කාල_සර්ප_යෝගය

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දොළොස්‌ ලෙසින් අසුබ ගෙනෙන
    'රාහු කේතු යෝගය'හෙවත් 'කාල සර්ප යෝගය'

    වර්තමානයේ බොහෝ කේන්ද්‍ර සටහන්වල දක්‌නට ලැබෙන මෙම "කාල සර්ප යෝගය" යනු ජ්‍යෝතිෂයේ දී වැඩිපුරම කතාබහට ලක්‌වන යෝගයකි. සුබ ඵලවලට වඩා අසුබ ඵල උදාකරන සුවිශේෂී යෝගයක්‌ ලෙස පොත්පත්වල දක්‌වා ඇති විස්‌තරයත් යෝගය හඳුන්වා ඇති බියකරු නාමය නිසාත් බොහෝ දෙනා කාලසර්ප යෝගයට ශනි ඒරාෂ්ඨක අපලයට දක්‌වන තත්ත්වයේ බියක්‌ සැලකිල්ලක්‌ දක්‌වති. පූර්ව ආත්මවලදී සර්පයන් නිකරුණේ මරා දැමීමෙහි පාපය හේතුවෙන් මෙම යෝගය පිහිටයි.

    කාල සර්ප යෝගයේ සුබ අසුබ ඵල ඉස්‌මතු වීම ජන්ම කේන්ද්‍රයේ වෙනත් ග්‍රහ පිහිටීම් මත තීරණය වුවත් කාල සර්ප යෝගයේ පලාඵල ඉස්‌මතු වීම පැහැදිලිව දක්‌නට ඇති බව කිව යුතුය. කාල සර්ප යෝගය තිබෙන අය ඉතාමත් වාසනාවන්ත ජීවිත ගත කළ අවස්‌ථා රාශියකි. ජන්ම පත්‍ර තුළ වෙනත් ග්‍රහයන් සුබව පිහිටීමත් සුබඵල දෙන වෙනත් ග්‍රහ යෝග තිබීමත් නිසා මෙන්ම කාල සර්ප යෝගය භංග වන අවස්‌ථා තුළින්ද සුබ පල උදා වේ. කාල සර්ප යෝගය ගැන මුල් බැස ඇති වැරැදි මතවලින් බැහැරව එම යෝගය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ පාඨක ඔබ වෙත ලබාදීම මෙම ලිපියේ මූලික අරමුණයි.

    කාල සර්ප යෝගයට බොහෝ දෙනා බිය වන්නේ "කාල සර්ප" යන වචනය හේතුවෙනි. "කාල" යනු ඉන්දීය බසකින් රාහු ග්‍රහයා හැඳින්වීමට යෙදෙන වචනයකි. "සර්ප" යනු කේතු ග්‍රහයා හැඳින්වීමයි. ඒ අනුව "කාල සර්ප යෝගය" යනු "රාහු කේතු යෝගය" යන්නයි.

    ජන්ම කේන්ද්‍ර සටහනින් රාහු, කේතු ග්‍රහයන් දෙදෙනා සප්තමව (අංශක 180 ක්‌ ඈත්ව) සිටී. මෙම රාහු කේතු ග්‍රහයන් දෙදෙනාගෙන් එක්‌ පසෙක අනික්‌ ප්‍රධාන ග්‍රහයන් (යුරේනස්‌, නැප්චූන්, ප්ලුටෝ හැර) සියලුම දෙනා පිහිටීම කාල සර්ප යෝගයයි. (මෙහිදී රාහු කේතු ග්‍රහයන් පිහිටන අංශක 180 තුළ එක්‌ පසෙක සියලුම ග්‍රහයන් තැන්පත් විය යුතුය) කේන්ද්‍රයේ 1, 2, 3, 4... 12 ස්‌ථාන සලකුණු කෙරෙන දිශාවට එනම්,

    රාහු කේතු කියන්නේ චන්ද්‍රයාගේ ගමන් මාර්ගය සූර්යයාගේ ගමන් මාර්ගය ඡේදනය කරන උපකල්පිත ලක්‌ෂ්‍ය දෙකටයි. ඒවා චන්ද්‍රයාගේ ගමනට විරුද්ධ දිශාවට භ්‍රමණය වනවා. එම ලක්‌ෂ්‍ය දෙක රාහු සහ කේතු ලෙස නම්කර ඡායා ග්‍රහයන් ලෙස අරුත් ගන්වා ඇත්තේද ඒවා පියවි ඇසට නොපෙනෙන ගණිතමය ප්‍රතිඵල දෙකක්‌ නිසයි. ඒ හින්දයි ඒ දෙදෙනාගේ චලිත ගතිගුණ සර්වසම වෙන්නේ.

    ඔරලෝසුවේ කටු ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට සලකා බලන විට රාහුගේ සිට කේතුගේ පැත්තට වූ අංශක 180 තුළ අනිත් ග්‍රහයන් සියල්ල තැන්පත් වීමෙන් ඇතිවන කාල සර්ප යෝගය කේතුගේ සිට රාහු පැත්තට ග්‍රහයන් පිහිටීමෙන් ඇතිවන කාල සර්ප යෝගයට වඩා අසුබ පල වැඩි බවට මතයකි. රාහු කේතුගේ අංශක 180 පරාසයෙන් එක්‌ පසෙක එක්‌ ග්‍රහයෙකු පමණක්‌ සිටින විට අර්ධ කාල සර්ප යෝගය ඇතිවන අතර රවි සඳු දෙදෙනා හැර වෙනත් ග්‍රහයකු මෙලෙස රාහු කේතුගෙන් එක්‌ පසෙක සිටින විට දීප්ති යෝගය නම් බලවත් යෝගය යෙදෙන අතර ග්‍රහයාගේ නම අනුව දීප්ති යෝගයේ නමද යෙදේ. (උදා (- ගුරු ග්‍රහයා රාහු කේතුගෙන් මෙලෙස එක්‌ පසෙක යෙදෙන විට ගුරු දීප්ති යෝගය ලෙස හැඳින්වේ) රවි හෝ සඳු ග්‍රහයන් දෙදෙනාගෙන් අයෙක්‌ රාහු කේතු අතරින් මිදී සිටින විට පිළිවෙළින් "රවි කීර්ති" හා "සඳු කීර්ති" නම්වූ විශේෂ යෝග සෑදේ. මෙම "දීප්ති" හා "කීර්ති" යෝග යෙදී ඇති කේන්ද්‍ර එනම් අර්ධ කාල සර්ප යෝගය යෙදී ඇති කේන්ද්‍ර හිමියන්ට කාල සර්ප යෝගයට ප්‍රතිවිරුද්ධ ඉතා සුබපල උදාකරයි.

    කාල සර්ප යෝගය කේන්ද්‍රවල යෙදෙන ආකාරය සලකා බලන විට එම යෝගය දුර්ලභ යෝගයක්‌ ලෙස හැඳින්විය නොහැක. 30% - 40% සම්භාවිතාවක්‌ ලෙස කාල සර්ප යෝගය පුද්ගල කේන්ද්‍ර අතර යෙදේ.

    කාල සර්ප යෝගයේ ඵල විපාක ලෙස ජ්‍යෝතිෂ පොත්පත්වල දැක්‌වෙන හා පාරම්පරිකව මති මතාන්තර අතර විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදු කරන විවාහය බිඳ දමන යෝගයක්‌ ලෙස දක්‌වා ඇති නිසා විවාහ පරීක්‍ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍රවලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.

    කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුණුව තත්ත්වය කලින් කලට උස්‌ පහත් වෙමින් රැල්ලක්‌ ආකාරයට ඇතිවන බවත් දියුණුවේ හිණිපෙත්තට ළඟා වීමක්‌ නැති බවටත් එක්‌ අංශයකින් උසස්‌ දියුණුවක්‌ ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක්‌ ඇතිවන බවටත් මතයක්‌ ඇත.

    කාල සර්ප යෝගය තිබෙන කේන්ද්‍රයක රාහු කේතු පිහිටන ස්‌ථානය අනුව ආකාර 12 ක්‌ පිළිබඳව දැක්‌වෙයි. එනම්

    1 අනන්ත් - ලග්නයේ සිට 7 වැන්න දක්‌වා යෙදෙන විට දියුණුව හා විවාහයට බාධා ඇති වෙයි.

    2 කුලික්‌ - 2 වැන්නේ සිට 8 වැන්න දක්‌වා යෙදෙන විට සෞඛ්‍ය ප්‍රශ්න/දුප්පත් බව/දුෂ්කරතා ඇතුළු විවිධ කරදරවලට මුහුණදීමට සිදු වෙයි.

    3 වාසුකි - 3 වැන්නේ සිට 9 වැන්න අතර යෙදෙන විට රැකියා/ව්‍යාපාර හා සහෝදර/නෑදැ ප්‍රශ්න ඇති වෙයි.

    4 සංකල්ප - 4 වැන්නේ සිට 10 වැන්න අතර යෙදෙන කල්හි මාපිය දෙදෙනාට අපල ගෙන දෙන අතර මව හෝ පියාගේ වියෝව නිසා තමන්ද දුකට පත්වෙයි.

    5 පද්ම - 5 වැන්නේ සිට 11 වැන්න දක්‌වා යෙදෙන කල්හි දරුවන්ගේ ප්‍රශ්න හා ආදායම් ප්‍රශ්න මෙන්ම ගමන් බිමන්වලදී හදිසි අනතුරුවලට ලක්‌විය හැකිය.

    6 මහා පද්ම - 6 වැන්නත් 12 වැන්නත් අතර යෙදෙන කල්හි ශරීර සෞඛ්‍ය දුර්වල වීම හා ව්‍යාපාර අඩාලවීම මෙන්ම සතුරු කරදරවලින් පීඩා ඇති වෙයි.

    7ෆ තක්‌ෂට - 7 වැන්න හා 1 වැන්න අතර යෙදෙන කල්හි ධනය/විවාහය හා ශරීර සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න ඇති වෙයි.

    8 කාර්කේටක - 8 වැන්නේ සිට 2 වැන්න දක්‌වා යෙදෙන කල්හි නඩුහබ/හදිසි අනතුරු හා අවාසනාවන්ත පරාජිත අත්දැකීම්වලට ලක්‌වෙයි.

    9 සංචවුඩ් - 9 වැන්න හා 3 වැන්න අතර යෙදෙන කල්හි වැඩිහිටියන්/ගුරුවරුන් සහ උසස්‌ අය හා ගැටුම් ඇති කර ගනී.

    10 ඝටක - 10 වැන්න හා 4 වැන්න අතර යෙදෙන කල්හි ජීවිත අපේක්‍ෂාව ජය ගැනීමට අසීරු වෙයි.

    11 විශ්ධන - 11 වැන්න හා 5 වැන්න අතර යෙදෙන කල්හි ධනය නාස්‌ති වන අතර ලැබිම් අඩු වෙයි. නිශ්ඵල ගමන් සඳහා ධනය වියදම් වෙයි.

    12 ෂෙශ්නා - 12 වැන්නා හා 6 වැන්නා අතර යෙදෙන කල්හි සතුරු කරදර/නඩුහබ හා ආරවුල් ඇති වෙයි.

    මෙම කාල සර්ප යෝගය යෙදී තිබූ ජනප්‍රිය පුද්ගලයන් අතර විජය කුමාරතුංග, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඩෙන්සිල් කොබ්බෑකඩුව, ගාමිණී දිසානායක වැනි මහතුන් හඳුන්වා දිය හැකිය.

    කාල සර්ප යෝගය ඇති අයට සතුන් සර්පයන්ගෙන් කරදර බාධක වැඩි බවට පැරැණි පොත්වල සඳහන් ය. කාල සර්ප යෝගය පිහිටන කේන්ද්‍රවලට එහි අසුබ ඵල දුරු කිරීමට ආගමික පිළිවෙත් පැරැන්නන් විසින් භාවිත කර ඇත. එම ශාන්ති කර්ම ඉටු කිරීම තුළින් කාල සර්ප යෝගයෙහි අසුබ ඵල දුරු කරගත හැකිය.

    ජ්‍යෝතිෂවේදී, බණ්‌ඩාරගම,
    සම්පත් එස්‌ කල්පගේ
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home

    source : http://www.divaina.com/2014/10/12/naka14.html

    කාලසර්ප යෝගය බොහෝ කේන්දර හිමියන්ට පිහිටන යෝගයකි. වචනයේ පරිසමාප්ත අර්ථය දෙස බලා කාලසර්ප යෝගයට බොහෝ දෙනෙකු බියවන්නේ කළු පැහැති සර්පයෙක්‌ මගේ මුළු ජීවිතයම විනාශ කිරීමට තැත් කරන්නේය යන සිතුවිල්ල ඔවුන් තුළ පහළ වන නිසාවෙනි.

    කාලසර්ප යෝගය සහිතව ඉපදුණු පුද්ගලයන් මුලින්ම බිය කරන්නේ ඔවුන්ගේ ජන්මපත්‍ර සකසන හෝ ජන්මපත්‍ර පරීක්‍ෂා කර බලන ජ්‍යෝතිෂවේදීන්ය. ඔබට ඇත්තේ කාලසර්ප යෝගයක්‌ බොහොම පරිස්‌සම් විය යුතු යෑයි ජ්‍යෝතිෂ්‍යවේදියා කී සැණින් ඔහු කේන්දරයත්

    රැගෙන ආපසු නිවසට යන්නේ මැරීම සඳහා රැගෙන යන ගවයකු ගව ඝාතනාගාරයට යන පරිද්දෙනි. ජ්‍යෝතිෂ්‍යවේදීන් පමණක්‌ නොව බොහෝ වෛද්‍යවරුද රෝගීන් මානසිකව අන්තයටම වට්‌ටති. හෘද රෝගය වැළඳුණු රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවට ගියවිට ඇතැම් වෛද්‍යවරු රෝගියාට කතා කරන්නේ ඔහුගේ හෘදය වස්‌තුව සම්පූර්ණයෙන්ම සිරුරෙන් ගැලවී ගොස්‌ ඇති නියාවක්‌ පහදා දෙමිනි. රෝගියා වෛද්‍යවරයා ළඟට යන්නේ පිහිටක්‌ බලාපොරොත්තුවෙනි එමෙන්ම කෙනෙකු ජ්‍යෝතිෂ්‍යවේදියෙකු කරා යන්නේ තමන්ට සිදුවිය හැකි යම් යම් අපල උපද්‍රවවලින් බේරීමට මඟක්‌ සොයා ගැනීම පිණිසය.

    එහෙයින් කාලසර්පයෝගය ඇති පුද්ගලයන් එසේ බිය යුතු නොවේ මන්ද? ඊට යම් යම් උපචාර විධික්‍රම යොදා කාලසර්ප යෝගයෙන් යම් සහනයක්‌ ලබාගත හැකි බැවිනි. එමෙන්ම අපේ සහෝදර ජ්‍යෝතිෂ්‍යවේදීන්ද කාලසර්ප යෝගය ඇති කේන්දර හිමියන් බය නොකළ යුතුය. ඔවුනට ඉතා පැහැදිලිව හා කාරුණිකව සිදුවී ඇති දෙයත් ඊට කළයුතු හා කළ හැකි ප්‍රතිකර්මත් පහදා දිය යුතුය.

    කාලසර්ප යෝගය යනු කේන්දරයක රාහුටත් කේතුටත් අතර ග්‍රහයන් මැදිවී සිටීමය. එනම් රාහු හා කේතු පිහිටන අංශක 180 රේඛාවේ අනෙක්‌ පැත්තේ කිසිදු ග්‍රහයෙකු නොසිටීමයි. කාල යනු රාහු හඳුන්වන තවත් නමකි. සර්ප යනු කේතුට යෙදෙන තවත් පර්යාය වචනයකි. ඒ අනුව කාලසර්ප යෝගය යනු රාහු හා කේතු යන අර්ථවලින් නිර්මාණය වූ වචනයක්‌ මිස කළු සර්පයකුගේ කතාවක්‌ නොවන බව මුලින්ම කිව යුතුය.

    පහතින් දැක්‌වෙන්නේ කාල සර්ප යෝගය යෙදී ඇති ජන්ම පත්‍රයක සටහනකි.

    මේ කේන්දර සටහනට අනුව 2,3,4,5,6 යන භාවවල කිසිදු ග්‍රහයෙකු පිහිටා නොමැත. සෙසු ග්‍රහයන් සියලු දෙනාද පිහිටා ඇත්තේ රාහුටත් කේතුටත් මැදිවීමෙනි. මෙය කාලසර්ප යෝගය වේ.

    කාලසර්ප යෝගය යෙදුණු පමණින්ම යම් පුද්ගලයෙකුගේ ජීවිතය අසාර්ථක නොවන බව අවශ්‍ය නම් මේ කේන්දර සටහන තුළින්ම පැහැදිලි කළ හැකිය. මේ කේන්දර හිමියාගේ ග්‍රහයන් පිහිටා නැත්තේ 2 වැන්න හෙවත් ධනස්‌ථානය 3 වැන්න හෙවත් වික්‍රමස්‌ථානය 4 වැන්න හෙවත් බන්ධුස්‌ථානය 5 වැන්න හෙවත් පූර්ව පුණ්‍යස්‌ථානය 6 වැන්න හෙවත් රෝගස්‌ථානය යන භාවවල පමණි. නමුත් අනෙක්‌ භාවවල ග්‍රහ පිහිටීම අනුව මේ කේන්ද්‍ර හිමියාට සුබඵල මෙන්ම අසුබඵල ද උදාවෙයි. කාලසර්ප යෝගය නොපිහිටි සාමාන්‍ය කේන්ද්‍ර හිමියෙකුට ග්‍රහ පිහිටීමේදී වලංගු වන කරුණු කාරණා මේ කේන්ද්‍ර හිමියාට ද වලංගු වෙයි. එහෙයින් කාලසර්ප යෝගය හිමි පමණින්ම පුද්ගලයෝ අසාර්ථක නොවන බව අත්දැකීමෙන් ප්‍රකාශ කළ හැකිය. එමෙන්ම ලෝක ප්‍රකට පුද්ගලයින් ගේ කේන්දර සටහන් උපයෝගී කරගෙන මේ තත්ත්වය පැහැදිලි කළ හැකිය.

    ලෝපතළ සිනමා නලුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංග මහතාද කාලසර්ප යෝගය උරුම කරගෙන උපන් අයෙකි. පහත දැක්‌වෙන්නේ විජය කුමාරතුංග මහතාගේ කේන්දර සටහනයි.

    විජය කුමාරතුංග මහතාගේ කාලසර්ප යෝගය යෙදී ඇත්තේ 1 ත් 7 ත් අතර භාවවලදීය. ඔහුට කාලසර්ප යෝගය උදාවී තිබුණද ඔහුට සමාජ තලයෙහි ඉතා උසස්‌ තැනක වැජඹෙන්නට වාසනාව උදාවූයේ සෙසු ග්‍රහ පිහිටීම් වල බලය නිසාවෙනි. රාහු කේතු ඉතා උච්ච ලෙස භාවවල පිහිටීම හේතුවෙන් විජය කුමාරතුංග මහතාට සුප්‍රසිද්ධ පුද්ගලයෙකු මෙන්ම බලවත් තැනැත්තෙකු වීමට වාසනාව ලැබිණි.

    කාලසර්ප යෝගය හිමි කේන්දර හිමියෙකුගේ විවාහ ජීවිතය ඉතා අසාර්ථක බවට බොහෝ ජ්‍යෝතිෂවේදීහු අනාවැකි පළකරති. නමුත් විජය කුමාරතුංග මහතාගේ විවාහය ඉතා සාර්ථක වූවකි. කාල සර්ප යෝගීන්ට ලැබීම් අතින් කිසිවක්‌ හිමි නොවන බවද තවත් ජ්‍යෝතිෂ්‍ය මතයකි. නමුත් විජය කුමාරතුංග මහතාට ඒවායෙහි අඩුවක්‌ ද නොවීය.

    කාලසර්ප යෝගයේදී කේන්දර හිමියා මතක තබාගත යුතු එකම කාරණය වන්නේ තමන්ට ලැබීම් උසස්‌වීම් ප්‍රසිද්ධිය ලැබෙනවා සේම ඉතා ක්‍ෂණිකව ඒ සියල්ල විනාශ වී තමන්ද විනාශ වන්නේය යන තත්ත්වයට ඔහු පත්වීම ගැන පමණි. කාලසර්ප යෝගය උදාවී ඇති ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් සමාජයේ අසම සම තත්ත්වයන්ට පත්වී හිටි හැටියේම අතුරුදන් වෙයි. ඇතැම්හු වනගත විමටද ඉඩ ඇත. නමුත් මතක තබාගත යුතු වන්නේ පුද්ගලයෙකුගේ මරණයට එකම හේතුව කාලසර්ප යෝගයම පමණක්‌ නොවන බවයි.

    මේ නිසා කාලසර්ප යෝගයක්‌ කේන්දරයක දුටු සැණින්ම ජ්‍යෝතිෂ්‍යවේදීන් එම පුද්ගලයා මානසික ලෙඩෙකු බවට පත් නොකළ යුතුය. ග්‍රහ පිහිටීම සිදුව ඇති සෙසු භාවයන් ඉතා සූක්‍ෂ්මව පරීක්‍ෂා කොට බලා ඔහුට පලාපල කිවයුතුවාක්‌ මෙන්ම ඒ ඒ ග්‍රහ පිහිටීම්වලට අනුව ඒ ඒ කාලවලදී සිදු විය හැකි ලාබ අලාබයන් ගැනද කරුණු පැහැදිලි කොට දිය යුතුය. ජ්‍යෝතිෂ්‍යවේදියා දරුවකුට කිරිදෙන මවක්‌ මෙන් කාරුණික හා ස්‌නේහවන්ත විය යුත්තේ මේ නිසාය.

    කාලසර්ප යෝගය පිළිබඳව කතා කරන විට අර්ධ කාල සර්ප යෝගය ගැනද කිව යුතුමය. අර්ධ කාලසර්ප යෝගය යනු ඉතා අද්විතීය මෙන්ම ඉතා කලාතුරකින් පිහිටන තත්ත්වයකි. මෙහිදී සිදුවන්නේ එක්‌ ග්‍රහයෙකු පමණක්‌ රාහු හා කේතු සිටින අංශක 180 රේඛාවෙන් අනෙක්‌ පැත්තට පැන සිටීමය. එසේ අනෙක්‌ පැත්තට පනින ග්‍රහයා රවි නම් එය. රවිකීර්ති යෝගයයි. පැන්නේ සඳුනම් සඳු කීර්ති යෝගයයි. මේ යෝග දෙකෙන් ඕනෑම යෝගයක්‌ උරුම කරගෙන උපදින තැනැත්තා ඉතාම වාසනාවන්තයෙකි.. ඔහුට නිතරම අසුබඵල වලට වඩා ළඟාවන්නේ සුබඵලමය. විශාල දියුණුවක්‌ ධනයක්‌ හිමිකර ගැනීමට මොහු වාසනාවන්ත වන්නේය. නමුත් මේ ග්‍රහ පිහිටීම අපට දැක ගැනීමට ලැබෙන්නේ කේන්දර දහස්‌ ගණනකින් එකක පමණි.

    කාලසර්ප යෝගයට බිය වුවත් අර්ධ කාලසර්ප යෝගයට නම් ඔබ කිසිවිටෙකත් බිය විය යුතු නොවන්නේ එහි ඇති මෙම සුවිශේෂ වාසනා ගුණය නිසාය. අපි මුලින් කී පරිදිම ඔබ කාල සර්ප යෝගයටද බිය විය යුතු නැත. මන්ද ජ්‍යෝතිෂ්‍ය මත වලට අනුව කාලසර්ප යෝගීන්ගේ ග්‍රහ පිහිටීම අනුව ඔවුන් තදගති ඇති මහා තේජසකින් යුත් ඉතා සුප්‍රසිද්ධ පතාක මිනිසුන්ද විය හැකිය. රාහුට හා කේතුට ග්‍රහයන් මැදිවීමේදී රාහු සහ කේතු කේන්දරයේ ඉතා උච්ච හා බලවත් වේනම් සෙසු ග්‍රහයන්ගේ දුබල තත්ත්වයද ඉහත කී සැප සම්පත් විඳීමට බාධා නොවන්නේය.

    රාහු සහ කේතු පිහිටියේ සතුරු ස්‌ථානයකදී නම් පමණක්‌ කාලසර්ප යෝග හිමියන්ට අපල ගෙන දේ. සතුරු රාශිවල රාහු කේතු යෙදී රවි හා සඳු දුබල වී ඉපදුණු විට 1,4,7,10 යන භාවවල තැනක රාහු කේතු තැන්පත් වුවහොත් අනිවාර්යයෙන්ම එම කාලසර්ප යෝගියාට පල දෙන්නේ අපලමය. මේ ග්‍රහ පිහිටීමද ඉතාම කලාතුරකින් පෙර කර්මයකට සිදු වන බැවින් ඔබ ඒ ගැනද එතරම් බිය යුතු වන්න ඕනෑ නැත.

    එමෙන්ම ලෝකයේ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නොයෙදුණු කාලවකවානුවකදී රාහු සහ කේතු යන ග්‍රහයන් කේන්ද්‍ර සටහනක 6, 8, 12 යන භාවවල උච්ච හෝ ස්‌වක්‍ෂෙත්‍ර අන්දමින් මූල ත්‍රිකෝණව පිහිටිය හොත් අපල දුරුවී යහපතම උදාවන බව ජ්‍යෝතිෂයේ සඳහන් තවත් නියමයකි.

    එහෙයින් කාලසර්ප යෝගයක්‌ ඔබේ කේන්දර සටහනේ දුටු පමණින් හෝ ජ්‍යෝතිෂ්‍යවේදියා ඒ ගැන ඔබ බිය කළ පමණින්ම ඔබ කාලසර්ප යෝගයට බිය විය යුතු නැත. කළ යුතු වන්නේ ඊට මනා පිළියම් යෙදීමට දක්‍ෂ ජ්‍යෝතිෂවේදියෙකුගේ උපදෙස්‌ හා ඔහු නියම කරනු ලබන උපචාර විධික්‍රම අනුගමනය කිරීම පමණකි.

    ජ්‍යෝතිෂවේදී
    දිනසේන රතුගමගේ
     
    • Like
    Reactions: Vandey and kinkon

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕවා බොරු බන්, ක්රිශ්නමුර්ති ක්‍රමය අනුව නම් ඕවා වැරදි, නැකත් උපස්ථාන බලන්නේ නැතුව ඕවා තිබ්බ පලියට වෙන්නේ නැහැ.