කාල රේඛාව
===================
ජනවාරි වෙද්දි බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලංකාවේ රැන්ඩම් සාම්පල් වල තිබුණා...
ජනවාරි අග ඒ බව ඉන්දියන් පුවත්පත් වල පවා ඵල වුනා... ( ජනවාරි 26 සහ 28 )
අප්‍රේල් 8 වෙද්දි දෙවැනි රැල්ලේ දිනකට හමුවෙන පොසිටිව් කේසස් අවම අගයට ආවා...
වැඩේ ටිකක් ෂේප් බව දැනුනු ගමන් අවුරුදු ජෝගිය නටන්න පාලකයන් සහ ඔවුන්ටම ගැළපෙන්න දෙවියන් විසින් මවන ලද ජනතාව සූදානම් වෙන බව දැනිලා, විශේෂඥයො දිගින් දිගටම අනතුරු ඇඟෙව්වා....
අවුරුදු ජෝගිය නැටුවා....නුවර එළියේ "ගොඩ ඇස්කොට්" සහ වැළහින්නි වසන්තය පෙන්නුවා.....පන්සල්, පල්ලි, කෝවිල් වල රොක් වුනා....
අප්‍රේල් 20 වගේ වෙනකොට බඩු ටික ටික බනිස් වෙන ලක්ෂණ පෙන්නුවා....කළාපෙන් කළාපෙ ආයෙ ලොක් ඩවුන්...
පස්සෙ දවසකට විස්සක් විතර වෙනකොට වැහුවා....
ජූනි මාසයේ 18 වැනිදා මතක තියාගන්න.....ජපුර සරසවියේ ආචාර්ය ( වෛද්‍ය ) චන්දිම ජීවන්දර මහතා කොළඹින් ලබාගත් සාම්පල් 5 ක ඩෙල්ටා ප්‍රභේදය තිබී හමුවූ බව කිව්වා....
මතක තියාගන්න ජූලි 19 ... අන්න ඒක තමා වැදගත්ම දවස....ඒ තමයි අප්‍රේල් ජෝගියේ ලොක් ඩවුන් එකෙන් පසුව, රෝගීන් ගණන අවම වෙච්ච දවස....ජූලි මාසයේ මුල් සතියේ සිට රට නැවත ටික ටික විවෘත කරගෙන ආවා...ජූලි 18 තමා රටේ දේශ සීමා යළි විවෘත කළ දවස....
ඩෙල්ටා කියන්නෙ මොන වගේ දිය යට ගිනි ජාලාවක්ද කියන එක දන්න විශේෂඥයන් බැගෑපත් උනා, වැක්සීන් එන එක ඉක්මන් වෙයි, තව මාසයක් ඔය වගේ අල්ලන් ඉඳලා රට අරින්න කියලා.....ඒ වෙනකොට ඉන්දියාව ගිනි ඇවිලෙනවා....එන්නත් පැමිණීමෙත් යම් අඩුවක් තිබුණා...
රට විවෘත උනා...!....අන්න ඒ තමා පාස්කු ඉරිදා අප්‍රේල් 21 ට පසුව මේ රටේ දැන දැනම මළ කඳන් ගොඩගැහෙන්න දීලා ක්‍රියා කරපු ඊළඟ දින කිහිපය....
ජූලි මාසයේ අවසන් සති කිහිපය වෙද්දි එන්නත් තොග වශයෙන් එන්න පටන් ගත්තා... නමුත්, ඒ වෙනකොට බස්නාහිර පළාතේ කරපු පී.සී.ආර් පරීක්ෂණ වලින් පොසිටිව් වෙන සංඛ්‍යාව තිබුනේ ඇස් උඩ ඉන්දෙන ප්‍රතිශතයක....
සිදුවෙන්න යන විනාශය දැකපු එක්තරා කොන්ද පණ තියෙන මහාචාර්ය වරයෙක් අයි.එච්.එම්.ඊ මොඩ්ල් එක අරගෙන, තමනුත් මොඩ්ල් එකක් හදාගෙන, ඒවා විශ්ලේෂණය කරමින්, අගෝස්තු මැද වෙද්දි, දොඹෙන් යන්න වදිනවාය, මළ මිනී තියාගන්න තැනක් නැති වෙනවාය කියන එක කිව්වා....එතුමා අප්‍රේල් ජෝගිය නැටුවොත් වෙන දේ ගැනත් මාර්තුවේ ඉඳලම නිවැරදි අනාවැකි ඵල කරපු කෙනෙක්....
නමුත් එතුමාටත්, අයි.එච්.එම්.ඊ මොඩ්ල් දත්ත ලේඛන වලටත්, ලෝකය වටෙන් එන අනෙකුත් අනතුරු ඇඟවීම් වලටත්, යම්කිසි අස්වැසිල්ලක් ලද සෑම අවස්ථාවකදීම, මේ රටේ පාලකයන්, සහ ඔවුන්ට හරියන ඔවුන්ගේ සහචරයන් දිගින් දිගටම කොචොක් කළා....ඒවා ගැන කථා කරන අය "මිනී කඳු ගැහෙන කල් දේශපාලනය කරන්න බලාගෙන ඉන්න සත්තු" කියලා හංවඩු ගැහුවා....සෞඛ්‍ය අංශ මැදිහත් වෙලා අරන් දීපු තාවකාළික අස්වැසිල්ල විකුණගෙන කෑම ඇරෙන්න, සහ ඒ ගැන ඔජ වැඩීම ඇරෙන්න වෙන කිසිවක් උනේ නෑ....
මහා භාරත් කාව්‍යයේ ක්‍රිෂ්ණා කියනවා "වඩාත්ම අඳුරු සෙවණැලි ඇත්තේ හිරු මුදුන් වන වේලාවටය" කියලා.....ඒ කියන්නෙ "වැඩේ දැන් ගොඩ, දිනලා ඉන්නෙ !" වගේ පේන මොහොත තමා වඩාම භයානකම මොහොත... වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන අන්න ඒ මොහොතෙදි.....වසංගතයට මේක සෘජුවම අදාළයි... බ්‍රසීල ඛේදවාචකය ගැන ලියපු ලිපියෙදි මම සූත්‍ර සමඟ පැහැදිලි කළා ඇයි එහෙම කියන්නෙ කියන එක....
දැන් මේ වෙනකොට ඒ සියලු අනාවැකි වලදි සඳහන් කරපු දෛනික කෝව්ඩි ආසාදිතයන් ගණන සහ දෛනික කොවිඩ් මරණ ගණන ඒ අනාවැකි වල තිබුණු දත්ත වල විශ්‍රම්භන පරාසයේ ( Confidence Interval ) නෙමෙයිද තියෙන්නෙ කියලා බළපල්ලා....!....
ඔන්න මෙතෙක් කථාවේ ටයිම් ලයින් එක....
දැන් කියමු මෙතනින් එහාට කථාව ගැන...
අගෝස්තු 11 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය නිව්ස් රිලීස් එකක් දෙනවා...
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කැඳවපු 5 වැනි ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීම ගැන...
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන වැදගත්ම නිරීක්ෂණ
======================================
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන වැදගත්ම නිරීක්ෂණ මොනවද?
ජූලි මාසයේ 31 වෙද්දි ඇනලයිස් කරපු සාම්පල වලින් 60% ඩෙල්ටා ප්‍රභේදය තිබිලා තියෙනවා
ශ්‍රී ලංකාවේ සංචරණ සීමා මැයි මාසයේ 85% යි, ජූලි වෙද්දි - 49% යි, එම වාර්ථාව නිකුත් කළ අගෝස්තු 11 පමණ වනවිට - 29% ( අඩුවීම දුටුවාද?... ඕක තමා උඩින් ලිව්වෙ )
එන්නත්කරණය කොතරම් වේගවත් උනත්, එන්නත්කරණය සමඟ තරඟෙට ආසාදනයත් ව්‍යාප්ත වෙනවා නම්, එන්නත් ලාභීන්ගේ සිරුරු වලට නිසි රැකවරණය ලබාගන්න කාළයක් ලැබෙන්නේ නැහැ....ඒ සඳහා පූර්ණ එන්නත් මාත්‍රා ලබාගැනීමෙන් "පසුවත්" සති 2 - 3 කාළයක් යනවා....එකී ලෝ.සෞ.සං ප්‍රකාශයට අදාළ අවසන් දිනය වන අගෝස්තු 9 වනවිට රටේ ජනතාවගෙන් 15% ෆුලි වැක්සිනේටඩ්....
ප්‍රක්ෂේපණ ( ප්‍රොජෙක්ෂන් ) වාර්ථාවක්
===========================
එතනදි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරනවා, ඔවුන් අගෝස්තු 11 වෙද්දි කරපු නිරීක්ෂණ ටිකක් අනුව සකස් කරපු ප්‍රක්ෂේපණ ( ප්‍රොජෙක්ෂන් ) වාර්ථාවක්...
ඒ ප්‍රක්ෂේපණ සියල්ල කරලා තියෙන්නෙ ශ්‍රී ලංකාව, මේ 2021 අගෝස්තු මාසය අවසන් වනවිට සමස්ථ ජනගහණයෙන් 50% ක් වත් "සම්පූර්ණ එන්නත්කරණයට" ( ගහන්න තියෙන ඩෝස් සියල්ල ගහලා, පූර්ණ ආරක්ෂණ තත්වයට පත්වීම ) ලක් වෙලා ඉඳීවි කියලා උපකල්පනය කරලා... මතක තියාගන්න....අද අගෝස්තු 19 වෙනිදා....දැනට පූර්ණ එන්නත්කරණය වූ පිරිස සමස්ථ ජනගහණයෙන් 22.64% ( අගෝස්තු 17 දත්ත - මූලාශ්‍රය "වයි චාට්ස්, අවර් වර්ල්ඩ් ඉන් ඩේටා, බ්ලූම්බර්ග් සහ නිව් යෝක් ටයිම්ස් වැක්සීන් ට්‍රැකර්ස් )
මේ දිනවල ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ෆුලි වැක්සිනේටඩ් වෙච්ච ප්‍රතිශතය වැඩිවෙමින් ගියේ 1.5% - 2.5% වගේ අනුපාතයකින්...
ඒකට උදාහරණ -
August 15, 2021 21.14%
August 16, 2021 21.56%
August 17, 2021 22.64%
ඔන්න නැවතත් කියනවා... පටලගන්නෙ නැතුව හෙමින් කියවන්න....මෙතැන් සිට කියන්න යන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවැකි සකස් කර තිබෙන්නේ, අගෝස්තු අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් 50% සම්පූර්ණයෙන් වැක්සිනේට් වෙලා ඉන්නවා ඇතිය යන පූර්ව උපකල්පනය අනුවයි... තේරුණාද?...
අගෝස්තු ඉවර වෙන්නෙ 31... අද සිට දවස් දොළහයි....50% ඉලක්කයට යන්න දළ වශයෙන් තව 26% - 27% පමණ ඉදිරි දවස් දොළහ තුළ "පූර්ණ එන්නත්කරණය" කරන්න ඕන.... ඒක ඉම්පොසිබල් ටාස්ක් එකක් නෙමේ... නමුත් ඒකත් මතක තියාගන්න....
දැන් මෙන්න මේවා තමා ප්‍රක්ෂේපණ....
============================
මේ ප්‍රකාශය නිකුත් කරන ලද අගෝස්තු 11 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ තිබුණු සෞඛ්‍යාරක්ෂණ වාරණ ටික තව තද කරන්නෙ නැතුව, ඒ තිබුණු තත්වය එලෙසින්ම තිබුණොත් දිගටම
- සැප්තැම්බර් මැද වනවිට වාර්ථා විය හැකි "දෛනික" කොවිඩ් ආසාදිතයන් ගණන දළ වශයෙන් 6,000
- දිනකට මරණ ගණන දළ වශයෙන් 220 යි
- 2022 ජනවාරි වෙනවිට සමස්ථ මරණ ගණන දළ වශයෙන් 30,000 හෝ ඒ ආසන්නයේ...
දැන් ඊයෙ වෙනකොට වාර්ථාගත මරණ කීයද?...6,604 යි.... එතකොට ඊයේ දිනයත්, ජනවාරි මාසයත් අතර, මේ දැන් යන විදියට ගියොත් තව 24,000+ ක් මැරෙන්න නියමිතයි...ඒකනෙ ඔය උඩින් කියන ප්‍රක්ෂේපණය ...?....
මේ කියන්නෙ "කොවිඩ් සංකූලතා" නිසාම මරණයට පත්වුනාය කියලා
- හඳුනාගෙන
- හෙළි කරපු සංඛ්‍යා වලින් එන ප්‍රක්ෂේපණයක් ගැන විතරයි...
මේ ප්‍රොජෙක්ෂන් වලට අනුව සෙප්ටෙම්බර් මැද වෙද්දි දිනකට කෙරෙන අයි.සී.යූ ඇතුල් කිරීම් ගණන 275 ක් පමණ වෙනවාලු.... එතකොට ඒ අයි.සී.යූ පහසුකම් ජීවිතය ගැට ගහගන්න අත්‍යාවශ්‍ය සෙසු බරපතළ රෝග තියෙන රොගීන්ට මොකද වෙන්නෙ?...ඔවුන්ගෙනුත් සැලකිය යුතු පිරිසක් මිය යන්න නියමිතයි, අර අයි.සී.යූ පහසුකම් කොවිඩ් වෙනුවෙන් වෙන් කිරීම නිසා.....දැනටම කොවිඩ් නොවන රෝගීන් සඳහාත් අයි.සී.යූ ඇඳක් හොයාගන්න අමාරුයි නේද?... ( හාට් ප්‍රොබ්ලම් එකක්, ඇක්සිඩන්ට් එකක් ? )
මුලදී ඇඳිරි නීතිය පණවා, ඉන් පසුව ඉතාම දැඩි ලෙස පවත්වාගන්නා ලොක් ඩවුන් එකක් කරගෙන ගියොත් මෙතැන් සිට, ජනවාරි වෙද්දි දෛනික ආසාදිතයන් ගාණ 1,000 කට අඩු කරගන්න ලැබෙයිලු... ඒ වගේම ඔය 30,000 න් 18,000 ක් බේරගන්නත් ලැබෙයිලු.... ( ඒ කියන්නෙ දැන් ඉඳලා එහෙම කළත් සමස්ථ මරණ ගාණ 12,000 පනිනවා කොහොමත් ... ඒක තිස් දාහ වෙන එක නවතියි කියල කියන්නෙ )
කවුද මේ ප්‍රක්ෂේපණ හදන්නෙ ?
- ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාතිකර කළාප කාර්යාංශය
මොනවයින්ද හදන්නෙ ?
- ශ්‍රී ලංකාවේ එම්.ඕ.එච් රිලීස් කරන දත්ත අරගෙන...
නොබෝදා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හෙළි උනා, වසංගත රෝග විද්‍යා අංශය එළියට දාන දත්ත සහ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ එළියට දාපු දත්ත අතර පරතරය... ඒකත් රජයට සහාය දක්වන නාළිකාවකයි ගියේ.... ව.රෝ.වි.අ ට අනුව අගෝස්තු 9 ත් 16 ත් අතර කෑගල්ලෙන් මතුවූ ආසාදිතයන් ගණන - 166 යි.... කෑ.ප්‍රා.සෞ.අ ට අනුව එම ගණන - 2,270 යි... එතකොට කවුද ඇත්ත කියන්නෙ?....කවුද බොරු කියන්නෙ?....අපි දන්නෙ නෑ......කවුරු හරි කෙනෙක් ඇත්ත කියනවා නම්, ඇත්තේ සහ බොරුවේ අතර පරතරය 13 ගුණයකටත් වැඩියි කියන එක විතරයි මට නම් ඉලක්කම් පේන්නෙ.....
එහෙම නම්, මේ ඇත්ත දත්ත මොන වගේ වෙන්න ඇතිද?... ඒවා ඔය ඉහත කී ප්‍රක්ෂේපණ වලට දැම්මොත් ජනවාරි වෙද්දි තිබිය හැකි තත්වය මොන වගේද?....
තව දුරටත් අපි මේ දෙස් විදෙස් විශේෂඥයන්ගේ ප්‍රක්ෂේපණ වලට හිනැහෙමින් කාළය ගත කරනවාද?....
( මේ දාන්නෙ වගකීමෙන් යුතුව තොරතුරු මූලාශ්‍ර පෙන්වන්න පුලුවන්, විශේෂඥ වාර්ථා සහ ජාතික සහ ජාත්‍යන්තර ලියාපදිංචිය සහිත ඉදිරිපෙළ මාධ්‍ය ආයතන වලින් ලොවට ඵළ කරන ලද මාධ්‍ය හා දත්ත වාර්ථා පමණයි....වැඩේ කොතනද වැරදුණේ? කවුද වැරැද්දුවේ? කියන එක කියවන කෙනාට පැහැදිලි වෙනු පිණිස ලියා තබනවා....)
Damith Kethaka - https://www.facebook.com/LordDK82
බයි ටොයි ජෙපි සජබ, සින්හල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ස්ලාම් බේදයකින් තොරව අපි හොදටම කරපු හැටි තමා මේ කියල තියෙන්නෙ. වෙන මරණ වලට අඩු වැඩි වශයෙන් උද්ගෝෂණ සන්විධානයක් කරපු අයගෙ ඉදල ඒවට හේතු සපයපු අය වෙනකම්ම මේ වෙන මරණවලට වගකියන්න ඕනි. පාලකය වහන්නෙ නෑ කියල මාස්ක් එක ගලවගෙන හතර පස් දෙනා වටවෙලා කියවන තැන් ඇස් දෙකටම දැක්ක.පෝලිමේ මීටරේ තියල ඉන්නකොට ඉඩ තියෙනවනෙ කියල මැද්දෙන් පනින මිනිස්සු දැක්ක. තමන්ට කරන්න තිබ්බ පුන්චි වැඩේ අමතක කරගත්ත හැම දෙනාම අද මේ වෙනකොට වෙන දේවල්වලට වග කියන්න ඕනි.
පාලකයට තමන් චන්දෙ දෙන පක්ශෙ නායකයට අපේ ජීවිත වටින්නෙ නැති වෙන්න පුළුවන් තමන්ගෙ අයට වටිනව ඒ නිසා පරිස්සමින් ඉන්න. අනේ දවසම දාගෙන ඉදියනෙ දැන් පොඩ්ඩක් ගලවමු කියල හිතෙන විනාඩිය ඇති මේ මාරයට.
වැක්සීන් එක ගැන තේරුම් අරගෙන කැමැත්තෙන් ගිහින් ගහගන්න තෝර තෝර ඉන්නෙ නැතුව. ඒ කරලත් වෙනද වගේම පරිස්සන් වෙන්න.
ඉක්මනට මේ වසන්ගතේ ඉවර වෙයි එතකන් පරිස්සමින් ඉන්න බුදුසරණයි.