බස් රථයක ගැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    බස් රථයක ගැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

    මගී ප්‍රවාහන බස් රථයක් බස් නැවතුම්පොළක නතර කර නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ එම බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අපවත්වී තිබේ.

    අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ මින්නාන හන්දියේදී අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වා ධාවනය වූ බස් රථයක ඊයේ (15) දින දහවල් මෙහෙණින් වහන්සේ මෙලෙස ගැටී තිබුණි.

    එහිදී අනතුරින් තුවාල ලබු මෙහෙණින් වහන්සේ ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
    වයස අවුරුදු 77ක් වන මෙහෙණින් වහන්සේ ගැටහැත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ වාසය කර සිට ඇත.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැලියගොඩ පොලිසිය විසින් සිදුකරයි.