කාල දානයට මේ සුදුසුම කාලයයි

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    FB_IMG_1764690301214.jpg


    කාල දානයෝ

    “පඤ්චිමානි භික්ඛවෙ, කාල දානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති, ගමිකස්ස දානං දෙති. ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යානි තානි නව සස්සානි නව ඵලානි පඨමං සීලවන්තේසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාල දානානි.”

    යනුවෙන් කාල දාන පසක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීමය, ගමිකයන්ට දන් දීමය, රෝගීන්ට දන් දීමය, දුර්භික්ෂයෙහි දන් දීමය, ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මොහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්නෝ ය. ගමිකයෝ නම් යම්කිසි තැනකට යෙමින් සිටින්නෝ ය. ආගන්තුක වූ ද ගමික වූ ද ගිලන් වූ ද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටින්නෝ ය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන් ම වුවමනා අවස්ථාවෙකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දුර්භික්ෂය සැමට ම ආහාර පාන දුර්ලභ අවස්ථාවෙකි. එ බැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයෙකි. ගොවිකමකින් පළමු ලැබුණ දෙය උතුම් වස්තුවකි. එය උත්තමයනට දීම ද කාල දානයෙකි.

    “කාලෙ දදන්ති සප්පඤ්ඤා - වදඤ්ඤූ වීතමච්ඡරා

    කාලෙන දින්නං අරියෙසු - උජුභූතෙසු තාදිසු

    විප්පසන්නමනා තස්ස - විපුලා හොති දක්ඛිණා”

    මසුරු මල දුරු කළා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය වාචා චිත්ත වංකයන් ප්‍ර‍හීණ බැවින් අවංක වූ ඉෂ්ටානිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්‍ය්‍යයන් කෙරෙහි ප්‍ර‍සන්න සිත් ඇත්තා වූ යමෙක් දන් දේ ද, ඔහුගේ දානය මහත් ඵල වන්නේ ය යනු ගාථාවෙහි අදහසයි.

    උපුටාගැනීම :- Facebook එකේ Sambudu Maha Seya - Anamaduwa පිටුවෙන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දානයට කොයි කාලෙත් හොදයි.

    කාලය, නැත්තම් ක්ෂණ සම්පත්තිය කුසල් වඩන්න ප්‍රයෝජනයට ගන්නවනනම්, ඔය අනිත් හැම දේටම වැඩිය ඒක හොදයි. පමා නොවීමම තමයි නිවනට මග.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Bump

    දානයට කොයි කාලෙත් හොදයි.

    කාලය, නැත්තම් ක්ෂණ සම්පත්තිය කුසල් වඩන්න ප්‍රයෝජනයට ගන්නවනනම්, ඔය අනිත් හැම දේටම වැඩිය ඒක හොදයි. පමා නොවීමම තමයි නිවනට මග.
    ඔව්.
    "මේ සුදුසුම කාලයයි" කියන එකෙන් අදහස් කරන්නෙත් "අදම කරන්න/ දැන්ම කරන්න/ අප්‍රමාදී වෙන්න" කියන එකම තමයි.
    ------ Post added on Dec 3, 2025 at 7:21 AM
     
    • Like
    Reactions: Fiona Dabare