කැකිල්ලේ රජතුමා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කැකිල්ලේ නඩුතීන්දු ගැන අපි පුංචි සන්දියේ සිට අසා ඇත.


    එක් රට වැසියෙකුගේ නිවසක් වැස්සට කඩා වැටීම නිසා එම වැසියා පිලිසරනක් පතා කැකිල්ලේ රජතුමා මුණගැසීමට රාජ සභාවට පැමිණියේය. දේවයන් වහන්ස , මගේ නිවස කඩා වැටුනේ වහල නිසි පරිදි සකස් කර නොදුන් නිසා වෙන් වැස්සට බිත්ති තෙමිලා මැටි දියවෙලා නිවස බිමට සමතලා වුනා.

    අසරනවු නිවසියා පැමිණිල්ල ඉදිරිපත් කලේය.
    මෙකල මෙන් එකල රජවරු දිනපතා සිදුවෙන මහජන රැස්වීම් වල යෝජනා චෝදනා නියෝග ප්‍රකාශ නොකරන අතර රාජ සභාවේදී දුක් ගැනවිලි විසදමින් ජනතාවට සහන සැලැස්සුවෝය.


    රජතුමා කල්පනා කලේය..වැරැද්ද සිදුව ඇත්තේ වඩුවා ගේ වැරැද්දෙන් බව රජතුමාට නිරීක්‍ෂණය විය.වහාම වඩුවා කැදවීමට නියෝග කලේය. රාජ පුරුෂයෝ වඩුවා කුදලා ගෙන ඒමට පිටත් විය. මේ ආරංචිය කලින් අසන්නට ලැබු වඩුවා වහා වෙදනා හමු වන්නට ගියේය.වඩුවාට ක්‍ෂණිකව ඇතිවු පපුවේ වේදනාවකි.එහෙයින් වෙදනා වඩුවා ප්‍රතිකාර වලින් නිදහස් කිරීමට වෙදනා අකමැති විය. නඩුව විසදීම කල් ගියේය. දෙවනි අවස්ථාවේ රජතුමාට සිදුවුයේ වේදනා ගේ නිවසට ගොස් වඩුවා මුණ ගැසීමටය. කැකිල්ලේ උවත් අවස්ථාව තේරුම් ගැණීමට රජතුමාට හැකිවිය.
    වහා වඩුවා කුදලා ගෙන රාජ සභාවට ගෙන යාමට රාජ පුරුෂයින්ට අණ කලේය.රාජසභාවේදී , වඩුවාට ‍චෝදනා කියවා දඩුවම් කිරීමට පෙර නිදහසට කරුණු විමසීය.


    “පස්වාන් දහසකට බුදුවන්න රාජ උත්තමයාණනි , මම වහල නිසි ප්‍රමිතියට සකස් කලෙමි. වහල රදා පවතින්නේ බිත්ති මතයි. එම බිත්ති සවිමත් නොවු නිසා වෙන් මහ වැස්සෙන් වට වැසි ජලයෙන් බිත්ති ගරා වැටිනි. මෙම අනතුර සිදුවුයේ බිත්ති ගරා වැටීම නිසාවෙනි.වහල නිසාවෙන් නොවන බැවින් මා වරද කරු නොවෙමි.


    බිත්ති ඉදිකල බාස් උන්නැහේ ගෙන්වා කරුනු විමසනු මැනවි. ඉන් පසු මා ගැන කලයුත්තක් තීරණය කල මැනවි”.
    යයි වඩුවා එකත්පස්ව රජතුමා ගෙන් අයදුනු ලැබිනි.

    රජතුමාට සංචාරයක් යෙදී තිබුන බැවින් නඩුව විමසීම කෙටි කාලයකට කල් තැබිනි.සංචාරය නිමවා රාජසභාව කැදවු රජතුමා වහාම මේෂන් බාස් උන්නැහේ රාජ සභාවට කැදවීමට නියෝග කෙරිනි.

    මේෂන් බාස් උන්නැහේ බාස් උන්නැහේට පුර්ව චෝදනා කියවා දුනි. නිදසට කරුණු විමසිනි.


    මේෂන් බාස් උන්නැහේ “ පස්වාන් දහසකට බුදුවන උත්තමයාණනි, මැටි ඇනුවේ කුඹලා ගෙනවිත් දුන් කළයෙන් වතුර වක්කරමිනි. එම කළයේ කට නිවරදි ලෙස සකස් කර නොතිබිනි. කට වක්ව තිබු බැවින් මැටි අවශ්‍යවු පදමට සකස් කර ගැණීමට වතුර යෙදීමට නොහැකි විනි.

    එසේ හෙයින් ස්වාමිණී, මේ නම් මගේ වරද නොවේ .වරද කුඹලා ගේමැයි.”

    රජතුමාට උපදෙස් දුන් අති පන්ඩිතයෝ ද එය අනුමත කල බැවින් , රජතුමා කුඹලා කැදවීමට නියෝගයක් දුනි.


    කුඹලා මේ මොන වින්නැහියක්දැයි සිතමින් රාජ සභාවට ඒ මට පෙර තම අඹු දරුවන්ගෙන් ද සමුගනිමින් නැවත එන්නවේදො නොවේදෝ යයි සැකයෙන් රාජපුරුෂයන් සමග පිටත්විනි. එතරම්ව කැකිල්ලේ රජතුමාගේ නියෝග විසදීම් ගැන ඔහුට වැටහීමක් තිබිනි.


    රජතුමා ඔහුට ඇති චෝදනා කියවා දී නිදහසට කරුණු ඉදිරිපත් නොවුන හොත් තමා මගුල් ඇතු ලවා පාගවා මරා දමන බවට පුර්ව දැනුම් දීමක්ද සිදු කරන ලදී. මේ කඩා වැටුනේ මොන වින්නැහියක්ද කුඹලාට තරු විසිවිනි.


    “පස්වාන් දහසකට රජවන රාජ උත්තමයාණනි, වඩුවා කියන්නේ ඇත්තය. මම සෑදු කළගෙඩියේ කට ඇදය. එයට හේතුව මම කළය සාදන විට එක්තරා රූමත් කාන්තාවක පාරේ දිනපතා එහා මෙහා ගියා ය. ඇය දෙස බලමින් කළය සෑදු බැවින් එහි කට ඇදවිය. එම කළය මිල අඩුවෙන් දුන් නිසා , කුඹලා එය මිළට ගෙන රැගෙන ගියාය.මා එයට කුමක් කරන්නේද ?.


    පාරේ එහා මෙහා ඇවිද ගිය රූමත් කන්තාව නිසා කළ ගෙඩියේ කට ඇදවීම සිදුවිය.


    රජතුමාට එම කාන්තාවගේ රූප ස්වභාවය බැලීමේ අනියම් අශාවක්ද සිත්තුල ඇතිවිනි. වහා එම කාන්තාව කැදවා එන ලෙස රාජපුරුෂයෝ යවිනි. රජතුමා , පෙර පරිද්දෙන්ම චෝදනා කියවා දඩුවම් කිරීමට පෙර නිදහසට කරුණු ඇත්නම් කියන ලෙස නියෝග දුනි.


    “රජතුමනි, මම මෙම වඩුවා නිවස සාදන විට පාරේ එහා මෙහා ගිය බව සත්‍යයකි. නමුත් නිවස කඩා වැටීමට මම වරදකාරිය නොවෙමි. මම සතුවු රත්රන් කොටසකින් ආභරණ සාදාගැනීමට නගරයේ වෙසෙන රන්කරුවාට බාර දුනිමි. ඔහු නියමිත දිනට ආභරන සාදා නොදුන් බැවින් , ආභරණ ලබා ගැනීමට මට දිනපතා රන්කරුවා හමුවීමට සිදුවිනි”.


    එසේ හෙයින් මා වරදකාරිණියක් වන්නේ කෙසේද රජතුමනි. රන්කරුවා මගුල් ඇතු ලවා පාගා මරණීය දණ්ඩනය දුන මැනවි.

    රජතුමාට මේ ප්‍රකාශය ඉවත දමන්නට කොහෙත්ම නොහැකිය . මේ සුරුපිණිය කෙසේ මරා දමන්නද ?.

    කැකිල්ලේ රජතුමා රාජ පුරුෂයින් අමතා වහාම රන්කරුවා ගෙන්වා කාරණා විමසීය.


    “රජතුමනි, මෙතුමිය කියනකරුණු කාරණා සියල්ල සත්‍යයයි. මම වැරදිකරු වෙමි. මම ඇය දුන් රන් වලින් රන්භාණ්ඩ නිපදවුවෙමි. එම ආභරණ තවමත් ඇයට ආපසු භාර නොදුන්නෙමි. නමුත් මම ඔබගේ මගුල් ඇතු ලවා පාගවා මැරීමට තරම් සුදුස්සෙක් නොවෙමි. මම ඉතා කෙසඟ ශරීරයක් ඇත්තෙක්මි. සද්දන්ත මගුල් ඇතු ලවා මා වැන්නෙකු මරා දැමීම එම හස්තිරාජයාට කරන අවනම්බුවකි.

    එහෙයින් මරා දැමීමට නම් මහත දෙහෙත කෙනෙක්ම වියයුතුමැයි. නගරයේ වෙසෙන බඩමහත මුදලාලි නම් උස මහත පුරුෂයකි. ඔහු මගුල් ඇතු ලවා මරා දමන්න සුදුසුයයි මම සිතමි ”.


    කපටි රන්කරුවා රජතුමාට යෝජනා කෙරිනි. ඇත්ත නේන්නම් මේකා මගුල් ඇතු ලවා පාගා දැමුවොත් ඇතු හට තුවාල සිදුවන්නේය. වහා බඩ මහත මුදලාලි කුදලා ගෙන එන ලෙස රාජ පුරුෂයින් හට අණ කෙරිනි.


    මෙයින් වත් මේ නඩු විභාගය අවසන් වේදෝ යි බලා සිටින පිරිසට දැන ගන්න ලැබුනේ රජුගේ වැඩ දන්නා බඩ මහත මුදලාලි පෙර දා දුරු රටකට පලා ගිය බවයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එදා දවසයි අද දවසයි වෙනසක් නෑ නේ.... දැනුත් එකම නේ වෙන්නේ