මෙහෙමයි, කෙලින්ම කරණය ගැන කතාකරමුකෝ , පංච ශිලයෙන් එහාගිය ශීලයක් ගැන ත්රිපිටකයේ සදහන් වෙනවා, එක ගැන නෙවෙයි මෙතන කතා කලේ.
යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වැඩක් නැහැ, ඔබ (හෝ උක්ත ස්වාමින්වහන්සේ ) පවසන පරිදි , මස් කෑවම අනිත් සීපද කැඩෙනව කියන එක ගැනයි කතාව.
{එතකොට මුසාවාදා , සුරාමේරය කියන වචන තේරුමක් නැතිව භාවිතා කල ඒවාද (හිස් වචනද)? නැතිනම් පංච ශීලයම තේරුමක් නැති දෙයක් ද? මොකද ඔබ විවරණය කරන ධර්ම කරුණු හුදෙක් පන්සිල් පද වලින් සීමා කර ඇති /අර්ථ දක්වන කරුණු වලින් ඔබ්බට ගිය බවක් මට හැඟෙන්නේ. }
අඩුම වශයෙන් පහත සිල්පද , මස් කෑමෙන් බිදෙන හැටි පෙන්නුවොත් ඇති, ඊට එහා ගිය සීලයක් ගැන නේ ඔබගේ කතාව.. එම නිසා මේ සිල් පද දෙක මස් කෑමෙන් කැඩෙන හැටි ඔබට ඉතාම පහසුවෙන් පෙන්විය හැකිවෙයි.
1. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
2. සුරාමේරය මජ්ජපමා දටඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
මම මුල් වචන දෙක පොඩ්ඩක් highlight කලා , මොකද කලින් පාර ඇහුවම, වේරමණී / මජ්ජපමා යන වචන විතරක් ඔබට අහු උන බවක් තමයි පෙනුනේ.