කැතවරණය හා කැත දිනුම

sumithf

Member
Jan 10, 2010
356
8
0
කැතවරණය හා කැත දිනුම

[FONT=&quot]ලංකා ඉතිහාසයේ සමහරවිට 1982 කුප්‍රකට ජනමත විචාරණයට පමණක් දෙවැනි වන කැත මැතිවරණයක්, කැතවරණයක් කරා අපි දිනෙන් දින එළඹෙමින් සිටිමු. සූර චෞරයා හා කපටි ආරක්ෂකයා දෙදෙනා’තුරින් ලාංකීය මෝඩ ඡන්ද දායකයා විසින් තමන්ගේ බුද්ධි මට්ටමට අපූරුවට ගැළපෙන මෝඩ වහන්සේම යළිත් තෝරාපත් කර ගැනීමෙන් හා කෙටි ප්‍රචණ්ඩ පළිගැනීමකින් පසුව මේ කැතවරණය නිමා විය හැක්කේය.
මේ මැතිවරණය කැත හේතු ගණනාවක් නිසාය.
එකක් මේ අකල්හි පැවැත්වෙන ජනාධිපතිවරණයකි. සැබෑ ලෙස ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ තව වසර දෙකකිනි. එය නියමිත කාලයට කලින් පැවැත්වීමේ ඒකායන අරමුණ මේ රටේ මහ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම නොව, තමන්ගේ ජනප්‍රියතාවය දිනෙන් දින ක්ෂය වී යන බව දන්නා රාජ්‍ය පාලකයා තමන් ජනප්‍රිය මොහොතක මෝඩ ඡන්දදායකයින්ගේ ඇස් වසා ශූර මැජික්කරුවකු සේ කබල රත්වී ඇති මොහොතේ රොටිය පුච්චා ගැනීමය. කල දුටු කළ වළ ඉහ ගැනීමය. යකඩය තැලෙන බව දුටු කල්හි උඩ පැන පැන තැලීමය.
(කවුදෝ කියා තිබුණේ තිස්ස අත්තනායක වසර ගණනාවක් තිස්සේ නාහෙන් අඬමින් ඉල්ලමින් සිටි නිසාම ජනාධිපතිවරණය දුන් බවය. අනේ, රටවැසියන් සිතන පතන දේ දෙන්නට අපේ රටේ පාලකයා වෙස්සන්තර රජ්ජුරුවන්ද? මහරජාණන්ට දූ කුමරියක නොසිටීම වාසනාවකි. නැතිනම් අත්තනායකයා “අන්කල්, දුව දෙන්න බැරිද?” කියා ඇසුවේනම් වෙස්සන්තර තවුසන් ජූජකයාට ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දුන්නාක් සේ අත්තනායකයාට දුවද දන් දෙන්නට තිබුණේය. ඔන්න මහරජතුමන්ගෙන් පුතකු ඉල්ලා ගන්නට ඕනෑ නම් මංගල සමරවීරට, රනිල් වික්‍රමසිංහට, උඩුවේ ධම්මාලෝකට හෝ එල්ලාවල මේධානන්දට මේ අවස්ථාවය.)
මෙය නොසලකා හැරියත් ජනාධිපතිවරණය කැත කරන දෙවන කාරණය බරපතළය. මේ දක්වා කිසිම මැතිවරණයකදී මෙලෙස පොදු දේපළ එක් අපේක්ෂකයකුගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන නැත. මෙය යහපාලන සදාචාර ධර්මයන් කිසිම හිරිකිතයකින් තොරව උල්ලංඝනය කිරීමකි. රාජ්‍ය මාධ්‍ය බලයේ සිටින පක්ෂය වෙනුවෙන් යොදා ගැනීම අළුත් දෙයක් නොවූවද මෙතරම් ජඩ ලෙස ප්‍රතිවාදියාට මඩ ගසන්නට රාජ්‍ය මාධ්‍ය (හා රාජ්‍ය දේපළ) යොදාගත් අවස්ථාවක් ඉතිහාසයේ කිසි කළෙක නොවූයේය. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීමය ලංකා වාර්තාවක් පිහිටුවා ඇත්තේය.
මැතිවරණය කැත කරන තෙවන හා සමහරවිට අවාසනාවන්තම කාරණාව මැතිවරණ කොමසාරිස්වරයා මේ මැතිවරණයේදී පැහැදිළි ලෙස පැත්තක් ගැනීමය. ඔහු කටයුතු කරන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නම් අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරන ආකාරයටය. මෙය අපක්ෂපාතීත්වය ජනතාව විසින් අපේක්ෂා කරනු ලබන රාජ්‍ය නිලධරයකුගේ කැත හැසිරීමකි. දයානන්ද දිශානායක විසින් තමන්ට ජීවිත කාලයක් මුළුල්ලේ වැටුප් ගෙවු මහජනතාව කැත ලෙස පාවාදීමකි. අප ජීවත්වන්නේ විසි එක්වැනි සියවසෙහි නොව දොළොස්වන සියවසෙහි බව යළි මතක් කර දීමකි.
සිව්වෙනුව රාජපක්ෂ කඳවුර විසින් තම ප්‍රතිවාදියාගේ චරිත ඝාතනය පිණිස නිර්මිත මඩ කන්දරාව ඉතිහාසගතය. විමල් වීරවංශ, රාජිත සේනාරත්න, හඩ්සන් සමරසිංහ, මහින්ද අබේසුන්දර වැනි සමාජයේ පිළිකුළට භාජනය වූ චරිත හරහා එළිපිටම සන්නිවේදනය කෙරෙන්නට යෙදුණු මේ මඩ කන්දරාව මෙතෙක් මැතිවරණයකදී ජනනය කළ විශාලතම මඩ තොගය ලෙස තවත් ලාංකීය වාර්තාවක් පිහිටුවයි. සරත් ෆොන්සේකාගේ ලිංගික ජීවිතයේ මනඃකල්පිත යැයි ලෙහෙසියෙන්ම සිතිය හැකි සිද්ධීන්, ඔහුගේ බෑනාගේ කොම්පැණියකින් වොල්ට් දොළහේ විදිලි බුබුළු, සංවෘත පරිපථ රූපවාහිනි පද්ධති (CCTV) හා දුරදක්න වැනි ඉතාම සරල මිළදී ගැනීම් කිහිපයක් කළාය කියන කතා ඇතුළුව නිර්මාණය කරන ලද මේ මඩ රාජපක්ෂ බඳු තෙම්පරාදු පොලිතීසියකුට වුව ඔක්කාරය ඇති කරන සුළුය. මින් එක කතාවකට අනුව සරත් ෆොන්සේකා යුද්ධ හමුදාවේ සෙබළියන් හැත්තෑ හත් දෙනකු (77) සමඟ යහන් ගතව ඇත. ඒ තමන්ගේ කණිෂ්ඨ නිලධරයන් සමඟ සමලිංගික සම්බන්ධතා පවත්වා ගැනීමට අමතරවය. තව කතාවක් කියන්නේ ඔහු තම සුනඛයා සමඟද ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවය. හිස රැවුළු බාද්දී සිදුවූ යම් අතපසුවීමක් නිසා ඔහු තම කරණවෑමියාගේ කණ කැපූ බව කීවේ විමල් වීරවංශය. චීනයේදී ෆොන්සේකා සර්පයකු රස බැලූ බවද, තම පියඹට එම සර්පයාගේ ‘සෙවෙළ’ කන්නට පළඹූ බවද කියන්නේ මහරජානන්ගේම චක් ගෝලයකු වන සරත් කෝන්ගහගේය. ප්‍රබන්ධයක් සේ නියත ලෙස සිතිය හැකි තව අවලම් කතාවකට අනුව සරත් ෆොන්සේකාට ජීවිතයේ නව වතාවක් ගොනෝරියා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය වැළැඳී ඇත්තේය.
මේ මඩ ගසන්නේ කාටද? මිලිටරි ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම අමතක කළද සරත් ෆොන්සේකා යනු අපේ රටේ වසර හතරක් තිස්සේ හමුදාපති තනතුර දැරූ පුද්ගලයාය. මෙවැනි ජඩ චරිතයක් ඇත්තකු හමුදාපති පදවියට උසස් කළේ නම් මුලින්ම අත මිට මොළොවා, ඔළුව හිල් වෙන්නට පොල් ටොක්කක් ඇනිය යුත්තේ එය කළ රාජපක්ෂ නම් පුද්ගලයාට නොවන්නේද?
[/FONT]
 
Last edited:

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!!ජය නියතයි SF!!!