කාරිය කෙරෙන තුරු

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කාරිය කෙරෙන තුරු

කාරිය කෙරෙන තුරු...

හිනැහිලා එදා මට බොල් දසන් පෙන්වලා
සරදමින් උපහාස අපහාස නංවලා
දැවටිලා දැන් නමුත් අසරණව දඟලලා
අපූරුයි හෙළුවෙන්ම දුටු හැටිත් නුඹලා

රවන නෙතු සිනා සී කරට දෙඅතම පා
මවන හැටි රඟපා අඹ යහළු දඟ පා
සවන මීවිත වැණුම් හෙණ හඬින් දවටා
අපූරුයි කඳුළකට මිලක් දුනි නුඹලා

අමන ගති අමන ලෙස නුඹට පිරිනොනැමුවත්
කුමන නෙත්වලින් පෙර අප දිහා බැලුවත්
රමණයේ යෙදෙන්නට හෙට අපෙන් ඇසුවොත්
දැවෙන හද පුළිඟු වෙයි පුපුරලා ඇවිලුණොත්


-මාලන් විදානපතිරණ