කාලතරනය කරන්න දුන්නොත් යන්නේ කොහෙද ?
අතීතය වෙත ආපසු කාල තරණය කරන්නට අවස්ථාවක් ලැබුණහොත් ඔබ ඉල්ලා සිටින්නේ ජීවිතයේ කවර කාලය දැයි ප්‍රශ්නයක් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද?
බොහෝ දෙනෙකු ආපසු මට මගේ ළමා කාලය දෙන්නැයි ඉල්ලා සිටිති.
සමහරු තරුණ කාලය ඉල්ලා සිටිති.
ප්‍රායෝගිකව නම් කිසිවකුටත් සිතින් මිස කයින් හා වයසින් ආපසු ළමා වියට හෝ තරුණ වියටනම් යා නොහැක.
කෙනෙකු ළමා විය ඉල්ලා සිටින්නේ එය සුන්දර නිසා විය යුතුය. මවු තුරුලේ සුරතල් වෙමින් ඇගේ නොමඳ ආදරය ලබන්නට අවස්ථාව තිබෙන්නේ ළමා කාලයේදී පමණි. සමනලුන් පසුපස දිව යමින් මිදුලේ වැලි බත් උයමින් ඉපනැලි කුඹුරේ සෙල්ලමින් දවස ගෙවුන ළමාවිය කෙනෙකුට ප්‍රීතිමත්ම කාලය විය හැක. ඒ ළමාවිය බරක් නැති පියාපතක් මෙන් සැහැල්ලු බැවින් කෙනෙකු එය යළි ප්‍රාර්ථනා කරනු ඇත.
නමුත් ළමා විය තිබෙන්නේ කෙටි කාලයක් පමණි. බොහෝ විට ළමා විය අවුරුදු පහළොවක් දාහතරකින් අවසන් වේ. ඉනිඳු අවුරුදු පහක පමණ දක්වා කාලය ගෙවුණේ කෙසේදැයි කියාවත් අපේ මතකයේ නොරැඳේ.
නමුත් තරුණ විය එසේ නොවේ. එහි කාල පරාසයද ළමා වියට වඩා වැඩිය. සම්පත් වැඩිපුරම විඳිය හැකි වන්නේද තරුණ වියේදීය. සිතුම් පැතුම්ද ආශාවන්ද ප්‍රාර්ථනාවන්ද, වැඩිපුරම එක්රොක් වන්නේ තරුණ වියේදීය.
ළමා කල අපේ කොණ්ඩය කෙසේ තිබුණද අපට එහි වගක් නැත. කෙතරම් ලස්සන ඇඳුම් ඇන්ද වුවද මොහොතකින් අප ඒවා කිළිටි කර ගන්නෙමු.
නමුත් යෞවනෝදය එළඹෙත්ම අප අපගේ මුහුණ, කෙස්, අඟපසග අලංකාර කර ගන්නට අපමණ වෙහෙස දරන්නෙමු.
කම්බිකූරක් ලිපෙහි දමා රත්කොට ගෙන හිසකේවලට අල්ලා හිස කෙහෙ රැළි කර ගන්නට දැරූ වෙහෙස ඔබට මතක ඇත. පොල් තෙල් වතුර සමග කලවම් කොට ගෑමෙන් හිසකේ මනාව පීරාගත හැකි බවට අපි අත්හදා බැලුවෙමු. ඇල්වතුර සමග බිත්තර සුදුමදය කලවම් කොට ගෑමෙන් අප කැමති තාලයට කොණ්ඩය පීරාගත හැකි බවට නිගමනයකට එළඹ සිටියෙමු.
අඳින කමිසයේ "ක්‍රීස් එක" හරි කෙලින් තබා ඉස්තිරික්ක කර ගැනීමට අපි කෙතරම් වෙහෙස වුණිමුද?
මුහුණට තවමත් රැවුල නොඑන්නේ මන්දැයි අපි මොනතරමක් කලබල වුණෙමුද?, කණස්සලු වූයෙම්ද?
හොරෙන් මුහුදේ නාන්නට යැමෙන් ලද සතුට ගැහැණු ළමුන්ගේ ගෙවල් ඉදිරිපිටින් බසිසිකල්වලින් එහා මෙහා යැමෙන් ලද ත්‍රාසජනක රසය, මේ සියල්ල විඳ ගත හැක්කේ තරුණ වියේදී මිස අන් කවර කලෙකද?
තරුණ්‍යයේ රසය එයයි.
පාසල් යැම විනෝද ජනක දෙයක් වුවද ඉගෙනීම අපට වධයක් විය. ඉක්මණින් රැකියාවකට යැම මුදල් ඉපයීම අපේ ආශාවන් විය.
පෙම්වතියගේ මවුපියන් අකමැති වූ කල්හි පෙම්වතිය රැගෙන පලායන අපේ තරුණ මිතුරා අපට වීරයෙක් විය.
මිතුරා වෙනුවෙන් මරණය පෙනි පෙනී වුවද කැපවන්නට අපි පසුබට නොවීමු. එසැනින් ලැබෙන ප්‍රතිඵලය දෙස මිස විපාකය දකින්නට අපි මැලි වීමු.
සතුට විලයි සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි අපේ තරුණ වියේ තේමාව එය විය.
නමුත් වියපත් මහළු වියේදී ආපසු හැරී බලන අපි තරුණ වියේදී කළ අප්‍රමාණ මෝඩකම් ගැන පසුතැවිලි වන්නෙමු.
ඉගෙනීම කළ යුතු අවදියේදී අපි ඉගෙනීම නොකළෙමු. පොත පත විභාග ආදිය අපට පෙනුනේ කරදර දේවල් ලෙසය. ඒවා අපට පෙනුණේ අපේ විනෝදයට ප්‍රීතියට හිරිහැර කරන රැකවලුන් ලෙසය.
මවුපියන් දුන් වටිනා අවවාද අපි උපහාසයෙන් පසෙකට විසි කළෙමු. ඔවුන්ගේ සිත් රිදවීමු.
ඔවුන්ට වඩා ශරීර ශක්තියෙන් මෙන්ම බුද්ධිමත් බවින් පරිපූර්ණ යෑයි අප අප ගැන ආඩම්බර වීමු.
තරුණ විය අපට දී තිබුණු උඩඟු බව නිසා අපට මග වැරදී ගිය බැව් අපට වැටහී යන්නේ මහලු වියට පත්වූ කල්හිය. පිටින් රන්වන් පැහැ දැක්වූ සිවියෙන් යුතු පලතුරු ඉක්මනින් අත දිගු කොට කඩා ගත්තද එය ඇතුළත පණුවන් කෑ කුණුවූ ගෙඩියක් බව වටහා ගන්නේ කඩා ගැනීමෙන් අනතුරුවය.
ඇතැම් විට අපි තරුණකමට ඉක්මන්ව කරගත් විවාහයද එවැන්නක් විය හැක.
නුවණැති තරුණයා සිය තරුණ විය නුවණැති හබලෙන් නිවැරදිව ගංගාව තරණය කරන්නේය. මාලිමාව දෙස බලමින් ගණ වන පෙත මැද්දෙන් කඳුමුදුනට ලංවන්නේය. ඔහු යන්නේ හිස් අතින් නොවේ. උර හිස පැළඳ ගත් පැසකින්ද යුතුවය. ඒ යන ගමනේදී මග දෙපස පලවැල ඔහු නෙලාගනී. පවසට දියද රැස්කරගනී.
කඳු මුදුනට යන විට තද වෙහෙසටත් බඩගින්නටත් පත්වූ කල්හි කෑමටත් බීමටත් තම පැසෙහි අවශ්‍ය කලමනා තිබෙන හෙයින් ඔහුගේ සිත සැහැල්ලුය.
නමුත් බොහෝ විට අප තරුණ වියේ වන පෙත පසු කරන්නේ නිසරු උඩඟු ආත්මාභිමානය පමණක් ඇතුවය. වනපෙතේ පුෂ්පයෙන් දකිමින්ද සියොතුන්ගේ ගී වලට සවන් දෙමින් ද අපි තරුණ විය හරහා ගමන් කරන්නෙමු.
කඳුමුදුනට ගිය කල්හි අපි අසරණයන් බවට පත් වන්නෙමු.
වියපත් මහලු වියේදී හතිලමින් බිම වැතිර ගෙන දරුවන් ආහාරත් වතුරත් ගෙන එනතුරු බලා සිටින්නට අපට සිදුවේ.
තරුණ වියේදී අප කැඩපතින් බලන්නේ අපේ මුහුණ දෙස පමණි. කැඩපතින් ඉවත්ව අනාගතය දෙස බලන්නට තරම් ගැඹුරු හැඟීම් අප තුළ මතු නොවේ.
මා මෙසේ කියන විට තරුණයකු පෙරලා මගෙන් මෙලෙස ප්‍රශ්න කරනු ඇත.
තරුණ විය යනු තපස් රකින අරමක් නොවේ. එය ප්‍රීති ප්‍රමුදිත කුමර වියකි. එහි ගිලී සතුට ප්‍රීතිය විනෝදය භුක්ති විඳීම කවර නම් වරදක්ද?.
ඔව් ඔබ හා මම එකඟ වෙමි.
නමුත් අනාගතය කළමනාකරණ කර ගැන්මට හොඳම අවස්ථාවන් තිබෙන්නේද තරුණ වියේදීමය. එම කළමනාකරණය වැරදී ගියහොත් ඔබ හොරෙකු බවට පත් වන්නට පුළුවන. ඔබේ රැකියාව සොරකම නමැති ඉතා අනතුරුදායක වෘත්තියක් විය හැක.
ඔබේ යොවුන් විය ඔබේ ආත්මයේ වීණාවයි. එයින් මධුර සංගීතය මතු කිරීම හෝ සෙස්සන්ගේ කන් රිදවන අමිහිරි ශබ්දයක් නිකුත් කිරීම ඔබේ වැඩකි.
ඔබ සිටුවරයකු සමාන ධනය ඇති පියෙකුගේ පුතෙකු විය හැක. ඔබේ පියා එවැනි ධනවතෙකු වූයේ ඔහුගේ තරුණ විය හොඳින් කළමනාකරණය කළ නිසාවෙනි. එබැවින් ඔබද කළමනාකරණය උගත යුතුය. ඒ සඳහා උසස් පෙළ සමත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගැනීමද වටනේය. එසේ නැතත් පියා දෙස බැලීමෙන් ඒ සියල්ල උගත හැක.
පියා උරුම කළ ධනය තරුණ වියේ සම්පත්තීන්ට වැය කළ හොත් ඔබ කැළයකට ගිනිවැදුනාසේ ඔබ බලා සිටියදී වැනසී යනු ඇත. ඒ ධනය ආපසු ලබා දෙන්නැයි ඉල්ලා සිටින්නට හැරී බලන කල්හි ඔබේ පියා මිය ගොස් සිටිනු ඇත.
අප කළ මෝඩකම් කොපමණදැයි සිතමින් පශ්චාත් තාපවන්නේ මහලු වියේදීය. එලෙස පසුතැවිලි සිතින් සිටින විට හදිසියේ පහළ වූ දෙවියෙකු විසින් ඔබට වරයක්දී ආපසු යා යුත්තේ ළමා වියටද නැතහොත් තරුණ වියටදැයි ඇසුවහොත් ඔබ ඉල්විය යුත්තේ ළමා විය නොව තරුණ වියයි.
බොහෝ දේ නිවැරදි කරගෙන යළි සමෘද්ධිමත් අනාගතයක් කරා යා හැක්කේ තරුණ විය නිසි ලෙස හැසිරවීමෙන් බව දැන් ඔබ දන්නා හෙයිනි.
නමුත් ජීවිතය ආපසු යන්නේවත් ඊයේ ළඟ නතර වන්නේවත් නැත.
එය ඛලීල් ජිබ්රාන්ගේ කියමනකි.

Last edited: