කැතකොරන්ඩ බස්‌

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කැතකොරන්ඩ බස්‌

    කැතකොරන්ඩ බස්‌!
    කටුකුරුන්දේ යතුරු පැදි ධාවන තරග නැරඹීමට සිතූ විදේශීය සංචාරකයෙක්‌ පිටකොටුවේ බස්‌ නැවතුම්පලේ සිටි මගියෙකුගෙන් මෙසේ විමසීය.
    "එක්‌ස්‌කියුස්‌ මී... හව් කැන් අයි ගෝ ටු කැතකොරන්ඩ,
    විදේශිකයාගේ වදන්වල නුහුරු උච්චාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකිවූ මගියා වැසිකිළිය දෙසට අත දිගු කරමින් මෙසේ පැවැසුවේය.
    "සර්.... යූ ගෝ දිස්‌ වේ."
    :lol:

    සඳුදාට දොඩම් ගෙඩිය වගෙයි
    එදා සඳුදා දිනයකි. අටවැනි ශ්‍රේණියේ ගුරු මහතා භූගෝල විද්‍යාව පාඩම උගන්වමින් සිටියේය.
    ඔහු ළමුන්ට ලෝක ගෝලයක්‌ පෙන්වමින් ළමයිනේ ලෝකය හරියට දොඩම් ගෙඩියක්‌ වගෙයි යනුවෙන් පැවැසීය.
    බදාදා දිනයේ ගුරු මහතා එම පාඩම යළිත් වරක්‌ පැහැදිලි කරමින් මෙසේ පැවසුවේය.
    ළමයිනේ ලෝකය හරියට පුට්‌ බෝලයක්‌ වගෙයි.
    ඊළඟ සතියේ පංතියට පැමිණි පාසල් පරීක්‍ෂකවරයා ළමුන්ගෙන් මෙසේ ඇසුවේය.
    ලෝකයේ හැඩය කොයි ආකාරයද කියල ළමයි දන්නවද?
    වහා නැගිට සිටි සිසුවෙක්‌ මෙසේ පිළිතුරු දුන්නේය.
    සර්, ලෝකය සඳුදාට දොඩම් ගෙඩිය වගෙයි. බදාදාට පුට්‌ බෝලෙ වගෙයි.
    :nerd:

    දෙකයි කතා කළේ!
    පාසල ඇරී නිවෙසට පැමිණි නිමල් සිය පියා හමුවී මෙසේ පැවැසුවේය.
    තාත්තෙ මට අද ළමයෙක්‌ ගහන්ඩ ආවා. දෙකයි කතා කළේ... මිනිහා ගියා.
    හොඳ පුතා මොකක්‌ද පුතා කිව්වෙ. නිමල්ගේ හිස අතගාමින් පියා ඇසුවේය.
    "ගහන්ඩ එපා" නිමල් සිහින් හඬින් පැවැසීය.
    :D

    තව පැයකින් එන්න
    එක්‌ බිරිඳක්‌ හදිසි අවශ්‍යතාවක්‌ සඳහා සිය සැමියා හමුවීමට ඔහුගේ සේවා ස්‌ථානයට ගියේය.
    සේවකයෙක්‌ ඇගේ පැමිණීම ගැන ඔහුට දැන්වූ විට මට මේ වෙලාවෙ වැඩ අධිකයි. නෝනාට තව පැයකින් එන්න කියන්න යනුවෙන් පැවැසීය.
    එකී පණිවුඩය ඇසීමෙන් කෝපයට පත් බිරිඳ ආපසු නිවෙසට ගියාය.
    කාර්යාලයේ වැඩ නිමවීමෙන් පසු ඔහු ආපසු නිවෙස කරා ගියේය. වසා තිබූ දොරට තට්‌ටු කළ ඔහු ලීලා....... දොර අරින්න යෑයි කීවේය.
    මට මේ වෙලාවෙ වැඩ තව පැයකට පස්‌සෙ එන්න.
    බිරිඳ එසේ පවසනු ඔහුට ගෙතුළින් ඇසිණි.
    :growl:

    සතාගෙ හැටි!
    තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
    බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
    "තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
    ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
    තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
    දැනට අවුරුද්දකට විතර ඉස්‌සර
    "ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
    "ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.
    :rofl:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සතාගෙ හැටි!
    තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
    බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
    "තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
    ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
    තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
    දැනට අවුරුද්දකට විතර ඉස්‌සර
    "ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
    "ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.

    :lol: :lol: :lol: :lol: +
     
    • Like
    Reactions: thilzz

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    දෙකයි කතා කළේ!
    පාසල ඇරී නිවෙසට පැමිණි නිමල් සිය පියා හමුවී මෙසේ පැවැසුවේය.
    තාත්තෙ මට අද ළමයෙක්‌ ගහන්ඩ ආවා. දෙකයි කතා කළේ... මිනිහා ගියා.
    හොඳ පුතා මොකක්‌ද පුතා කිව්වෙ. නිමල්ගේ හිස අතගාමින් පියා ඇසුවේය.
    "ගහන්ඩ එපා" නිමල් සිහින් හඬින් පැවැසීය.

    patta kathawa,,,
    (uputa ganeemak num e bawath sandahan karanna)