කැඩුණු සපත්තු කුට්ටම

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කැඩුණු සපත්තු කුට්ටම

විශේෂ දවසක් යෙදුණොත්
විශේෂ වැඩක් කරන්න ගියොත්
විශේෂ තැනකට යන්න හැදුවොත්
මොනවාහරි වෙනවාමයි මට


අලුත්ම සපත්තු කුට්ටම

කැම්පස් එකට ගිය මුල් දවසේම
කැඩුණේත් ඒ හින්දා වෙන්න ඇති


ඒත්

මගදී කැඩුණු සපත්තු කුට්ටම දාගෙනම
ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට යනවා ඇරෙන්න
තිබුණේ නැහැ විසඳුමක් මට




ඉතින්

හැංගි හැංගි ගියා මං ඉදිරියටම
අද්ද අද්දා ගියා මං ඉදිරියටම
දැක්කා ඒත් ඒක සීනියර් අයියා කෙනෙක්
සැණීන


ඒ හින්දම

ආවා නිමේෂයෙන් ඔහු උදව්වට
සෙනෙහසින් සහෝදරත්වයෙන්
විහිළුවෙන් තහළුවෙන්
මග පෙන්වමින් ඉදිරියට ඇදෙන පියවරෙහි


දැන්

ඔහු බලා සිටී මදෙස
අලුත් ළමුන් එන තෙක් ඇඟිලි ගනිමින
කැඩුණු සපත්තු කුට්ටම් අලවන තුරැ මම
නොපැකිළව සෙනෙහසින
 
Last edited: