙන් පැවැසෙන්නේ ස්ත්‍රී ගන්ධය තරම් ගන්ධ ගරුක,ගන්ධයට කැමැති හෙවත් ගන්ධයෙන් වැඩි ආස්වාදයක් ලබන පුරුෂයාගේ සිත පැහැර ගන්නා වෙනත් ගන්ධයක් නැති බවයි. මෙලෙස සතරවැනි, පස්වැනි සූත්‍රවලින් ස්ත්‍රීරසය, ස්ත්‍රී ස්පර්ශය පුරුෂ සිත පැහැර ගන්නා බව දක්වා තිබේ.
මේ ආකාරයට ස්ත්‍රී රූපය ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී ස්පර්ශය තරම් පුරුෂ සිත පැහැර ගන්නා වෙනත් රූප ශබ්ද, ගන්ධ ,රස, ස්පර්ශ, ලොවේ නැත. ඒ තරමටම පුරුෂයා ස්ත්‍රියට බැඳී සිටියි. ආලය, කැමැත්ත දක්වා ඇගෙන් ආස්වාදය ලබයි.
එම චිත්තපරියාදාන වර්ගයේ සයවැනි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත.

z_p05-kama1.jpg


“ නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ පුරිස රූපං . පුරිස රූපං භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨතීති”

“ මහණෙනි, මම මෙසේ රූප ගරුක ස්ත්‍රියගේ සිත් ගෙන සිටිනා මෙවැනි වෙනත් එක් රූපයක් වත් නොදකිමි. මහණෙනි, මේ පුරුෂරූපය ස්ත්‍රියගේ සිත් ගෙන සිටියි,
මෙම වර්ගයේ හතේ සිට දහය දක්වා සූත්‍රවලින් පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රසය, පුරුෂ ස්පර්ශය තරම් ස්ත්‍රියගේ සිත ගෙනසිටින වෙනත් ශබ්දයක්, ගන්ධයක් රසයක් ස්පර්ශයක් නොමැති බව සඳහන් කරයි.

මෙම චිත්තපරියාදාන වර්ගයේ සූත්‍ර දහයෙන් මනාව පැහැදිලි වන්නේ ස්ත්‍රියට පුරුෂයා තරම්ද, පුරුෂයාට ස්ත්‍රිය තරම්ද වන වෙනත් බැඳීමක් වෙනත් ආස්වාදනීය අරමුණක් නැති බවයි. මෙලෙස ස්ත්‍රිය පුරුෂයාගෙන්ද පුරුෂයා ස්ත්‍රියගෙන්ද ආස්වාදයක් ලබන්නේ තණ්හාව නිසාය. එම තණ්හාව ඇතිවන්නේ සුබානුපස්සීව හෙවත් සුබ ආකාරයෙන් දැකීම නිසාය. අප මෝහයෙන් යුක්තව දකින්නේ යථාර්ථය නොවේ. බොරුවය, විපරීත වූ හඳුනාගැනීමෙන් ලොව දෙස බලන විට යථාර්ථය නොපෙනෙයි. බුදුරජාණන් වහන්සේ ඒ බව මෙසේ අපට වටහා දුන් සේක.

“අනිච්චෙ භික්ඛවෙ නිච්චන්ති “ - අනිත්‍ය දෙය නිත්‍ය ලෙසට
“ දුක්ඛෙ භික්ඛවෙ සුඛන්ති “ - දුක් දේ සැප ලෙස ට
” අනත්තනි භික්ඛවෙ අත්තානි “ - අනාත්මයෙහි ආත්ම ලෙසට

වැරැදි ආකාරයට ගැනීම සිදුවේ. මෙම සත්‍යය අප පිළිගත්තද නැතද ලොවේ පරම යථාර්ථයයි.

අපගේ ශරීරයේ ඇත්තේ අසුබ පිළිකුල් දෑය. කෙස්,ලොම්, නිය, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, අතුනුවැටිය, අතුනුබහන්, නොදිරූ ආහාර, මල, හිස් මොළ, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කදුළු , වුරුණූ තෙල්, කෙළ සොටු, සඳමිදුලු සහ මුත්‍ර යන කුණප කොටස් තිස් දෙකය. මේවා අපිරිසුදු ය. දුර්ගන්ධය, බැලීමට අප්‍රසන්නය.

“ සචෙ ඉමස්ස කායස්ස අන්තො බාහිරකො සියා
දණ්ඩං නූන ගහෙත්වාන කාකෙ සොණො ච වාරයෙ”
යම් ලෙසකින් මෙම ශරීරය ඇතුළත පිටතට හැරවුවොත් දණ්ඩක් ගෙන බල්ලන් හා කපුටන් එළවීමට සිදුවනු ඇත. යනුවෙන් දක්වා තිබේ. ඒ තරමටම අපගේ මේ ශරීරය ජුගුප්සාජනකය. සත්වයා මේ සිරුරට ඇලුම්කොට විඳවයි. අපගේ මෝහය නිසා දුක විඳිමින්ම දුකටම ඇලුම් කරමු.

“අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති” උපදින පුද්ගලයා උපදින දේම තමන්ට ළංකර ගැනීමට උත්සාහ කරයි.
“අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මංයෙව පරියෙසති” ජරාවට පත්වන පුද්ගලයා ජරාවට පත්වන දේම තමන්ට ළංකර ගැනීමට උත්සාහ කරයි.

“අත්තනා මරණධම්මො සමානො මරණධම්මංයෙව පරියෙසති” මරණයට පත්වන ස්වභාව ඇති පුද්ගලයා මරණයට පත්වන දේම තමන්ට ළංකර ගැනීමට උත්සාහ දරයි.
මෙලෙස උපදින, දිරන, මැරෙන ස්වභාව ඇති පුරුෂයෝ එම ස්වභාවම ඇති ස්ත්‍රින් සොයති. අප මේ ජීවිතයේදී සිදු කරනුයේ දිරන, මැරෙන ගොඩට තව තවත් එවන් දේ එකතු කිරීමය. එයට හේතුව සියල්ල සුබ ලෙස දැකීමට පුරුදු වී සිටීමයි. අසුබ වූ දෙයම විපරීත සඤ්ඤාවෙන් සුබ ලෙස දකිමින් අසුබ දේ ළංකර ගැනීම ලොව යථාර්ථයයි.

යමකුට තවත් අයකු පිළිබඳව කාමුක හැඟීමක් හෙවත් තමන්ට පාලනය කර ගත නොහැකි හැඟීමක් ඇතිවූ විට සිතිය යුත්තේ මෙසේය. එනම් අප ඇලුම් කළ තැනැත්තා හෝ තැනැත්තිය රෝගියකු වී ඔත්පල වී විවිධ අපහසුතාවලට ගොදුරුවන ශරීරයක් දරා සිටින බවයි. එවිට අප දුටු සුබ දෙයෙහි අසුබ පැත්ත දැකීමට අප පුරුදු වේ. මෙම කාරණය ද අප ඉහත සඳහන් කළ දෙතිස් කුණපයන් හරහා පැහැදිලි කෙරේ.

යම් හෙයකින් ඔබ ඉතා අගය කරන අයකුගේ කෙස් රොදක් ගෙන ඔබේ බත් පිඟානේ තැබුවහොත් එය ඔබ දකින්නේ මිහිරි ලෙසද? කෙස් රොද අයත් අයට අප ආදරය කළද කෙස් රොද බත් පිඟානෙහි තිබෙනු දැකීමට අපි කැමැති නොවෙමු. යන පිළිතුර ඊට ලැබේ. අප මුව තුළ තබාගෙන සිටින කෙළ පිඩක් පිටතට ගෙන නැවත මුවට ගන්නැයි පැවසුවහොත් අපට එය කළ නොහැකිය. එහිදී අපට අපේම කෙළ පිළිකුල් සේ දැනේ.

මෙම යථාර්ථය වටහා නොගැනීමෙන් අපි කාම රාගයෙන් දැවෙමු. පීඩා විඳිමු. ඒ නිසාම සසරේ නැවත නැවත උපදිමින් දුක් විඳිමු.
වංගීස නම් භික්‍ෂු තෙම ආනන්ද තෙරුන්ට මෙසේ පැවසුවේය.
“ කාමරාගෙන ඩයිහාමි චිත්තං මෙ පරිඩයිහති
සාධූ නිබ්බාපනං බ්‍රෑහි අනුකම්පාය ගොතම
“ ස්වාමීන් වහන්ස, මම කාමරාගයෙන් දැවෙමි. මම හාත්පසින්ම දැවෙමි. මට අනුකම්පාවෙන් මෙම ගින්න නිවා ගන්නා අයුරු කියාදෙන්නැයි”යි ඉල්ලා සිටියේය. එවිට ආනන්ද තෙරුන්ගේ පිළිතුර මෙය විය.

“ සඤ්ඤාය විපරියෙසා චිත්තං තෙ පරිඩය්හති නිමිත්තං පරිවජ්ජෙහි සුබං රාඥපසංහිතං”
ඔබගේ සිත කාමරාගයෙන් දැවෙන්නේ සංඥා (හඳුනා ගැනීම්) විපර්යාසයෙනි. රාගය ඇතිවීමට හේතුවූ සුබ අරමුණ දුරු කරන්න.
එසේ නම් කාමරාගය දුරු කිරීමට අප කළ යුතු වන්නේ රාගය ඇති වීමට හේතුවූ සුබ අරමුණ දුරු කිරීමයි. ඒ සඳහා අසුබ දෙය අසුබ ආකාරයෙන්ම දැකීම උපකාරී වේ. මෙම කාමරාගය සමාධි භාවනාවන්ගෙන් යටපත් කරගත හැකිය. කාමරාගය ධ්‍යාන මගින් යටපත් කරගත්තද නැවත මතුවිය හැකිය. මෙම කාමරාගය තුනීවන්නේ සකෘදාගාමී ඵලයට පත්වීමෙනි. එය සම්පූර්ණයෙන්ම යළි නූපදින පරිදි අභාවයට පත්වන්නේ අනාගාමී ඵලයට පත් වීමෙනි. එවිට එම තැනැත්තා හෙවත් අනාගාමී උත්තමයා නැවත කාමලෝකයේ උපදින්නේ නැත.

කෙසේ වෙතත් මෙම කාම බන්ධනය හඳුනා ගෙන මේ නිසා සසර නැවත නැවත අපාය ආදී දුක්ඛිත ස්ථානවල ඉපිද දුක් විඳින්නට සිදුවන බව වටහා ගන්නා නුවණැති අය අසුබානුපස්සීව වාසය කොට සෝතාපන්න ඵලයට හෝ පත්වෙති. එවිට කාමරාගය ඉතිරිව තිබුණද ඔහු සතර අපායෙන් සදහටම මිදුණෙකි. නියත වශයෙන්ම ජීවිත සතක් ඇතුළත සසර ගමන අවසන් කරන්නෙකි.
මේ නිසා කාම බන්ධනය හඳුනා ගැනීම හා අසුබානුපස්සීව වාසය කිරීම සමාජගත කාම අපරාධ සහ දූෂණ ආදිය දුරුවීමටත් තම තමන්ගේ විමුක්තිය යහපත සලසා ගැනීමටත් උපකාරී වේ.


උපුටා ගැනීමකි
HTML:
http://goo.gl/0iIRX

Comment එකක් දල යන්න නැත්නම් බුම්ප් එකක් හරි දාලම යන්න :)

තෙරුවන් සරණයි...!!
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙකල මෙවැනි ලිපියක් දමන්න ඔබ කටයුතු කල එක ගැන බොහොම ස්තූතියි. ජීවිතයේ ඇත්ත තත්වය අපි දැනගන්න වෙයි. ආදරේ කියාගෙන පිටින් අප බැඳීම් ඇතිකරගත්තාට අවසානේ වෙන්නේ මෙලොවටත් පරලොවටත් අවැඩක් වෙන කෙලෙස් විතරයි. අපි පුරුදුවෙලා ඉන්න ආදරේ/කාමය සුන්දරයි කියන දෙයින් ඔබ්බට හිතන්නට කෙනෙක්ට පුලුවන් නම් ඒ කෙනා තමයි දක්ෂයා

    අපි හැමදෙනාම කල්පනා කරලා බලන්න ඕන අපි ඇත්තටම බැඳීම් ඇතිකරගන්නේ මොකක් එක්කද කියලා. ඒ බැඳීමෙන් අපව තව තවත් නරකට ගෙනියනවා නම් වහාම කරන්න ඕන ඒකෙන් ඈත්වීම හා තවත් ඒවා ඇතිකරගැනීමෙන් වැලකීම. මේක සාමාන්‍ය පුද්ගලයින් වෙච්ච අපිට කරන්න අමාරුයි. නමුත් උත්සාහ කලොත් උඩුගං බලායන්න පුලුවන්. එයා තමයි ජයග්‍රහණය කරන්නේ
     
    • Like
    Reactions: HashanR

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩාක් පිං යාලුවා මේ දේවල් එලකිරියට දැම්මට. අද කාලෙට ගැලපෙන තව දේවල් තියෙනවනම් දාන්න පුලුවන් තරම්. කිහිපදෙනෙක් හරි නිවරදි මාර්ගය අවබෝද කරගනියි.
    +4
     
    • Like
    Reactions: HashanR

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama kiya deyak natha. Thibenne * NAMA [vedana,-----------] and * RUPA [patawi, apo,----------] venas vemin yamai. Mama kiya deyak nathi bawa avabodha una vita, MINISUN MINI MARANA EKA NATHARA KARAVI.
     
    • Like
    Reactions: HashanR

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම පින් සහෝ මේ ලිපියට.
    ආදරය කියන දේ දෙහදක් අතර ඇතිවන බැඳීමක් තමයි. එතැන රාගයත් තියෙනව නෙ.
    අපි හැමෝම හිතන්නෙ කවද හරි දවසක ඒ සුන්දර ආදරය එක්ක එක වහලක් යට ලස්සන පවුල් ජීවිතයක්.
    නමුත් මේක සසරට බැඳීම් ඇති කරන දුක දායක තැනක් බව ත්‍රිලක්ෂණය මෙනෙහි කරන විට වැටහෙනවා.

    නමුත් අපි අපේ කරගන්නට සිනහව, කඳුල, දුක සතුට එක්ක ආපු ඒ ආදරයෙන් ඇතිවෙන බැඳීම සසර කෙටි කරන උත්තම යුග දිවියක් කරගන්නෙ කොහොමද :

    ඒකත් තථාගතයන් වහන්සේ දේශනා කලා මෙන්න මෙහෙම:

    ඔබේ යුග දිවිය දෙවියක් දෙවඟනක් හා සිටින සුන්දර කල්‍යාණ මිත්‍රවූ එක්වීමක් කරගන්න කියල. නකුල පිතා, නකුල මාතා කථා පුවතෙන් කියවෙන්නෙ එලෙස ගුණ ධර්ම පුරන පති පතිනි වරු මතු මතුත් සසරේ මුණ ගැසෙත් එලෙසම සසර මඟ කෙටි කරගෙන නිවන් අවබෝධකර ගනිති කියල.
    මෙන්න කියවන්න
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට හිතාගන්නට බෑ ඇයි මේවගේ වැදගත් ත්‍රෙඩ් වලට කට්ටිය එන්නේ නැත්තේ කියලා. :(
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    • Like
    Reactions: HashanR

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    චගු;13761169 said:
    බොහොම පින් සහෝ මේ ලිපියට.
    ආදරය කියන දේ දෙහදක් අතර ඇතිවන බැඳීමක් තමයි. එතැන රාගයත් තියෙනව නෙ.
    අපි හැමෝම හිතන්නෙ කවද හරි දවසක ඒ සුන්දර ආදරය එක්ක එක වහලක් යට ලස්සන පවුල් ජීවිතයක්.
    නමුත් මේක සසරට බැඳීම් ඇති කරන දුක දායක තැනක් බව ත්‍රිලක්ෂණය මෙනෙහි කරන විට වැටහෙනවා.

    නමුත් අපි අපේ කරගන්නට සිනහව, කඳුල, දුක සතුට එක්ක ආපු ඒ ආදරයෙන් ඇතිවෙන බැඳීම සසර කෙටි කරන උත්තම යුග දිවියක් කරගන්නෙ කොහොමද :

    ඒකත් තථාගතයන් වහන්සේ දේශනා කලා මෙන්න මෙහෙම:

    ඔබේ යුග දිවිය දෙවියක් දෙවඟනක් හා සිටින සුන්දර කල්‍යාණ මිත්‍රවූ එක්වීමක් කරගන්න කියල. නකුල පිතා, නකුල මාතා කථා පුවතෙන් කියවෙන්නෙ එලෙස ගුණ ධර්ම පුරන පති පතිනි වරු මතු මතුත් සසරේ මුණ ගැසෙත් එලෙසම සසර මඟ කෙටි කරගෙන නිවන් අවබෝධකර ගනිති කියල.
    මෙන්න කියවන්න

    මේක හරි. නමුත් මම නම් කියන්නේ විවාහ ජීවිතයට ඇතුලත් වෙනවා කියන්නේ බන්ධන ගොඩක් ඇතිකරගන්නවා වගේ වැඩක් කියලයි. ඒවා වලින් මිදිලා බ්‍රහ්මචාරීව ඉන්න පුලුවන් නම් හොඳයි නේද ?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේක හරි. නමුත් මම නම් කියන්නේ විවාහ ජීවිතයට ඇතුලත් වෙනවා කියන්නේ බන්ධන ගොඩක් ඇතිකරගන්නවා වගේ වැඩක් කියලයි. ඒවා වලින් මිදිලා බ්‍රහ්මචාරීව ඉන්න පුලුවන් නම් හොඳයි නේද ?

    ඔව් සහෝ ඇත්ත තමයි.
    බ්‍රහ්මචාරී වෙන්න බැරුව ඉන්න මම වගේ බහුතරයක් ඉන්නවනෙ මචන්.
    ඒකයි....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    චගු;13762118 said:
    ඔව් සහෝ ඇත්ත තමයි.
    බ්‍රහ්මචාරී වෙන්න බැරුව ඉන්න මම වගේ බහුතරයක් ඉන්නවනෙ මචන්.
    ඒකයි....
    :yes:
    ඔව් ඉතින් අද තියෙන සමාජයේ හැටියට විවාහය හා ලිංගික සම්බන්ධතා හා ආදරය යන දේවල් සමාජ අවශ්‍යතා වෙනා තියෙන්නේ. ඒ වගේම එවැනි දේවලින් ඈත්වෙලා ඉන්න එක සමාජය අනුමත කරන්නේ නෑ.

    කෙනෙක්ට පුලුවන් නම් සම්බන්ධතා වලින් ඈත්වෙලා ඉන්න ඒ පුද්ගලයාට ලොකු බාධාවන් ගොඩක් එන්න පුලුවන් දෙමව්පියන්ගෙන්, සමජයෙන්.

    තරුණ වයසට එළඹුනාම ලොකු තීරණයක් අරගෙන සම්බන්ධතා වලින් ඈත්වෙලා කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක එයාට හොඳයි. ඉන්න අමාරු බව හැබෑව. හැබයි ඉතින් එහෙම ඉන්න කට්ටියකුත් ඉන්නවා
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :yes:
    ඔව් ඉතින් අද තියෙන සමාජයේ හැටියට විවාහය හා ලිංගික සම්බන්ධතා හා ආදරය යන දේවල් සමාජ අවශ්‍යතා වෙනා තියෙන්නේ. ඒ වගේම එවැනි දේවලින් ඈත්වෙලා ඉන්න එක සමාජය අනුමත කරන්නේ නෑ.

    කෙනෙක්ට පුලුවන් නම් සම්බන්ධතා වලින් ඈත්වෙලා ඉන්න ඒ පුද්ගලයාට ලොකු බාධාවන් ගොඩක් එන්න පුලුවන් දෙමව්පියන්ගෙන්, සමජයෙන්.

    තරුණ වයසට එළඹුනාම ලොකු තීරණයක් අරගෙන සම්බන්ධතා වලින් ඈත්වෙලා කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක එයාට හොඳයි. ඉන්න අමාරු බව හැබෑව. හැබයි ඉතින් එහෙම ඉන්න කට්ටියකුත් ඉන්නවා

    හිතුවොත් බැරි නෑ මචන්. මගේ යාලුවෙක් ඉන්නව බන් හැම දේකින්ම ඈත් වෙලා. කොයි තරම්ද කියනව නම් දැන් අපිත් එක්ක ඉන්න එකත් ඌට ගැලපෙන්නෑ. අපිත් ඒ දේ හොදට තේරුම් අරගෙන උගේ ගමන යන්න අපිත් උදවු කරනව මචන්.....
     

    Similar threads