කාලය

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    393335_278297888876062_193218727383979_738394_184050260_n.jpg


    හිතන්න හැමදාම උදේ පාන්දරම ඔබේ ගිණුමට රුපියල් 86400ක් බැර කරන බැංකුවක් තියනවා කියලා. මේ රුපියල් 86400 ඔබට කැමති ආකාරයකට වැය කරන්න පුලුවන්. මේ බැංකුව ඔබේ ගිණුමෙන් දවසින් දවසට ශේෂය කිසිවක් රැගෙන යන්නේ නෑ. දවස අවසානයේ ඔබට වැය කිරීමට නොහැකි වුනු මුදල් සියල්ල ඔබේ ගිණුමෙන් ඉවත් කරනවා.

    ඉතින් ඔබ කුමක් කරයිද? ගිණුමේ ඇති මුදල් සියල්ල කිසියම් හරවත් දෙයකට වැය කරනවා නේද?

    අප සැමටම එවැනි බැංකුවක් ඇති බව ඔබ දන්නවාද?
    එය නම් කාලයයි.

    සෑම දිනකම උදෑසන එය අපට තත්පර 86400ක් ලබා දෙයි,එසේම සෑම රැයකම එදින ඔබට හරවත් ලෙස වැය කිරීමට නොහැකි වූ සෑම තත්පරයක්ම ඔබේ ජීවිතයෙන් කපා දමයි.
    අද හරවත් යමකට වැය නොකරන කාලය පසු දිනක අපට භාවිතා කල නොහැකියි. සෑම දිනකම අප හරවත් යමකට භාවිතා නොකරන කාලය යනු අප විසින් අපතේ යවන අපගේම ධනයයි.

    ආපසු ඊයේ දිනට යාමක් නැත,හෙට ගැන සිත සිතා ජීවත් වීමෙන් ඵලක් නැත.
    අප ජීවත් විය යුත්තේ අද දිනයේයි. අද දින කාලය උපරිම සතුට, සාර්ථකත්වය සහ නිරෝගී කම ලැබෙන සේ වැය කරන්න.

    ඔබ සදහා ඔරලෝසුව නොනැවතේ...නොනවත්වා කාලය ගත වේ...අද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න!!!

    •වසරක වටිනාකම පලමු වර උසස් පෙල අසමත් වූ සිසුවෙකුගෙන් අසා දැන ගන්න
    •මාසයක වටිනාකම අඩු මාසයෙන් දුර්වල දරුවෙකු බිහි කල මවකගෙන් අසා දැන ගන්න
    •සතියක වටිනාකම සතිපතා පත්‍රයක කර්තෘ ගෙන් අසා දැන ගන්න
    •පැයක වටිනාකම හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන්ගෙන් අසා දැන ගන්න
    •විණාඩියක වටිනාකම දුම්‍ රිය මගහැරුනු මගියෙකුගෙන් අසා දැන ගන්න
    •තත්පරයක වටිනාකම අනතුරකින් යන්තමින් බේරුනු පුද්ගලයෙකුගෙන් අසා දැන ගන්න
    •මිලි තත්පරයක වටිනාකම ඔලිම්පික් තරගයක මීටර් 100 දෙවන ස්ථානයට පත් පුද්ගලයාගෙන් අසා දැන ගන්න.

    ඔබ සතු සෑම මොහොතක්ම හරවත් යමකට වැය කරන්න.කාලය කිසිවෙකු උදෙසා නතර නොවන බව සිහියේ තබා ගන්න.අද කල යුතු දෙය අදම කරන්න!!!



    REPOST NAM SORRY
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Edit karanna deyak nea ne bun

    kivwa eka therunada :P
    edit karana eka nokarana eka ube wadak. mama kivwe thibba original thana.
    un kohenhari ussala danawada kiyanna mama danne naha. but un thama owa sinhalata translate karala danne
    ►පමා උනොත් මල පරවෙයි◄


    kiyala un oka dala thiyenne non 15.


    ewa copy karala dana eke awulak naha. but aduma tharame unge page eke link ekawath dapan.lol
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    kivwa eka therunada :P
    edit karana eka nokarana eka ube wadak. mama kivwe thibba original thana.
    un kohenhari ussala danawada kiyanna mama danne naha. but un thama owa sinhalata translate karala danne
    ►පමා උනොත් මල පරවෙයි◄


    kiyala un oka dala thiyenne non 15.


    ewa copy karala dana eke awulak naha. but aduma tharame unge page eke link ekawath dapan.lol

    ha I'll put it on next time, thank you for your advice