කාලය තෝ නම් මහ...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පලාමල්ල :::: palaamalla
    කාලය කියන්නේ.....


    කාලය කියන්නේ මහ පුදුම ඩයල් එකක්:yes:... ඌ පුදුම විදියට දේවල් වෙනස් කරනවා.. අව්ව.. වැස්ස.. බඩුමිල.. ලෝක විනාසේ... චංගුමි.. ජාතිවදේ ඔය මොන මඟුලවත් ඌට වැඩක් නෑ... උගේ ගමන ඌ යනවා උගේ පාඩුවේ... අපිත් ඌත් එක්කම යනවා වෙන කරන්න දෙයක් නැති නිසා...

    පුංචි කාලේ අපි හිටියේ අමුතුම ලෝකෙක... රොබින් හුඩ්.. නයිට් රයිඩර්... ටාසන් වගේ වීර චරිත ආරූඩ කරගෙන කාටුන් එකක් බලාගෙන ෆුල් මනෝ ලෝකෙක හිටියා..

    ඉන්ටවල් එකේදි... අවස්තාවක් ලැබුනම ක්‍රිකට් ගහනවා.. එක්කො ලොක් & කී... හැංගි මුත්තන්.. එහෙමත් නැත්තම් අපිම හදා ගත්තු අමුතුම සෙල්ලම් මොනා හරි...

    ඒ අස්සෙ මනෝ ලෝක එක්ක මැවුනු අමුතුම කතා එකා එකා කියා ගන්නවා... මට මතකයි එකෙක් හිටියා ඌට තට්ටු ලක්ශෙක ගෙයක් තිබ්බ.. ඒකෙ උඩම තට්ටුවටත් කාර් එක ගත හැකි... අපිටත් ඇත්ත...

    කාලය එක්ක ඒ ලෝකෙ කඩන් වැටුනා.. කරදඩු උස් මහත් වෙද්දි.. නැට්ටට කිරි උනාගෙන එද්දි ජීවිත වෙනස් වෙනවා...

    කෙල්ලො.. වැල.. වලි.. ඔව්ව අපේ ලෝකෙට ආව. ස්කෝලෙ යනවා.. ඔය උගන්නන දෙයක් ඇහෙන විදියට ඉගෙන ගන්නවා.. ක්ලාස් යනවා ඒකෙත් එහෙමයි.. ගෙදරින් කන්න අදින්න ඉන්න හිටින්න දෙනවා... කිසිම අවුලක් නෑ.. පට්ට ආතල්.

    ප්‍රශ්න නම් අම්බානෙක.. හිත ගිය කෙල්ල සෙට් කරගන්නෙ කොහොමද... සෙට් උන කෙල්ලව හම්බු වෙන්නෙ කොහොමද... චීත්ත කේස් නිසා වැටෙන වලි.. ඔව්ව තමා... ස්කෝලෙන් පැනල ඇවිත් හොරෙන් වැලක් බලන එක... නෝන්ඩි නොවී බියර් උගුරක් බොන එක වගේ සරල මිශන් තමයි ඒ කාලේ තිබ්බේ... ශා කියල වැඩක් නෑ.. පට්ටම සුපිරි කාලය.

    හැමෝම බොක්කෙන්.. එක බත් මුල බෙදා හදාගෙන.. ඩෙනිමක් ටී එකක් මාරු කරන්.. සුපිරි ෆන් එක... කාලය ගත උනා...

    ස්කෝලෙනුත් එලියට බැස්ස... ආතල් කුඩුද ??

    දැන් අපි මොකද කරන්නේ ?

    එක එකා එක එක පාරවල් වල යන්න ගත්තා... සමහරු කැම්පස්... සමහරු එක එක කෝර්ස් කරන්න ගියා.. තවත් උන් රට ගියා... සමහරු කෙලින්ම ජොබ් වලට ගියා.. එක පාරේ පිස්සු කෙලන් ආපු අපි බෙදිල විසිරිලා ගියා.. ෆිට් එක එහෙමමයි. ඒ පාරවල් වලදි අපිට අලුත් සෙට් හම්බුනා.. අපිට ටාගට් සෙට් උනා.. ඒත් ලොකු සීන් එකක් නෑ... ගෙදරින් අඩු පාඩු ගේමක් නැතිව පුරවනවා.. බෝඩිමට සල්ලි... වියදමට... කෝර්ස් ෆීස්.. ආතල් ඉතින්..

    දිග නිවාඩුවකට... අවුරුද්දට... මරනෙකට.. දානෙකට වගේ කට්ටිය සෙට් උනා.. බෝතල් හිස් උනා..

    කාලය එක්ක සෙට් වීම් අඩු උනා.. ඒත් රට ගිය එකෙක් ආවම.. අවුරුද්දට වගේ නම් ඉතින් සෙට් වීම් අනිවා...

    ඔක්කොම ජොබ් කරන්න ගන්නවා... ඉගෙන ගෙන අහවරයි. සමහරු තනිකඩයි.. සමහරු ස්කෝලෙ කාලෙ ලව් එකම ඇදගෙන යනවා.. තවත් උන් එව්ව ඉවර කරල අලුත් එව්වට අත ගහලා.. උන්ගේ ජීවිත රස්සවල්.. ඒ ඒ සෙට් එක්ක වෙනස් වෙලා... අනාගතේ ගැන ප්ලෑන්... ගෙයක් හදන්න... වාහනයක් ගන්න... ඔයි වගේ හීන..

    බෝතලයකට සෙට් උනාම ඉස්සර වගේ සැහල්ලුවෙන් පරණ කතාවක් කියල ෆන් එකක් ගන්නව නම් තමයි... ඒත් හිතේ වගකීම්..යුතුකම් එක්ක මහ බරක් පිරිලා..

    කාලය.. මතකනේ... ඌ උගේ ගමන යනවනේ...

    එකා දෙන්න කසාද බඳින්න ගත්තා... අපිත් උන්ගේ වෙඩින් වලට ගියා... හොඳට බීල කාල.. කවරයක් ගුලි කරල දීල ආව... උනුත් අපේ වෙඩින් වලට ඇවිත් එහෙමම කලා..

    ආතල් කුඩුද.. අනේ මන්දා.. ඉස්සර වගේ බෑ.. දැන් ගෑනියෙක් ඉන්නවා.. අපිට නම් ඕනි එකක්. ඒත් කෙල්ලොන්ට එහෙම බෑනේ..

    ජීවිතේ ඕනි එපා කම් වැඩි වෙනවා.. අපේම කියල ඉන්න තැනක්.. වාහනයක්.. ගෙදරට වටින බඩු මුට්ටු... ඔව්ව පස්සෙ අපි යනවා... සෙල්ලම් නෑ අද කාලේ.. අවුලක් නෑ ඉතින් කාල බීල ට්‍රිපක් ගිහින් ආතල් එකේ ඉන්නවා... ඒත් හිතේ මහ බරක්.. ඇයි අනාගතේ.. වගකීම්.. යුතුකම්.. දෙමව්පියොත් වයසට යනවා...

    ඒ මහ ගස් යට හිටිය අපි දැන් ඒ වගේම වෙන්න ඕනි නේද.. අපිත් පොඩි එකෙක් හදා ගන්න ඕනි.. අපි ආපු ගමනම එන්න උන්ට අපි හෙවනක් වෙන්න ඕනි නේද... මතක් වෙද්දි ඇඟ හීතල වෙලා යනවා...

    ඊට පස්සෙ අහල පහල උන්.. නෑදෑයෝ.. ප්‍රශ්න..
    " කෝ තාම නැද්ද මොකුත් වෙනසක්... "
    " දැන් ඉතින් වයසත් යනවනේ... "

    ඉතින් හදපන්කො ළමයෙක්.. ඊට පස්සෙ

    ඌ තමා ජීවිතේ..

    ඌව බලාගන්න... උගේ වගකීම්.. ඊට පස්සේ ස්කෝල හොයන්න... එව්වට යන වියදම්... ඊට පස්සේ ඌ අපි වගේ පිස්සු කෙලිද්දි ඌව යහ මගට ගන්න... සෙල්ලම් නෑ...

    කාලය එක්ක අපි අපේ ගමන යනවා ඉතින් මොනව කරන්නද...

    ඉස්සර හම්බුනාම කෝල් එකක් ගත්තම... " මචන් මොකද අද හවස කරන්නේ... සෙට් වෙමුද ? " කියල අහපු අපි...

    දැන් මාස ගානකින් කෝල් කරහම... කතා කරන්නේ..

    " එපා වෙලා බන් ඉන්නේ.. ඉවරයක් නෑනේ.. පඩිය ගත්ත අනික් පැත්තට ඉවරයි.. "
    " ලෝනුයි.. ක්‍රෙඩිට් කාර්ඩුයි... අනේ මන්ද බන්.. "
    " පොඩි එකාට ස්කෝලයක් හොයන්න ඕනි බන්.. මේ දවස් වල ඒකට දගලනවා.. "

    හයියෝ ඔන්න ඔයවගේ වැල් වටාරම්... කාලය තෝ නම් මහ... මොකෙක්ද මන්දා....

    ****
    http://palaamalla.blogspot.com/
    LET OTHERS TOO see this post by commenting BUMP...:yes::yes::yes:

    Thanks for Blogger
    පලාමල්ල :::: palaamalla