කාරුණික~මිනිසෙක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාරුණික~මිනිසෙක්

    546019_494606717218318_906720453_n.jpg


    කාරුණික මිනිසෙක් කළ උතුම් මහගු පින්කමක්‌

    මුදලට තණ්‌හාවෙන් හා මසට ගිජු වී එළ ගවයන් බුරුතු පිටින් ලොරි වලට පටවාගෙන යමින් හිංසා කරන්නන් මෙන්ම අමු අමුවේම උන්ගේ ගෙල සිඳින හා හතර හන්දි කඩා දමන නොමිනිසුන් පිරි රටක සත්ත්ව අවිහිංසාව ගැන කියෑවෙන එක්‌ සංවේදී කතාවකි මේ.

    සීග්‍රගාමී දුම්රියක වැදීමෙන් කොස්‌ගොඩ ප්‍රදේශයේ රේල් පාරක්‌ අසලදී තුවාල සහිතව වේදනාවෙන්, නැගිටීමටවත් නොහැකිව සිටි මේ අසරණයාව උපතිස්‌සට නෙත ගැටුණේ එම සතාගේ පෙර පිනකටය. ඒ ඉකුත් (12) වැනිදාය.

    තවත් එක්‌ මස්‌ වැද්දකුගේ කෲරතර ඉරණමකට ගොදුරු වනු වෙනුවට උපතිස්‌සගේ සානුකම්පිත දැස්‌ ඒ අසරණයාට පිහිටක්‌ වූයේය.

    තම නිවස වෙත වහා දිවගිය ඔහු තමාට අයත් ලෑන්ඩ්මාස්‌ටරය පණගන්වා වහා එතැනට පැමිණ තවත් අයගේ උදව් උපකාර ඇතිව එම සත්ත්වයා එයට පටවාගෙන ගොස්‌ ප්‍රතිකාර කරන්නට පටන්ගත්තේය.

    ඔහු කොස්‌ගොඩ, නාපේ පදිංචි උපතිස්‌ස අශෝක කුමාර මෙන්ඩිස්‌ 47 හැවිරිදි දෙදරු පියෙකි. සංචාරක හෝටල් කම්කරුවකු වන ඔහු දැනට රැකියාවද අහිමිව දුෂ්කර ජීවිකාවක්‌ ගත කරන්නෙකි.

    "දුම්රියේ වැදී මේ සතා තුවාල වෙලා රේල් පාර අයිනේ වැටිලා හිටියා.

    මට හිතුණා මේ අහිංසකයාට සාත්තු කරලා සනීප කරන්න ඕනේ කියලා. හතර දෙනෙක්‌ විතර උදව් කරගෙන තමයි මගේ ලෑන්ඩ්මාස්‌ටරයට මෙයාව දාගත්තේ "

    "දැන් තුවාල ගොඩක්‌ දුරට සනීපයි. ඒත් ඇඟේ ගොඩක්‌ තැලුම් තියෙන නිසා ඌට නැගිට ගන්න අමාරුයි "

    තම ජීවිතය ගලවා දෙන්නට ඉදිරිපත් වූ ඉෂිවරයා තමා සමීපයට පැමිණි වග දැනිලාදො ගිලන්ව සිටි ගව පැටවා දැස්‌ ඔහු දෙසට හරවා අසරණ බැල්මක්‌ හෙළුවේය.

    - චමින්ද ප්‍රදීප් දිසානායක මහතාගේ වාර්ටාවක්‌ ඇසුරිනි
     
    • Like
    Reactions: kkr

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත


    :yes::yes: