කාවාඩි

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මේ ඇසල මාසයයි ඒ කියන්නේ පෙරහැර සීසන් එක නුවර පෙරහැර ඇරුණම ලංකාවේ ප්‍රධාන පෙරහැරවල් දෙකක් තමයි කතරගම පෙරහැර සහ දෙවිනුවර පෙරහැර :love:

    මේ පෙරහැරවල් දෙකේ තියෙන්නේ වෙනම අනන්‍යතාවයක් මට හිතෙන්නේ ඒකට හේතුව "දකුණේ" කියන කාරණාව (ඔව් ඉතින් ඒක වෙනම රටක්නේ ඉතින්) :D

    මේ පෙරහැරවල් වල විශේෂම දෙයක් සහ මං ආසම දෙයක් තමයි කාවාඩි කියන්නේ ඉස්සර ගොඩක් අය පෙරහැරේ කාවාඩි නැටුවා බාර ඔප්පු කරන්න

    කාවාඩි කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක් :love:

    මේ පෙරහැර වලට ගොඩක්ම සම්බන්ධ වෙනව විශේෂයෙන් කාවාඩි වලට රස්සාවේ යන මිනිස්සු (ඒ කියන්නේ මූදු යන අය) ඒ මිනිස්සුට මේ පෙරහැරවල් එක්ක මාර බැදීමක් තියෙන්නේ

    සමහරු කියයි මේ මහ අඩු කුලේ වයිබ් එකක් කියලා ඒත් මම නම් මාර ආසයි :love: මේ වයිබ් එකට සමහර විට දකුණේ ඉපදිලා අවුරුදු 25ක් විතරම මූදුකරේ ජීවත් උන නිසා වෙන්න ඇති

    කොහොම උනත් මේ පෙරහැරවල් සහ කාවාඩි ගැන කතා කරන්න නම් දේවල් ගොඩයි ඒ හා සම්බන්ධව තියෙන අත්දැකීම් එක්ක

    දැන් ඉතින් කාවාඩි නැටුම ඉස්සරවගේ නෙවෙයි වෙනස් වෙලා ඒ උනාට ඒ වයිබ් එක එහෙම්මයි

    කතරගම සහ දෙවිනුවර දේවාලේ ඇරුණම දකුණේ තියෙන තවත් දේවාලයක් තමයි උණවටුනේ වැල්ලේ දේවාලය එකේ උත්සවයත් දවස් හතක් තියෙනවා ඉස්සර නම් හැම අවුරුද්දේම මග අරින්නේ නැතුව යනවා අනිත් එක සීනිගම

    :love:









    WhatsApp Image 2024-07-24 at 10.43.37.jpeg


    WhatsApp Image 2024-07-24 at 10.43.39.jpeg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    නාන්‌ දීන්‌ තිලක නදින්‌
    කොහොඹ කලේ ඔලුවේ තියන්‌
    මෝලම්‌ පාරට නටලා

    තාලම්‌ නාග සලං තවිල්‌ බෙරේ කදේ බැඳන්‌
    කෝලන්‌ ඔක්කොම දමලා

    දෝතින්‌ පඬුරු අරන්‌ භාර හාර ඔප්පු කරන්‌
    කතරගමේ දෙවිඳුට වැඳලා

    පෝලිං ගැහිලා වරෙන්‌
    සුවඳ පොට්ටු තිලක තියන්‌
    නටන්න කාවඩි බයිලා