කාරුණික ආයාචනයයි
මචංස' ලා...
ඔයාලා හැමෝගෙන්ම ලොකු ඉල්ලීමක් කරන්නයි මම මේ ත්රෙඩ් එක දාන්නේ....
වෙන මුකුත් ගැන නෙවෙයි... එළකිරි එක ඇතුලෙ අපේ හැසිරීම ගැන..
මම එළකිරි එකට ඇවිත් අවුරුදු කිහිපයක් උනා... දැන් දැන් ඉස්සර එළකරි එකෙයි දැන් තියෙන එළකිරි එකෙයි පොඩි වෙනසක් මට නම් පේනවා...
ඉස්සර අපි ත්රෙඩ් වල කුණුහරුපෙන් උත්තර දුන්නෙ නෑ... ඒත් දැන් නම් කුණුහරුප තියෙනවා ඉහේ කෙස් ගාණට..
මම උදාහරණයක් අරන් කථා කරන්නම්...
බලන්න අද දාපු මේ ත්රෙඩ් එක....
http://www.elakiri.com/forum/showthread.php?t=199228
ඒක වෙනස් මානසිකත්වයක් තියෙන කෙනෙක් දාපු ත්රෙඩ් එකක්. මම 150%ක් එකඟයි මෙයා (tntpunk) ගෙ කථාව වැරදියි කියන එකට.. ඒත් බල්ලෙක් අපව හැපුව කියල අපි ඒ බල්ලව හපන්න ගියොත් බල්ලගෙයි අපෙයි අතරෙ වෙනසක් නැති වෙනව නේද???
අද වෙලා තියෙන්නෙ එක්කෙනෙක් කුණුහරුපයක් කියපු ගමන් ඒ පෝස්ට් එක බලන අනිත් එක්කෙනා ඊටත් වඩා සැර වචනෙකින් උත්තර දෙන එක...
දවසකට පෝස්ට් කීයක් එනවද අඩනිරුවත් ඡායාරූප තියෙන???
මම හිතන්නෙ දැනට ගොඩාක් ඇක්ටිව් වෙලා ඉන්නෙ මෑතකදී එළකිරි එකට සෙට් වෙච්ච අය.. ඉතින් මල්ලිලා මම ඔයාලගෙන් අහන්නෙ ඔයාලා එළකිරි එකට අහසින් වැටුනෙ නෑනෙ.. සර්ච් කරලා හරි යාළුවෙක් හොඳයි කියල හරි හම්බවෙලා නෙ මේකට ආවෙ.. දැන් තියෙන තත්වෙ මේ විදියටම පැවතිලා ගියොත් ඔයාලට පුළුවන්ද වෙන කාට හරි එළකිරි එක රෙකමදාරු (Recommend) කරන්න???
ඒ වගේම ඔයාලගෙන් කීයෙන් කී දෙනෙක් එළකරි එකේ රූල්ස් හරියට දන්නවද?? (අවංකව හිතන්න ඔයාලා මේකෙ රෙජිස්ටර් වෙනකොට accept button එක එබුවෙ ඊට උඩින් තිබුණු රූල්ස් ටික කියවලාද කියල)
මම කියන්නෙ එළකිරි එක පන්සලක් වගේ තැනක්... පන්සලකට උණත් කුඩුකාරයො, හොරු එනවා... ඒත් අපි පහත් තත්වෙට වැටෙන්න නරකයි... කවුරු හරි මෝඩයෙක් බූරු කථාවක් කිවුව පලියට ඒක හයිලයට් වෙන විදියට යකා නටන එක නෙවෙයි හරි... ඔයාලා එහෙම ත්රෙඩ් එකකට රිප්ලයි කරන්න කරන්න ඒක සර්ච් ලිස්ට් වල ඉහලට එනවා... (මම කියන්නෙ එළකිරි සර්ච් එක ගැන විතරක්ම නෙවෙයි.. ගූගල්, යාහූ වගේ ඒවත් එක්ක) ඉතින් සර්ච් රිසල්ට් එකකින් මේ කමියුනිටි එකට එක ගෙස්ට් කෙනෙක් අර වගේ ත්රෙඩ් එකක් දැක්කොත් මොන වගේ හැඟීමක් ඇති කර ගනියි ද?? ඒක අපේ එළකිරි එකේ නමට කොයි තරම් නම් කැළලක් වෙයිද??
මෙන්න මේ දේ තේරුම් ගන්න....
ඉස්සර හොඳම කමියුනිටි එක (දැනටත් එහෙමම තමයි..) විදියට තිබුණු එළකිරි එක ගැන ඉරිසියා හිතපු අනිත් සයිට් කරන අය මේකට ඇවිත් බොරු නමකින් රෙජිස්ටර් වෙලා අර වගේ රණ්ඩු ඇති කරන එක.. මතභේදාත්මක ප්රකාශ සිද්ධ කරන එක... ඉතින් අපිත් ඒ කුමන්ත්රණ වලට අහුවෙලා පිස්සු කෙලිනවා.. අන්තිමට අපි එළකරි එකේ නමත් කාලා අපිත් ඇදගෙන නාලා...
ඉතින් මම හිතනවා ඔයාලා ඔක්කොම මේ දෙවල් තේරුම් අරගෙන පුංචි ළමයි වගේ හැසිරෙන්නෙ නැතුව වගකීමක් ඇතුව වැඩ කරයි කියලා...
ස්තූතියි...!!!
(ඔයාලා සමහර විට මට බණියි GT ට නැති අමාරුවක් ඇයි මට කියලා... එළකිරි.කොම් එකේ අභිවෘද්ධිය වෙනුවෙන් කථා කරන්න මේකෙ Admin ම වෙන්න ඕනි නෑ...)