කාරුණික ඉල්ලීමයි !!!

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කාරුණික ඉල්ලීමයි !!!

    කාරුණික නිවේදනයයි !!!

    මේ ලිපිය මම ලියන්නේ කාටවත් මඩගහන්නවත් අපහසුතාවට පත් කරන්නවත් නෙවෙයි...ඇත්තටම බොහොම සංවේගයෙන් ලියන ලිපියක් මේක ...කාලීන අවශ්‍යතාවයක් කියල හිතුන නිසයි ලියන්නේ...

    පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ අතීත සංස්කෘතිය සභ්‍යත්වය අනන්‍යතාවය මතු පරපුරට ආරක්ෂා කර සියැසින් දැකගන්නට තබා ඇති කටුගෙය හෙවත් ජාතික කෞතුකාගාරයට හොරු පැන්න පුවත ඇසීමෙන් අපි කවුරුත් බොහොම දුක් උනෙමු.
    ඊජිප්තුවේ කයිරෝ කෞතුකාගාරයට කඩාකප්පල්කාරීන් පැන එහි ඉපැරණි ටුටන්කාමන් රජුගේ සොහොන් ගැබෙන් ගත් මමියේ හිස කපා වෙන් කර දෙදෙනෙක් ඉන් පාපන්දු සෙල්ලම් කළ පුවත අසා අපි ඒ අයට තම රටේ දේ ගැන අගයක් නැද්දැයි පුදුම වූයෙමු.
    ඉන් තුන් මසක් යන්නටත් මත්තෙන් අපිට වූ මේ අලකලංචිය දෙයිවයේ සරදමක් වැනි ය. එහෙත් දැන් එය සිදු වී හමාර ය.

    මෙබඳු තැනකට යාමේදී එහි සිටින ආරක්ෂකයන් අපේ පර්ස් පවා පරික්ෂා කරන අතර කෞතුක භාණ්ඩයක ජායාරුපයක් අපි ගන්නවාදැයි මහත් විමසිල්ලෙන් පසුවෙයි....එහෙත් රෑ ජාමේ කෞතුකාගාරයේ දෙවන මහලට කඹයක් ආධාරයෙන් පිවිස ඉපැරණි කඩු කස්තාන ඇතුළු මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ රැගෙන යනතුරු මෙම ආරක්ෂකයින් කුමක් කළේදැයි දන්නේ ඔවුන්ම ය....

    The-National-Museum-one-of-the-key-attractions-in-Colombo-Sri-Lanka.jpg



    5.gif



    නැති වූ භාණ්ඩ නුවර යුගයේ ඒවා යයි සමහරු කියති
    සමහරු කියන්නේ ඒවා අවුරුදු දහසකට වඩා ඉපැරණි ඒවා බව ය...
    රාජසිංහ රජුන්ගේ ඔටුන්න ද නැති වී ඇති බව කටකාතාවක් පමණක් වේවා යයි මම ප්‍රාර්ථනා කරමි

    මේ කෙසේ වුවද ...සිදු වූ පාඩුව නම් මිල කළ නොහැක
    මේවා නැවත සොයා ගැනීම ලෙහෙසි කරුණක් නොවේ....සොයා නොගතහොත් ඒ වෙනුවට ඉන්දියාවෙන් එවැනිම අනුරූ (replica) ගෙනවිත් තැබීම ඉතාමත් පහසු ය..

    nightvision තාක්ෂනය ද සහිත කැමරා පද්ධතිය හරියට ම එදාම ක්‍රියා විරහිත වුනිද ? වෙනත් ආරක්ෂක උපක්‍රම කිසිවක් තිබුනෙම නැද්ද ...එබඳු ක්‍රියා විරහිත වීමක් සිදුවුවානම් ඒ පිළිබඳව කලින් සොයා බලා කෞතුකාගාරයේ ආරක්ෂක විදිවිධාන තර කළ යුතු ව තිබිණි....එහෙත් එවැන්නක් සිදු වූයේ නැත...

    රටේ ප්‍රධාන කෞතුකාගාරයේ තත්ත්වය මෙසේනම්...අවශේෂ ගාල්ල, අනුරාධපුර , නුවර, පොළොන්නරුව ආදී කෞතුකාගාර වල ඇති කෞතුක භාණ්ඩ මේ වනවිටත් ඇත්තේ කෝටිපති සුද්දන්ගේ පෞද්ගලික එකතුවන් තුල ය...


    එසේනම් මදක් සිතන්න

    එදා සිටන්ම අපේ දේශපාලකයන් සිදු කළේ තම විලි අපේ මුතුන්මිත්තන් රටට ඉතිරි කර ගිය ගෞරවයෙන් වහ ගැනීමය...එය නිදහසෙන් පසුව අපි පත් කළ කොයි දේශපාලන පක්ෂයටත් ආණ්ඩුවටත් පොදු ධර්මතාවයකි

    ඇමරිකාව සහ යුරෝපිය රටවල් අවුරුදු තුන් හාරසියයක් පමණ පැරණි දේවස්ථාන ආදිය (මේවායේ වුවද වටිනාකමෙන් කිසිදු අඩුවක් නැත ) පෙන්වද්දී අපි මහා උජාරුවෙන් අවුරුදු දහස් ගණනක් පැරණි යෝධ වාරි ව්‍යාපෘති, දාගැබ්, පොකුණු, මාලිගා ආදිය පෙන්වුයෙමු..අදටද අපට කතා කරන්නට කියා වෙන අමුතුවෙන් දෙයක් නැත...ලැජ්ජයි නේද...

    Clipboard01.jpg


    rock1.JPG


    LordBuddhasstatueinAukana.jpg


    ... බ්‍රිතාන්‍ය පාලන සමයේදී මේවයින් ඔසවාගෙන යා හැකි වටිනාම බොහෝ පුරාවස්තු බ්‍රිතාන්‍යයන් විසින් ගෙනගොස් ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කළහ....අදද එහි තිබෙන්නේ ඔවුන්ගේ අආධිපත්‍යය යටතේ තිබු අප වැනි රටවලින් කොල්ල කෑ එබඳු බඩු භාණ්ඩ ය....එහෙත් අද මෙහෙට වඩා එහේ එම පුරාවස්තු වඩාත් ආරක්ෂිතව ඇති බව පෙනේ...


    ඉතින් එළකිරි කොල්ලො කෙල්ලනේ ...මෙතන අපි කා කොටා ගැනීමෙන් හෝ රටේ පවතින හෝ පැවති ආණ්ඩු වලට දොස් කීමෙන් උන්ට වන පාඩුවක් වත් රටට වන, අපට වන සෙතක් වත් නැත..
    සිදු වන්නේ අපේ ඇඟේ ලේ පුච්චගෙන නිකං හිත් නරක් කරගැනීම පමණි.....එබැවින් අවශ්‍ය වන්නේ එය නොවේ....


    ඒක නිසා මචන්ලා ..බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ....

    මේ දේවල් අපේ දරුවන්ට තියා අපිටවත් බලාගන්න ඉතුරු වේදැයි කිසිවෙකුට කිව නොහැක ..තවත් වැඩි කල් ඉතුරු වී නැත
    එනිසා අදම මේ දේවල් ගිහිල්ල හොඳින් බලාගන්න....ඕවයේ ඉන්න පුරාවිද්‍යා නිලධාරින්ට පිටින් හරි ගිහින් පුළුවන් තරම් පින්තූර ආදිය ගන්න...අපේ දරුවෙකුටවත් පෙන්නන්න ඉතිරි වෙන්නේ එච්චරයි....නැගෙනහිර දිඹුලාගල තන්තිරිමලේ ආදී ප්‍රදේශ වල ඇති ඉපැරණි නටබුන් විහාර ආදිය වෙනමම ආධිපත්‍යයකට යට වෙන්න දැන් ඇත්තේ බොහොම ආසන්න තත්ත්වයකි...එහි ගිය අය මේ බව දනිති...
    .මේ ගෙවී යන්නේ ඒවායේ අවසන් කාලය විය හැක...මේ දේවල් සියැසින් දැකගතහැකි අවසන් පරම්පරාව උඹලා අපි විය හැක...බලපන් සීගිරියේ චිත්‍ර අච්චර ගොඩක් මෑතක් වෙනකං තිබිල අද අපි කියද දකින්නේ.....කීරගල වගේ තව තැන් කියක් අපිට ඉස්සරහට නැති වෙයි ද ? සිංහරාජය දවසින් දවස පුංචි වෙනවා...යාල වනෝද්‍යානයේ දිවියන් වන උද්යානයේම ජීප් වලට යට වෙලා මැරෙනවා.... අද කෞතුකාගාරේ....හෙට ???

    ඒ නිසා මචන්ලා මේ ලස්සන රටේ හොඳට ඇවිදින්න ....ලස්සන අපේ ශ්‍රී විභූතිය හොඳින් දකින්න..කොළඹින් එලියට යන්න...අනුරාධපුර පොළොන්නරුව වගේම සැඟවිලා තියෙන වටිනා තැන් තව අපේ රටේ හැම තැනම ඕන තරම් තියෙනවා.ඒ තැන් හොයාගෙන යන්න ..ඒවා අපිත් එක්ක බෙදාහදාගන්න මචං...තව වැඩි කල් ඉතුරු වෙලා නෑ

    මහා බොළඳ ත්‍රෙඩ් එකක් වගේ මේක උඹලට පේනවා ඇති...ඒත් මචං අවංකවම බොක්කෙන්මයි ලිව්වේ
    උඹලට ජයවේවා !!!

    sri-lanka_3181_600x450.jpg


    srilanka.jpg

     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ටික දවසකින් සමාධි පිලිමෙත් උස්සන් යාවි
    එදාට කියාවිද දන්නෙ නැහැ අපි ඒක දැක්කෙ නැහැ කියල
    දැන් කාලෙ ගොඩක් උන් අහන්නෙ ගල් කණු කන්නද බන් කියලනෙ
    ඉතින් තව මොන කතාද
    :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටික දවසකින් සමාධි පිලිමෙත් උස්සන් යාවි
    එදාට කියාවිද දන්නෙ නැහැ අපි ඒක දැක්කෙ නැහැ කියල
    දැන් කාලෙ ගොඩක් උන් අහන්නෙ ගල් කණු කන්නද බන් කියලනෙ
    ඉතින් තව මොන කතාද
    :dull:
    :yes::dull:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    BIG BUMP !!!!!!!!!!!!!

    වෙබ් සිරිපාල;12353620 said:

    කාලකන්නි හැත්ත

    100% Agree
    BUmp...

    ටික දවසකින් සමාධි පිලිමෙත් උස්සන් යාවි
    එදාට කියාවිද දන්නෙ නැහැ අපි ඒක දැක්කෙ නැහැ කියල
    දැන් කාලෙ ගොඩක් උන් අහන්නෙ ගල් කණු කන්නද බන් කියලනෙ
    ඉතින් තව මොන කතාද
    :dull:

    :(:yes:

    ඒකතමයි මචං....අපිවත් ඕවා ඉක්මනට බලල තියාගම්මු...වෙන මොනවා කොරන්නද ? :(
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් උබේ කතාව හරියටම හරි .වැටත් නියරත් ගොයම් කනං කටකියන්නද මේ අරුමය කියල කතාවක් තියෙනවනේ . ඇත්තටම මේවා දකින්න අහන්න ලැබෙන එක පුදුම අවාසනාවක් .අපේ ඉතිහාසය අපේ ජාතිය අවසාන කාලය ඇවිත් කියලයි මටත් හිතෙන්නේ .අපේ අනාගතය ,අනාගත පරපුර ගැන අපේ පරම්පරාවට ඉදිරියේදී දුක්වෙන්න තමයි වෙන්නේ.තවම හුගදෙනෙක්ට මෙටික තේරිලා නැහැ .රටක නිතිය බල්ලට ගිහින් .මේවා ගැන පෙළපාලි උද්ගෝෂණ නැහැ .කො මේ රටේ ජාතිප්‍රෙමි දේශපාලකයෝ? විපක්ෂය? :growl:

    අපේ රටට දෙය්යන්ගේම පිහිටයි ..:no:
    මේ රටට ආදරය කරන ඕනෑම කෙනෙක්ට මේවා අහනකොට දුක සහ තරහ එන එක සාදාරනයි:yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ටික දවසකින් සමාධි පිලිමෙත් උස්සන් යාවි
    එදාට කියාවිද දන්නෙ නැහැ අපි ඒක දැක්කෙ නැහැ කියල
    දැන් කාලෙ ගොඩක් උන් අහන්නෙ ගල් කණු කන්නද බන් කියලනෙ
    ඉතින් තව මොන කතාද
    :dull:

    :yes::yes::yes::yes: