කැකිරාව - වන අලි තැලූ බස්රථය

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කැකිරාව - වන අලි තැලූ බස්රථය

    දඹුල්ල-කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී ඊයේ(03) රාත්‍රියේ සුපෝකබෝගී බස් රථයකට වන අලි රෑනක් හැපීමෙන් එහි රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර මගීහු හය දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බව කැකිරාව පොලීසිය පවසයි.

    මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ සුපෝකබෝගී පෞද්ගලික බස් රථය වේගයෙන් ධාවනය වෙමින් තිබියදී කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලින් පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ ගැටී රාත්‍රී නමයට පමණ මෙම අනතුර සිදුව තිබේ.

    ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් වන අලින් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන බවය.

    කලාවැවේ ඉස්මත්තේ සිටින වන අලින් මෙයාකාරයෙන් ගම් වැදීමේ දී ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරයි.

    වන අලින් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් තිබූ අතර අනෙකුත් වාහන මඳක් දුරින් නවතා තිබියදී වේගයෙන් පැමිණි මෙම මගීන් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථය වනඅ ලින් කිහිපදෙනෙකුගේ ගැටී තිබේ.

    අනතුරින් පසුව බස් රථය පැදවූ රියදුරු රිය අසුනේම සිරවී සිටියදී විනාඩි 35 ක පමණ කාලයක් ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා සිරවී සිට ඔහු එයින් ඉවතට ගෙන කැකිරාව රෝහල වෙ රැගෙන ගිය බව ඔවුහු පවසති.

    වන අලින් පහළොවකට අධික කණ්ඩායමක් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවු බවත් වසර කිහිපයක කාලයක් මෙම මාර්ගයේ තමන් සේවය කළ ද මෙවැනි වන අලි කණ්ඩායමක් දැක හෝ වන අලි ප්‍රහාරයකට ලක්ව නොමැති බවත් බස් රථයේ කොදොස්තර වරයා පැවසීය.

    ගොයම් අස්වැන්න නෙලීම ආරම්භයත් සමඟ කලාවැව වැව්තාවුල්ලේ සිටින වන අලි ගම් වැදීම සිදු වන බව ගම්වාසීන් පවසයි.

    කැකිරාව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් සඳහන් කර සිටීයේ මෙම වන අලි රෑන නිරන්තරයෙන්ම මාර්ගය හරහා ගම්මානයට කඩා බවත බවතත් නැවත අළුයම් කාලයේ ගම්මානේ සිට කලා වැව වැව් තාවුල්ලට මාර්ගය හරහා ගමන් කරන බවය.

    බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය මැදිහත්ව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබෙන වාහන නවතා වන අලින්ට මාර්ගය හරහා ගමන් කිරීමට අවස්ථාව උදාකර දෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මෙම අනතුරින් වන අලින් කිහිපදෙනෙකුම බස් රථයේ ගැටී තිබෙන බවත් එම සතුන්ට ද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති බවට විශ්වාස කෙරෙන බවට පොලීසිය සැක පළ කරයි.

    මෙම අනතුරෙන් සුළු තුවාල ලැබූ මගීහු කිසිවෙක් රෝහල්ගත කර නොමැති අතර බස් රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා ඇති බව කැකිරාව පොලීසිය පැවසීය.

    අනතුරු සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



    1978570804wanali.jpg

    Source: Ada Derana​
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ai ban ....

    වන අලින් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් තිබූ අතර අනෙකුත් වාහන මඳක් දුරින් නවතා තිබියදී වේගයෙන් පැමිණි මෙම මගීන් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථය වනඅ ලින් කිහිපදෙනෙකුගේ ගැටී තිබේ.

    Onna hethuwa.