කැඩුනු නොරොච්චෝල...

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කැඩුනු නොරොච්චෝල...

කැඩුනු නොරොච්චෝල හදන්න තවත් බිලියන 20ක්


ආණ්ඩුව නොරොච්චෝලේ බලාගරය නැවත ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් තවත් රුපියල් කෝටි 2000 ක් වියදම් කිරීමට සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

කෝටි 5000කට අධික මුදල් ප‍්‍රමාණයක් වියදම් කර එහෙත් විවෘත කර පළමු වසර තුළදී පමණක් 29 වතාවක් අක‍්‍රීය වූ එම බලාගාරය තත්ත්වයෙන් බාල යන්ත‍්‍රසූත‍්‍ර භාවිතා කිරීම නිසා අපේක්ෂා කළ පරිදි ජාතික විදුලිබල පද්ධතියට විදුලියැ එක් කිරීමට නොහැකි වූ බවද එහි මහ ලේකම් තිස්ස අත්තනායක පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුව සිදුකරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම අද වන් විට සිදුවී තිබෙන්නේ ජනතාවගේ සාක්කු හිස්වීම පමණක් බවත් රට සංවර්ධනය කිරීමේදී එහි සුවදායීභාවය රටේ ජනතාවට දැනිය යුතු බවත් එම අත්තනායක මහතා සදහන් කළේය.

මේ නිසා දැනට අක‍්‍රීයව පවතින නොරොච්චෝලේ බලාගරය යථා තත්ත්වයට පත්කිරීමට තවත් රුපියල් කෝටි 2000 ක මුදලක් වියදම් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සදහන් කළේය.

රුපියල් කෝටි 5000 කට අධික මුදලක් වියදම් කර සකස් කළ් බලාගාරය සදහා කෙටි කාලයක් තුළ තවත් රුපියල් කෝටි 2000 ක මුදලක් වෙන්කිරීම ජාතික අපරාධයක් බවද මහලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Source: lankacnews


:growl: